Divaina - ජාත්‍යන්තර ශිෂ්‍ය බැංකුකරණ සේවාවක් HSBC Premier විසින් ආරම්භ කරයි

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

we hsbcවිදේශ රටවල ඉගෙනුම ලැබීමට අදහස් කරන සිසු සිසුවියන්ගේ බලාපොරොත්තු ඉටුකරගැනීමට සහය ලබාදීම පිණිස HSBC විසින් ජාත්‍යන්තර ශිෂ්‍යයින් සඳහා වන සැලසුමක් ආරම්භ කර ඇත.
 
 
මෙම ජාත්‍යන්තර ශිෂ්‍යයන් සඳහා වන සැලසුම සකස් කර ඇත්තේ, HSBC හි ගෝලීය අධ්‍යාපනයේ වටිනාකම සමීක්ෂණයේ මූලික සොයාගැනීම් පාදක කරගෙන ය. එකී සමීක්ෂණය මගින් ඇගයුමට ලක් කළේ, අධ්‍යාපනයේ නව රටාවන්, දෙමාපිය අපේක්ෂා සහ සිය දරුවන්ගේ අධ්‍යාපනය, ආකල්ප සහ හැසිරීම් සම්බන්ධයෙන් මුදල් යෙදවීම සහ ශිෂ්‍ය අත්දැකීම් පිළිබඳව දෙමාපියන් තුළ ඇති බිය ආදී කරුණු ය. මෙම සොයාගැනීම් සිදුකරන ලද්දේ ලොව පුරා රටවල් 15 ක, 10,400 ට අධික දෙමාපියන් සහ 1,500 ට අධික විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමීක්ෂණය කිරීමෙනි. 
 
 
ශ‍්‍රී ලංකාවේ සිදුකරන ලද සමීක්ෂණ තොරතුරු මගින්, ඉහත සමීක්ෂණයේ සොයාගැනීම්වලට වැඩිදුර සහයක් ලැබී ඇත. සෑම වසරකම, ඔස්ටේ‍්‍රයාව, අමෙරිකා එක්සත් ජනපදය, මැලේසියාව, එක්සත් රාජධානිය සහ ඉන්දියාව යන ප‍්‍රධාන රටවල් පහ ඇතුළුව ලෝකයේ තවත් බොහෝ රටවල ශ‍්‍රී ලාංකික සිසු සිසුවියන් 19,000 ට වැඩි සංඛ්‍යාවක් නිරතුරුව ඉගෙනුම ලබන බව (මූලාශ‍්‍රය UNESCO දත්ත, 2019) එහිදී අනාවරණය වී ඇත. බැංකුකරණයේ පුරෝගාමීත්වය දරන බැංකුවක් ලෙස HSBC විසින් සිය නාමය, එකී සියලූම රටවල මනා ලෙස සනිටුහන් කර ඇත.
 
 
තවද, තම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සැලසුම් කිරීමේ දී විශේෂිත අදියර හතරකට දෙමාපියන් මුහුණ දෙන බව ඉහත කී සමීක්ෂණවලින් අවබෝධ වී ඇත. එනම්, ඒ ගැන සිහින දැකීම, සැලසුම් කිරීම, අදහස් කරන රට වෙත යෑම සහ එහි කල්ගත කිරීම ය. එම දිගු ගමනේ සියලූ පියවරයන් හි දී දෙමාපියන් හා සිසු සිසුවියන් හට මතු වන සියලූ අවශ්‍යතා නිසි පරිදි සපුරාලීමට මූලිකත්වය දෙමින්, විශේෂාංග හා ජාත්‍යන්තර බැංකුකරණ සේවාවන් රැසකින් යුක්තව මෙම සැලසුම නිර්මාණය කර ඇත. 
 
 
ශ‍්‍රී ලාංකික සිසු සිසුවියන් වැඩි වශයෙන්ම සිය අධ්‍යාපන කටයුතු උදෙසා පිටත්ව යන රටවල HSBC සිය නාමය සනිටුහන් කර ඇත්තේ, Global View සහ ගෝලීය මුදල් පැවරුම් වැනි බැංකුවේ ජංගම බැංකුකරණ කටයුතු සහ, ඒ සියල්ලටත් වඩා වැදගත් අවශ්‍යතාවක් වන, අදාළ රට වෙත පිටව යෑමට පෙර විදේශයක ගිණුම් විවෘත කිරීමේ පහසුවද සලසමිනි. මෙම පහසුව සමග තවත් බොහෝ ප‍්‍රතිලාභ ද පිරිනමනු ලබන්නේ මෙකී වෙළෙඳපොළ තුළ පළමු වතාවට සිදු කෙරෙන හඳුන්වාදීම් වශයෙනි.


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles