Divaina - ඇටකටු මතින් බිහිවුණු මාර්ගයේ ලෝකයේ වැඩිම ශීතල පෙදෙසට බිහිසුණු ගමනක්...

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

roadරුසියාවේ යාකුට්ස්ක් නගරය පිහිටා තිබෙන්නේ මොස්කව් නගරයෙන් කි.මී. 8600 ඈතින් රුසියාවේ ඈත පෙරදිග කලාපයේ. යාකුට්ස්ක් නගරය රුසියාවේ සාහා ජනරජයේ අගනුවර. එමෙන්ම රුසියානු සමූහාණ්ඩුවේ විශාලතම ජනරජය. නමුත් මේ ප‍්‍රදේශයේ වැදගත්කම වන්නේ රුසියාවේ අධික ශීතම ප‍්‍රදේශය නිසා. ලොව මිනිසුන් ජීවත් වන ශීතම ස්ථානය නැතිනම් ගම්මානය පිහිටා තිබෙන්නේ සාහා ජනරජයේ. මගේ ගමනාන්තය ඒ ස්ථානය. ඒ ඔයිමිකෝන් ගම්මානය. යාකුට්ස්ක් නගරයේ සිට තවත් කි.මී. 1000 ක් යා යුතුයි.

මේ ගම්මානයේ තමයි මෙතෙක් ලෝකයේ වාර්තා වුණු අඩුම උෂ්ණත්වය වාර්තා වී තිබෙන්නේ. ඒ සෙන්ටිගේ‍්‍රඞ් අංශක -71.2 ක්.

නමුත් මාගේ මේ සංචාරයේ අරමුණ මේ අධික ශීතල අත් විඳීමට හෝ ඒ දර්ශනීය ස්ථාන නැරඹීම පමණක්ම නොවේ. මේ සියලූ මනස්කාන්ත පරිසරය පිටින් අපට මනරම් ලොවක් ලෙස පෙනුනත් එහි ඇත්තේ කටුක දුෂ්කර එමෙන්ම මිලියනයකටත් අධික සෝවියට් පුරවැසියන්ගේ ජීවිත බිලිගත් අමානුෂික ඉතිහාසයක්. ඒ නිසාම තමයි මේ යාකුට්ස්ක් නගරයේ සිට මගදාන් නගරය දක්වා දිවෙන මාර්ගය ඇටකටු මතින් ඉදිවුණු මාර්ගය ලෙස ලෝකයා හඳුන්වන්නේ.

කාලයක් තිස්සේ වසන් වුණු ඒ අමානුෂික ඉතිහාසය අද රුසියානු ජනතාව සිහිපත් කරන්නේ බලවත් කනගාටුවකින්. මම ඔබට මේ සංචාරයෙන් පැහැදිලි කරන්නම් මේ අධික ශීතල තුළ සැඟවී තිබෙන ඒ දුක්මුසු පුදුම කතාව.

මොස්කව් සිට යාකුට්ස්ක් නගරයට පැය 8ක පමණ ගුවන් ගමනක්. ඇත්තටම ඒ වෙලාව මොස්කව් සිට කොළඹ දක්වා ගුවන් ගමනේ වෙලාවට වඩා වැඩියි.

මේ සංචාරය සංවිධානය කර ගන්නට මට මාස 6 ක පමණ කාලයක් ගත වුණා. මේ සංචාරය පසුගිය වසර කිහිපයටම සිහිනයක් ලෙසයි මට සිතුනේ. ජීවිතයේ කිසිම දිනෙක ළඟාවිය නොහැකි ඉලක්කයක් ලෙසයි මා දුටුවේ. ඒ ගමනේ දුෂ්කරතාවය, අධික වියදම සහ එමෙන්ම උණුසුම් රටක ඉපදුනු අප වැන්නන්ට දැරිය නොහැකි අධික ශීතල යන කරුණු නිසා.

නමුත් මාස කිහිපයක අන්තර්ජාල දැන්වීමක සහ ඒ වෙනුවෙන් විද්‍යුත් ලිපි හුවමාරුවෙන් තවත් ජර්මානු ජාතිකයින් තිදෙනෙක් මා සමග මේ සංචාරයේ යෙදෙන්නන්ට ගිවිස ගැනීමට මට හැකිවුණා. එයින් මම බලාපොරොත්තු වූයේ අධික වියදම යම් ලෙස හෝ අවම කර ගැනීම.

ජනවාරි සහ පෙබරවාරි මාස මේ ප‍්‍රදේශයේ සීතල අධිකම කාලය. මට අවශ්‍ය වුණේ ඒ කාලයේ සංචාරයේ යෙදෙන්නට.

මීට වසර 2 කට පමණ පෙර අහම්බෙන් මට මුණ ගැසුණු යාකුට්ස්ක් නගරයේ ජීවත් වන කාන්තාවකගේ දුරකථනය මාගේ දින පොතේ සටහන් වී තිබුණා. ඇගේ නම ලූද්මිලා.

වසර තුනකින් කිසිම දිනෙක මා ඇය සමග කතා බහක යෙදී තිබුණේ නැහැ. යාකුට්ස්ක් නගරයට යෑමට දින කිහිපයකට පෙර මා දුරකථනයෙන් ඇය අමතන්නට පෙළඹුනා. මාගේ වාසනාවකටදෝ දුරකතනයේ අනික් පසින් අසුනේ ඇයගේ කට හඬ. මොස්කව් සිට කි.මී 8500 ක් දුරින් ජීවිතයේ කිසිම දිනෙක පය නොතැබූ අවම පහසුකම් සහිතව අධික ශීතලෙන් දිවි ගෙවන ජනතාවක් ඇති ප‍්‍රදේශයට සංචාරය කරන්න, එමෙන්ම තවත් විදේශිකයින් කිහිපදෙනෙක් සමග මේ ගමන යන්නට මා හට ධෛර්යය ලබා දුන්නේ ලූද්මිලා.

හැදෑරිය යුතුම ඉතිහාසයක් ඇති යාකුට්ස්ක් ප‍්‍රදේශයට සංචාරය යථාර්ථයක් බවට පත් වූයේ මේ ආකාරයෙන්.

යාකුට්ස්ක් නගරයට මා පැමිණුනු දිනයේ එහි උෂ්ණත්වය වුණේ සෙන්ටිගේ‍්‍රඞ් අංශක -45ක්. විශ්වාස කරන්නත් අමාරුයි. රුසියාවේ වසර කිහිපයක් ජීවත් වී අත්දැකීම් ඇති වුණත් ජීවිතයේ කිසිම දිනෙක මෙවැනි අධික සීතලක් අත් විඳ නැහැ. ගුවන් තොටුපළේදී මා හමුවුණු ලූද්මිලාගෙන් මා ඇසුවේ අද ගොඩක් සීතලයි නේද කියා. නමුත් ඇයගේ පිළිතුරෙන් මා පුදුමයට පත් වුණා. ඇයගේ පිළිතුර වුණේ ”ඊයේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක -52. අද -45 ක්. ඒ නිසා අද ටිකක් උණුසුම්.’

සෝවියට් දේශය පාලනය කළ ලෙනින් 1924දී මිය යෑමෙන් පසුව එහි පාලනය ලැබුණේ ජෝශප් ස්ටාලින් හට.

මේ තමයි කතාවේ ආරම්භය. මේ කාලය තුළ දේශපාලන සහ යුධ සිරකරුවන්ගේ ප‍්‍රමාණය විශාල ලෙස වර්ධනය වෙන්නට පටන් ගෙන තිබුණා. ස්ටාලින් හට විරුද්ධව වචනයක් හෝ ප‍්‍රකාශ කළ අයෙක් සිටියේ නම් සෝවියට් රහස් ඔත්තු සේවය විසින් ස්ටාලින්ගේ පාලනය ආරම්භ කළ විශේෂ කඳවුරුවලට එවැනි පුද්ගලයින් යොමු කරනවා. මෙවැනි කඳවුරු පාලනය කරන්න ස්ටාලින්ගේ පාලනය විසින් විශේෂ රාජ්‍ය ආයතනයක් පිහිටුවලා තිබුණා. මෙය කෙටියෙන් හැඳින්වුණේ ගුලාග් GULAG නමින්. Chief Administration of Corrective Labour Camps and Colonies මෙවැනි කඳවුරු විශාල ප‍්‍රමාණයක් සයිබීරියාවේ සහ සෝවියට් දේශයේ ඈත පෙරදිග ප‍්‍රදේශවල පිහිටා තිබුණා. නමුත් මේ කඳවුරු පවා මෙතරම් විශාල පිරිසක් එකවර භාර ගැනීමට සූදානම්ව තිබුණේ නැහැ. මේ නිසා ස්ටාලින්ට සිදුවුණා මේ පිරිස් පාලනය කරන්න වෙනත් ක‍්‍රියාදාමයක් සොයන්නට. ඒ අනුව තමයි සෝවියට් දේශයේ බිහිසුණු ශ‍්‍රම කඳවුරු ක‍්‍රමය බිහිවන්නේ. (Trudarmee -Labor army)

කොලීමා මාර්ගය දිවෙන්නේ යාකුට්ස්ක් නගරයේ සිට මගදාන් නගරය දක්වා. මේ මාර්ගයේ දුර කි.මී. 2000 ක්. මෙය ඍ 504 මාර්ගය නමින් රුසියාවේ හඳුන්වනවා. 1932 වසරේ මේ මාර්ගය දුම්රිය මාර්ගයක් ලෙස සාදන්නට සෝවියට් දේශයේ නායකත්වය තීරණය කළා. නමුත් අධික ශීතල, කුසගින්න සහ තාක්ෂණික උපකරණ නොමැතිකම මේ ව්‍යාපෘතියට බාධාවක් වුණා. අවසානයේ තීරණය වුණේ මහා මාර්ගයක් ලෙස ඉදි කරන්නට.

මේ තීරණයේ අනවශ්‍යභාවය ගැන කතා කරන්නට එදා කිසිම කෙනෙක් සිටියේ නැහැ. ඒ ස්ටාලින් හට තිබූ භය නිසා විය හැකියි. මේ කාලයේදී තමයි දෙවන ලෝක සංග‍්‍රාමය ආරම්භ වුණේ. අවසානයේදී තීරණය වූයේ ගුලාග් කඳවුරු වල සිටින සිරකරුවන්ගේ ශ‍්‍රමය මේ මහා මාර්ගය සෑදීම වෙනුවෙන් යොදවන්නට.

අධික ශීතල යටතේ කුසගින්න සහ තාක්ෂණික උපකරණ හිඟකම නිසා මේ සිරකරුවන්ට වැඩ කරන්නට සිදුවුණේ තම දෑත්වල පිහිටෙන්.

 

road1ඡායාරූපය - 1 - ජෝශප් ස්ටාලින්

සෝවියට් දේශය පාලනය කළ ලෙනින් 1924දී මිය යෑමෙන් පසුව එහි පාලනය ලැබුණේ ජෝශප් ස්ටාලින් හට.

මේ තමයි කතාවේ ආරම්භය. මේ කාලය තුළ දේශපාලන සහ යුධ සිරකරුවන් ගේ ප‍්‍රමාණය විශාල ලෙස වර්ධනය වෙන්නට පටන් ගෙන තිබුණා. ස්ටාලින්ට විරුද්ධව වචනයක් හෝ ප‍්‍රකාශ කළ අයෙක් සිටියේ නම් සෝවියට් රහස් ඔත්තු සේවය විසින් ස්ටාලින්ගේ පාලනය ආරම්භ කළ විශේෂ කඳවුරුවලට එවැනි පුද්ගලයන් යොමු කරනවා. මෙවැනි කඳවුරු පාලනය කරන්න ස්ටාලින්ගේ පාලනය විසින් විශේෂ රාජ්‍ය ආයතනයක් පිහිටුවා තිබුණා. මෙය කෙටියෙන් හැඳින්වුණේ ගුලාග් GULAG නමින්.Chief Administration of Corrective Labour Camps and Colonies මෙවැනි කඳවුරු විශාල ප‍්‍රමාණයක් සයිබීරියාවේ සහ සෝවියට් දේශයේ ඈත පෙරදිග ප‍්‍රදේශවල පිහිටා තිබුණා. නමුත් මේ කඳවුරු පවා මෙතරම් විශාල පිරිසක් එකවර භාර ගැනීමට සුදානම්ව තිබුණේ නැහැ. මේ නිසා ස්ටාලින්ට සිදුවුණා මේ පිරිස් පාලනය කරන්න වෙනත් ක‍්‍රියාදාමයක් සොයන්නට. ඒ අනුව තමයි සෝවියට් දේශයේ බිහිසුණු ශ‍්‍රම කඳවුරු ක‍්‍රමය බිහිවන්නේ.(Trudarmee -Labor army)

 

road2ඡායාරූපය -2 - යාකුට්ස්ක් පොළේ විකිණීමට ඇති පිනිමුවන් ගේ මස්

අධික ශීතල මේ පැත්තේ මිනිස්සුන්ගේ ජීවිතේ එක් අංගයක්. යාකුස්ක්වල ඉරිදා පොළ මෙයට හොඳ උදාහරණයක්. හැබැයි අපේ වගේ මේ පොළේ එළවලූ පලතුරු නැහැ. තියෙන්නේ ශීත කරපු ශීත වෙච්ච මස් සහ මාළු. උෂ්ණත්වය -50දි මොකටද ශීතකරණ. මේ පැත්තේ ප‍්‍රසිද්ධම පිනිමුවන්ගේ මස්. මේ පැතිවලින් ලෝකයේ අනික් රටවල්වලට අපනයනය කරන ප‍්‍රධානම දේ තමයි පිනිමුවන්ගේ මස්. සමහර කාලවලදී විශේෂයෙන් රුසියාවේ උතුරු ප‍්‍රදේශයෙන් පිනිමුවන්ගේ මස් ජර්මනිය සහ පින්ලන්තය වෙත එක්ස්පෝර්ට් කරනවා.

 

 

 

 

 

road3ඡායාරූපය - 3 - කොලීමා මාර්ගයේ ආරම්භය

කොලීමා මාර්ගය දිවෙන්නේ යාකුට්ස්ක් නගරයේ සිට මගදාන් නගරය දක්වා. මේ මාර්ගයේ දුර කි.මී. 2000ක්. මෙය R 504 මාර්ගය නමින් රුසියාවේ හඳුන්වනවා. 1932 වසරේ මේ මාර්ගය දුම්රිය මාර්ගයක් ලෙස සාදන්නට සෝවියට් දේශයේ නායකත්වය තීරණය කළා. නමුත් අධික ශීතල, කුසගින්න සහ තාක්ෂණික උපකරණ නොමැති කම මේ ව්‍යාපෘතියට බාධාවක් වුණා. අවසානයේදී තීරණය වුණේ මහා මාර්ගයක් ලෙස ඉදි කරන්නට. මේ තීරණයේ අනවශ්‍යභාවය ගැන කතා කරන්නට එදා කිසිම කෙනෙක් සිටියේ නැහැ. ඒ ස්ටාලින් හට තිබූ බය නිසා විය හැකියි. මේ කාලයේදී තමයි දෙවන ලෝක සංග‍්‍රාමය ආරම්භ වුණේ. අවසානයේදී තීරණය වූයේ ගුලාග් කඳවුරුවල සිටින සිරකරුවන්ගේ ශ‍්‍රමය මේ මහා මාර්ගය සෑදීම වෙනුවෙන් යොදවන්නට. අධික ශීතල යටතේ කුසගින්න සහ තාක්ෂණික උපකරණ හිඟකම නිසා මේ සිරකරුවන්ට වැඩ කරන්නට සිදුවුණේ තම දෑත්වල පිහිටෙන්.

 

මිලියනයකටත් වඩා අධික සෝවියට් පුරවැසියන් පිරිසක් මියගිය අන්දම සහ මේ මාර්ගයේ ගිය අමතක නොවන ගමන - ලබන සතියේ.......

රොහාන් ඩිරෙක්ස්

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles