Divaina - චේගුවේරාගේ පුත් කැමිලෝ ගුවේරා ඉරිදා 'දිවයින' සමඟ සුවිශේෂ සාකච්ඡාවක

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

තිස්‌ස ගුණතිලක
රොහාන් ඩිරෙක්‌ස්‌

che1

 

බොලිවියාවේ ගත කළ දෙසතියක කාලයේදී චේගුවේරාගෙ අසාර්ථක බොලිවියානු විප්ලවයට සම්බන්ධ වැදගත්ම චරිත කිහිපය හමුවීමට අවස්ථාව ලදිමි. ඔහුගේ මරණයට සම්බන්ධ වූවෝද හමුවූයෙමි. එහෙත් එතෙකින් මේ කතාව පරිපූර්ණ නොවන බව මා බොලිවියාවට පැමිණීමට පෙර සිටම දැන සිටියෙමි. එහෙයින් බොලිවියානු සංචාරයට පෙර සිටම මාගේ සැලසුම වූයේ කියුබාවට ගොස් චේගුවේරාට සම්බන්ධයක් ඇති කවුරුන් හෝ හමුවීමයි.

che2එහිදී මොස්කව් සිට මා දැරූ පළමු සැලසුම වූයේ සාමාන්‍ය සංචාරකයෙකු ලෙස කියුබානු කොමියුනිස්ට් පක්‍ෂය මාර්ගයෙන් චේගුවේරාගේ පවුලේ සාමාජිකයකු හමුවීමට උත්සාහ දැරීමය. ඒ වෙනුවෙන් කියුබාවේ සිටින රුසියානු මිත‍්‍රයන් කිහිපදෙනකුගේ උදව්වෙන් ලද විද්‍යුත් ලිපි කිහිපයකට කිහිප වතාවක්ම ලියූවෙමි.

එයින්ද කිසිදු ප‍්‍රතිචාරයක් නොලද්දෙමි. එහෙත් අපේක්‍ෂාභංගත්වයට පත් නොවූ මම අරමුණට ළඟා වීම සඳහා වෙනත් මාර්ග සොයමින් සිටියෙමි. කැමිලෝ ගුවේරා පිළිබඳ අන්තර්ජාලය ඔස්සේ කරුණු දැන ගත්තේ මා එසේ උත්සාහ කරමින් සිටියදීය. අවසානයේ කියුබානු කොමියුනිස්ට් පක්‍ෂය මාර්ගයෙන් ඔහුට ද ලියුවෙමි. නමුත් මගේ අරමුණට ළඟාවීමට එයින් ද කිසි සහයක් නොලැබෙන බව පෙනෙන්නට තිබිණි.

මේ අතර 2018 සැප්තැම්බර් මාසයේ දිනක උදෑසන සුපුරුදු ලෙස විද්‍යුත් ලිපි පරීක්‍ෂා කරමින් සිටි මාගේ දෙනෙත් එක් විද්‍යුත් ලිපියක් ළඟ නතර විණි. එම ලිපිය එවා තිබුණේ මාගේ කියුබානු සංචාරයේ මග පෙන්වන්නන් අතර මෙතෙක් මා තෝරාගෙන නොසිටි ජෝර්ජ්ගෙනි. ඔහු පිළිබඳ මා එතෙක් දැන සිටියේ තම බිරිඳ සමඟ සංචාරක මග පෙන්වන ආයතනයක් පවත්වාගෙන යන්නෙකු ලෙස පමණි. නමුත් මේ විද්‍යුත් ලිපිය සමග මා උද්‍යෝගයට පත් කළ විස්තර රැසක් එහි විය.

cheg22223

ජොර්ජ් මේ වනවිට 75 වන වියේ පසුවන්නෙකි. ඔහු සංචාරක මග පෙන්වන ව්‍යාපාරයට පැමිණ තිබෙන්නේ කියුබාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සේවය කර විශ‍්‍රාම යෑමෙන් පසුවයි. ජෝර්ජ් ගේ එම පෙර රැකියාවේ සම්බන්ධතා මගේ අරමුණ වෙත ළඟා වීමට කදිම මාර්ගයක් විය හැකි බව මම ඒ මොහොතේම වටහා ගත්තෙමි. ඒ අනුව මගේ කියුබානු සංචාරය සඳහා සුදුසුම පුද්ගලයා ලෙස මම ඔහුව තෝරාගත්තෙමි. ඒ බව දන්වා ඔහුට පිළිතුරක් යවන අතරතුර කැමිලෝ ගුවේරා හමුවීමේ වැදගත්කමත් එම හමුවීමට අවශ්‍ය ඉඩකඩ සකසන ලෙසත් ජෝර්ජ්ට දැනුම් දුන්නෙමි. ඒ වනවිට අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු අනුව හවානා නගරයේ ඇති චේගුවේරා කේන්ද්‍රය කැමිලෝ ගුවේරා යටතේ කි‍්‍රයාත්මක වන බව දැනගනු ලදුව එයද මා ජෝර්ජ්ට දැන්වූයෙමි. අන්තර්ජාලයේ චේගුවේරා කේන්ද්‍රය පිළිබඳ යම් විස්තරයක් සමඟ විද්‍යුත් ලිපිනයක් තිබුණද අවම වශයෙන් එහි දුරකථන අංකයක් හෝ නොතිබූ නිසා මා ජෝර්ජ්ට කීවේ පෞද්ගලිකව එම ස්ථානයට ගොස් මගේ ඉල්ලීම ලබාදෙන ලෙසයි. ජෝර්ජ් මා කී ලෙස සිදු කළත් පෙර පරිදිම ප‍්‍රතිචාරයේ වෙනසක් නොවුණි.

ඒ සියලූ උත්සාහයන් ව්‍යර්ථ වූ පසුබිමක කියුබානු සංචාරය සඳහා වන දිනය ළඟා විය. කියුබාවට පිටත්වීමට මා සිටියේ මොස්කව් ගුවන්තොටුපළේය. හවානාහි චේගුවේරා කේන්ද්‍රයෙන් ඒ මොහොතේ ලැබුණු ඊමේල් පණිවුඩයකින් සඳහන් වූයේ ජෝර්ජ්ගේ පැහැදිලි කිරීම මත මට චේගුවේරාගේ පුත් කැමිලෝ ගුවේරා හමුවීමට සුළු මොහොතක් ලබාදිය හැකි බවය. ඔවුන් එම දිනය වෙන් කර දී තිබුණේ මා කියුබාවට පැමිණීමට නියමිත දිනයේම ය. එහෙත් ඒ වනවිට මා කියුබානු සංචාරයේ ගත කරන දින සියල්ල සැලසුම් කර තිබුණත් ඒ සියල්ල පසෙකට දමා ඔවුන් ලබා දුන් දිනයේම ඔහු හමුවීමට පැමිණෙන බව දන්වා සැහැල්ලූ සිතින් ගුවන් යානයට ගොඩවුණෙමි.

.......................

che3හවානා ගුවන්තොටුපළ පර්යන්තයෙන් එළියට එන විටත් ජෝර්ජ් මා බලාපොරොත්තුවෙන් සිටියේය. මගේ සංචාරයට ජෝර්ජ් සතුව තිබුණේ 1950 දශකයෙන් දී කියුබාවට ආනයනය කළ පැරණි මෝටර් රථයකි. එයට මා නැඟුණු සැනින් ජොර්ජ්” චේගුවේරා කේන්ද්‍රය වෙත ගමන ඇරඹුණේය. චේගුවේරා කේන්ද්‍රය පිහිටා තිබුණේ ඉතා මනරම් පරිසරයකය. එය කියුබාවේදී මා දුටු සුන්දරම ස්ථානයක් බව සඳහන් කළ යුතුය. වර්තමානයේ චේගුවේරා කේන්ද්‍රය බාරව එය පවත්වාගෙන යන්නේ චේගේ දෙවැනි විවාහයේ බිරිඳ වන ඇඬේලා මර්චි සමඟ කැමිලෝ ගුවේරා ය. 1959 වසරේදී චේ ඇඬේලා සමඟ විවාපත් වූ අතර එම විවාහයෙන් ඔවුන්ට පුතුන් දෙදෙනෙක් සහ දියණියන් දෙදෙනෙක් ලදහ. ඔවුන්ගේ දෙටු පුත් වන කැමිලෝ ගුවේරා උපත ලබා ඇත්තේ 1962 වසරේදීය. ඒ හරියට කියුබානු විප්ලවය සිදුවී වසර තුනකට පසුවය.

 චේගුවේරා සැලකෙන්නේ ඒ ඓතිහාසික විප්ලවයේ පෙර ගමන් කරුවකු මෙන්ම මානව විමුක්තිය වෙනුවෙන් තම පූර්ණ දිවියම කැප කළ විප්ලවීය නායකයකු ලෙසය. දැන් මා සිටින්නේ එම ශ්‍රේෂ්ඨ ගති ලක්‍ෂණ අනාගත ලෝකයට ගෙන යන ජාන හිමිකරුවා ඉදිරියේය. චේ මෙන් සියුම් කඩවසම් පුරුෂයකු නොවුව ද මනා දේහධාරී පුද්ගලයකු වූ ඔහු කැමිලෝ ගුවේරා නම් විය.

ඔවුන් ලබා දුන් කෙටි කාලය අපතේ නොයවා මම කැමිලෝ සමඟ කතාව ආරම්භ කළෙමි. දිනය 2018 වසරේ මැයි මස 09 වැනිදාය.

ස්ථානය චේගුවේරා කේන්ද්‍රය හවානා නගරය කියුබාව.

වසර 1967 බොලිවියාවේදී චේගුවේරා මිය යනවිට ඔබ වයස අවුරුදු 05 ක බොහොම කුඩා දරුවෙක්. ඔබට පියා පිළිබඳ ඇත්තේ මොනවගේ මතකයක්ද?

ඇත්තෙන්ම ඔහු පිළිබඳ මට විශාල මතකයක් නෑ. ඔහු කොංගෝ වෙත ගොස් තිබෙන්නේ මා වයස අවුරුදු 03 ක කුඩා දරුවෙක් සිටියදී. ඒත් යන්තම් මා ළමයෙක් ලෙස ලොකු මහත් වෙනකොට මට තේරුම් ගියා මගේ පියා කියුබානු ජනතාව බොහොම ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරන පුද්ගලයෙක් බව. මම ඔහුට වඩාත් සමීප වුණේ ඔහු ඉතිරි කළ ගිය දේවලින්. ඔහු විසින් රචිත ලිපි” ඔහු විසින් ගන්නා ලද ඡායාරූප” විශේෂයෙන් ඔහුගේ අදහස්වලට කියුබානු ජනතාව වගේම ලෝකය පුරා ප‍්‍රගතිශීලී මිනිස්සු බොහොම අගය කරන බව දැනෙනවා. එවිට මා ඔහුගේ පුතෙකු වීම ආඩම්බරයට කරුණක් වගේම ඔහුට තිබෙන ආදරයක අසීමාන්තික බව හැෙඟනවා. එය සමහරවිට පුතෙක් පියෙකුට දක්වන ආදරයට එහා ගිය දෙයක්. ඒකට හේතුව අද දිනයේදී මගේ පියා ‘චේ. අයිතිවන්නේ මට සහ මගේ පවුලේ සාමාජිකයන්ට පමණක් නොවෙයි. මුළු මහත් ලෝකයටම...

ළමා කාලයේදීම ඔබට ඔබගේ පියාගෙන් දුරස්වීමට සිදුවෙනවා. කොහොමද ඔබට ඒ කාලය දැනුණේ?

කියුබාවේ සෑම ළමයකුටම හිමි ළමා කාලයක් තමයි මට තිබුණේ.

මගේ පියා කියුබානු ජනතාව ආදරය කරන ශ්‍රේෂ්ඨ චරිතයක් වුණත් අපිට කිසිම ආකාරයකින් විශේෂ වරප‍්‍රසාද තිබුණේ නෑ. මමත් ගියේ සාමාන්‍ය පාසලකට. කොහොමටත් කියුබාවේ විශේෂ පාසල් කියා දෙයක් නෑ. මම හිතනවා ඔබ මගෙන් නෑ කියා මගේ පියා විප්ලවය සහ පවුල අතරින් කුමක්ද තෝරා ගත යුතුව තිබුණේ කියා.

ඔහුට පවුලේ කටයුතු සම්බන්ධයෙන් වෙලාවක් තිබුණාය කියා ඔබ අසා තිබෙනවාද?

ඇත්තටම පවුලේ කටයුතු සම්බන්ධයෙන් ඔහුට වෙලාවක් තිබුණේ නෑ. ඔහු සම්බන්ධ වී සිටියේ පීඩිත පන්තියේ අරගලයකට. නමුත් ඒ නිසා අපේ ළමා කාලය නිරපරාදේ ගෙවුුණා කියා මට සඳහන් කරන්න බෑ. ඒ අඩුවට හරියන්න අපිට ශ්‍රේෂ්ඨ මවකගේ ආදරය නිරතුරුවම ලැබුණා. පියා අප සමඟ නොසිටියත් අපේ මවට පුළුවන් වුණා ඒ අඩුව කිසිසේත් අපට නොදැනෙන වග බලා ගන්න.

පියා ඔබලා අතර නොමැති බව ඔබ දැනගත්තේ?

මට දැනුම් තේරුම් ඇති කාලය වෙද්දී අපිට තේරුම් ගියා පියා අප අතර නැති බව. අපේ හිතට දැනෙන්න ගත්තා. ඔහු කොහෙද සිටින්නේ. ඔහු මොනවාගේ පුද්ගලයෙක්ද...” ඇයි ඔහු අප අතර නැත්තේ... ඔහුට මොනවද සිදුවුණේ් කියල. ඒ සෑම වෙලාවකදීම අපේ මව අපට කියා දුන්නේ අපේ පියාගේ විස්තර. ඒ විස්තරවලින් වටහා ගත්තා අපේ පියා මොනවගේ පුද්ගලයෙක් ද බව.

අවසානයේදී අපට අවබෝධ වුණා ඔහු මුළු කියුබාවම ආදරය කළ විප්ලවවාදියෙක් බව. තමන්ට තිබෙන වටිනාම සහ වැදගත්ම දේ පවා අනෙකුත් මිනිසුන්ගෙ යහපත උදෙසා පුද කරන්නට මගේ පියා ඉදිරිපත් වුණ බව. ඒ බව දැනෙන විට ළමා කාලයේදී වගේම අදටත් මගේ ඇස්වලට කඳුළු එනවා.

කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ ඔබේ ළමා කාලය සමඟ සම්බන්ධයක් තිබ්බා නම් ඒ කොහොමද?

මගේ පියා වගේම ෆිදෙල් කස්ත්‍රෝ නමැති චරිතයත් අපේ ළමා කාලයට සම්බන්ධයි. පියාට වගේම ඔහු කෙරෙහිත් අපේ හිතේ උපන්නේ ගෞරවයක්. කස්ත්‍රෝ චරිතයෙනුත් අපිට ලැබුණේ පිය කෙනකුගේ ආදරයක්. නමුත් කිසි දිනක අපි ඔහුට පියා යනුවෙන් ආමන්ත‍්‍රණය කළේ නෑ. අපට පාසලේදීත් නිවසේදීත් හැමවිටම අවශ්‍ය වුණා පියාගේ ගෞරවය ආරක්‍ෂා කරගන්නට. ඒ වගේම ෆිදෙල්ගෙත්.

කියුබානු විප්ලවයෙන් පසු ෆිදෙල් කස්ත්‍රෝ සහ චේගුවේරා අතර හොඳ සම්බන්ධයක් නොතිබූ බවත් ඒ නිසා ෆිදෙල්ට අවශ්‍ය වූයේ චේගුවේරා කියුබාවෙන් ඉවත් කිරීමට බවත් මාධ්‍ය මගින් ප‍්‍රචාරය වූ චෝදනාවක් මා අසා තිබුණි. මේ චෝදනාවට නිවැරැදි පිළිතුරක් ලබාදිය හැකි පුද්ගලයා දැන් මා සමග සම්මුඛව සිටී. ඒ නිසා මා නොපැකිළව ඔහු වෙත එම ප‍්‍රශ්නය යොමු කළෙමි. එවිට ඔහුට නිරායාසවම මුවට නැඟුණේ සිනාවකි. මේ ඔහුගේ පිළිතුරයි...

මා බලාපොරොත්තුවෙන් සිටියා ඔබේ මේ ප‍්‍රශ්නය. ෆිදෙල් කස්ත්‍රෝ අපට මෙන්ම මුළු මහත් කියුබානු ජනතාවටම ආදර්ශවත් චරිතයක්. ඒ නිසා ඔහුට ලෙහෙසියෙන් රිදවන්න අමාරුයි. මේ ප‍්‍රශ්නය අපිත් කීප වතාවක්ම ෆිදෙල්ගෙන් ඇහුවා. නමුත් ඔහු කිසිම දිනක ඊට පිළිතුරු දුන්නේ නෑ. නමුත් අපි එය නොවිමසූ අවස්ථාවක ඔහු ඊට පිළිතුරු බැන්ඳා.

‘‘මෙවැනි වැදගැම්මක් නැති අසත්‍ය ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට මා කාලය වැය කළොත් වෙනත් කිසිම වැදගත් රාජකාරියක් මට ඉෂ්ට කරන්න වෙන්නේ නෑ. ඒ නිසා ඒවාට අවධානය යොමු කළ යුතු වන්නේ නෑ. නමුත් ජනතාවගේ ප‍්‍රශ්නයක් නම් අපි එය අවධානය යොමු කළ යුතුයි...

මේ තමයි ඔහුගේ පිළිතුර

කියුබානු ජනතාවට පැමිණි මොනයම් හෝ ප‍්‍රශ්නයක් වේවා එයට ෆිදෙල් අවධානය යොමු කළා. මගේ පියා සෑම අවස්ථාවකදීම ෆිදෙල් වෙනුවෙන් පෙනී සිටියා. එය ෆිදෙල්ට පහසුවක් වුණා. විප්ලවයෙන් පසු මගේ පියා කියුබාවේ කාර්මික අමාත්‍යධුරය දැරුවා. ඒ කාලේ කාර්මික අමාත්‍යධුරය කියන්නේ අතිශය වැදගත් රාජකාරී වගකීම් පිරි ධුරයක්. චේගුවේරා වැනි පුද්ගලයෙක් එවැනි ධුුරයක කටයුතු කිරීම ෆිදෙල්ට මහත් අස්වැසිල්ලක් වුණත් මගේ පියාට සිදු වුණා තමන්ගෙ ශ්‍රේෂ්ඨ අරමුණු වෙනුවෙන් ඒ සියල්ල අතහැර කියුබාවෙන් පිටවෙන්න.

ඇයි එසේ නම් මාධ්‍ය මගින් එවැන්නක් ප‍්‍රචාර වුණේ?

මෙක්සිකෝවේදී මගේ පියා සහ ෆිදෙල් අතර ඇති කරගත් ගිවිසුමක් තිබුණා. ඒ විප්ලවයේ ජයග‍්‍රහණය තෙක් ඔහු ෆිදෙල් කස්ත්‍රෝ සමග කියුබාවේ සිටින බවට. නමුත් පසුව ලතින් ඇමරිකාවේ අනෙකුත් රටවලට ඔහුගේ සේවය අවශ්‍ය වන බව පියා (චේගුවේරා) කියා තිබුණා. වරක් ඔබේ ප‍්‍රශ්නයම පුවත්පත් කලාවේදියෙක් මගේ සොහොයුරියගෙන් ඇසුවා. එයට ඇය ලබා දුන් පිළිතුරත් මේ හා සමාන එකක්. මගේ පියා හැමවිටම සත්‍ය වෙනුවෙන් පෙනී සිටියා. කිසිම විටෙක කිසිම කෙනෙක් රටට්ටන්න ඔහුට අවශ්‍යතාවක් තිබී නෑ. එක් අවස්ථාවක මෙක්සිකෝවේදී විප්ලවයට පෙර ඔවුන්ව අත්අඩංගුවට ගන්න සූදානමක් තිබුණා. ෆිදෙල් කස්ත්‍රෝ සෑම දෙනාටම උපදෙස් දී තිබුණේ එසේ සිදු වුණොත් තමන්ගේ දේශපාලන මතවාද හෙළි කිරීමෙන් හැකිතාක් වළකින ලෙස. ඔබ දන්නවාද අත්අඩංගුවේ සිටියදී මගේ පියා කොයි විදියටද කටයුතු කළේ කියා. ඔහු සිරමැදිරියේදී ආරක්‍ෂකයන් සමග දේශපාලනය ගැන අදහස් ප‍්‍රකාශ කරගන්න ගත්තා. සෝවියට් දේශය ගැන ඔහු අදහස් මත ප‍්‍රකාශ කර තිබුණා. නමුත් චේගුවේරා කොමියුනිස්ට්වාදියෙක් නිසා ඔවුන් මගේ පියා නිදහස් කළේ නෑ. එවැනි අවස්ථාවකදී පවා මගේ පියා කිසිවෙක් රවටන්න උත්සාහ කර තිබුණේ නෑ.

ලබන සතියේ අවසන් කොටස
 

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles