Divaina - ඔහු අතින් ගිලිහී ගිය අවිය නැවතත් අත්පත් කර ගැනීමට හෙට අලූත් පරපුරක් බිහිවනු ඇත!

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

තිස්ස ගුණතිලක, රොහාන් ඩිරෙක්ස්

 

cheකැමිලෝ ගුවේරාගේ උපත සිදුවඇත්තේ 1962 වසරේදීය. ඒ වන විට ඔහු කුඩා දරුවෙකු නිසා පියාගේ රුව පිළිබඳ මතකයක් ඔහුගේ සිතේ නොවේ. එසේම චේ ගුවේරාගේ සිහින් සිරුරට සමාන කමක් කැමිලෝ වෙතින් මම නොදුටුවෙමි. නමුදු මානව හිතවාදයෙන් පිරුණු චේ ගේ අදහස් වළින් නම් කැමිලෝ පියාට බොහෝ සමීප වී තිබේ.

කියුබාවත් ලෝක දේශපාපනයේ හැසිරිම පිළිබඳවත් ඔහුට ඇත්තේ පියාට සමාන කියැවීමකි. මා ඊළඟ ප‍්‍රශ්නයට යොමුවීමට පෙර ඔහු සදහන් කළේ චේ 1950 දශකයේ ලංකාවේ සිදුකළ සංචාරය පිළිබඳ බොහෝ තොරතුරු හවානා චේ ගුවේරා කේන්ද්‍රයේ ඇති බවය.එම සංචාරයේ හොරණ යාලගල ප‍්‍රදේශයෙදී චේ ලබාගත් දුර්ලබ ජායාරූප කිහිපයක් පෙන්වමින් කැමිලෝ එය තහවුරු කළේය. යලි මම ඔහුගෙන් මෙසේ ඇසුවෙමි.

පසුගිය වසර 15 පුරා ලෝකයේ බොහෝ රටවල චේ ගුවේරා පිළිබඳ බොහෝ සිනමා කෘති බිහිවුණා. පොත්පත් විශාල ප‍්‍රමාණයක් ලියැවුණා. එයින් වඩාත් සත්‍යයට ලංවෙන්නෙ කුමන ග‍්‍රන්ථය හෝ සිනමා කෘතිය කියලද ඔබේ නිගමනය.

මගේ මතය නම් අද වනතෙක් කිසිම සිනමා කෘතියක් හෝ ග‍්‍රන්ථයක් මගේ පියා ගැන නියම විවරණයක් කිරීමට අපොහොසත් වී ඇති බවයි. චේගුවේරා කේන්ද්‍රය මෙහෙයවන පුද්ගලයෙක් විදියට මගේ උපදේශය නම් චේගුවේරාව නියම ලෙස වටහා ගැනීමට හැකි තරම් ඔහු ලියූ ලිපි ලේඛන පොත්පත් පරිශීලනය කරන ලෙසයි. ඔබ දන්නවාද මගේ පියාට තිබිල තියෙනවා පුරුද්දක් සෑම විටම හැම දෙයක්ම ලේඛනගත කරන්න. අප කියන දේ වුණත් එක පාරට විශ්වාස නොකර ඔහු ලියා ඇති දේ කියවන්න. ඊට පස්සෙ ඔබට පුළුවන් ඔහු පිළිබඳ ස්වාධීන තීරණයකට එළැඹෙන්න.

මා ඔබගෙන් මේ අසන ප‍්‍රශ්නය සෑම විප්ලවයකට අදාළ වැදගත් ප‍්‍රශ්නයක්. ඔබේ පියාට දරුණු චෝදනාවක් තියෙනවා ගරිල්ලා සටන්වලදී මිනිසුන් මරා දැමූ බවට. එසේම නිරායුධව සිටි ඔබේ පියාව මරා දැමූ බවට ඔබේ පාර්ශ්වයෙන් චෝදනාවක් තියනවා. මිනිස්සුන්ගෙ යහපතට හෝ මිනිසුන් මරා දැමීම හොඳයි කියා ඔබ සිතනවාද?

ඔබ ගරිල්ලා සටනක නිරත වන්නේ නම් එයින් පැහැදිලි වන්නෙ ජීවිතය හෝ මරණය අතර සටනක නිරත වන බව. එය ගරිල්ලා සටනක න්‍යායක් වෙනවා. එහිදී ඔබ යෙදී සිටින්නේ යුද්ධයක. නමුුත් 1967 වසරේදී මගේ පියා මරා දැමුවේ ඔහු නිරායුධව සිටියදී. එසේම එහි කිසිම අධිකරණ තීන්දුවක් තිබුණේ නෑ. නමුත් ඔබ දන්නවද මගේ පියා පමණක් නොවේ කියුබානු විප්ලවවාදීවත් කිසිම තැනක නිරායුධව සිටි මිනිසුන් මරා දැමූ බවට සඳහන් වන්නේ නෑ.

චේගුවේරාගේ මරණය සිදුවී දැන් වසර 50 ක් ඉක්ම ගොසින්. නමුත් මා දැක්කා කියුබාවේ පාසල්වල අදටත් ‘‘චේ වගේ වෙයන් පුතේ’’ යනුවෙන් පාඨයක් සඳහන් වෙනවා. මේ පාඨයේ වැදගත්කම ඔබ දකින්නේ?

che1වෙනදාටත් වඩා චේගෙ අවශ්‍යතාව මේ ලෝකයට අද දවසේ වැදගත් බවයි මගේ වැටහීම. මේ ලෝකය ඉතාම සංකීර්ණයි. මේ සංකීර්ණත්වය අපට තේරුම් ගන්න පුළුවන් චේ ගුවේරාගේ අදහස් ඔහු එදා ලියූ පොත්පත් අධ්‍යයනය කිරීමෙන්. චේගේ කෘතිවලින් පෙන්වන්නේ ගරිල්ලා මාවතක් පමණක් නොවෙයි. නිදහස් සහ ස්වාධීනත්වය පිළිබඳ විශ්ලේෂණයක් එහි දැක්වෙනවා. චේගේ දර්ශනය හරි හැටි අවබෝධ කරගත හැකි වන්නේ නිදහස් සහ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කරන ඒ වාතාවරණය තුළ ජීවත් වන සිතකට මිස සුඛෝපභෝගී කාමරවල සිට ජනතාවගේ නිදහස ස්වාධීනත්වය කතාකරන සිත්වලට නොවෙයි.

කියුබාවේ සාමාජීය ආකල්ප ඒ වග්ම කියුබාවේ සාමාජීය තත්ත්වය තවමත් පෙන්වන්නේ චේගුවේරාට තවමත් ඔවුන්ගේ තිබෙන ආදරය. ඒ නිසා තමයි අදටත් කියුබානු ළමා පරපුරට චේගුවේරා ආදර්ශයක් ලෙස සලකන්නේ.

එහි ප‍්‍රතිඵල ඔබලාට අත්විඳින්න තිබෙනවාද?

මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම්, මෑතකදී ඇතිවුණ ඉබෝලා වසංගතයේදී එය මර්දනය කිරීම සඳහා අප‍්‍රිකානු රටවලට යන්න ලෝකයේ බොහෝ වෛiවරුන් අකමැත්ත ප‍්‍රකාශ කළා. එවැනි තත්ත්වයක් තුළ මනුෂ්‍යත්වය වෙනුවෙන් අප‍්‍රිකානු රටවලට ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුනේ කියුබානු වෛiවරුන්. තමනාගේ නොවන රටක් ජාතියක් වෙනුවෙන් තමන්ගේ සේවය සලසන්නට ඔවුන්ට ශක්තිය ලබා දුන්නේ පුංචි කාලේ ඉඳල ‘චේ වගේ වෙයන් පුතේ’ අර්ථයත් එක්ක ඔවුන් ලොකු මහත් වුන නිසා.

කැමිලෝ ගුවේරා එය සඳහන් කළේ මහත් වූ ස්ථිරසාර ලෙස බව මම දුටිමි. ඇත්තෙන්ම චේ ගුවේරා කේන්ද්‍රය මගින් කැමිලෝ ගුවේරා සමග සාකච්ඡුාට මට වෙන්කර තිබුණේ මිනිත්තු 15 ක කාලයක් වුණත් අවසානයේ ඔහුගේද කැමැත්ත මත එය පැය දෙකකට ආසන්න කාලයක් දක්වා දීර්ඝ විය.

එසේම මේ සාකච්ඡුාවේදී චේගුවේරා පිළිබඳ දැනගත් බොහෝ කරුණු කාරණාවලට අමතරව තවත් සුවිශේෂී කාරණයක්ද වෙයි. ඒ චේගුවේරා දඩයම ලෙසින් හඳුන්වන චේගුවේරා අල්ලා ගැනීමට සිදුකළ දැවැන්ත මෙහෙයුමට නායකත්වය දුන් ඉහළ පෙළේ චරිත කිහිපයම අනපේක්‍ෂිත ලෙස මියගොස් ඇති අයුරුය. ඒ ඉතිහාස හදාරන්නෙකුට වුව මනා ලෙස වටහාගත හැකිය. එම සිදුවීම් සංක්‍ෂිප්තව මෙසේ දැක්විය හැකිය.

චේගුවේරාව මරා දැමීමට නියෝග ලබා දුන්නේ එවකට බොලිවියාවේ ජනාධිපතිව සිටි රෝනෝ බෙරින්ටෝස්ය. ඔහු 1969 වසරේ අපේ‍්‍රල් 29 දින සිදුවූ හෙළිකොප්ටර් අනතුරකින් අකාලයේ මරණයට පත්විය. ජනාධිපතිගේ නියෝගය ක‍්‍රියාත්මක කිරීමට උපදෙස් දුන් වලෙහුන්දා ප‍්‍රදේශය භාරව සිටි හමුදා නායක සෙත්ටෙනෝ 1976 මැයි 11 වන දින සිදුවූ වෙඩි තැබීමකට ලක්ව මිය ගියේය. චේ මරා දැමුණු කාලයේ ජනාධිපති බෙරින් ටොස්ගේ රජයේ ආරක්‍ෂක ඇමැති ධුරය හෙබවූයේ අන්තෝනියෝ අර්ගුඩාස්ය. චේගුවේරාගේ දෑත් කපා දැමීමට නියෝග ලබාදී ඇත්තේ ඔහුය. දෛවෝපගත සිදුවීමක් ලෙස ඔහු 1990 වසරේදී මියයන්නේ ඔහුගේ දෑත මත තිබූ අත්බෝම්බයක් පුපුරා යෑමෙන්ය. හමුදා නිලධාරියකු වූ ආණ්ඩරුස් ෆිතිච් යනු චේ අත්අඩංගුවේ සිටියදී ඔහුට පහර දී ප‍්‍රශ්න කිරීමට ලක්කළ හමුදා නිලධාරියාය. ඔහු පසු කලෙක බොලීවියානු හමුදා නායකයෙකු වූ ජෙනරාල් බන්සාට විරුද්ධ වීම නිසා සිර කඳවුරකදී දරුණු ලෙස වධබන්ධනයට ලක්ව මියගියේය. චේගුවේරා නොමරා අත්අඩංගුවට ගත් ගැරී ප‍්‍රාඩෝ අද ජීවත්වන්නේ පූර්ණ ආබාධිත තත්ත්වයකය.

බොලිවියානු සහ කියුබානු ජනතාව මෙම සිදුවීම් මාලාව අද හඳුන්වන්නෙ චේගුවේරාගේ ශාපය ලෙසය. කියුබානු රහස් ඔත්තු සේවයේ හෝ ස්වභාව ධර්මයේ දඬුවම් එම පුද්ගලයන් ලූහුබැඳ පළදුන්නේ යැයි ඔවුන් විශ්වාස කරන බව මට මේ සංචාරයේදී දැනගත හැකි විය.

ලෝකයේ ඉතා ජනප‍්‍රිය, ජනතාවගේ ගෞරවාදර යට ලක්වූ බොහෝ චරිත කෙටි ජීවිත කාලයක් ගෙවා මියගොස් ඇත. චේ ගුවේරාද ඔහුගේ කෙටි ජීවිත කාලයේදී ඔහු ඇදහූ ලොවක් තනන්නට කැපව අවසානයේදී ඒ වෙනුවෙන්ම ජීවිතයද පුද කළේය. එහෙත් ඔහුට අවශ්‍ය ලෝකය නිර්මාණය කර ගැනීමට නොහැකි විය. නමුත් චේ ගුවේරා මරණයට පත්ව ඔහු අතින් ගිලිහී ගිය අවිය නැවත වතාවක් අත්පත් කර ගැනීමට අනාගතයේදී තරුණ පිරිසක් බිහිවනු ඇත. ඒ චේගුවේරාගේ පුත් කැමිලෝ ගුවේරාගේ අදහස්ය.

che3‘මගේ ජීවිතයේ’ චේගුවේරා වීරයෙක් වෙන්නෙ ඔහු මගේ පියා නිසාම පමණක් නොවෙයි. ඔහු වෛiවරයෙක්. ලේඛකයෙක්, රාජ්‍ය තාන්ත‍්‍රිකයෙක්, ගරිල්ලා භටයෙක්, සංචාරකයෙක්, ඒ සේරටම වඩා ඔහු පරාර්ථකාමී සැබෑම මානව හිතවාදියෙක්.

එසේ කියමින් කැමිලෝ ගුවේරා මේ සාකච්ඡුාව අවසන් කර මා සමගම හවානා චේගුවේරා කේන්ද්‍රයෙන් පිටතට පැමිණියේය.

මා ඔහුගෙන් සමුගන්නට මත්තෙන් වර්තමානයට අදාළ තව එක ප‍්‍රශ්නයක් ඇසුවෙමි.

අද චේගුවේරා යනු ජනප‍්‍රිය සංස්කෘතියක අයිතනයක්. චේගේ රුව සහිත ටී සර්ට්, කැප්, වෙළෙඳසල්, බාබර් සාප්පු පවා ලෝකයේ බොහෝ තැන්වල දක්නට ලැබෙනවා. මේ ගැන ඔබේ අදහස කොහොමද?

සමහර පිංතූර දැක්කම ඇත්තටම මට තරහක් ඇති වෙනවා. ඒවායින් චේගෙ පෞරුෂත්වය විනාශ කර දමනවා. ඇත්තටම ඡුායාරූපවලින් ඵලක් නෑ, ඔබට ඒ ඡුායාරූපවලින් පෙන්වන්නේ කුමන අරුතක්ද කියල වැටහීමක් නොමැතිනම්. අද චේ ජීවත්ව සිටියා නම් මම හිතන්නෙ නෑ මේ වගේ දේවල්වලට ඔහු එකග වේවි කියා.

ඔහුගේ ඒකායන බලාපොරොත්තුව වුණේ අපි සියලූ දෙනා වෙනුවෙන් යහපත් ලෝකයක් දිනා දීමට. මගේ පියා අද ජීවත්ව සිටියා නම් තව බොහෝ දේ සිදු කළ යුතු බව ඔහු පිළිගන්නවා. එදා වගේම අදත් ඔහු කියුබානු ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. සීමා මායිම් නැති මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. ඔහු අද තිබෙන ප‍්‍රශ්න විවේචනය කරමින් සිටිනඑක පමණක්ම කරන එකක් නෑ. ඔහු ඊට පිළිතුරක් සොයන බව විශ්වාසයයි.

ඒ චේ ගුවේරාගේ පුත් කැමිලෝ ගුවේරාගෙන් සමුගන්නට පෙර මා සමග පැවසූ අවසන් අදහස් කිහිපය.

නිමි

che2

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles