Divaina - චේ අවසන් පැය කීපය ගත කළ ලාහිගුරා වෙත...

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

තිස්‌ස ගුණතිලක - රොහාන් ඩිරෙක්‌ස්‌

 

che2

 

මොස්‌කව් සිට බොලිවියාවට කළ සංචාරය මගේ ජීවිතයේ කිසිදු සංචාරක අත්දැකීමකට නොදෙවැනි වන්නකි. එය අප්‍රිකාවේ මහා කාන්තාර මැදින් ඩෂනාස්‌ ගෝත්‍රිකයන් සොයා ගිය ගමන ද උෂ්ණත්වය ඝෘණ අගය ගත් අධික සීතලේ උත්තර ධ්‍රැවයේ කළ සංචාරය ද හුටු ටුට්‌සි ගෝත්‍රික ගැටුම් මැද රුවන්ඩාවේ ජන ජීවිතය සොයා ගිය ගමනට ද වඩා අතිශයින්ම වෙනස්‌ අත්දැකීමක්‌ එක්‌ කළේය. සැබවින්ම එය එසේ වූයේ ලොව අසහාය විප්ලවීය චරිතය ලෙස අදටත් ප්‍රගතිශිලී ජනතාවගේ සිත් සතන් තුළ ජීවමාන චේ ගුවේරා, තම විප්ලවිය ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදයේ ඇසුරු කළ පුද්ගලයන් කිහිපදෙනකුම මේ ගමනේදී හමුවීමට ලැබීම නිසාය.

දැන් මම ඒ ඓතිහාසික ගමනට මුල පුරා සිටිමි. රුසියාවේ මොස්‌කව් සිට බොලිවියාවට එක එල්ලේ පැමිණීමට හැකි ගුවන් පහසුකමක්‌ නොතිබිණි. ඒ නිසා මට සිදුවූයේ මොස්‌කව් සිට පැනමාව හරහා හවානාවලටත් පසුව බොලිවියාවටත් පැමිණීමටයි. මම ඒ දීර්ඝවූත් වෙහෙසකරවුත් ගුවන් ගමන ගෙවා ළඟා වූයේ බොලිවියාවේ සැන්ටාකෘස්‌ නගරයටයි.

සැන්ටාකෘස්‌වලට පැමිණි වහාම ගමනේ තවදුරටත් විවේකයක්‌ නොලබාම මේ ලිපියට වැදගත් වන සුවිශේෂීම පුද්ගලයකු හමුවීමට යැමට සිදුවිණි. ඇත්තෙන්ම එය කලින් යොදාගෙන තිබූ හමුවකි. එම හමුවේදී චේ ගුවේරාගේ අවසන් දින කීපයේ වැදගත්ම සාක්‍ෂිය වන ඔහු මා හමුවේ හෙළිකළ තොරතුරු පිළිබඳ පසුවට ලියමි.

ඒ සුවිශේෂී හමුවෙන් පසු සැන්ටාකෘස්‌ නගරයේ සිට වලිග්‍රන්දා වෙත යැමට පිටත්වුණෙමි. කිලෝමීටර් 250 ක දුරක්‌ පමණ ගෙවා යා යුතු එම ගමන සඳහා මට ආධාර වූයේ ඩබල් කැබ් රථයකි. ගමන තරමක්‌ දුර වුණත් අධිවේගී මාර්ගයක්‌ සේ සකස්‌ කර පැවැති එම මාර්ගයේ පැය තුනක තරම් කාලයකදී පහසුවෙන්ම වලෙග්‍රන්දා වලට ළඟා වීමට හැකිවිණි.

වලෙග්‍රන්දාව දැන් තරමක නාගරික පරිසරයක ස්‌වරුපයක්‌ උසුලයි. මේ පරිසරය සියෑසින් දක්‌නට ප්‍රථම මම ද වලෙග්‍රන්දාව මුලින්ම දැක ගත්තේ අර්නස්‌ටෝ චේ ගුවේරාගේ මරණය සනාථ කරමින් ලෝකය පුරාම ප්‍රසිද්ධ කළ ඡායාරූපයෙනි.

 

වලෙග්‍රන්දා ගම්මානයේ කුඩා පාසලක්‌ තුළ ආයුධ සන්නද්ධ භට පිරිසක්‌ වට කරගෙන සිටින මුහුණ පුරා රැවුල වැවුණු දිගු කොණ්‌ඩය සහිත විවර වූ දෙනෙතින් ද යුතු සිහින් දේහදාරී පුද්ගලයකුගේ මළ සිරුරක්‌ සහිත ඡායාරූපයක්‌ එදා මුළු ලෝකය පුරාම ප්‍රසිද්ධ විණි. වසර 1967 ඔක්‌තෝබර් මාසයේ බොලිවියාවෙන් ප්‍රසිද්ධ වූ එම පුවත මුළු ලෝකය පුරාම ලැව්ගින්නක්‌ සේ පැතිර ගියේය. එහෙත් ලොව පුරා ධනේෂ්වර පාලනයට විරුද්ධව සටන් කරන ජනතාව මේ පුවත විශ්වාස කිරීමට මැලිවිය. ඊට කරුණු දෙකක්‌ බලපෑවේය. චේ ගුවේරාගේ මරණය පිළිබඳ ලෝකයම කතා කරන්නට ගත්තේ මෙම සිද්ධිය වන්නට වසර දෙකකට පමණ පෙර සිටය. ඒ කියුබානු විප්ලවයෙන් පසු හදිස්‌සියේම චේ ගුවේරා කියුබාවෙන් අතුරුදන්වීම හේතුවෙනි. එවිට බොහෝ රටවල් සැක පළ කළේ කියුබානු නායක ෆදෙල් කස්‌ත්‍රොaට විරුද්ධ වූවන්ට අත්වූ ඉරණම චේ ගුවේරාටත් අත්වන්නට ඇති බවය. කස්‌ත්‍රොa එවිට සඳහන් කළේ "අතිශය වැදගත්" විප්ලවීය කටයුත්තක්‌ සඳහා චේ ගුවේරා මැදිහත්ව ඇති බවයි. එහෙත් ඒ මැදිහත්වීම සිදුවූයේ ලතින් ඇමරිකානු රටක ද, අප්‍රිකාවේ ද කියා ලෝකයාගෙන් වසන් විය. කලින් කලට පුවත්පත්වල අනුමාන කළ පුවත්වලින් සඳහන් වූයේ ද චේ ගුවේරා අප්‍රිකාවේ සිටින බවය. නමුත් බොලිවියාවේ දුෂ්කර ගම්මානයක්‌ වන වලෙග්‍රන්දාවලින් ප්‍රසිද්ධියට පත් ඡායාරූපය නිසා චේ ගුවේරා මියගිය බව සනාථ විය.

che4

චේ ගුවේරා අත්අඩංගුවට පත්ව වෙඩි තබා මරා දැමීමෙන් පසු ඔහුගේ සිරුර ජනතාවට ප්‍රදර්ශනය කළ ස්‌ථානය වලෙග්‍රන්දාව වුවත් චේ ගුවේරා අත්අඩංගුවට පත්ව මරා දමන්නේ වලෙග්‍රන්දා සිට තවත් කිලෝ මීටර් 250 කට වඩා දුරින් පිහිටි ලාහිගුරා ගම්මානයේදීය.

che2

වලෙග්‍රන්දාවලට පැමිණි මා චේ පිළිබඳ එහි ඇති මතක සැමරුම් වෙත නොගොස්‌ ඔබව මේ රැගෙන යන්නේ චේ ගුවේරා තම ජීවිතයේ අවසන් පැය කීපය ගත කළ ලාහිගුරා ගම්මානය වෙතයි. සංවර්ධනය පිළිබඳ කිසිදු ඉඟියක පහසක්‌ හෝ නොලද වලෙග්‍රන්දා සිට ලාහිගුරාවට වැටී ඇති මාර්ගය ඉතා අබලන් වූවකි. එහෙත් ඒ මාර්ගය වැටී ඇති දෙපස පරිසරය නම් ඉතා රමණීය වූවකි. නෙත් මානයේ එක දිගට දිග හැරෙන ශේෂ කඳු පංතිය, නොඉඳුල් සදාහරිත වනපෙත නෙතට රසඳුනක්‌ එක්‌කරයි.

che1

මනස්‌කාන්ත භූවිෂමතා ලක්‍ෂණ විසින් සිතේ අලවන මනෝභාවයම ගමනේ විඩාව ඇසිල්ලකින් නිවා දැමීමට ප්‍රමාණවත් වේ. කැඩී බිඳී ගිය මඩගොහොරු සහිත එම දුෂ්කර මාර්ගයේ තොටිල්ලක්‌ සේ දෙපසට පැද්දෙමින් දිගුවේලාවක්‌ ඒ මනස්‌කාන්ත දර්ශනය විඳිමින් අපි ගමන් කළෙමු. විරාමයක්‌ නොලබා ගමන් කළ පැය හතරක පමණ ගමන් කාලයකින් පසු අවසානයේ මට ලාහිගුරා වෙත සේන්දු වීමට හැකිවිය.

che5

ලාහිගුරා යනු තවමත් ලෝකයෙන් ඈත් වී ඇති දුෂ්කර ගමක්‌ වැන්න. මා එහි ගත කළ මුළු කාලයේම ගම්මානයේදී දැක ගත හැකිවූයේ මිනිසුන් තිදෙනකු පමණකි. ජනාවාස අතින් ඉතාමත් දිළිඳු මට්‌ටමේ පවතින ලාහිගුරා ගම්මානය වාසභූමිය කරගෙන ජීවත් වන්නේ පවුල් විස්‌සකටත් අඩු සංඛ්‍යාවක්‌ බව පසුව මට දැනගත හැකි විය. චේ ගුරා මෙහිදි නොමියෙන්නට ලාහිගුරා නමින් ගමක්‌ ලෝකයේ තිබෙන බව සටහන් නොවන්නට ද ඉඩ තිබුණි. ඒ තරමට එය අද ලෝකයෙන් හුදෙකලා ගම්මානයකි. නමුදු මුළු ලෝකයේ ම නිර්දන පංති විප්ලවයේ අසහාය වීර චරිතය වන අර්නොස්‌ටෝ චේ ගුවේරාගේ අවසන් පැය කිහිපය සිහි වීම සඳහා පිහිටුවා ඇති "චේ කෞතුකාගාරය" (Chey center and museum) ඇත්තේ මෙහිය. බොලිවියානු රජය විසින් මෑතකදී පිහිටුවා ඇති එම කෞතුකාගාරය පිහිටා ඇත්තේ එදා ඔහු අත්අඩංගුවට පත්වීමෙන් පසු රඳවා තබාගත් කුඩා පාසලේ ය. එම කෞතුකාගාරයේ භාරකාරත්වය සහ එය ආරක්‍ෂා කර පවත්වා ගෙන යැමට බාරදී තිබෙන්නේ ලාහිගුරා ගමේ ජීවත් වන පවුල් කිහිපයකටය. කෞතුකාගාරයෙන් ලැබෙන ආදායම බෙදී යන්නේද ගම්වැසියන් අතරය.

නමුත් මා ලාහිගුරාවල ගත කළ දිනයේදී නම් මේ කෞතුකාගාරය නැරඹීම සඳහා පැමිණි එකදු සංචාරකයකු හෝ නොදැක්‌කෙමි. මාත් සමඟ සිටි මාරියාට නම් එය අරුමයක්‌ නොවේ. මාරියා එස්‌තර් යනු වලෙග්‍රන්ද්‍රdහි චේ ගුවේරා මධ්‍යස්‌ථානයේදී මට හමුවූ මිතුරියයි. චේ ගුවේරා මධ්‍යස්‌ථානය නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා මග පෙන්වන්නිය ඇයයි. ඇගේ එම රාජකාරිය චේ ගුවේරා මධ්‍යස්‌ථානයට සීමා වූවකි. එහෙත් මට අවශ්‍ය වූයේ වලෙග්‍රන්ද්‍රd සිට ලාහිගුරාහි චේ ගුවේරා අත්අඩංගුවට පත් ස්‌ථානය කරා යන ගමනට ඇගේ සහය ලබා ගැනීමයි. මම ඇයට මගේ අදහස කීවෙමි. එහෙත් ඇය මුලදි එය ප්‍රතික්‍ෂේප කළාය. නමුත් මම මීට පෙර කළ සංචාර සහ මා කවරාකාර සංචාරකයෙක්‌ ද යන්න ඇයට ඒත්තු ගැන්වූ විට කිසිදු අය කිරීමකින් තොරවම වලෙග්‍රන්ද්‍රd සිට ලාහිගුරා යන ගමනට ඇය මා සමග සම්බන්ධ වූවාය.

che4අපට කිලෝමීටර් දෙක තුනක දුරක්‌ ඝන වනාන්තරයේ පයින්ම ගමන් කිරීමට සිදු විය. එය කෙනෙකුට පහසුවෙන් ළඟා විය නොහැකි ගිරිදුර්ග සහිත ප්‍රදේශයකි. මාරියාගේ මගපෙන්වීම මත අපි එම දුර්ගය තරණයක කර පසුව එතැනිනුත් තව ටික දුරක්‌ දුර්ගයේ පහළට බැස ගත්තෙමු.

මේ තමයි ඒ ස්‌ථානය.

මාරියා නිශ්චිත ස්‌ථානයක්‌ පෙන්වා ඇඟිල්ල දිගු කළාය. සමාජවාදී ලෝකයක්‌ ගොඩනැඟීම සඳහා විප්ලවවාදී ගමනක්‌ ඇරඹි පුරෝගාමී නායක චේ ගුවේරාගේ යටත්වීම සිදුවූ ඓතිහාසික ස්‌ථානය එහි විය. බොලිවියානු හමුදා භට කණ්‌ඩායම් වෙඩි තබද්දී චේ ගුවේරා ප්‍රතිප්‍රහාර එල්ල කරමින් මුවා වූ ගල එහි දිස්‌ විය. අද එම ගල චේ ගුවේරා සිහිවීම සඳහා ඔහුගේ මුහුණ සහිත රතු තරුවක්‌ සිතුවම් කර ඇත. එම ස්‌ථානය හඳුන්වන්නේ එල් චුරෝ නමිනි.

තිස්‌ස ගුණතිලක
රොහාන් ඩිරෙක්‌ස්‌

(ලබන සතියේදී චේ ගුවේරාට බොලිවියාවේ විප්ලවය සඳහා උදව් කළ ඔහුගේ ගරිල්ලා කණ්‌ඩායමේ සිටි චාටෝ පෙරේඩෝ හමුවෙමු.)

che1

 

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles