Divaina - විද්‍යානුකූල ප්‍රවේශයක් නැති වුණොත් කොවිඩ් දිගටම ඒවි... මිනිසුන් ලක්ෂ ගානක් මැරේවී

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


covid


* කිසිවකු නොතැකූ දෙවන සහ තෙවන රැල්ල අනතුර ගැන වසරකට පෙර ‘දිවයින’ කළ අනතුරු ඇඟවීම

වෛද්‍ය ජී. ජී. චමල් සංජීව
(රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ විධායක සභික සහ තාක්ෂණ සහ සෞඛ්‍ය ප‍්‍රවර්ධන භාර මාධ්‍ය ලේකම්)
(පාඨක බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි මෙම ලිපිය නැවත පළ කරන ලදී)


2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ලොව පුරා මහත් ආන්දෝලනයට ලක්වූ තවමත් පාලනය කර ගැනීමට හෝ මර්දනය කර ගැනීමට නොහැකි වූ භයානකම සතුරා බවට දැන් පත්ව ඇත්තේ නව කොරෝනා වෛරසයයි. වසරකට ආසන්න කාලයක් ගත වීමට ඉතා කෙටි දින ගණනක් තිබිය දී ද අපගේ ඇසට පෙනෙන මෙම වෛරස රෝග කාරකය මේ වන විට ලෝක ජනගහනයෙන් ලක්ෂ දහයකට ආසන්න ප‍්‍රමාණයක් මරා දැමීමටත් තවත් ලක්ෂ තුන්සියයකට අධික ප‍්‍රමාණයකට රෝගී ආසාදනයට පත් කිරීමටත් හේතුවක් වී ඇත. සියවසකට ආසන්න කාල සීමාවකට පසුව ලොව වඩාත්ම තැති ගැන්මකට ලක් කළ රෝගී තත්ත්වය ලෙසද නව කොරෝනා වෛරසය රෝගී තත්ත්වය මේ වන විට හඳුනාගෙන ඇත.

මීට සතියකට පමණ පෙර කාලසීමාවේදී ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කම්හල් ආශ‍්‍රිතව කොවිඞ් 19 රෝගී පොකුර පිපිරීමත් සමග මේ වන විට මෙරට ජනතාවට නැවත වරක් දැඩි තැති ගැන්මකට ලක්ව ඇත. පසුගිය දෙසැම්බර් මාසයේදී චීනයේ වූහාන් ප‍්‍රාන්තය ආශ‍්‍රිතව නිර්මාණය වී ලොව පුරා පැතිර යෑම ආරම්භ කරන ලද කොවිඞ් 19 රෝගී තත්ත්වයත් සමග මුල් අවස්ථාවේදීම විද්‍යාඥයන් සිදුකළ පුරෝකථනයට අනුව රෝගී තත්ත්ව අවම වශයෙන් වසර දෙකකට ආසන්න කාලසීමාවක් පුරා ව්‍යාප්ත වෙමින් ලෝක ජනගහනයෙන් ලක්ෂ 50 කට ආසන්න ප‍්‍රමාණයක් බිලි ගන්නා බවට කළ ප‍්‍රකාශය මේ වන විට බොහෝ දුරට සත්‍ය වෙමින් පවතී.

රෝගී තත්ත්වයට ප‍්‍රතිකර්මයක් ලෙස දැනටමත් ලොව දියුණු රටවල් කිහිපයක් එන්නත් කිහිපයක් අත්හදා බලමින් සිටින නමුත් කිසිදු එන්නත් මේ දක්වා සියක් සියයක් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් යොදාගත හැකි මට්ටමක නොමැතිවීම නිසා නිවැරදි එන්නතක් සොයා ගැනීමටත් රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා අවම වශයෙන් වසර දෙකක කාලයක් ගතවනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. එමෙන්ම නිවැරදි එන්නතක මිල ප‍්‍රමාණය ද අධික විය හැකි නිසා ශ‍්‍රී ලංකාව වැනි රටවල ජීවත්වන සාමාන්‍ය මහජනතාව රෝගී තත්ත්වයට ගොදුරු වීම වෙනුවට රෝගී තත්ත්ව වැළකීම විශාල වශයෙන් සමාජ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ද සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කිරීම අනිවාර්ය සාධකයක් වෙයි. දැනට උදාවී තිබෙන නව අවදානම ගැන මහජනතාව විශේෂ උනන්දුවක් නොදැක්වීම නිසා කුමන හෝ අන්දමක සිදුවිය හැකි හානිය ස්වභාවය බරපතළ කමින් ඉතා විශාල බව ප‍්‍රකාශ කළ හැක. රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අනවශ්‍ය විශ්වාසයක් ජනතාව තුළ ගොඩනැ`ගීම වෙනුවට ජනතාවට සත්‍ය තොරතුරු ලබාදීම හරහා සමාජය තුළ ජීවත් වීමේදී ඔවුන් විසින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු හා අවදානම් සහගත ස්වරූපය සම්බන්ධයෙන් නිරන්තර රතු නිවේදන නිකුත් කිරීම ඉතා වැදගත් වේ. එසේ නොවන්නේ නම් අධිවිශ්වාසය මත කටයුතු කිරීම නිසා සමාජයට හා පුද්ගල ජීවිතවලට සිදුවිය හැකි හානිය අතිමහත් වනු ඇත.

covid2ලෝකයේ කුමන රටක කුමන හෝ කලාපයක නව කොරෝනා වෛරසය පැතිරෙමින් පවතින අවස්ථාවකදී එක් රටක් පමණක් කුමන හේතුවක් නිසා හෝ අනෙකාට වඩා අධි සුරක්ෂිත බවට පත් නොවන බව අප විසින් වටහාගත යුතුව ඇත. ඒ හේතුව නිසා ඉන්දියාව, පකිස්තානය වැනි රටවල්ද යුරෝපා රටවල් වල ද මීට මාස කිහිපයකට පෙර පැවති තත්ත්වයට වඩා භයානක ලෙස නව වෛරස් ඉස්මතු වීමත් සමග අප ඊට සූදානම් වීම අත්‍යවශ්‍ය කරුණක්ය. පුරවැසියන් විචක්ෂණ බුද්ධියකින් අප විසින් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් හා සමාජ සුරක්ෂිතභාවය කෙරෙහිද ආරක්ෂිත පුරුදු අනුගමනය කිරීමටද අඛණ්ඩව උනන්දු වීම අත්‍යවශ්‍ය සාධකයක් වෙයි.

අපට කොපමණ දුරක් යා හැකිදැයි කිසිවකුට සියයට සියයක් විශ්වාස නැත. පියවරෙන් පියවර ඉවත් කරනු ලබන අතර, සම්බන්ධතා සොයා ගැනීම හෝ මුහුණු ආවරණ වැනි කොරෝනා වෛරසය පාලනය කිරීමේ නව ක‍්‍රම හඳුන්වා දෙනු ලැබේ. කෙසේ වුවත් ”එක්සත් රාජධානියේ සහ අසල්වැසි රටවල, සම්පේ‍්‍රෂණය පාලනය කළ නොහැකි මට්ටමෙන් ඔබ්බට පියවර ඉවත් කළ හොත් ඉතා ඉක්මණින් සිදුවිය හැකිය” යනුවෙන් වෛද්‍ය කුචර්ස්කි පවසයි. මෙය දැනටමත් ජර්මනියේ ආරම්භ වෙමින් පවතින අතර, සිය ගණනක් ජනයා වෛරසය සඳහා නැවත ඡුක්‍ඍ ඡුදිසඑසඩැ - ධනාත්මක බව පෙන්වා ඇත. පොකුරු වේගයෙන් හඳුනාගත හැකි නම්, දේශය අගුලූ දැමීම් හඳුන්වා දීම සහ වෛරසය පැතිරීම නැවැත්වීම විශාල ගැටලූවක් නොවේ. එසේ නොමැති නම්, ඔවුන් දෙවන රැල්ලකට දායක වේ. කොරෝනා වෛරසය හැසිරවීම පිළිබඳව පුළුල් ලෙස පැසසුමට ලක් වූ දකුණු කොරියාවට එවැනි පොකුරු නිසා යම් සීමාවන් නැවත පැනවීමට සිදුවිය.

දෙවන රැල්ල වෛරසය මෘදු වන අතර තවදුරටත් ගැටලූවක් නොවනු ඇත්ද?

මාරාන්තික දෙවන රැල්ලට එරෙහි එක් තර්කයක් නම්, වෛරස් පරිණාමය වන විට මිනිසුන්ට වඩා හොඳින් ආසාදනය වීම අඩු වන බවයි. එච්.අයි.වී. පවා මෘදු වන බව පෙනේ. න්‍යායට අනුව වෛරස් තම ධාරකයාව මරා දමා මෘදු නොවන්නේ නම් තවදුරටත් පැතිරෙනු ඇත. මහාචාර්ය බෝල් පවසන්නේ ”නමුත් එය සහතික කර නැත. සමහර වෛරස් විද්‍යාඥයන් විසින් එය අලස දෙයක්” යැයි මහාචාර්ය බෝල් පවසයි.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් විද්‍යාඥයන් බොහෝ සේ පරීක්ෂණ කටයුතු සිදුකරන නමුත් තවමත් ඔවුන්ට අනාවරණය කරගත නොහැකි වූ කරුණු ප‍්‍රමාණය දන්නා කරුණු ප‍්‍රමාණයට වඩා ඉතා අඩු ප‍්‍රමාණයකි. මෙම වෛරසය ඉදිරි කාලයේ දී කෙසේ ක‍්‍රියාත්මක වේවි ද එය දේශගුණ හා කාලගුණ බලපෑම අනුව කුමන අන්දමේ වෙනස්කම්වලට ලක් වේද වෛරසයෙහි විවිධ වෛරස ප‍්‍රභේද ඇතිවෙයිද, එසේම මෙම ඇතිවුණු වෛරස රෝගී තත්ත්වය තවත් කුමන කාලසීමාවක් දක්වා මිනිස් ප‍්‍රජාවට බලපෑමක් ඇති කරයිද යන කරුණු සම්බන්ධව ස්ථිර පැහැදිලි කිරීමක් කිරීමට ලොව පුරා විද්‍යාඥයන් අසමත්ව ඇති අතර මේ සිද්ධි දාමයන් සම්බන්ධයෙන් පසුගිය කාල සීමාවේදී ලද අත්දැකීම් මත පදනම් වූ යම් යම් ප‍්‍රකාශ කොට ඇතැයි ද අනාවැකි වුවද සියයට සියයක් නිවැරැදි වේ යැයි විශ්වාසයක් විද්‍යාඥයන් තුළ නැත.

covid4රෝගයේ ඉදිරි කාලේ හැසිරීම සම්බන්ධයෙන් ලෝ පුරා වසංගත රෝග විද්‍යාඥයන් යම් යම් අනාවැකි ප‍්‍රකාශ කොට ඇති අතර මෙම අනාවැකිවලට පදනම ලෙස මේ දක්වා වාර්තාවී ඇති සංඛ්‍යා ලේඛන හෝ වෛරසය පසුගිය මාස කීපයේ දී සිදුකරන ලද හැසිරීම් රටාවන් පදනම් කරගෙන ඇත. කෙසේ වුවත් මෙම අනාවැකිවල යම් යම් පරස්පර විරෝධී මතවාදයන් ද පවතින අතර ඒ සියල්ල සම්බන්ධව පුළුල් විශ්ලේෂණය කිරීමෙන් පමණක් යම් සාර්ථකව එකඟතාවයකට පත් විය හැක.

නව කොරෝනා වෛරසය අනාගත ව්‍යාප්තිය සම්බන්ධව අනාවැකි පළ කිරීමේ දී දැනට පවතින සෞඛ්‍ය පහසුකම් ප‍්‍රමාණය, වෛරස හැසිරීමත්, මේ දක්වා ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාවක්, එම ආසාදනය වීමෙන් අනතුරුව රෝගීන් සංඛ්‍යාවද එහි ප‍්‍රතිඵලයක් භයානක අතුරු ප‍්‍රතිඵල ලද රෝගීන් සංඛ්‍යාව මෙන්ම ආසාදනයට ගොදුරු වීමේ අවදානමක් සහිත පුද්ගල සංඛ්‍යාව ආදී නිර්ණායක රාශියක් අවධානයට ලක් කොට ඇත. මෙයට අමතරව රෝග ව්‍යාප්ත වීමට ආරම්භ වීමෙන් පසුව සමාජ දුරස්ථභාවය වැඩිදියුණු කිරීම සඳහා අදාළ රටවල් විසින් කල් ලැබූ පියවර, ඒවායේ සාර්ථකත්වයත් ඉදිරි කාලයේ දී එම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට දරන උත්සාහයන් ආදියද තවදුරටත් විශේෂයෙන් අවධානයට ලක්වී ඇත. මේ අනුව පෙනී යන්නේ ජදරදබ් රෝගී තත්ත්වය ඉදිරි මාස කීපයේදී ව්‍යාප්තිය සිදුවන අන්දම සම්බන්ධව හුදු සිද්ධාන්තික හෝ විද්‍යාත්මක වශයෙන් විද්‍යාගාරයක් තුළදී පමණක් තීන්දු තීරණ ගත නොහැකි බවත් නව කොරෝනා වෛරසය පුදුමාකාර හැසිරීම් රටාවක් දක්වන හෙයින්ද මෙම වෛරසය සැබැවින්ම අනාගතයේදී කෙසේ ක‍්‍රියා කරන්නේදැයි අවබෝධ කරගැනීමට ඉතා දීර්ඝ කාලයක් ගත විය හැකි නිසා ද දැනට සිදුකර ඇති අනාවැකි සම්බන්ධව සෙමින් විමසීම සිදු කළ යුතුව ඇත.

මෙම නව කොරෝනා වෛරසය එකම රටක විවිධ ප‍්‍රාන්තවලදී විවිධ අන්දමට ක‍්‍රියා කරන බවද එකම අවස්ථාවකදී රෝගය උෂ්ණ කාලගුණයක් පවතින රටවල එක් ආකාරයකටත් ශීත කාලගුණයක් පවතින රටවල් තවත් ආකාරයටත් ක‍්‍රියාකරන බව මේ වන විට පැහැදිලි වී ඇත. අප විසින් විශේෂයෙන්ම මතක තබා ගත යුත්තේ ඕනෑම මොහොතක අපගේ පෘථිවිය තුළ රටවල් ගණනාවක් වියළි කාලගුණයෙන් ද තවත් රටවල් ගණනාවක් ශීත කාලගුණයෙන් ද යුක්ත පරිසරයක් පවත්වාගෙන යයි. මේ නිසා වෛරසය ඉතා පහසුවෙන් මර්දනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත. වියළි කාලගුණය අවසන්ව ශීත කාලගුණ උදාවන අතර තවත් රටෙක ශීත කාලගුණය අවසන් වියළි කාලගුණයක් උදාවෙයි. ශිත කාලගුණය පවතින රටවල් අතර එක් රටකින් තවත් රටකට ආදී ලෙස රෝගී තත්ත්වය පැතිර යෑම ඉදිරි කාලයේදී වැඩි වර්ධනය විය හැකි බව පර්යේෂකයන්ගේ මතයයි.

අවාසනාවට ශ‍්‍රී ලංකා වැනි රටවලදී මෙම සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කර ගැනීමේ ක‍්‍රමවේදය බොහෝ විට සාර්ථකව ක‍්‍රියාත්මක නොවන බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ. ප‍්‍රතිඵලය නම් ඉතාම ඉක්මනින් රෝගීන් සමාජය තුළ පැතිර යෑමත් සෞඛ්‍ය අංශයට දරාගත නොහැකි මට්ටමේ රෝගීන් ප‍්‍රමාණයක් වාර්තා වීමක් ආරම්භවීමත් බොහෝ විට සිදුවිය හැකි වීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම අනතුරු අඟවා සිටියේ සමාජ දුරස්ථභාවයන් නොසළකා අනවශ්‍ය ලෙස ඉක්මනින් රටවල් විවෘත කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස නව කොරෝනා වෛරසය ඉදිරියේදී වඩාත් ප‍්‍රචණ්ඩ ලෙස රටවල්වලට බලපෑමක් සිදුකළ හැකිය යන්නය. බොහෝ විට ඉදිරි මාස කිහිපය කාලසීමාව තුළදී නව කොරෝනා වෛරසය දෙවන වටය රටවල්වලට කුමනාකාරයකින් බලපෑමක් ඇති කරන්නේ දැයි අපට දැකගත හැකිවනු ඇත. දෙවන රැල්ල සඳහා සූදානම්ව සිටීමත් අප විසින් අත්පත් කරගත් ක‍්‍රමවේදයන් කිසි ලෙසකින්වත් ලිහිල් නොකොට පවත්වාගෙන යෑම ඉතා වැදගත් වේ.

covid3ආරම්භක අවධියට වඩා මේ වන විට රටවල් ගණනාවක්ම නව කොරෝනා වෛරසය රෝගී ආසාදිතයන් වාර්තාවීමෙන් ප‍්‍රතිශතය අඩුවීමක් තාවකාලිකව දැකිය හැකි නමුත් ඉදිරි කාලයේ දී නැවත වතාවක් මුල් අවස්ථාවලදී මෙන් රෝගීන් සංඛ්‍යාව වාර්තා වීම ඉහළ යා හැකි බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති. විශේෂ පැමිණීමට නියමිත මෝසම් සමය සහ ශීත සෘතුව සමග බොහෝ රටවල් නව කොරෝනා වෛරසයෙන් දරුණු බලපෑම් යළිත් වරක් ලක් වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. නව කොරෝනා වෛරසයේ බලපෑම අවම මට්ටමක පැවතීම අප‍්‍රිකානු කලාපයේ ද දකුණු ආසියාවේ ඉන්දියානු කලාපයද ඉදිරි සති කිහිපයේදී

රෝගීන් වාර්තා වීම සැලකිය යුතු වේගයකින් ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බැවින් ඉන්දියානු කලාපයට ආසන්නව පවතින ශ‍්‍රී ලංකාව වැනි රටවල් ඉදිරි කාලයේදී වඩාත් ප‍්‍රවේශමින් යුක්තව තම කටයුතු මෙහෙය වීමේ අවශ්‍යතාව පැනනැෙ`ගයි.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් විද්‍යාඥයන් බොහෝ සේ පරීක්ෂණ කටයුතු සිදුකරන නමුත් තවමත් ඔවුන්ට අනාවරණය කරගත නොහැකි වූ කරුණු ප‍්‍රමාණය දන්නා කරුණු ප‍්‍රමාණයට වඩා ඉතා අඩු ප‍්‍රමාණයකි. මෙම වෛරසය ඉදිරි කාලයේ දී කෙසේ ක‍්‍රියාත්මක වේවි ද එය දේශගුණ හා කාලගුණ බලපෑම අනුව කුමන අන්දමේ වෙනස්කම්වලට ලක්වේද, වෛරසයෙහි විවිධ වෛරස ප‍්‍රභේද ඇතිවෙයිද, එසේම මෙම ඇතිවුණු වෛරස රෝගී තත්ත්වය තවත් කුමන කාලසීමාවක් දක්වා මිනිස් ප‍්‍රජාවට බලපෑමක් ඇති කරයිද යන කරුණු සම්බන්ධව ස්ථිර පැහැදිලි කිරීමක් කිරීමට ලොව පුරා විද්‍යාඥයන් අසමත්ව ඇති අතර මේ සිද්ධි දාමයන් සම්බන්ධයෙන් පසුගිය කාල සීමාවේදී ලද අත්දැකීම් මත පදනම් වූ යම් යම් ප‍්‍රකාශ කොට ඇතැයි ද අනාවැකි වුවද සියයට සියයක් නිවැරැදි වේ යැයි විශ්වාසයක් විද්‍යාඥයන් තුළ නැත.

මීට පෙර ප‍්‍රකාශ කළ අන්දමට නව කොරෝනා වෛරසය එක් උපරිමයකින් අවසන් නොවන අතර එවන් උපරිම ගණනාවකට මුහුණ දීමට සිදුවන බවත් සමහර විට වසරක් තුළදී උපරිමය එකක් හෝ දෙකක් ඇතිවීම හෝ අඛණ්ඩවම වසර ගණනාවක් මුළුල්ලේ අඩු වැඩි වීම (PEAKS AND VELLYS) ඊට මුහුණ දෙමින් ජීවත් වීමට සිදුවන බව දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනතුරු හඟවා ඇත. මේ අනුව නව කොරෝනා වෛරසය සහමුලින්ම තුරන් කිරීමත් සම්බන්ධව පෙනෙන තෙක් මානයක කඩයිම් ලකුණු නොමැති බැවින් නව කොරෝනා වෛරසය සමඟ අනුගත වෙමින් ඊට සමගාමීව ජීවත්වීම සඳහා අපගේ සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික වටපිටාවක් සකස් කර ගැනීමට සිදුවන්නේ නියමිත පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද හා සමාජ දුරස්ථභාවයක් ආරක්ෂා කරගනිමින්ය.

300 x 250 Pix Sinhala

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles