Divaina - ධනවත් වෙන්න ඔබත් කැමතිද?

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 rich
 
rich2මිනිසුන් වන අප සියලූ දෙනාම මිල මුදල් ධන සම්පත් ඇතිව කිසිවකුටත් අත නොපා ජීවත්වීමට බොහෝ උත්සාහ කරති. කොතරම් මහන්සි වුවද තම එදිනෙදා අවශ්‍යතාවන් සපුරා ගැනීමට මිල මුදල් නොමැති අය අප අතර බොහෝ සිටී. මොවුන් අවසානයේ විකල්පයක් ලෙස තම අවශ්‍යතා සපුරා ගැනීමට අන් අයගෙන් මුදල් ලබා ගැනීමට පෙළඹෙයි. බොහෝ විට මෙය ඔවුන් ණය මුදලක් හෝ පොලී වශයෙන් ගෙවීමට ලබා ගනී.
 
 යම් පුද්ගලයකුට ණයක් නොවී ජීවත් වීමට හැකි නම් එය කොතරම් වටිනේද, කොතරම් මානසික සහනයක්ද? මේ තත්ත්වය උදාකර ගැනීමට නම් අප අපගේ ධන වාසනා ශක්තිය වැඩිදියුණු කරගත යුතුයි. මේ සඳහා අප යම් වත් පිළිවෙතක නියැලිය යුතුයි. ඔබ මේ ආකාරයට එක් මසක් කර බලන්න. ඔබට මහත් ප‍්‍රතිඵල අත්විඳීමට හැකි වනු ඇත. ඔබ නොහිතන අන්දමින් ඔබගේ මුදල් ගැටලූ නිරාකරණය වනු ඇත. අවශ්‍යතා අනුව මිල මුදල් වියදම් කිරීමට ලැබේ. වෙනදාට වඩා යහපත් මානසික සතුටක් ද ඔබට හිමි වේ. පළමු ඔබ ඔබේ නිවස පිරිසිදු කළ යුතුයි. ඉන් පසු කහ, දෙහි, සුදු හඳුන් කුඩු හා සැවදනා කුඩු ජලය සමඟ මිශ‍්‍ර කර නිවසේ ඇතුළත සෑම ස්ථානයකටම ද පිටත ද ඉසින්න. සෑම දිනයක් පාහේම එක වතාවක්වත් සුවඳ දුම් නිවසට අල්ලන්න. උදේ සවස බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැන් ගිලන්පස පූජා කරන්න.
 
 දවසට තුන්වරක්වත් පන්සිල් ගෙන ජය පිරිත හා සීවලී පිරිත සජ්ඣායනා කරන්න. මෙම පිරිත් දෙකම නිතර භාවිතා කිරීම තුළින් ඔබට නිරෝගී සම්පත මෙන්ම ධන සම්පත ද නොඅඩුව ලැබීමේ භාග්‍යය උදා වේ. බොහෝ අය මේවා ගැන වටිනාකම් නොදනී. පිරිත් හඬ පට දැමීමට වඩා ඔබේ මුවින් එම පිරිත් සජ්ඣායනා කිරීමම ඔබට මහත් විශ්ව ශක්තියක් ළඟාවනු ඇත.
 
 මෙසේ බුදුන් වැඳීමෙන් පසු ඔබ දෙවියන්ගෙන් ද පිහිට යැදිය යුතුයි. ගණදෙවිඳුන් හා ලක්‍ෂ්මි දෙවිඳුන් වන්දනාමාන කිරීමෙන් හා පුද පූජා පැවැත්වීමෙන් දැන් ඔබට මහත් ප‍්‍රතිඵල අත්විඳිය හැක. බොහෝ දෙනා නිවසේ දෙවියන් ඇදහීමට බිය වෙති. පිළිම හෝ රූප තබා වැඳීම අත්‍යවශ්‍ය නොවේ. දෙවියන් කෙරේ විශ්වාසය ඔබ සිත් තුළ තිබිය යුතුයි. එවැනි පුද්ගලයන්ට දෙවියෝ බොහෝ ආශිර්වාද කරති.
 
 ඔබ කළ යුත්තේ බුදුන් වැඳ ජයපිරිත හා සීවලී පිරිත කියා පහත ශ්ලෝකයෙන් 03 වරක් 09 වරක් හෝ 21 වරක් කියවීමයි. මේ කියවන වාර ගණන අනුව ඔබට පිහිට ලැබේ. එහෙත් ඔබ එක්වරක් කියවුවද ඔබට පිහිට ලැබේ. ඔබට විවේකි මොහොතක මෙය කරන්න. මෙය උදේ සවස මේ වේලාවට කළ යුතු යැයි කියා නියමයක් නැත. ඔබගේ සිත සන්සුන් කරගෙන මෙම ශ්ලෝකය කිව යුතුය.
 
 
 ඕම් හී‍්‍රං ක්ලීං
 ගණපතයේ වර්වද් සර්බ්ජන්
 මොවේ ශම්නයේ ස්වහ:

 
 
 ඕම් භූර් භුවස්වහ:
 තස්ස වීදුරු වරේන්‍යම්
 බර්ගෝ දේවශ්‍ය ධීමහී
 දියෝ යෝන: ප‍්‍රචෝදයාත්

 
 
 ඕම් හ්රීං ක්ලීං මහා ලක්ෂ්මි
 ඒහී ඒහි සර්ව සෞභාග්‍යං
 දේහි මේ ස්වා හ:

 
ඉහත ශ්ලෝකය නිතිපතා කියවීමෙන් ඔබේ අතෙහි මිල මුදල් හිඟ නොවනු ඇත. සිතේ සතුට වැඩිදියුණු වීමට හේතු වේ. ඔබ ඉහත ශ්ලෝක කියවා අවසන් වූ පසු දෙවියන්ට පිං දෙන්න. ඔබ ඉහත වත් පිළිවෙත් හා පූජා විධි නිසියාකාරව කිරීම තුළින් ඔබ නොහිතන අන්දමින් ඔබ වෙත සමෘද්ධිය සශ‍්‍රීකත්වය ළඟාවනු ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles