Divaina - අතීසාරයට ප්‍රත්‍යක්ෂ බෙහෙත්

newluhundu19

e5

965x87px Web Banner Cvd new

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


balangoda

සංඛනාද වෙදගෙවත්ත

පූජ්‍ය ආනන්ද මෛත‍්‍රය නායක හාමුදුරුවන් වහන්සේට ලැබුණු බෙහෙත් වට්ටෝරු පොත් අතර වටිනාම පොත් කිහිපය අයත්ව තිබුණේ මහවලතැන්න වලව්වේ රටේ මහත්මයා වූ එස්. ඞී. මහවලතැන්න මහතාටය. මහවලතැන්නවරු රත්වත්තේ පරම්පරාවේ ආදිතමයෝ වෙති. මේ පරම්පරාව සිය නිජභූමිය කොට ගත්තේ බළංගොඩ ප‍්‍රදේශයයි. බළංගොඩ වූ කලී අදටත් ශ‍්‍රී ලංකාවේ පිරිසිදුම ඔක්සිජන් වායුව සහිත ප‍්‍රදේශයව පවතී.

පූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත‍්‍රය නායක හාමුදුරුවන් විසින් එක්රැස්කර ගැටපද විවරණය කර සංස්කරණය කෙරුණු බෙහෙත් වට්ටෝරු දහස් ගණනකි. ඒවායින් සමහරක් පොත් වශයෙන් මුද්‍රණද්වාරයෙන් ද නිකුත් වී ඇති අතර, තවත් කොටසක් අප‍්‍රකාශිතව සුරක්‍ෂිතව පවතී.

ආනන්ද මෛත‍්‍රය නාහිමියන්ගේ වට්ටෝරු අතුරින් අද අපේ අවධානයට ලක්වන්නේ අතීසාර රෝග සඳහා ගන්නා ලද බෙහෙත් වර්ගයන් ය.

1. බෙහෙත් කැඳක්

බෙලි මුල්, අරළු, තිප්පිලි මුල් යන මේවායින් කසාය කකාරා බේත් කැඳ පිස දෙන්න. අනුලොම වෙමින් රුචි උපදවා බඩගිනි වඩවයි.

2. ආම අතීසාරයට

අතිඋඩයන්, සිද්දිඟුරු, බෙලි මුල්, කෙළිඳ ඇට, පෙරුම්කායම්, වදකසා, වම්මුතු යන මේවා කලං එකයි මංචාඩි පහළොව බැගින් ගෙන පත අට එකට කකාරා පෙරා බීමට දෙන්න. ආමාතීසාරය ගුණ වේ.

පෙරුම්කායම්, අතිඋඩයන්, තිප්පිලි, සිද්දිඟුරු, මිරිස්, වදකසා, සුවසලූණු, අරළු යන මෙකී දැ සම සමව ගෙන චූර්ණකොට තුන් කලඳක් ගෙන ආමාතීසාරයට දෙන්න. වහා ගුණ වේ.

ඊටම තවත් බෙහෙතක්

balangoda2කොට්ටන්, අසමෝදගම්, දුම්මෑල්ල මුල්, වදකසා, බෙලිමුල්, තිප්පිලි, සිද්දිඟුරු, වළඟසාල් යන මෙකී දෑ සම සමව ගෙන චූර්ණකොට තුන් කලඳෙකට අඩුවෙන් උණුදියෙන් කලතා දෙන්න. ආමාතීසාරය සුව වේ.

තොටිල පොතු, හා පියුම් කෙසරු දෙක සම සමව ගෙන කල්කකොට ඇද්දෙමට කොළයකින් වසා ඒ මත නෙළුම් කොළයක් තබා වසා බැඳ එයටත් උඩින් මැටි බැඳ දස සතරගුලෙහි පුටපාක දියෙන් පැසවා කල්කයෙන් රසය මැඬගෙන නිවණු කල මී පැණි වත්කොට දෙන්න.

3. පිත් අතීසාරයට

මානෙල් අල, ලොත්සුඹුලූ, සුදුහඳුන්, සැවැන්දරා මුල්, සිද්දිඟුරු යන මේවා සම සමව ගෙන අඹරා කුඩුකොට තුන් කලඳක් පමණ මී පැණි පානුදිය දෙකින් අනාගෙන උදෑසන වළඳන්න. පිත් අතීසාරයට ගුණයි.

4 . පිත් අතීසාරයට

මානෙල් අල, දෙළුම් ගහේ පොතු, මයිල මල්, සිද්දිඟුරු මෙකී දෑ සම සමවගෙන අඹරා කුඩුකොට කැකැළුහාල් පානුදිය හා මී පැණියෙන් අනා කෑමට දෙන්න. පිත් අතීසාරය සුව වේ.

5. ලේ අතීසාරයට

වැල්මී, ලොත්සුඹුළු, ඉරමුසු මුල්, කිරිඅඟුන වැලේ මුල් යන මේවා තුන්කලඳ බැගින් ගෙන මඳක් තලා කිරි පත දෙකක්, දිය අට පතක් වත්කොට මදගින්නේ කකාරා දිය සිඳුණු කල කිරි පෙරා ගෙන සීන,ි මී පැණි වත්කොට, උදෑසන දෙන්න. ලේ යන අතීසාරය ගුණ වේ.

6. රක්ත අතීසාරයට

රුක්මල් ගහේ පොතු හෝ සුදුහඳුන් හෝ අඹරා කල්ක තුන් කලඳක් ගෙන මී පැණි සීනි එක්කොට පානු දියෙන් කලතා බොන්න දෙන්න. රක්ත අතීසාරය සුව වේ.

7. රක්ත අතීසාරයට

දඹගහේ පොතු උලූප්පා ගෙන අඹරා ගෙන කල්කකොට එළකිරෙහි කළතා පොවන්න. රක්තාතීසාර රත් පිතට ගුණ වේ.

8. අතීසාරයට

නෙල්ලි, අරළු, බුළු සම සමව ගෙන චූර්ණකොට තුන් කලඳක් ගෙන එළකිරෙහි කළතා පොවන්න. විරේකව අතීසාරය ගුණ වේ.

මෙයටම බෙලිමුල්, මයිල මල්, සිද්දිඟුරු, හිඹුල්ලාටු, දියමිත්ත මුල්, වම්මුතු මේ හැම සම සමව ගෙන අඹරා සීනි මිශ‍්‍රකොට මෝරුවෙන් කළතා දෙන්න.

9. හැම අතීසාරයට

කලාඳුරු අල, සිද්දිඟුරු, රසකිඳ වැල්, දියමිත්ත මුල් යන මේවායින් තුන් කලඳ බැගින් ගෙන කසාය කකාරා පෙරා බීමට දෙන්න.

10 ලේ අතීසාරයට

ලා පොල් මල්, අළුකෙහෙල් මල්, කලාඳුරු අල, අට්ටික්ක මැලැසි යන මේවා ගෙන කකාරා දෙන්න. අතීසාරය නවතී.

11. සීදන් කඩුත්තුවට

සාදික්කා, කරාබු, වසාවාසි, දෙදුරු, අරළු සිද්දිඟුරු, තිප්පිලි, අසමෝදගන් මෙකී බේත් සමභාග ගෙන මී පැණියෙන් අඹරා අබින් ස්වල්පයක් එක්කොට ලේහ කරන්න. සීදන් කඩුත්තුවට ප‍්‍රත්‍යක්‍ෂයි.

12. හැම අතීසාරයට

කලාඳුරු අල. අතිඋඩයන්, සුදුදුරු, ඉඹුල් මැලියම්, ජිවුල්ලාටු, තිප්පිලි, අරළු, පිටවක්කා මුල් මේ හැම සම සමව ගෙන චූර්ණකොට මී පැණියෙන් දෙන්න.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles