Divaina - SLT-MOBITEL විශේෂ සන්නිවේදන විසඳුම් හරහා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ “සිහිනයට සවියක්” පිරිනමයි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

ීඛඔ-ඵධඊෂඔෑඛ විශේෂ සන්නිවේදන විසඳුම් හරහා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ “සිහිනයට සවියක්” පිරිනමයි
කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා අවශ්‍ය නවීනතම සන්නිවේදන සබඳතා සැපයීමේ ීඛඔ-ඵධඊෂඔෑඛ සිහිනයට සවියක්’ වැඩසටහන ජනවාරි 25, 2021 දින එළිදැක්වීමට නියමිත බව එම ආයතනය
පසුගියදා නිවේදනය කළේය. මෙම වැඩසටහන යටතේ කුඩා පරිමාණ ව්‍යාපාරවලට අවශ්‍ය සන්නිවේදන හා තාක්ෂණික විසඳුම් හා සේවා පැකේජ රැසක් සාධාරණ මිල ගණන් යටතේ ඉදිරිපත් කිරීමට නියමිත ය.
කුඩා පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ඇති සන්නිවේදන අවශ්‍යතා නිවැරදිව වටහා
ගනිමින් එම අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ අරමුණින් මෙම වැඩසටහන හඳුන්වාදෙනු ලබයි. ඒ  අනුව, සන්නිවේදනය, ව්‍යාපාර ජාලකරණය, ක්ලවුඩ් (ජකදමා) තාක්ෂණය, විනෝදාස්වාද හා  අන්තර්ජාලය හා බැඳුණු මෙවලම්, සන්නිවේදන උපාංග හා ව්‍යාපාර සන්නිවේදන යටිතල පහසුකම් ආදිය ීඛඔ-ඵධඊෂඔෑඛ පිරිනමන ස්ථාවර / ජංගම දුරකථන, 4ඨ ඛඔෑල ීඛඔ බ්‍රෝඩ්බෑන්ඩ්ල ීඛඔ ත්‍සඉරු හා ඡැද ඔඪ වැනි සේවා හරහා ප්‍රවර්ධනය කෙරේ.
මිලියන ගණනක් ජනතාවගේ එදිනෙදා මුදල් ගනුදෙනු සඳහා සහාය ලබාදෙන කුඩා පරිමාණ ව්‍යාපාර, ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාවලිය තුළ දැවැන්ත පදනමකට උරුමකම් කියනවා. එම නිසා ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන ීඛඔ-ඵධඊෂඔෑඛ වෙතින් පිරිනැමෙන සන්නිවේදන විසඳුම්වල පූර්ණ ප්‍රතිලාභ ඔවුන්ට හිමිවීම අතිශය වැදගත්. ඒ වගේම ීඛඔ-ඵධඊෂඔෑඛ ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන එක් වීමත් සමඟ අපගේ පාරිභෝගිකයින්ට පුළුල් නිෂ්පාදන හා සේවා පෙළක් ඉදිරිපත් කිරීමේ හැකියාව අප සතුයි. එහෙයින් කුඩා පරිමාණ ව්‍යාපාර ආයතනවලට ඒවායේ දියුණුව සඳහා අතිශය වැදගත්, සන්නිවේදන විසඳුම් කරා ප්‍රවේශ වීමේ අවස්ථාව සැලසෙන බව මෙම ප්‍රවර්ධන වැඩසටහන හරහා තහවුරු කෙරෙනවා” යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන අංශයේ සාමාන්‍යාධිකාරි සංජීව ජයමහ මහතා ප්‍රකාශ කළේය.

විශේෂාංග

sikuru

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles