Divaina - තෙත්බිමේ උරුමය රකින්නට පෙරමුණ ගත් මාන්තොට වැසියන්ගේ කතාව...

newluhundu19

e5

965x87px Web Banner Cvd new

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 manthota
 
 ජගත් කණහැරආරච්චි
 
manthota2මන්නාරම සයුර ආශ‍්‍රිත භූමි දර්ශයේ (Landscape) තෙත්බිම් සංරක්ෂණය, එමගින් එම භූමි දර්ශයේ ජෛව විවිධත්වය සංරක්ෂණය කර තහවුරු කිරීම සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රජාවගේ ආර්ථිකය සවිබල ගැන්වීම යනාදී අරමුණු මුල් කරගනිමින් ප‍්‍රජා මූල සංරක්ෂණ ක‍්‍රමවේදයක් ක‍්‍රියාවට නැ`ගීමට පියවර ගනු ලැබුවේ 2017 වසරේදීය. වසර 3 ක වැඩසටහනක් ලෙස ආරම්භ කරන ලද මෙම වැඩසටහන 2020 වසර වන විට නිමකිරීමට නියමිතව තිබූ අතර, මේ වන විට එම වැඩසටහනේ අවසන් අංගයන් ක‍්‍රියාවට නැෙ`ගමින් පවතී. ශ‍්‍රී ලංකා රජයේ පූර්ණ අනුදැනුම යටතේ හා පරිසර අමාත්‍යාංශය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු එම ප‍්‍රදේශයට අයත් එක් එක් ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගය මත හා ප‍්‍රජා සහ රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (United Nations Development Programme - UNDP) ජගත් පරිසර පහසුකමේ (GEF) සුළු මූල්‍යාධාර වැඩසටහන (SGP) මගින් මෙම තෙත් බිම් සංරක්ෂණ වැඩසටහන ක‍්‍රියාවට නංවනු ලැබීය.
 
 මෙසේ ක‍්‍රියාවට නැෙ`ගන සම්පූර්ණ වැඩසටහන පෙර දැක්වූ පරිදි සමස්ත මන්නාරම තෙත්බිම් කලාපයම නියෝජනය වන පරිදි සැලසුම් කර තිබූ අතර, එම වැඩසටහන මගින් මන්නාරම භූ දර්ශයේ ක්ෂේත‍්‍ර ක‍්‍රියාකාරකම් ඉටුකිරීම සඳහා සංවිධාන 7 ක් තෝරාගනු ලැබීය. ප‍්‍රජා සහ රාජ්‍ය නොවන සංවිධාන වශයෙන් ක‍්‍රියාත්මක මෙම සංවිධාන මගින් තෙත්බිම් සංරක්ෂණය හා ඒ ආශ‍්‍රිත ප‍්‍රජාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම තුළින් තෙත්බිම් සංරක්ෂණයට ඔවුන් දායක කරගැනීම මෙම මන්නාරම තෙත්බිම් සංරක්ෂණ වැඩසටහනේ මූලික ක‍්‍රියාදාමයයි. මෙසේ මන්නාරම භූ දර්ශය තුළ කටයුතු කරන ප‍්‍රජා සහ රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු සිදුකරන ලද අයුරු දැන් අපි විමසා බලමු. මෙහිදී පළමුව අප එසේ කටයුතු කරන ලද සංවිධාන හා ඔවුන්ගේ ව්‍යාපෘති බලප‍්‍රදේශ මොනවාද යන්නද සළකා බැලීම වැදගත්ය.
 
 දකුණින් මන්නාරම දිස්ත‍්‍රික්කයේ ආරම්භක මායිම් ප‍්‍රදේශය වන මල්වතුඔය සිට උතුරු මායිම වන පූනකරි (පුනරීන්) දක්වාත් බටහිර වෙරළේ තලෙයිමන්නාරම දක්වාත් සමස්ත මන්නාරම් පරිපාලන දිස්ත‍්‍රික්කයේ පවතින තෙත්බිම් පරිසරය හා එම තෙත්බිම් ආශ‍්‍රිතව ස්වභාවික සම්පත් විසිරී පවතින අයුරු නූතන චන්ද්‍රිකා තාක්ෂණික ක‍්‍රමවේද මගින් නිරීක්ෂණය කරමින් වයඹ දිග කලාපයේ වෙරළාශ‍්‍රිතව ස්ථානගතවී ඇති ලවණ වගුරු සහ කඩොලාන බිම් අධ්‍යයනය කිරීම හා එම තොරතුරු භූමියේ තොරතුරු හා අධ්‍යයනය කරමින් එම සියලූ භූ රූප සවිස්තරාත්මකව සිතියම් ගතකිරීම එක් ව්‍යාපෘතියක් මගින් සිදුකර එම කටයුතු දැන් නිමාවට පත්කර ඇත. මේ ව්‍යාපෘතිය ඔස්සේ සමස්ත මන්නාරම දිස්ත‍්‍රික්කයටම වැදගත් පූර්ණ සුහුරු (Digital) සිතියම් පෙළක් නිර්මාණය කිරීම දැනටමත් නිමා කර එම සිතියම් හා වාර්තා ඉදිරි පියවර සඳහා පරිසර අමාත්‍යාංශයට භාරදී ඇත. මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට න`ගනු ලබන්නේ ශ‍්‍රී ලංකා පරිසර විද්‍යා සංගමය (EASL) මගිනි.
 
  මෙම ව්‍යාපෘතියේ කටයුතු නිරීක්ෂණය සඳහා අප මල්වතුඔය සිට කවුදාරිමුනේ (කේ පොයින්ට්) දක්වා කිලෝ මීටර් 140 ක් දුර මුසලි, නානාට්ටාන්, මැනාර් සිටි, මාන්තෙයි වෙස්ට් සහ පුනකරි යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වෙරළ ආශ‍්‍රිත භූමිය ඔස්සේ ගමන් ගත් අතර, මෙහිදී අපට දැකගන්නට ලැබුණේ මෙම ව්‍යාපෘතිය මගින් ලවණ වගුරු තුළ වැඩෙන එහෙත් වත්මන් පරම්පරාව විසින් නොසලකා හැර ඇති පාරම්පරික ආහාර ශාකයක් වන ඔමරි ශාකය නැවත භාවිත කිරීමට පුරුදු කිරීම, එම ශාකය නව්‍ය ආහාර පිළියෙළ කිරීම සඳහා (ආහාර සුරක්ෂිතතාව) මෙන්ම, ප‍්‍රදේශයේ බහුල වශයෙන් ජීවත්වන ගවයන්ට ආහාරයක් ලෙස ලබාදීමට කටයුතු කිරීම මගින් තිරසාර ගව පාලනයක් සඳහා ප‍්‍රජාව දැනුවත් කර ඇති බවයි. එසේම, ප‍්‍රදේශයට ආගන්තුක ආක‍්‍රමණික ශාකයක් වන කලපු අන්දර ප‍්‍රදේශය පුරා පැතිරීම ගැනද විමර්ශනය කර වාර්තා එකතුකර සිතියම්ගත කර ඇත. එසේම, එම ප‍්‍රදේශයට අවේණික මිටි කඩොලාන ශාක විශේෂයක් නවතම සොයාගැනීමක් ලෙස සිදුකර ඇති අතර, එම ශාක පිහිටි ස්ථාන සිතියම්ගත කර ඇත.
 
 ඉන්පසු අප යොමු වූයේ පූනරින් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, කවුදාරිමුනේ ප‍්‍රදේශයේ යාපනය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා ශිෂ්‍ය සංගමය (ZSA-JU) මගින් සිදුකරන ලද ව්‍යාපෘතිය කෙරෙහිය. ඔවුන් විසින් සිදුකරන ලද ව්‍යාපෘතිය හඳුන්වා තිබුණේ තෙත් බිම් භූදර්ශය ඇසුරෙන් එහි ජීවත්වන ප‍්‍රජාවගේ ජීවන තත්ත්වය න`ගාසිටුවීමේ සහ කඩොලාන පරිසර පද්ධතිය වැඩිදියුණුකර සංරක්ෂණය කිරීමේ වැඩසටහන නමිනි. එම වැඩසටහන මගින් සිදුකරන ලද ක‍්‍රියාදාමයන් නිරීක්ෂණයේ දී අපට දැකගන්නට ලැබුනේ කවුදාරිමුනේ ප‍්‍රදේශයට යාව පවතින යාපනය කලපු ප‍්‍රදේශයේ ලවණ හැල් සහ වගුරු අශ‍්‍රිතව එම සංවිධානය මගින් කඩොලාන සිටුවීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කර ඉහළ ප‍්‍රගතියක් අත්කරගෙන ඇති බවයි. ප‍්‍රදේශයේ පවුල්
 122 ක් මේ ව්‍යාපෘතිය සඳහා දායක කරගෙන ඇති අතර, කවුදාරිමුනෙහි පිහිටා ඇති ශ‍්‍රී ලංකා තල් සංවර්ධන මණ්ඩලයට අයත් පුහුණු මධ්‍යස්ථානය මෙම ව්‍යාපෘතියේ මධ්‍යස්ථානය බවට පවරාගෙන තිබුණු අතර, එම ප‍්‍රදේශවාසීන් සඳහා විශේෂයෙන් තල් ආශ‍්‍රිත කර්මාන්ත දියුණුකිරීම සඳහා පුහුණු පාඨමාලා ක‍්‍රියාත්මක කරන ලදී. මීට අමතරව මධ්‍යස්ථාන භූමිය තුළ විසිරුම් (Spring) හා බිඳිති (Drip) ජල තාක්ෂණය, දැල් ගෘහ (Net House), බඳුන් (Pot) වගාව වැනි නූතන වගා තාක්ෂණය ප‍්‍රදර්ශනය කිරීම ඔස්සේ ව්‍යාපෘති යෝජකයන් විසින් ප‍්‍රදේශයේ ජල හිඟයට පිළියමක් ලෙස වගා ආදර්ශනයක් පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පෙන්වා දෙන අතර මේ මගින් ගෙවතු වගා ප‍්‍රතිලාභීන් 30 ක් පුහුණු කර අවසන් කර ඇත. එසේම, ප‍්‍රදේශයේ බහුලව දක්නට ඇති තල් ශාකයේ කොළ සහ ගොබ භාවිතයට ගෙන අත්කම් (Handicrafts) පාසලක් මෙම මධ්‍යස්ථානය කේන්ද්‍රකරගෙන පවත්වාගෙන යනු ලැබේ. මේ මගින් ගම්වාසී කාන්තාවන් 30 දෙනකු සඳහා පුහුණුව සහ ජීවනෝපාය මාර්ග උදාකරදී ඇත. ශ‍්‍රී ලංකා තල් සංවර්ධන මණ්ඩලයද මෙහිදී මෙම වැඩසටහනට විශේෂ දායකත්වයක් ලබා දෙනු ලැබේ.
 
 සමාජ ආර්ථික සංවර්ධන සංවිධානය (SEDA) මගින් සිදුකරනු ලබන ව්‍යාපෘතිය නිරීක්ෂණය සඳහා අප මීළඟට සංචාරය කළේ නරවික්කුලම්, තේවන්පිට්ටි, කල්ලඩි හා පාපමොඞ්ඩෙයි ප‍්‍රදේශවලය. මෙම සංවිධානය මගින් ඉහත සඳහන් කළ ප‍්‍රදේශවල පාසල් 5 ක් තෝරාගෙන එම පාසල්වල පරිසර තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා කටයුතු සිදුකර ඇත. මෙම ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණ වනුයේ තෙත් බිම් ආශ‍්‍රිත නැවත පදිංචිකරුවන් වෙසෙන මෙම ගම්මානවල පාසල් තුළ සෙවන ආවරණය වැඩිකිරීම සඳහා දේශීය වන වගාව ප‍්‍රචලිත කර යහපත් පරිසර තත්ත්වයන් ඇතිකිරීමයි. පාසල් සංවර්ධන සමිති හවුල්කරගෙන මෙම වැඩසටහන ක‍්‍රියාවට නංවා ඇත. කලපු පරිසරයෙන් යුත් කර්කශ පොළොවේ මුඩු බිම් ලෙස ඇති ඉහත පාසල් ගෙවතු තුළ වන වගාව සහ ඖෂධ උයන් ආරම්භ කර ඇත. කඩොලාන ශාක විශේෂ, කොහොඹ, ඇහැල, කොට්ටම්බා, සූරිය වැනි ප‍්‍රදේශයට ගැළපෙන සහ සෙවන සහිත ශාක මෙසේ රෝපණය කර ඇත. මෙම ශාක තල් පිති මගින් ආවරණය කර ඊට ජලය සපයමින් අදාළ ශාකයේ රැකවරණය ලබාදී ඇත්තේ මා-පිය කැපකරු ක‍්‍රමයට අනුවය. එනම්, පැලය හිමි දරුවා (ශිෂ්‍යයා) සහ පවුලේ මව හා පියා එම පැළයේ වර්ධන හා ආරක්ෂාව භාරව කටයුතු කරන ක‍්‍රමවේදයක් එහි ක‍්‍රියාත්මක විය. එසේම, මෙම වැඩසටහන මගින් පාසල් භූමිය තුළ කසළ කළමනාකරණය සඳහා ද ක‍්‍රමවේද සකසා දී ඇත. එනම්, නොදිරන පොලිතීන්, ප්ලාස්ටික් රැගෙන එම තහනම් කර ඇති අතර, දිරන දෑ පොහොර බවට පත්කිරීමත්, නොදිරන දෑ සම්මත වර්ණ සහිත බඳුන්වලට එකතුකිරීමත් මගින් බැහැර කිරීම සිදුකරනු ලැබීමය.
 
 මෙම ව්‍යාපෘතියේ තවත් වැදගත් ක‍්‍රියාකාරකමක් වන්නේ වැහි වතුර එකතු කිරීම හා රෝපිත ශාකවලට එම ජලය සම්පාදනය කිරීමයි. එසේම මෙම වැහි වතුර පාසලේ වෙනත් කටයුතු සඳහාද යොදාගනී. පාසල් ගොඩනැ`ගිලිවල වහළවලට වැටෙන වැහි වතුර පීලි මගින් ටැංකියකට එකතුකිරීමෙන් මෙම ජලය රැස්කර ගනු ලැබේ. මේ සඳහා වන ප‍්‍රතිපාදනද මෙම ව්‍යාපෘතිය මගින් ලබාදී ඇත.
 
manthota3

 

දැන් අපි කිරාන් හා ඉරනයිමන්තාර් වෙරාවිල් ප‍්‍රදේශයේ කටයුතු කරන ‘වොලන්ටරි ඕගනයිශේෂන් ඔෆ් වල්නේරබල් කමියුනිටි (VOVCD) සංවිධානයේ කටයුතු සිදුවූ අයුරු සලකා බලමු. එම සංවිධානය මගින් මෙම ප‍්‍රදේශයේ පාසල් තුනක් ආශ‍්‍රිතව පවුල් 90 ක් තෝරාගෙන තම කටයුතු කරගෙන යනු ලැබීය. ගෙවතු වගාව ප‍්‍රචලිත කිරීම මගින් ප‍්‍රජා සවිබලගැන්වීම මෙම සංවිධානයේ තේමාවයි. ක්ෂුද්‍ර ජලසම්පාදන බ`දුන්ගත ලෙස ආරම්භකර ඇති මෙම ගෙවතු මගින් නෙළාගන්නා එළවළු ව්‍යාපෘතිය මූලික කරගත් පාසල් 3 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා දිවා ආහාර ලබාදීම සඳහා යොදා ගන්නා ලදී. එම පාසල් සංවර්ධන සමිති මේ සඳහා එක්ව කටයුතු කරනු ලැබීය. දරුවන්ගේ පෝෂණ ඌණතාවන් වළකා සෞඛ්‍ය සම්පන්න දරු පරම්පරාවක් බිහිකිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබිණි. එසේම, මෙම සංවිධානය මගින් තවත් වැදගත් වැඩසටහනක් ක‍්‍රියාත්මක කරනු ලැබීය. ඒ පුනරීන් ප‍්‍රදේශයට පහළ, කිරාන් ප‍්‍රදේශයට යාව පිහිටි ඉරණයිමන්තාර් ප‍්‍රදේශයට බලපා ඇති වන අලි - මිනිස් ගැටුම අවම කිරීම සඳහා කටයුතු කිරීමයි. මේ සඳහා කිලෝ මීටර් 4 දුරට තල් ශාක ජීව වැට (Livefence) ක‍්‍රමය හඳුන්වා දෙන ලදී. දැන් එය අත්හදා බැලීමේ මට්ටමට දියුණු කර ඇත. මේ යටතේ පවුල් 50 කට වැඩි පිරිසකට සෙත සැලසේ. මෙසේ ප‍්‍රතිලාභ ලබන පිරිස අතර ප‍්‍රදේශයේ තරුණයකු වන 19 හැවිරිදි ‘‘නවකීර්තන්” අප සමග පැවසුවේ වන අලි ගැටුමට මැදිවී සිටින තම ගම්මානයේ සහ තම පවුලේ සාමාජිකයන් සඳහා මෙම ජීව තල් වැට සැනසුම් සුසුමක් වනු ඇති බවය. මීට අමතරව මෙම සංවිධානය විසින් වෙරාවිල් ප‍්‍රදේශයේ කලපු ආශ‍්‍රිතව කඩොලාන නැවත සිටුවා පුනරුත්ථාපන වැඩසටහනක්ද ක‍්‍රියාත්මක කළේය.
 
 මීළඟට අප විමසා බලන්නට තීන්දු කරනු ලැබුවේ වෙඩිතලතිවු ප‍්‍රදේශයේ ව්‍යාපෘති කටයුතු සිදුකරනු ලැබූ ශ‍්‍රී ලංකා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ (TCP) කටයුතු පිළිබඳවය. කඩොලාන සම්පතින් අනූන වෙඩිතලතිවු කලපු ප‍්‍රදේශය ජෛව විවිධත්වයෙන් අතිශය පොහොසත් ප‍්‍රදේශයකි. එසේම, සංචාරකයන් නිතර දක්නට ලැබීමෙන් සංචාරක කර්මාන්තය උදෙසා ඉහළ විභවයක් ඇති පෙදෙසකි. ඉහත ව්‍යාපෘතිය මගින් ප‍්‍රදේශයේ ධීවර තරුණ තරුණියන් හා ප‍්‍රජා කණ්ඩායම් තෝරාගෙන කලපු පරිසර සංචාරය, විසිතුරු මසුන් ඇතිකිරීම, අඩු ආදායම් ලාභී පවුල් සඳහා ඇඳුම් මැසීමේ හා අළෙවි කිරීමේ වැඩසටහනක් යනාදිය ක‍්‍රියාත්මක කර ඇත. (ප‍්‍රතිලාභී පවුල් ගණන 15 කි.) මේ මගින් ව්‍යාපෘති යෝජකයන් අදහස් කරන්නේ ප‍්‍රජාව සවිබලගැන්වීම හා වෙරළ ආශ‍්‍රිත ධීවර සම්පත් තිරසාර භාවිතයයි. එබැවින් මෙම ව්‍යාපෘතිය ‘ධීවර ප‍්‍රජාව සඳහා අධ්‍යාපනික දැනුම හා ප‍්‍රතිලාභ ලබාදීම තුළින් වෙරළාශ‍්‍රිත තෙත්බිම් සහ වෙරළ සම්පත් පුළුල්ව හා තිරසාරව භාවිතා කිරීම’ ලෙස නම්කර තිබේ. මෙම නිරීක්ෂණයේදී අපි ධීවර තරුණ, තරුණියන් හමුවී, ඔවුන්ගේ පරිසර සංචාරක කටයුතු, විසිතුරු මත්ස්‍ය අභිජනනය හා මැහුම් ගෙතුම් කටයුතුද විමසා බැලූවෙමු.
 
 අනතුරුව අපගේ සංචාරය සිදුකරන ලද්දේ මන්නාරමේ වඩාත් දකුණින්ම ක‍්‍රියාත්මක, නානාට්ටාන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල බලප‍්‍රදේශයට ගැනෙන ව්‍යාපෘතිය කෙරෙහිය. ඒ වන්කාලේ රැම්සා තෙත්බිම් අභයභූමිය ආශ‍්‍රිතවය. ව්‍යාපෘතිය ක‍්‍රියාවට න`ගන ලද්දේ සමුද්‍රීය හා වෙරළ සම්පත් කළමනාකරණ පදනම (MCRCF) මගිනි. එම ව්‍යාපෘතිය මගින් වන්කාලේ වෙරළ තීරය පිරිසිදුව තබාගැනීම හා වෙරළ උද්‍යානයක් තැනීමේ කටයුතු සිදුකරන ලද අතර, වන්කාලේ මුහුදේ කොරල් පර සංකීර්ණය සුරැකීම සඳහා ධීවර හා කිමිදුම්කරුවන්ගේ උදව්වෙන් කටයුතු සිදුකර ඇත. මෙසේ ලොවෙන් සැඟවී පවතින වන්කාලේ කොරල්පරය සංරක්ෂණය කිරීම හා ඒ වෙත පරිසර සංචාරක කර්මාන්තය හඳුන්වා දීම මගින් වන්කාලේ රැම්සා (Ramsar) තෙත්බිම් අභයභූමියට සුවිශාල වටිනාකම් මෙම ව්‍යාපෘතිය මගින් ලැබී ඇති අතර, ඒ ඔස්සේ ප‍්‍රදේශයේ ජනතාවට ඍජු හා වක‍්‍ර ආදායම් මාර්ග ලැබී ඇත. ඒ මගින් ප‍්‍රදේශය දියුණුවට ලක්වීම මෙහෙ වක‍්‍ර ප‍්‍රතිලාභ වේ. කොරල් පර සංකීර්ණයේ හෙක්ටයාර් 2000 ක් සංරක්ෂණය කිරීම සඳහා ලෝක පරිසර සංරක්ෂණ සංගමය (IUCN‍) හා එක්ව එහි ජෛව විවිධත්ව අධ්‍යයනය, වන්කාලේ ධීවර සමිතිය හා එක්ව ධීවර හා කිමිදුම් (ස්කුබා ඩයිවින්) අංශ වලින් යුත් අවධි කණ්ඩායම් දෙකක් ලෙස ප‍්‍රජා කණ්ඩායම් දෙකක් නිර්මාණය කර ඇති අතර, උපකරණ හා නිල ඇඳුම් සැකසීම මෙන්ම ඔවුන් මගින් කොරල් පරය සංරක්ෂණය සඳහා ඍජු දායකත්වය ලබා දීම සිදුකර ඇත. ඒ අතර ප‍්‍රදේශයට ඉතා හොඳින් ගැළපෙන කෝමාරිකා වගාව ප‍්‍රදේශයේ ධීවර පවුල් 60 ක් සඳහා හඳුන්වා දී ඇත. එම කෝමාරිකා පත‍්‍ර (අස්වනු) මිලදී ගැනීම සහ කෝමාරිකා පානය සකසීම සඳහාද ව්‍යාපෘතිය මගින් කටයුතු සලසා ඇත.වන්කාලේ ව්‍යාපෘතිය නිරීක්ෂණයෙන් පසු අපි මීළඟට සංචාරය කළේ මන්නාරම (තෙත්බිම්) භූ දර්ශයේ අවසන් ව්‍යාපෘතිය නිරීක්ෂණය සඳහාය. ඒ මන්නාරම් දුපතේ බටහිර මුහුදු ඉම පිහිටි තලෙයිමන්නාරම වෙතය. තලෙයිමන්නාරමේ ජැටිය ග‍්‍රාමනිලධාරී වසම කේන්ද්‍ර කරගනිමින් ක‍්‍රියාවට නැෙ`ගන මෙම ව්‍යාපෘතියෙන් අවධානය යොමුකර ඇත්තේ එහි කරවල හා මත්ස්‍ය කර්මාන්තය සිදුකරන අඩු ආදායම්ලාභී ධීවර පවුල් 100 ක් වෙතය. ඉතා අඩු පහසුකම් හා අවම යටිතල පහසුකම් සහිතව දිවිගෙවන මෙම ධීවර පවුල්වලින් නිෂ්පාදිත මත්ස්‍ය නිෂ්පාදන තත්ත්ව පාලනයකින් සමන්විතව, අගය වැඩි නිෂ්පාදන ලෙස වෙළෙඳපොළට නිකුත්කිරීම හා ඒ මගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය න`ගාසිටුවීම මෙම ව්‍යාපෘතිය මගින් මූලිකව සිදුකරන ලද කාර්යයි. සොබා කාන්තා පාරිසරික හා ප‍්‍රජා කළමනාකරණ සංවර්ධන පදනම මගින් ක‍්‍රියාවට න`ගන ලද මෙම ව්‍යාපෘතිය එහි ධීවර කාන්තාවන් මුල්කරගෙන සෞඛ්‍යාරක්ෂිත කරවල නිෂ්පාදනය සඳහා සහ වෙරළාසන්න පරිසරයේ පිරිසිදුතාව ඇතිකිරීම වෙනුවෙන් තේමාවී තිබිණි. මේ අනුව තෝරාගත් සිංහල, දමිළ, මුස්ලිම් හා මිශ‍්‍ර පවුල්වල කාන්තාවන් 100ක් සඳහා ඔවුන් මෙතෙක් පාරම්පරිකව සිදුකළ අපරීක්ෂාකාරී සහ අපිරිසිදු බිම කරවල වේලීම වෙනුවට සෞඛ්‍යාරක්ෂිතව සැකසීම සඳහා වේලන උඳුන් 20 ක් පරිත්‍යාග කර ඇත. මෙම එක් උඳුනක් ධීවර කාන්තාවන් 05 දෙනකු විසින් භාවිතයට ගන්නා අතර, අමතරව 20 දෙනා බැගින් වන කණ්ඩායම් 5 කට භාවිත කිරීම සඳහා වඩා හොඳ තත්ත්වයේ වාඩි 5 ක් තනාදී ඇත්තේ ශ‍්‍රමය හා තවත් සුළු දායකත්වයන් ප‍්‍රජාවගෙන් ලබාගනිමිනි. මෙතෙක් වඩ දිය සමයේදී වාඩිවල ගතකළ අප‍්‍රසන්න ජීවිතය වෙනුවට හා ඔවුන්ගේ දැල් ආම්පන්න ආරක්ෂා කරගැනීමට මෙය ඔවුන්ට ලැබුණු අනගි අවස්ථාවක් බව ප‍්‍රතිලාභී ධීවර පවුල් රැසක් අප සමග පැවසුවේ අසීමිත සතුටකිනි.
 
manthota4එසේම, දැන් තලෙයිමන්නාරම ජැටිය කරවල වාඩිවලින් වෙළෙඳපොළට පැමිණෙන්නේ සෞඛ්‍යාරක්ෂිත කරවල බවද අපට මෙම ව්‍යාපෘතිය නිරීක්ෂණයේදී හඳුනාගත හැකි විය. එසේම, මෙම ප‍්‍රජාවගෙන් ඇතැමෙක් තමන්ට හැකි පමණින් කුඩා වෙරළ ගෙවත්ත බැගින්ද, තල් මොටෙයියන් භාවිතයෙන් කොට්ටකෙලංගු නිෂ්පාදනයද සිදුකරනු ලබයි.
 
 මෙසේ විවිධ විෂයයන් ඔස්සේ සහ විවිධ පාරිසරික සහ ප‍්‍රජා ක‍්‍රියාකාරකම් ඔස්සේ ඉහත සංවිධාන 7 මගින් මන්නාරම තෙත්බිම් ආශ‍්‍රිත ප‍්‍රජාවගේ දැනුවත්භාවය, ඔවුන්ගේ ජීවන තත්ත්වය හා යටිතල පහසුකම් ඉහළ නංවා තෙත්බිම් පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීමට ගන්නා ධනාත්මක වැඩසටහනක් බව අපට හඳුනාගැනීමට හැකිවිය. එනම්, මන්නාරම තෙත් බිම් භූ දර්ශයේ (Landscape) ජෛව විවිධත්වය සංරක්ෂණය මගින් ශ‍්‍රී ලංකාවේ ජාතික පාරිසරික තත්ත්වය ගුණාත්මක වශයෙන් හා ප‍්‍රමාණාත්මකව ඉහළ නංවා මිහිතලය පාරිසරික වශයෙන් සුරක්ෂිත කර, තහවුරු කිරීම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) අරමුණයි. ඒ සඳහා මන්නාරම තෙත්බිම් ප‍්‍රජාව දක්වන උනන්දුව සහ එම දිරිගැන්වීම සිදු කරන ප‍්‍රජා සංවිධාන සියල්ලගේ කාර්යභාරයද කැපී පෙනෙන්නක් බව සඳහන් කළ යුතු වේ.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles