Divaina - වෙඩිතබා මරාදමා සිටි චේ ගේ සිරුර දැක ජුලියා සිහිසුන්වේ....! බොලිවීයානු හමුදාව විමුක්‌තියේ හඬ නිහඬ කරයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

che

ලාහිගුරා පාසලේ සිරකර සිටින විදේශීය සිරකරුවා පිළිබඳ ආරංචිය ගම්මානය පුරා වේගයෙන් පැතිර ගියේය. ඒ වන විට චේ ගුවේරා දුටුවන්ද නොදුටුවන්ද ඔහු කවරාකාර පුද්ගලයෙක්‌ද යන්න මවාගත් සිතින් ගම්මුන් හමුවේ කතා ගොතන්නට වූහ. ඒ අතරින් සමහරු කීවේ අල්ලාගෙන සිටින සිරකරු ඡේසුස්‌ ක්‍රිස්‌තුන්ගේ රූපයට සමානය කියාය. මේ නිසා කාටත් ඔහුව දැක ගැනීමේ ආ

ශාවක්‌ ඇති වූයෙන් එකා දෙන්නා බැගින් ගම්මුන් ලාහිගුරා පාසලට කිට්‌ටු වෙන්නට වූහ. ජුලියා නැවතත් පාසල් භූමියට යන විට බොහෝ දෙනෙක්‌ චේ දැක ගැනීමේ බලාපොරොත්තුවෙන් එහි සිටි බව ජුලියා කීවාය.

ආයෙත් මම පාසලට යද්දී චේ ගුවේරා දැක ගන්න ගමේ මිනිස්‌සු ගොඩ දෙනෙක්‌ එතනට රොක්‌වෙලා හිටියා. මට හිතෙන්නේ උදේ 8.00 ට විතර ඇති. හමුදාව චේ ගුවේරාව රඳවා සිටි පන්ති කාමරයෙන් එළියට ගත්තා ජනතාවට ඔහුව පෙන්වන්නත් ඡායාරූප ගන්නත්. ඒ වෙලාවේ මම දැක්‌කා ඔහුගේ ඇස්‌දෙක ජනතාව අතරින් කව්රුහරි හොයන බව.


che1චේ ගුවේරාගේ දෙනෙත් රැස්‌ව සිටියවුන් පීරමින් වේගයෙන් සැරිසැරුවේය. එය නතර වූයේ ඊට පෙර පන්ති කාමරයට ආචාර සමාචාරයකින් තොරව පැමිණ ලැඡ්ජාවට පත් ජුලියාගේ රුව අසලය. එක්‌ පසකින් අවිගත් සෙබළුන්ද අනෙක්‌ පැත්තෙන් විපිළිසර ගම්මුන්ද බලා සිටියදී ඔවුන් දෙදෙනාගේ දර්ශන පථයේ කෝණය එකම සරල රේඛාවකදී මුණ ගැසුණේය. එම ඉරියව්වෙන් ඉවතට යැමට තරම් ආත්ම ශක්‌තියක්‌ ජුලියාටද නොතිබුණාය. මෙතෙක්‌ වෙලා ඔහු සෙව්වේ තමන්ව නොවේදැයි ජුලියාට සිතිණ. එය වඩාත් තහවුරු වූයේ ජුලියා සමග ඡායාරූපයක්‌ ගැනීමට අවශ්‍ය යෑයි එහි සිටි සෙබළෙකුගෙන් චේ ගුවේරා කළ ඉල්ලීම නිසාය.

මට ඒ මොහොතේ කර කියාගන්න දෙයක්‌ නැතිව ගියා. ඔහුගේ දෙනෙත් ගැටුණු අවස්‌ථාව මට කවදාවත් අමතක වෙන එකක්‌ නෑ. හැබැයි ඔහුගේ ඉල්ලීම හමුදාව ප්‍රතික්‍ෂේප කළා. ඊට පස්‌සේ නැවතත් සොල්දාදුවෝ ඔහුව පන්ති කාමරයට අරන් ගියා. ඒ යද්දී දොර ළඟ නැවතිලා ඔහු නැවතත් මා දිහා හැරිල බැලුවා. මට සියල්ල අමතකව ගියා සේ හැඟුණා.

සිදුවන දෙයින් ජුලියා ගල් ගැසී බලා සිටියාය. පාසල් බිමේ ඇය වටේ සිටි ගමේ පිරිසද දැන් විසිර ගොස්‌ අවසන්ය. ඒ වගක්‌ නැති ජුලියා පන්ති කාමරය දෙස බලාගත් වනම තවමත් සිට ගෙනය. සිහිනයක සේ ගලා ගිය ඒ මොහොතින් ඇය තිගැස්‌සී ගියේ අසළට පැමිණි සෙබළෙකුගේ හඬිනි.

"අවශ්‍ය නම් ඔහුව හමුවීමට ඔබට කාමරයට යන්න පුළුවන්."

che3

"මේ සිදුවීම වෙන්නෙ චේ මරා දමන්න පැය දෙකකට පමණ පෙර. මම හිතනවා ඔහුට දැනුණා කියලා යම් දෙයක්‌ සිද්ධ වීමට යනවා කියලා."

"මොනවද එළියේ වෙන්නේ" ඔහු මගෙන් ඇහුවා. ඒ වෙලාවේ ඔහු නැවතත් මතක්‌ කළා කොපමණ දිළිඳු ජරා තත්ත්වයකද මේ පාසල තියෙන්නෙ කියලා. අපේ විප්ලවය ජයගත්තා නම් කොයිවිධියට මේවා වෙනස්‌ වෙන්න තිබ්බාද කියලා. ඔහු බොහොම ගෞරවනීය විධියට සෙබළුන්ට කතා කළා. ඒ වගේම යම් කෙනෙක්‌ ඔහුට සැරෙන් දෙයක්‌ කිව්වා නම් ඔහුත් සැරෙන් උත්තර දුන්නා. මට තේරුණා ඔහු නියම වීරයෙක්‌ බව.

ජුලියා එය කීවේ ඉතා හැඟුම්බරව බව ඇයගේ කතාව අසා සිටින මම තේරුම් ගත්තෙමි. මේසය මත ඇති චේ ගුවේරාගේ සිතුවම දෙසබලා කතා කරන වාරයක්‌ පාසා ඇගේ මුව කමලේ දීප්තිය වැඩිවිණි. "ඒ කියන්නේ ඔබට චේ ගුවේරා ගැන ඇත්තටම ආදරයක්‌ ඇතිවුණා."

නියම වේලාව එන තුරු බලා සිට මම ඇගෙන් එසේ ඇසුවෙමි. එහෙත් එයට මදහස පෑමුත් ඇය කිසිවක්‌ නොකීවාය. නමුත් ඇගේ ඒ මදහස අතරින් මෝදුවූ කඳුළු බිංදුව මම හොදාකාරවම දුටුවෙමි. එහි කැටිව ඇත්තේ ඔහුගේ මතකයෙන් වන ස්‌නේහය මිස අනුකම්පා සහගත හැඟීමක්‌ නොවන වග මම තේරුම් ගතිමි. ආත්මලාභයෙන් තොරව එක නිමේෂයකදී පිළිසිඳ ගන්නා ස්‌නේහය කොතරම් නිර්මල පවිත්‍ර සවිමත් එකක්‌දැයි ජුලියා හොරටේස්‌ගෙ ආත්මගමනය පිරිසිඳ බලන විට පෙනෙයි. චේ මරා දැමූදා සිට දිගු කලක්‌ යන තුරු ඇගේ හෘදස්‌පන්දනය වූයේ අස්‌වාමික ස්‌ත්‍රියක ලෙසිනි. චේ ගුවේරා ඇයට ආදරය ප්‍රකාශ නොකළ බව සැබෑවකි. නමුත් චේ ගෙත් ජුලියාගේත් චිත්ත සන්තානයෙන් නැගි ඒ අප්‍රකාශිත ආදරය කිසිවෙකු නොදකින සිතුවිලි මාර්ගයේ මුණගැසී තදින් "බැඳිනි". එය තවදුරටත් විස්‌තර කිරීමට මම ඇයට ඉඩ දුන්නෙමි.

che2

පන්ති කාමරයේදී ඔහු මා ඉදිරියේ හිට ගත්තා. මම ජීවිතේ කිසිම දවසක දැකල නෑ ඒ තරම් ලස්‌සන පිරිමියෙක්‌.

"ඔහු මා වෙතට පැමිණ කන්න යමක්‌ දෙන්න පුළුවන්දැයි ඇසුවා. මම ඉක්‌මනටම ගෙදරට දුව ගියා. ඒ වෙලාවේ මගේ අම්මා හදපු කුකුල් මස්‌ සුප් ගෙදර තිබුණා. ගිය විගසින් ඒකෙන් සුප් ටිකක්‌ අරන් මම නැවතත් චේ ගුවේරා සිටි කාමරයට ආවා. ඔහුට කෑම ගෙනාවට සෙබළු විරෝධයක්‌ දැක්‌ වූවෙත් නෑ. ඒ තමයි චේ ගුවේරාගේ අවසාන ආහාර වේල. කුකුල් මස්‌ සහිත එළවළු සුප්. ඔහු මට පැවැසුවා කිසි දිනක මාවත් මගේ ආගන්තුක සත්කාරයත් අමතක නොවන බව. ඔහුගේ ස්‌තූතිය පිළිගෙන මම ඒ මොහොතේ පාසල් කාමරයෙන් පිටවුණා. ඒ තමයි මම චේ ගුවේරාව දැක්‌ක අවසන් වතාව."

එසේනම් චේ ගුවේරාගේ මරණය සිදුව ඇත්තේ කෙසේද? එය කොයි මොහොතේ සිදුවුණාද? ජුලියාට එය පිළිබඳවද හෙළි කිරීමට මතකයක්‌ තිබේ.

"මම ගෙදර ඇවිත්. ටික වෙලාවක්‌ යනකොට පාසල පැත්තෙන් වෙඩි හඬවල් කීපයක්‌ ඇසුණා. මට හිතුණා නැවතත් සොල්දාදුවෝ ගරිල්ලන් සමග සටනක්‌ ඇතිවෙලා කියල. නමුත් කුමක්‌ හෝ හේතුවකට මගේ හිතට අමුත්තක්‌ දැනුණා. නැවතත් පාසලට ගිහින් බලන්න ඕන කියලා මගේ හිත බල කළා.

"මම දුවගෙන නැවතත් පාසලට ආවා. ඒ එනකොට චේ රඳවා සිටි පන්ති කාමරය ළඟ කවුරුවත් පේන්න හිටියේ නෑ. මම පන්ති කාමරය ඇතුළට ගිහින් බලනකොට චේ ගුවේරා මැරී පන්ති කාමරයේ බිම වැටී සිටියා. ඒ වෙලාවේ මට ඉන්න තැන හැමදේම අමතක වෙලා යනව වගේ දැනුණා.

che4

න්ති කාමරයේ වැටී ඇති චේ ගුවේරාගේ මළ සිරුර දැකීමෙන් සිහිසුන්වන ජුලියාට යළි පියවි සිහිය එන්නේ මිනිසුන් කිහිප දෙනෙක්‌ ඇයව පන්ති කාමරයෙන් පිටතට රැගෙන යන විටදීය. ඒ අමිහිරි අද්දැකීම ඇයට කිසි දිනක අමතක කළ නොහැකිබව ඇය කියන්නීය. ඒ මොහොතේ ගම්මුන් බොහෝ දෙනෙක්‌ යළි ලාහිගුරා පාසලට රැස්‌ව සිටියහ. සොල්දාදුවෝ චේ ගුවේරාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර පන්ති කාමරයෙන් පිටතට ඔසවාගෙන විත් මැස්‌සක තැබූහ. ඒ වන විටත් වෙඩි වැදීමෙන් සිදුරුවූ චේ ගුවේරාගේ සිරුරෙන් ගලා යන රුධිරය නැවතී නොතිබිණ. නූපන් පිටස්‌තර දේශයක මිනිසුන්ගේ විමුක්‌තිය උදාකිරීමට ගිය චේ ගුවේරාගේ ලෙයින් බොලිවියානු පොළව තෙත්ව ගියේය. ඒ දෙස ඇසිපිය නොසොල්වා බලා සිටි ජුලියා කෝර්ටේස්‌ චේගෙ ලෙයින් තෙත් වූ පස්‌ ගෙන වළෙක දමා වසා දැමුවාය. ඒ සිදුවීමෙන් පසු ලෝකයා ජුලියා කොර්ටේස්‌ව දුටුවේ මරණ මංචකයේ සිට චේගේ සිත පැහැරගත් අවසන් පෙම්වතිය ලෙසය.

කැප්ටන් ගැරි ප්‍රාඩෝ හෙළි කළ තොරතුරු අනුව නම් චේ ගුවේරා මරා දැමූ දින උදැසන ඔහු පැය කිහිපයකට හමුදා කණ්‌ඩය පහළ නිලධාරියකුට බාරදී එම ස්‌ථානයෙන් ඉවත්ව ගොස්‌ ඇත. ඒ පිළිබඳ පැහැදිලි කිරීම ඔහුගේ වචන වලින්ම සටහන් කරන්නේනම් ඒ මෙසේය.

"චේ ගුවේරා මරා දමන්නට නියෝගයක්‌ ලැබීම මා කිසිසේත් බලාපොරොත්තු වුණේ නෑ. පැය කිහිපයකට පමණක්‌ මම හමුදා කණ්‌ඩායමේ නායකත්වය මගේ පහළ නිලධාරියකුට භාරදී එම ස්‌ථානයෙන් ඉවත්ව තිබුණා. නැවත මම පැමිණෙන විට චේව මරා දමා තිබුණා.

ගැරි ප්‍රාඩෝ එසේ කීවද චේ ගුවේරා මරා දැමීම පිළිබඳ නියෝගයක්‌ එම ප්‍රදේශය බාර හමුදා නිලධාරියා වන ඔහුව නොදැනුවත්ව තිබෙන්නට නොහැකිය. ඔහුගේ පහළ නිලධාරීන් ඔහුගේ නියෝගයකින් තොරව චේව මරා දැමීම වැනි තීරණාත්මක තීන්දුවක්‌ ගන්නේද නැත. නමුත් චේ ගුවේරාට වෙඩි තබා මරා දමන මොහොතේ ඔහු එම ස්‌ථානයේ සිටීමට යම් අකමැත්තක්‌ තිබෙන්නට ඇත. එම නිසා මාරියෝ ටෙරාන් නමැති සොල්දාදුවා චේ ගුවේරාට වෙඩි තබන මොහොතේදී ඔහු එම ස්‌ථානයෙන් ඉවත්ව ගිය බව කියා පිළිගත හැකිය.

ඉතිරි කොටස ලබන සතියට...

තිස්‌ස ගුණතිලක

රොහාන් ඩිරෙක්‌ස්‌

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles