Divaina - ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ශ‍්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලිට්‍රො ගෑස් සමඟ එක්ව රාජ්‍ය ආයතන විෂබීජහරණ වැඩසහටන අරඹයි

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

buspage

 

 

===============================================

 

බ්‍රැන්ඩික්‌ස්‌ ආයතනය ඇමරිකාවට මුහුණු ආවරණ මිලියන 200 ක්‌ අපනයනය කරයි

brandi700
 ප‍්‍රභාත් විතාන - ලසිත දුමින්ද

 ඇමරිකා එක්සත් ජනපදය වෙත අපනයනය කිරීම සඳහා බ‍්‍රැන්ඩික්ස් සමාගම මුහුණු ආවරණ මිලියන 200 ක් නිෂ්පාදනය කර ඇත.

 බ‍්‍රැන්ඩික්ස් සමාගමේ සාමාජික සාමාජිකාවන් පහළොස්දහසකගේ ශ‍්‍රම දායකත්වයෙන් හා විවිධ සැපයුම් පාර්ශ්වකරුවන්ගේ සහයෝගයෙන් මෙම මුහුණු ආවරණ මිලියන 200 නිෂ්පාදනය කර තිබේ.

 ‘‘කොවිඞ් 19 වසංගතය හේතුවෙන වෙළෙඳ සහ නිෂ්පාදන කටයුතුවලට මෙන්ම අපනයන වෙළෙඳ පොළ තුළ ශ‍්‍රී ලංකාව අත්කරගෙන සිටි හිමිකාරීත්වයට ද බලපෑම් එල්ල වුණා. එවැනි අතිශය අභියෝගාත්මක වාතාවරණයක් තුළ වුව ද එක්සත් ජනපදය වෙත අපනයනය කිරීම සඳහා මුහුණු ආවරණ මිලියන 200 ක් නිෂ්පාදනය කිරීමට හැකි වීම සතුටට කරුණක්. ශ‍්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින අඛණ්ඩ විශ්වාසය සහ සහයෝගීතාවට මෙය මනා පිටුවහලක් වනවා නොඅනුමානයි. 

 ඇඟලූම් ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගමක් විදිහට බ‍්‍රැන්ඩික්ස් සමාගම රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේ රජයේ ක‍්‍රියාදාමයට උපරිම ලෙස ඉදිරියටත් සහාය ලබා දෙනවා.’’ යැයි බ‍්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඞ් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල මහත්මිය පැවසුවාය.

 බ‍්‍රැන්ඩික්ස් සමාගම නිෂ්පාදනය කළ මුහුණු ආවරණ මිලියන 200 ක ප‍්‍රමාණය ජනාධිපති විශේෂ නියෝජිත, ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත සංකේතාත්මකව භාරදුන් අයුරු.

 මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ සභාපති ඒ. සුකුමරන්, බ‍්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් සහ බ‍්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඞ්හි අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

 


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles