Divaina - ඩෙල් ටෙක්නොලොජිස්හි වාණිජ බෙදාහරින්නා ලෙස සිංගර් පත්වෙයි

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 dell
 
 
දිවයිනේ පුරෝගාමී පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර්, ඩෙල් ටෙක්නොලොජීස්හි වාණිජ බෙදාහරින්නා ලෙසින් පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී නිල වශයෙන් දැනුම් දැනුම් දෙනු ලැබීය.
 
 ජාලගත අලෙවියේ සිංගර් ශක්තිය විදහා දක්වමින් රටපුරා වන සිංගර් අලෙවි නියෝජිතයින්ද ඉදිරියේ එම මාධ්‍ය හමුව පැවැත්විණි. එහිදී නවතම ඩෙල් නිෂ්පාදන පිළිබඳව මෙන්ම සිංගර් හා ඩෙල් බැඳීම අළලා වන දීර්ඝ කාලීන ඉලක්කයන් පිළිබඳවද දෙපාර්ශවයේ දැක්ම අවධාරණය කෙරිණි.
 
   ඊට අමතරව‍ සිංගර්, ඩෙල් පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් මහා පරිමාණ අලෙවිකරු සහ බෙදාහරින්නා ලෙසින් සම්බන්ධතාවය ඇරඹීය. 2018 හා 2019 වසර සඳහා හොඳම පාරිභෝගික භාණ්ඩ බෙදාහරින්නා වශයෙන් ඩෙල් ටෙක්නොලොජීස් අලෙවි සහකරු සම්මාන උළෙලේදී සම්මාන හිමිවුණු අලෙවි ප‍්‍රචාරණ වැඩපිළිවෙලකද නිරත විණි. ස්වකීය අලෙවි හැකියාව ප‍්‍රදර්ශනය කරමින් සිංගර් ප‍්‍රමුඛ බලකාය, පෙරට විත් තිබෙන්නේ, ඩෙල් පරිගණකවල පටන් ටැබ්, ජංගම දුරකතන හා අනෙකුක් උපාංගවලින් සමන්විත විවිධ මාදිලියේ තාක්ෂණික උපකරණ පෙළක්ම රැගෙනය.
 
 
 
 එම හමුවේදී අදහස් දක්වමින් සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන, රටෙහි සමස්ත දියුණුවටද හේතුවක් වන අද දවසේ ශ‍්‍රම බලකායේ ගමන් මග වෙනස් කරන ප‍්‍රධාන තීරකයකු වීමෙන් මෙන්ම, විශාල වශයෙන් පරිගණක තාක්ෂණය මත යැපෙන සමාජයක, දිවයිනම නව තාක්ෂණයෙන් බලගැන්වීම උදෙසා සිංගර් හා ඩෙල් ටෙක්නොලොජීස් සම්බන්ධතාවයෙහි වටිනාකම පිළිබඳව සඳහන් කළේය. 


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles