Divaina - සංවර්ධන ලොතරැයි මණ්ඩලය DLB SWEEP app යෙදවුම හඳුන්වා දෙයි

 Udaya Gammanpila new

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 dlb
 
 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
සංවර්ධන ලොතරැයි මණ්ඩලය හඳුන්වා දෙන DLB SWEEP app යෙදවුම මගින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සියලූම ලොතරැයි ජයග‍්‍රහණයන්හි දිනපතා නිල ප‍්‍රතිඵල ඉතාම විශ්වාසවන්තව සහ නිවැරදිව ඉක්මනින් ජංගම දුරකතනයෙන් දැන ගැනීමේ හැකියාව ලැබෙන බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සුරියප්පෙරුම මහතා පැවසීය.
 
 එසේම මාස හයක් පැරණි නිල ප‍්‍රතිඵල ද මේ යෙදවුම මගින් දන ගත හැකි බවද ඒ මහතා කීවේය.බත්තරමුල්ල වෝටර්ස්එජ් හෝටලයේදී පැවති DLB SWEEP APP නව යෙදවුම හදුන්වා දීමේ අවස්ථාවට එක් වෙමින් සේන සුරියප්පෙරුම මහතා මේ බව කීවේය.
 
 මේ නව යෙදවුම මගින් ලොතරැයි විකුණන තත්වයට පත් වීම මෙහි අවසාන අරමුණ බවද එය හදුන්වා දීමට ඉදිරියේදී සැලසුම් කර ඇති බවද සභාපතිවරයා කීවේය.
 
 ඒ සදහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට ඉල්ලූම් කර ඇති බවද එම අනුමැතිය ලැබුණු පසු මෙම යෙදවුම මගින් ලොතරැයි ටිකට්පත් විකිණීමට ඉදිරියේදී හැකි වනු ඇති බවද සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සුරියප්පෙරුම මහතා පැවසීය.
 
 කාර්යබහුල ජීවන රටාවට පහසුවක් වෙමින් තම ජංගම දුරකථනය හරහා ජයග‍්‍රාහී නිල ප‍්‍රතිඵල පමණක් නොව ලොතරැයි ටිකට් පතේ ඇති QR සංකේතය භාවිතා කර ලොතරැයි ටිකට් පතට අදාළ ත්‍යාග තිබේද හා ඊට අදාළ ත්‍යාග මුදල දැනගැනීමේ පහසුකමද මේ නව යෙදවුම මගින් සලසා ඇති බවද සභාපති සේන සුරියප්පෙරුම මහතා කීවේය.ලොතරැයි පතක් වෙනුවෙන් වැය කරන රුපියල් විස්සෙන් ලොතරැයි මිලදී ගන්නන් ජයග‍්‍රාහකයන් කිරීමට අමතරව සංවර්ධන ලොතරැයි මණ්ඩලය රට වෙනුවෙන් සෞඛ්‍ය සහ අධ්‍යාපනික මෙහෙවරක යෙදී සිටින්නේ ජනාධිපති අරමුදල සහ මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ශක්තිමත් කරමින් බවද ඒ මහතා කීවේය.
 
 මේ අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර් විමලසිරි, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චානක දොඩන්ගොඩ යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීන් සහ එපික් ටෙක්නොලොජීස්
 සමාගමේ උසස් නිලධාරීන් රැසක් ද එක්ව සිටියේය.
 
 ජායා - නිශාන් එස්. ප‍්‍රියන්ත
 
 

විශේෂාංග

sikuru

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles