Divaina - eChannelling සේවාව බි‍්‍රතාන්‍යයේ Cfi.co ගෞරව සම්මානයට පාත‍්‍ර වේ

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 echan
 

ඩිජිටල් සෞඛ්‍ය සේවා පුරෝගාමී තාක්ෂණික විසදුම් ලබාදීම උදෙසා බි‍්‍රතාන්‍යයේ Capital Finance international සංවිධානය කළ සම්මාන උළෙලේදී eChannelling සේවාව Cfi.co සම්මානයට පාත‍්‍රවිය.
 
 ශ‍්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවා සපයන්නෙකු ලෙස ඉහළම සෞඛ්‍යාරක්ෂණ ප‍්‍රමිතීන් පවත්වා ගැනීම උදෙසා සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ දැක්වූ ප‍්‍රමුඛතම දායකත්වයට eChannelling වෙත මෙම සම්මානය ප‍්‍රදානය කළේය. සන්නිවේදන තාක්ෂණය හරහා රෝහල, වෛද්‍යවරයා සහ රෝගීයා අතර තිබුණු හිඩැස නැති කිරීමට eChannelling සේවාවට හැකිවිය. මෙමගින් රෝහල්වල මෙන්ම සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව, ඵලදායීතාවය ඉහළ නැංවුණු අතර වෛද්‍යවරයෙකු හමුවීමට තිබු අපහසුතාව ඉවත්කරලීම මඟින් ජනතාවට මහත් පහසුවක් ඇතිවිය.
 
 මෙසේ සම්මානයට පාත‍්‍රවීම පිළිබදව අදහස් දැක්වූ eChannelling සේවාවේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී නලීන් පෙරේරා මහතා, ”මේ සම්මානයට සුදුසුකම් ලැබීම ගැන අපි ඉතාම ආඩම්බර වෙනවා. අපේ කණ්ඩායම් උත්සහය සහ කැපවීම ගෝලීය මට්ටමෙන් හදුනාගැනීම මෙතෙක් අප පැමිණි ගමනේ ඉතා සුවිශේෂී මග සලකුණක්. සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම වෛද්‍යවරයෙක් වෙන්කරවා ගැනීම, වීඩියෝ විශේෂඥ උපදෙස් ලබාගැනීම සහ බෙහෙත් ගෙන්වාගැනීම සහ තවත් සේවා රැසක් එකම වේදීකාවක් තුළ ලබාදීමේ අපේ දැක්ම අනූව අපි eChannelling සේවාව ආරම්භ කළා. තාක්ෂණය භාවිතා කරමින් සේවා දායකයා සහ ජනතාව අතර හිඩැස අවම කිරීම සහ භාවිතයට පහසු ලෙස කාර්යක්ෂමව සහ ඵලදායීව අපි රටේ සෞඛ්‍යාරක්ෂණ සේවා ජනතාව අතර ප‍්‍රචලිත කිරීමට මෙමගින් හැකිවුනා. ලංකාවේ සෞඛ්‍ය සේවා සපයන විශාල කණ්ඩායමක් eChannelling සේවාව සම`ග එකතුවීමෙන් අප ලබාගත් සාර්ථකත්වය කෙසේ දැයි වටහා ගන්න පුලූවන්. දිවයින පුරා විසිරී සිටින සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම, පිටරට සිටින කණ්ඩායම්වලට සහ සංචාරකයන්ට මෙ`ගින් විශාල සේවාවක් ලබාදෙන්න පුලූවන් වුනා. තොරතුරු තාක්ෂණයෙන් සහ දැනුමෙන් ස්වයං පෝෂිත සමාජයක් ගොඩනැගීමේ අපේ දැක්ම අනූව යමින් සමාජය ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීමට හැකිවීමට අපට මහත් ආඩම්බරයක්.”


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles