Divaina - BOC '2021 වසරේ බැංකු සේවා සැපයුම්කරු' ලෙස ජනතා සම්මාන දිනා ගනී

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 bp2
 
2021 SLIM - නීල්සන් ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ බැංකු සේවා සැපයුම්කරු’ ලෙස සම්මාන දිනා ගැනීමට ලංකා බැංකුව (BOC) සමත් විය. මෙරට ප‍්‍රමුඛතම බැංකුව වන ‘ලංකා බැංකුව’ සන්නාමයක් ළෙස ජනතාව තුළ නිර්මාණය කර ඇති ශක්තිය හා හැඟීම මෙම සම්මානය මගින් පිළිබිඹු වේ. ශ‍්‍රී ලංකා අළෙවිකරණ ආයතනය ( SLIM) විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන, ලොව සුප‍්‍රසිද්ධ ජාත්‍යන්තර සමීක්ෂණ සමාගමක් වන නීල්සන් සමාගම සමඟ ඒකාබද්ධව දිවයිනේ කීර්තිමත් සන්නාම සහ ආයතන ඇගයීමට ලක්කරන ප‍්‍රමුඛතම වැඩසටහනකි.
 
 මෙම සම්මාන උළෙලෙ මෙරට කීර්තිමත් සන්නාමයන් අතරින් ජනතාවගේ සැබෑ තේරීම ලෙසින් ඉදිරියට එන සන්නාමයක ශක්තිය පෙන්නුම් කිරීමට කදිම වේදිකාවකි. සියලූම සම්මානලාභීන් තෝරාගන්නේ නීල්සන් සමාගම විසින් දිවයින පුරා සිදුකරන ලද සමීක්ෂණයක් මගිනි. මෙම ස්වාධීන සමීක්ෂණය මගින් අදාල වෙළෙඳ නාමය ජනතාව සමඟ ඇති බැඳීම සහ එම සන්නාමය ජනතාව සමඟ සිදුකරන සන්නිවේදනයේ ඵලදායී බව පිළිබඳව හෙළිකරයි. නීල්සන් ආයතනය මගින් වාර්ෂිකව ශ‍්‍රී ලංකාවේ සියලූම දිස්ත‍්‍රික්ක ආවරණයවන පරිදි මහා පරිමාණ සමීක්ෂණයක් සිදුකරන අතර ඔවුන් පවසන්නේ මෙම ජයග‍්‍රාහක සන්නාමයන් සැබවින්ම ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවගේ මනසෙහි සදාකාලිකව සනිටුහන් වී ඇති බවයි.
 
bp

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles