Divaina - මොනාමි ෆ්‍රෙයිටර්ස් පුද්ගලික සමාගම අති නවීන තාක්‍ෂණයෙන් යුත් මහින්ද්‍රා බ්ලාසෝ ප‍්‍රයිම් මූවර් රථ පෙළක් අයිඩියල් මෝටර්ස් වෙතින් මිලට ගනී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali

monami99
 
 මොනාමි ෆ්‍රෙයිටර්ස් පුද්ගලික සමාගමේ මූල්‍ය අධ්‍යක්‍ෂ එන්. පී. ශංකර්, පරිපාලන අධ්‍යක්‍ෂ එම්. ශංකර්, ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්‍ෂ එන්. මුරලිතරන් යන මහත්ම මහත්මීන් වෙත අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම, ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා සමාගමේ උප සභාපති (ජාත්‍යන්තර මෙහෙයුම්) සංජේ ජදව් යන මහත්වරුන් විසින් මහින්ද්‍රා බ්ලාසෝ රථ නිල වශයෙන් භාර දෙන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
 
 එම අවස්ථාවට එක් වූ (ඡුායාරූපයේ වමේ සිට) අයිඩියල් මෝටර්ස් අලෙවි කළමනාකරු (ට‍්‍රක් සහ බස් රථ) සම්පත් සිරිවර්ධන, මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා සමාගමේ පාරිභෝගික සේවා කළමනාකරු විශ්ව ධර්මදාස, මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා සමාගමේ දේශීය කළමනාකරු (පාරිභෝගික සේවා) අනිරුද් බ‍්‍රත්වාල්, මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා සමාගමේ දේශීය කළමනාකරු (අලෙවි) නාගර් රුපේෂ්, අයිඩියල් මෝටර්ස් වාහන අංශයේ අධ්‍යක්‍ෂ චමින්ද වනිගරත්න, මහින්ද්‍ර ඇන්ඞ් මහින්ද්‍රා සමාගමේ දේශීය ප‍්‍රධානී, සාමාන්‍යාධිකාරි සාගර් බත්කම්කාර්, කොමර්ෂල් බැංකුවේ (යූනියන් පෙදෙස ශාඛාව) ජ්‍යෙෂ්ඨ කළමනාකරු ඉන්දික ජයසේන, කොමර්ෂල් බැංකුවේ ලීසිං ප‍්‍රධානි (වැල්ලවත්ත ශාඛාව) චන්දන අබේසුන්දර, කොමර්ෂල් බැංකුවේ (යූනියන් පෙදෙස ශාඛාව) සහකාර කළමනාකරු පැතුම් ගලප්පත්ති යන මහත්වරුද ඡුායාරූපයේ වෙති.
 
 ඡායාරූපය - ධර්මසේන වැලිපිටිය
 
 
 
 ඇමරිකානු ඩොලර් බිලියන 20.7ක වත්කම් සහිත ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා ආයතනයේ ශ‍්‍රී ලංකාවේ අලෙවි නියෝජිත අයිඩියල් මෝටර්ස් සමාගම වෙතින් මෙරට ප‍්‍රමුඛ පෙළේ බහාලූම් ප‍්‍රවාහන සමගමක් වන මොනාමි ෆ්‍රෙයිටර්ස් පුද්ගලික සමාගම අති නවීන තාක්‍ෂණයෙන් යුත් මහින්ද්‍රා බ්ලාසෝ ප‍්‍රයිම් මූවර් රථ පෙළක් මිලදී ගනු ලැබීය.
 
 කැලණිය වෙදමුල්ල ප‍්‍රදේශයේ පිහිටි අයිඩියල් මෝටර්ස් ශාඛාවේදී මෙම මහින්ද්‍රා බ්ලාසෝ රථ පෙළ පසුගියදා මොනාමි ෆ්‍රෙයිටර්ස් පුද්ගලික සමාගම වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
 
 2019 වසරේදී ඊි4 තාක්‍ෂණයෙන් යුත් මහින්ද්‍රා බ්ලාසෝ ප‍්‍රයිම් මූවර් රථ පෙළ අයිඩියල් මෝටර්ස් විසින් මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙනු ලැබීය. මෙම රථවල සේවා වාර කිලෝමීටර් 90,000කට වරක් හෝ වසරකට එක් වරක් පමණක් සිදු කළ යුතු ආකාරයට නිෂ්පාදනය කර ඇත. මහින්ද්‍රා බ්ලාසෝ ප‍්‍රයිම් මූවර් රථ 7200ජජ ක සහ අශ්වබල 274 ක අධි ධාරිතාවකින් යුත් ජවසම්පන්න එන්ජිමකින් සමන්විතය.
 
 මහින්ද්‍රා බ්ලාසෝ රථ ෆුවෙල් ස්මාර්ට් තාක්‍ෂණයෙන් යුත් අතර එමගින් ඉහළ ඉන්ධන කාර්යක්‍ෂමතාවක් ලබාදෙයි. එමෙන්ම මහින්ද්‍රා බ්ලාසෝ ප‍්‍රයිම් මූවර් රථ වේග 6ක ගියර් පද්ධතියකින්, ්ඊීල සීරු මාරු කළ හැකි රියැදුරු අසුන හා සුක්කානම, ආකර්ෂණීය තොරතුරු සැපයුම් පද්ධතිය :ෘරසඩැර ෂබදෙරප්එසදබ ීහිඑැප*ල 8ග5පප ශක්තිමත් චැසිය, සිත් ඇද ගන්නා පාලක පුවරුව :්එඑර්ජඑසඩැ ෘ්ිය ඊද්රා* ඍ්ාස්ක ටයර්වලින්ද සමන්විතය.
 
 මොනාමි ෆ්‍රෙයිටර්ස් පුද්ගලික සමාගම මෙරට බහාලූම් ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයේ අවුරුදු 15කට අධික අත්දැකීම් ඇති සමාගමකි. අයිඩියල් මෝටර්ස් අලෙවියෙන් පසු ලබාදෙන අති විශිෂ්ට සේවාව පිළිබඳ සතුටට පත්වීම, තම ආයතනය මහින්ද්‍රා බ්ලාසෝ ප‍්‍රයිම් මූවර් රථ ලබා ගැනීමට මූලික හේතුව වුණා. මෙම වාහන සඳහා වසර 2ක වගකීමක් අයිඩියල් මෝටර්ස් වෙතින් අප ආයතනයට ලබාදී තිබෙනවා. එමෙන්ම අනිකුත් බහාලූම් ප‍්‍රවාහන වාහන හා සැසඳීමේදී මහින්ද්‍රා බ්ලාසෝ රථ ඉතා ලාභදායී බව අපට වැටහී ගියා. විශේෂයෙන්ම අයිඩියල් මෝටර්ස් සමාගම අලෙවි කළ වාහන පිළිබඳ ඉන් පසුවත් සොයා බලන නිසා අපගේ මෙහෙයුම් කටයුතු කරගෙන යෑමට එය මහත් රුකුලක් යැයි මොනාමි ෆ්‍රෙයිටර්ස් පුද්ගලික සමාගමේ නියෝජිතයකු මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේය.
 
 


විශේෂාංග

sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles