Divaina - ඔබේ නිවසේ මංගල උළුවස්ස සුභ නම් දියුණුව වැඩිවේ...

newluhundu19

e5

965x87px Web Banner Cvd new

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 diyunu
 
දහසකුත් අපේක්‍ෂාවන් පෙරදැරි කරගෙන තමාගේ කියා නිවසක් ගොඩනඟා ගැනීමේදී එහි ජීවනාලෝකය අනාගත දියුණුව උදෙසා මංපෙත් විවර කර දෙන්නේ ප‍්‍රධාන උළුවස්ස හෙවත් මංගල උළුවස්සයි.
 
 මෙම මංගල උළුවස්ස නිවසේ පදිංචි ප‍්‍රධාන ගෘහමූලිකයාට තදබල ලෙසම සුභ හෝ අසුභ ඵල විපාක ලබාදෙනු ඇත. නිවසේ ප‍්‍රධානියාගේ ආත්ම අභිමානය, කීර්තිය හා නිවසේ අනිකුත් සාමාජිකයන්ගේ දියුණුව, සෞභාග්‍ය, සාමය, සමගියට ඉමහත් පිටිවහලක් වන මංගල උළුවස්ස අසුභව පිහිටා තිබේ නම් පවුලේ පිරිහීම, ආර්ථික අපහසුතා, ලෙඩ රෝග, විපත්තිදායක දුරු විපාකවලට මුහුණ පෑමට සිදුවනු ඇත.
 
 පුරාණ වාස්තු විද්‍යාවේ පෙන්වාදී තිබෙන පරිදි සුබ ඵල උදාකර දෙන ක‍්‍රමවේදයන් අටක් ඇති බවත්, එය ඔබට මෙහිදී පැහැදිලි කර දෙමි.
 
 ධාන්‍ය, ජය, කාන්ත, මනෝරාම, සුමුඛ, ධනද, විපුල, විජය
 
 1. නැගෙනහිර දිශාවට පමණක් මංගල උළුවස්ස පිහිටි නිවස ධාන්‍ය නම් වේ. එහි පදිංචි නිවැසියන්ට වස්තු සම්පත් ලැබීමේ වාසනාව හිමිය.
 
 2. දකුණු දිශාවට පමණක් මංගල උළුවස්ස පිහිටි නිවස ජය වර්ගයට අයත්වන බැවින් එම නිවසේ පදිංචි නිවැසියන්ට යහපත් ජයක්ග‍්‍රහණ උදාකර ගැනීමට හැකි වේ.
 
 3. නැගෙනහිර සහ බටහිර දිශාවන්ට උළුවහු තබා ඇති නිවස කාන්ත නම් වර්ගයට අයත්වන බැවින් එම නිවසේ පදිංචි නිවැසියන්ට වාසනාවන්ත පුත‍්‍රලාභ ලැබීමේ වාසනාව හිමි වේ.
 
 4. දකුණට හා බටහිර යන දිශාවන්ට උළුවහු තබා ඇති නිවස මනෝරාම නම් වර්ගයට අයත්වන නිවසක් බැවින් එහි පදිංචි නිවැසියන්ට බොහෝ සැප සම්පත් ගෙනදේ.
 
 5. නැගෙනහිර, බටහිර, දකුණ යන දිශාවන්ට උළුවහු තබා ඇති නිවාස සුමුඛ වර්ගයට අයත් නිවසක් හෙයින් එහි පදිංචි නිවැසියන්ට කඩිනම් දියුණුවේ මන්පෙත් විවර කර ගැනීමේ භාග්‍ය උදා වේ.
 
 6. උතුර, දකුණ, නැගෙනහිර යන දිශාවන්ට උළුවහු තබා ඇති නිවාස ධණද වර්ගයට අයත්වන බැවින් එහි පදිංචි නිවැසියන්ට බවභෝග සම්පත් පවුලේ සාමය සතුට පිරි නිවසක් වේ.
 
 7. උතුර, දකුණ, බටහිර යන දිශාවනට උළුවහු තබා ඇති නිවස විපුල වර්ගයට අයත්වන බැවින් එහි පදිංචි නිවැසියන්ට යසඉසුරු ධන සම්පත් හා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ඉමහත් රුකුලක් වනු ඇත.
 
  8. නැගෙනහිර, දකුණ, බටහිර, උතුර යන සතර දිශාවට මංගල උළුවහු තබා ඇති නිවස විජය වර්ගයට අයත්වන බැවින් එහි පදිංචි නිවැසියන්ට තරගකාරී ජයග‍්‍රහණ, කීර්තිනාම, ඉසුරු සැප ලබාදෙන නිවහනක් වේ.
 
 ඔබ ඉදිකිරී
මට බලාපොරොත්තු වන නව නිවසේ සතර දිශාවට අයත් දිශාවන්හි සුභ පාදවල මංගල උළුවස්ස තැබීමෙන් දියුණුවේ විශිෂ්ට ප‍්‍රතිඵල ලබා ගැනීමට හැකිවනු ඇත.

 

diyunu2

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles