Divaina - මාස්ටර් සංකේතය (ඩයි කෝ මයෝ)

newluhundu19

e5

965x87px Web Banner Cvd new

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 master
 
ප‍්‍රවීණ ජ්‍යොතිර්වේදියෙකු වන කේ. ඒ. යූ. සරත්චන්ද්‍ර මහතා ඕරාව හා විශ්වශක්ති ප‍්‍රතිකාර ගැන සුවිශේෂී අත්දැකීම් ඇත්තෙකි. ආධ්‍යාත්මික උපදේශක වරයෙක්ද වන ඔහු ස්වාභාවික විශ්වශක්ති ප‍්‍රතිකාර කරයි. නවීනතම ත‍්‍රිමාණ ඕරා ස්කෑනර් යන්ත‍්‍ර ඔහු සතුව ඇති අතර රේකී මාස්ටර් කෙනෙක් හා ප‍්‍රානික් හීලර් කෙනෙක් හැටියටද සහතික ලබා ඇත.
 
අද අප කතාකරන්නේ රේකීවල තිබෙන 4 වන සංකේතය ගැනයි. එය මාස්ටර් සන්කේතය වන අතර රේකී මාස්ටර් වරුන් විසින් සුවකිරීම් සදහා භාවිතා කරන වඩාත්ම ප‍්‍රභල සංකේතයකි. ඩයි කෝ මයෝ වල ජපන් භාෂාවේ අර්තය විශාල දීප්තිමත් ආලෝකය යන්නයි. ශරීරයට ආලෝකය ඇතුල් කිරීමට මාස්ටර් වරුන් මෙය භාවිතා කරයි, මෙය වඩාත්ම යොදාගන්නේ සහස‍්‍රා චක‍්‍රය වෙනුවෙනි. ඊට හෙතුව දිව්යමය ශක්තිය හෙවත් කොස්මික් ශක්තිය ඇතුල්වන්නේ සහස‍්‍රා චක‍්‍රය තුලින් නිසාය. මෙය අනෙකුත් සංකේත වලට වඩා වැඩි කම්පන ශක්තියකින් යුතුවෙයි. අනෙකුත් සියලූ‍ම සංකේත ඒකාබද්ද කිරීමේ කාර්යය කෙරෙන්නේ මාස්ටර් සංකේතය මගින් වන අතර, ශරීරය, මනස, හා ආධයාත්මයට සම්බන්ද කිරීම මේ මාස්ටර් සංකේතය මගින් සිදුකෙරේ.
 
 master2මිනිස් ඕරාවේ ඉහලින්ම ඇති චක‍්‍ර ආධයාත්මික චක‍්‍ර වන අතර ඒවා සුවපත් වූ විට ඊට පහලින් පිහිටන මානසික හා ශාරීරික චක‍්‍ර සුවකිරීම වඩා පහසුය. ඒනිසා මාස්ටර් සංකේතය අනෙක් සංකේත වලට පසුව යොදා ඉන්පසුව අනෙක් චක‍්‍ර පිලිවලින් ඉහල සිට පහලට බලගන්වීම සිදුකරයි. ඩයි කෝ මයො හි කාර්යය නම් ඕරාව ආධයාත්මිකව සුවපත් කිරීමයි. මෙය හරියට පිරමීඩාකරව තබා ඇති වීදුරු සමූහයකට ඉහලින්ම ඇති වීදුරුවට වතුර පිරවූවිට පිලිවෙලින් ඊට පහලින් ඇති වීදුරු පිරී ඉතිරී යන්නාක් මෙනි. කොස්මික් බලය ඉහලසිට පහලට ගලාබසින දිය පහරක් මෙනි. චක‍්‍ර අවහිර වූ විට මේ ගලායාම සිදුනොවේ, ඒනිසා සියලූ‍ම චක‍්‍ර අවහිර නොවනසේ තබාගත යුතුය. මෙය හරියටම දීප්තිමත් ආලෝකයක් ඔබේ හිසට උඩින් අල්ලා ශරීරයට ඇතුල් කිරීමක් හා සමානය. නමුත් අපිට ඒ ආකාරයට ආලෝකයක් එල්ල කරන්නට නොහැක. නමුත් ශක්තියක් එල්ල කරන්නට හැක. රේකී යනු ශක්තියකි, එහි ප‍්‍රදානතම ශක්තිය වන ආලෝක හා ආධයාත්මික ශක්තිය ඩයි කෝ මයෝ වෙයි.
 
 දෙවියන් හා සම්බන්ද වීම සිදුවන්නෙ සහස‍්‍රා චක‍්‍රය හෙවත් ඔටුන්න චක‍්‍රය මගිනි, මෙය කොස්මික් ශක්තිය වශයෙන් බටහිර ජාතින් හදුන්වයි. නමුත් මෙය පෙරදිග හදුන්වන්නේ දිව්යමය ශක්තිය වශයෙන්, ඕනෑම සුවකිරීමක් කරන්නට මේ ශක්තිය අවශයවෙයි. ඒනිසා රේකීවල මාස්ටර් සංකේතය හෙවත් ඩයි කෝ මයෝ නැතුවම බැරි එකක් වේ, සියලූ‍ම උසුයි රේකී මාස්ටර් වරුන් මෙය භාවිතා කරයි. මෙම සංකේතය මගින් ඔබේ සිරුරට අමතර ශක්තියක් ලබාදෙන අතර ප‍්‍රතිශක්තිකරනය වැඩි කරයි, විශේෂයෙන් රේකී දුරට යැවීමේදී දුරස්ථ සංකේතය සමගම මෙයද භාවිතා කෙරේ. ඊට හේතුව දුරස්ථ බලය වඩා වර්ධනය කරනු සදහාය.
 
 අනෙක් සන්කේත මෙන්ම මෙයද ආකාර කීපයකට භාවිතා කල හැක. එය ඔබේ පලපුරුද්ද අනුවය.
 
 1, ඇගිල්ලෙන් අවකාශයේ ඇදීමෙන්.
 
 2. අත්ල මැද ඇද අත යොමුකිරීමෙන්,
 
 3, දෘසයමාන කිරීමෙන්,
 
 4, සංකේත නාමය 3 වරක් නිවැරදිව කීමෙන්.
 
 5, තෙවැනි ඇස භාවිතාකොට ඇදීමෙන්.
 
reki3මෙම සංකේතය භාවිතා කිරීමෙන් ඔබේ ඕරාවේ ආධයාත්මික ශක්තිය වැඩියෙන් පවත්වාගෙන යා හැක. එනම් ඕරාවේ සමබරතාවය පවත්වාගෙන යාමට උපකාරීවේ.අපේ ඕරාව සාමාන්ය ක‍්‍රියාකාරකම් තුලින් පවත්වා ගෙන යාමට හැකියාව ඇත. එනම් ඔබේ ව්‍යායාම හා ක‍්‍රිඩා තුලින් ශාරීරිකවද. භාවනා හා සංගීතය වැනි දේවල් තුලින් මානසිකවද වර්ධනයක් වේ, නමුත් ආධයාත්මිකව වර්ධනයක් සිදුවන අවස්ථා විරලයි. නමුත් ඒ අඩුව පුරවා ඔබව සුවපත් කරන්නට මාස්ටර් සංකේතයට හැකියාවක් පවතී.
 
 ආලෝකය අපිට කොතරම් වැදගත්ද? අපි කොතරම් භෞතිකව බලවත් වුවත්, මානසිකව බලවත් වුවත් ආලෝකයක් නොමතිනම් කවර පලක්ද. අපේ ඕරාව තුලින් ඉහලින්ම පිහිටන චක‍්‍ර බලවත්වන්නේ මේ ආලෝකය නිසාය. ඒ කොස්මික් බලයයි. බුදුවරයෙක් වුවත් ලොව පහලවන්නේ දේවාත්මයක් තුලිනි. එබැවින් මෙ බලය නොමතිව කෙනෙකුට දේවාත්මයක් ලබන්නටද නොහැක. ආත්මය ශක්තිමත් පුද්ගලයා දේවාත්ම ලබයි. මේ ඕරාව ආධයාත්මිකව බලවත්වීම ඉතාමත් වැදගත් වන්නේ ඒනිසාය.

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles