Divaina - වසර පහක් තිස්සේ පිරිවෙනකට දිවයින පුවත්පත පූජා කරන ඉංග්‍රීසි ගුරුවරයා

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 piriven
 
 * මා මුලදී ඉගෙනීමට එතරම් දක්ෂ නොවුනත් ගුරුවරයෙක් වුණ ගමන්මගේ දී  ‘දිවයින’ ලොකු ශක්තියක් වුණා
 
 සුසන්ත අමරබන්දු
 
piriven2මේ කතාව තවත් අපූරු කතාවක්. ‘දිවයින’ පුවත්පත් කුමාරියට දැඩි සේ ඇලූම් කරමින් පෙම්බැඳි ඉංග‍්‍රීසි ගුරුවරයෙක් පිළිබඳවයි මේ සටහන. අම්පාර නාමල්ඔය විද්‍යාලයේ ඉංග‍්‍රීසි ගුරුවරයෙක් ලෙස කටයුතු කරන ඒ. ජී. රෝහිත ප‍්‍රියදර්ශන මහතාගේ ගම වන්නේ අම්බලන්ගොඩ අලූත්වල ප‍්‍රදේශයයි. ඉතා නිවුණු ආගමට දහමට ලැදි මේ ගුරුභවතා සෑමවිටම පන්සලේ ඇසූරට ඇලූම් කරන්නට වූවේය.
 
 තුනී ලෑලි සංස්ථාවේ ලිපිකරුවෙක් ලෙස කටයුතු කරනු ලැබූ රෝහිතගේ පියා වූ ඒ. ජී. ධර්මසේන මහතා ‘දිවයින’ පුවත්පත ආරම්භ වූ දා සිටම කියවෙන අයෙකි. ඔහුගේ බිරිඳ වූ අනුලා චන්ද්‍රිකා මහත්මිය ද එලෙසම කියවීමට මහත් රුචියක් දැක්වූවාය.
 
 ඒ ඇසුරේ හැදුණු වැඩුණු රෝහිත ද කුඩා කල සිට තාත්තාගේ ඔඩොක්කුවේ සිට ‘දිවයින’ පුවත්පත බලමින් මේ මොකක්ද තාත්තේ කියමින් විමසන්නට වූවේය. පියාද පුතාට එම පත්තරේ තියෙන දේ දරුවාට තේරෙන අයුරින් පහදා දුන්නේ ඔහුගෙන් බේරෙන්නට බැරිකම නිසාවෙනි. වෙළෙඳපොලේ වෙනත් පුවත්පත් තිබුණද ඔවුන්ගේ නිවසට හැමදාම පැමිණි අමුත්තා වූයේ ‘දිවයින’ පුවත්පතයි. එනිසා රතු පාට පසුතලයේ සුදු පැහැති අකුරෙන් තිබූ ‘දිවයින’ පුවත්පතේ නාමය රෝහිතගේ හදවතේ ගලේ කෙටුවාක් මෙන් රැඳී තිබෙන්නට විය. පාසල් ගමන ඇරඹීම පසු ටිකෙන් ටික ඉහළ පංතිවලට එද්දී රෝහිත ද නිවසට ගන්නා ‘දිවයින’ පුවත්පතට දැඩි සේ ඇලූම් කරන්නට වූවේය. පුවත්පතේ සිත්ගත් පුවත් කියවා පාසලේ මිතුරන්හටද එය පවසන්ට රෝහිත රුචිකත්වය දක්වන්නට විය. උසස් පෙළ පන්තියේ දී ඔහු අපූරු ව්‍යපෘතියක් ආරම්භ කරන්නට වූවේය. බද්දේගම ක‍්‍රිස්තුදේව විද්‍යාලයේ බන්දුලගේ ගුරුතුමාගේ උපදෙස් මත ප‍්‍රදේශයේ මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කර සරත් ගමගේ මහතාගේ සහාය ගෙන ‘දිවයින’ පුවත්පතේ සිරස්තල මාසයක් එකතු කිරීමෙන් ඔහු අපූරු ව්‍යාපෘතියක් සකස් කරන්නට වූවේය. එය දුටු ගුරුවරුන්ගෙන් රෝහිතට නොම`ද ප‍්‍රශංසාව ලැබුණි.
 
 ‘දිවයින’ට මහා ළෙන්ගතුකමක් දක්වන රෝහිත ගුරුතුමා මා ඉදිරියේ සිට මෙසේ දොඩමලූ වූවේය.
 
  මම ‘දිවයින’ පත්තරේ කියවන්න පටන් ගත්තේ මගේ අම්මා තාත්තා නිසා. පොඩි කාලේ ඉඳන්ම දැක්කා පත්තරේ පහු පහු වෙද්දී ලොකු විශ්වාසෙන් කියවන්න පටන් ගත්තා. මම මුලදී එතරම් ඉගෙනීමට දස්කම් නොදැක්වුවත් මාගේ දැනුම වර්ධනය වුණේ ‘දිවයින’ පුවත්පත නිසා. එය දේශපාලන, ආර්ථික, සාමාජීය අංශ ඇතුළු සියලූ දැනුම් ලබාදෙන තක්සලාවක්. ඒ නිසා මගේ දැනුම දියුණු කර ගුරුවරයෙක් ලෙස කටයුතු කිරීමට පැමිණි මගට ‘දිවයින’ පුවත්පත මට ලොකු පිටුවහලක් වුණා. මා අමතර දැනුම ලබාගත්තේ ‘දිවයින’ පුවත්පතින්. මගේ අතේ බ්‍රේස්ලට් එකක් ඔරලෝසුවක් නෑ. හැබැයි හැමදාම මගේ අතේ පිරිත් නූලක් තිබෙනවා. පිරිත් නූල අයින් කරන්නේ තව පිරිත් නූලක් ගැට ගහගෙන. මම ගුරු පත්වීම අරන් අම්පාර නාමල්ඔයට ආපුවාහම හැමවිටම පන්සලෙහි ඇසූරටයි ගියේ.
 
 මේ ආකාරයට මගේ ජීවිතේ වෙනස් වෙන්න මග පාදන්න ‘දිවයින’ පුවත්පත ලොකූ පිටුවහලක් වුණා. රහතුන් වැඩි මග ඔස්සේ යන ලිපි පෙළ වැනි දේවල් ඉතා වැදගත්. එවැනි දේ තුළින් ලබාගත් දැනුම සහ ආකල්ප තුළින් මා මාගේ ජීවිතය හැඩගසා ගත්තා. ඉතින් මා යා යුතු මග කුමක්ද කියලා මං අවබෝධ කරගත්තා.
 
 ගමන දැනගෙන යන දිවයින කියන සංකල්පය මිනිසුන් අතරට ගිහින් තියෙනවා. විශ්වාසය ඉතා ඉහළ මට්ටමින් තිබෙනවා. අපිට බයක් නැතුව ‘දිවයින’ පත්තරේ කියවලා ඒ දේවල් හිතට ගන්න, සමාජය පිළිබඳ දකින්න ජීවිතය පිළිබඳ දකින්න විශ්වවිද්‍යාලයක් වැනි දැනුම් තක්සලාවක් ලැබෙනවා.
 
 මං රාජකාරියට පැමිණියාට පස්සේ නාමල්තලාව ශෛලබිම්බාරාම පුදබිමේ භික්ෂූන් වහන්සේලා තිස් දෙදෙනකු සිප් සතර හදාරන පිරිවෙනක් තිබෙන බව මම දුටුවා. මම හිතුවා මේ භික්ෂූන් වහන්සේලාටත් ‘දිවයින’ පත්තරය ලබා දෙන්නට හැකිනම් උන්වහන්සේලාගෙන් දැනුම වර්ධනයට ලොකු පිටුවහලක් වෙයි කියා. මෙම විහාරස්ථානයේ විහාරාධිපති හිමි රාජකාරි කරන්නෙත් මා රාජකාරි කරන නාමල්ඔය විද්‍යාලයේ.
 
 උන්වහන්සේට මාගේ යෝජනාව ඉදිරිපත් කරලා වසර 5ක කාලයක සිට ‘දිවයින’ පුවත්පත මෙම පුදබිමට පරිත්‍යාග කරන්නට කටයුතු කළා. නාමල්ඔය ප‍්‍රදේශයෙන් ස්ථාන මාරුවක් ලබාගෙන මම ගමට ගියත් මම මේ ‘දිවයින’ පුවත්පත පූජා කිරීම කවදාවත් නතර කරන්නේ නෑ.
 
 මියයන තෙක්ම මෙම පුදබිමට ‘දිවයින’ පුවත්පත පූජා කරනවා. අපේ ගෙදරට හැමදාම ගන්නේ ‘දිවයින’ පුවත්පත පමණයි. මම සීනි ඔතපු කොළයක් අහුවුනත් ඒක ලිහලා කියවනවා. කෑම ඔතන පත්තර කෑල්ල මම කෑම පාර්සලේ කන්න කලින් විනාඩි හතර පහක් කියවලා තමයි කෑම කන්නේ. එසේ කියවීමට රුචිය ඇති වුණේ තාත්තා, අම්මා ‘දිවයින’ පත්තරේ බලපු නිසා.
 
 පාසල් සිසුන්ද නිරන්තරයෙන් කියවීම ස`දහා පොළොඹවමින් ඉන්නවා. ඉදිරියේදී නාමල්ඔය විද්‍යාලයේ පාඨක සමාජයක් ඇති කිරීම සඳහා අපේ විහාරාධිපති නාරද හිමි සමග එකතු වෙලා විදුහල්පතිතුමා සහ සිංහල විෂය භාර ගුරුවරිය සමග සාකච්ඡා කරමින් අදාළ කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ගෙන සිටිනවා. කියවීම තුළින් මිනිසා පරිපූර්ණ වෙනවා කියන සංකල්පය අනුව මා ක‍්‍රියා කිරීම නිසා ජීවිතයට බොහෝ දේ ලබා ගත්තා. හරසුන් දේ වෙනුවට හරවත් දෙයක් කරන්නට හැකියාව ලැබුණා.
 
 පුවත්පත් ලෝකයේ මොන පත්තර තිබුණත් විශ්වාසයෙන් කියවිය හැකි මගේ හදවත සොරාගත් එකම පුවත්පත ‘දිවයින’ පුවත්පතයි. මට ‘දිවයින’ පාඨකයෙක් වීම ගැන අභිමානයක් තිබෙනවා. ‘දිවයින’ පාඨකයෙක් වීම නිසා මගේ ජීවිතය ජයගන්න, දැනුම් සම්භාරයක් එක්ක නිසි මඟ පෙන්වා දීම සිදු වුණා. යුද සමයේ දී ‘දිවයින’ පුවත්පත කළේ ඒ මහඟු මෙහෙය අමතක කරන්න බෑ. කෙලින් කතා කරමින් එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය පරාද කිරීම සඳහා කළ මෙහෙය ‘දිවයින’ පාඨකයාට කවදාවත් අමතක වෙන්නෙ නෑ. ලොව පුරා දෙමළ ඩයස්පෝරාව හා එල්.ටී.ටී.ඊ. හිතවාදීන් න`ගන බොරු චෝදනාවලට නිරන්තරයෙන් පෙනී සිටිමින් ‘දිවයින’ තම මතවාදය අභීතව ඉදිරිපත් කරනවා. ඉතින් ඒ නිසයි මම ‘දිවයින’ පුවත්පත වසර ගණනාවක් තිස්සේ මේ පුදබිමේ ඉන්න හිමිවරුන්ගේ දැනුම් සම්භාරයක් අත්කර ගැනීම සඳහා පූජා කරන්නේ.
 
 මට මාධ්‍යවේදියෙක් වෙන්නට ‘දිවයින’ පත්තරේ නිසා අදහසක් ඇති වුණා. ඉතින් මම මේ කතාව ගමේ මාධ්‍යවේදියකුට කිව්වහම ඔහු කිව්වා කතාවට මම පොඞ්ඩක් පසු බෑවා. මල්ලි මම පත්තරේට ලියල ගුටි කාලා ගැටලූවලට මුහුණ දීලා ඉන්නේ. මේක සමහර වෙලාවට ගුටිකන රස්සාවක් වෙන්නත් පුළුවන්.
 
 ඒක නිසා වෙන රස්සාවක් කරන එක හොඳයි නේද කියලා ඔහු කිව්වා. ඒ නිසා එම අදහස තරමක් යටපත් වුණත් තවමත් පත්තරේකට ලියන්න ලොකු ආසාවක් තියෙනවා යැයි මේ අපූරු ගුරුභවතා රෝහිත ප‍්‍රියදර්ශන මහතා පවසා සිටින්නට වූයේය.
 
 
 නාමල්ඔය ශෛල බිම්බාරාමය විහාරාධිපති නාමල්ඔය විද්‍යාලයේ ආචාර්ය, අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ගම්පහ නාරද හිමිපාණන් මෙසේ අදහස් දැක්වූහ.
 
 රෝහිත මහතා අපූරු චරිතයක්. ඉංග‍්‍රීසි ගුරුවරයෙක්. නමුත් ඔහු කියවන්නේ ඉංග‍්‍රීසි පුවත්පත් නෙමෙයි. ‘දිවයින’ පුවත්පතයි. ඔහු බොහෝ සංවේදී සහ ආගම දහමට ලැදි පන්සලේ ඇසුරට බොහෝ සේ ප‍්‍රියකරන ගුරුවරයෙක්.
 
 සමාජයේ බාහිර ආටෝපයට මුල්තැන දීලා කටයුතු කරන්නේ නෑ. ඔහු ඔරලෝසුවක් බ්‍රේස්ලට් එකක් පාවිච්චි නොකර සෑමවිටම අතේ ගැට ගසා සිටින්නේ පිරිත් නූලක්. ධර්ම, විනයධර භික්ෂු පරපුරක් නිර්මාණය කරගෙන යෑමේදී දක්ෂිණ ශ‍්‍රී ලංකව සිට පැමිණි මේ මානව හිතවාදී ගුරුවරයා නාමල්ඔය විද්‍යාලයට පැමිණ මේ ආකාරයට ‘දිවයින’ පුවත්පත අප විහාරස්ථානයට පූජා කිරීම නිසා පොඩි හාමුදුරුවරුන්ගේ දැනුම ආකල්ප කුසලතා වර්ධනයට විශාල පිටිවහලක් වෙලා තිබෙනවා. පොඩි හාමුදුරුවන්ගේ විෂය සංවර්ධනයටත් විශේෂ සහායක් වෙලා තිබෙනවා. ඒක මිල කරන්න බැරි පූජා කිරීමක්. දායක දායිකාවෝ බොහෝ දේ පූජා කරනවා නමුත් ඒ වගේ මිලක් තිබෙනවා. රෝහිත මහතා කරන මෙම සත්කාරයේ මිල වචනයෙන් මුදලින් ගණනය කරන්න බෑ කෝටි ගණනක් වටිනා සත්කාරයක් තමයි මේ කරන්නේ. දැනුම මිල කරන්නට බැරි නිසා. ඉදිරියේදී අපි නාමල්ඔය විද්‍යාලය කරගෙන පාඨක සමාජයක් ඇති කරල ‘දිවයින’ පුවත්පත ලබාදී දරුවන්ට කියවීමට වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ සඳහා විදුහල්පතිතුමාගේ සහ අදාළ සිංහල ගුරුතුමියගේ සහයත් අපට ලැබී තිබෙනවා. ඒ නිසා රටට හරි දේ කියන වගකීම සහ විශ්වාසය ඉතා ඉහළින් තියෙන ‘දිවයින’ පුවත්පත පිළිබඳව අපට තිබෙන්නේ මහත් විශ්වාසයක්. ඇතැම් මාධ්‍ය ප‍්‍රචාරය සඳහා විවිධ ආකාරයේ අසත්‍ය වූ පුවත් පවා පළ කරන යුගයක, හරසුන් දේවල් පළකරන යුගයක ‘දිවයින’ අභිමානයෙන් යුක්තව නිසි ම`ග යනවා යැයි අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම මම ‘දිවයින’ පුවත්පතෙන් ඉල්ලීමක් කරනු ලබනවා පාසල් හරහා ‘දිවයින’ පාඨක සමාජ ඇති කරමින් ඒ හරහා දැනුමෙන් පිරිපුන් සිසුන් පිරිසක් අනාගතයේදී රටට දායක කරවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව හෝ ක‍්‍රියාත්මක කරන්නේ නම් විශාල මෙහෙයක් බව මට හැෙ`ගනවා.
 
 ඒ වාගේම මිල කළ නොහැකි වූ මෙහෙයක්, මහා පරිත්‍යාගයක් කරන රෝහිත මහතාට ස්තුතිය පුද කර සිටිනවා. ශක්තිය ධෛර්ය ප‍්‍රාර්ථනා කරනවා ඉදිරියේදීත් මෙවන් සත්කාරයන් කිරීමට හැකි වේවායි කියා නාරද හිමියෝ ‘දිවයින’ට අදහස් දක්වමින් පවසා සිටියහ. නව තාක්ෂණික මෙවලම් හමුවේ කියවීම අමතක කර සිටින පරපුරක් බිහිව යන යුගයක ‘දිවයින’ පුවත්පතට පෙම් බඳිමින් කියවීම තුළින් දැනුමෙන් පිරිපුන් පරපුරක් සකසන්නට නිහඬව කටයුතු කරන රෝහිත ගුරුතුමා කරන නිහඬ සේවය සැබැවින්ම අගය කළ යුතුමය.

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles