Divaina - මැතිනිය බේරලා දුන්නාට ජේ. ආර්. අපේ පවුලටම ටී පාටියක් දුන්නා....! ලයිටර් වලින් පුච්චලා මට දස වධ දුන්නා....!! රොස්මිඞ් මෙහෙයුම ගැන සෝමවංශ කියපු කතාව

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 මනෝජ් අබයදීර

* එදා පොලිස් ඔත්තුකරුවකු වූ  හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලකගේ හෙළිදරව්ව-2

 
 
p25 2මම ඉක්මනට මරදානේ පොලිසියට ගියා. දැන් වෙලාව රැ අටට විතර ඇති... සෙල්වදොරේ මහත්තයා මම එනකං බලාගෙන ඉන්නවා. රහස් පොලිසියෙනුත් ඇවිල්ලා හිටියා. කේ. එස්. ද සිල්වා කියන ඒ. එස්. පී. තමයි රහස් පොලිසියෙන් ඇවිල්ලා හිටියේ. සර්, අද රෑ මේ අය අගමැතිනියට ගහන්න හදන්නේ...’ කියලා මම එයාට මුළු කතාවම කිව්වා. එයා මාව කාර් එකේ දාගත්තා... කෙලින්ම මාව පොලිස් මූලස්ථානයට එක්කගෙන ගියා. මෙයා වයස නිසා පඩිපෙළ නගින්නේ හිමින්... අරහේ, මේ කට්ටිය ලැහැස්ති වෙන නිසා, මේ පණිවිඩය ඉක්මනට පොලිසියේ ඉහළට කියන්නයි මට වුවමනා වෙලා තිබුණේ. මෙයා නගිනකන් ඉන්නේ නැතුව මම උඩට දිව්වා. දුවගෙන ගිහිල්ලා, එතැන හිටපු කෙනෙකුට මේ විස්තරේ කියන්න හදනකොටම, කේ. එස්. ද සිල්වා ඇවිල්ලා, එතැන කාමරයේ දොර ඇරියා... මේ වෙනකොට මට කිසි ඉවසිල්ලක් තිබුණේ නැහැ... දොර අරිනකොටම මම කාමරය ඇතුළට පැන්නා...
 
  ‘ඉවසන්න බැරි තැනයි, මම සීඅයිඞීයේ කාමරය ඇරගෙන ඇතුළට පැන්නේ... වහාම ක‍්‍රියාත්මක නොවුණොත් මොකද වෙන්නේ කියන එක ගැන මගේ හිතේ ලොකු සැකයක් තිබුණා...’
 
 
එඩිසන් ගුණතිලක මහතා මේ මතකය ගෙනහැර දක්වන්නේ, නාට්‍ය අනුසාරයෙන් ඒ සිද්ධි රඟදක්මින්ය. සිද්ධිය භයානක තැනට පිවිසෙන විට ඔහුගේ හඬ ද උච්ච ස්වරයට ගමන් කරයි. කතාවේ දැන් අපි පිවිස සිටින්නේ, සිරිමාවෝ අගමැතිනිය වටකර ගැනීම සඳහා තව පැය කිහිපයක් පමණක් ඉතිරිව ඇති යාමයේය.
 
 ජයවර්ධනපුර සරසවියේ සංඝාරාමයේ සිට කැරැුල්ල සඳහා තීරණය ගත් පසු, රට පුරා පිහිටි පොලිසිවලට පහරදීම සඳහා මෙන්ම අනෙකුත් මර්මස්ථාන සඳහා පහරදීම ආදිය පිළිබඳව ද සැලසුම් සකස් විය. ඒ අතර සුවිශේෂම මෙහෙයුම වූයේ, අගමැතිනිය පැහැර ගැනීමය. එඩිසන් ගුණතිලක නම් පාසල් යන වයසේ තරුණ දරුවකු ඒ මෙහෙයුමට ජවිපෙ පාර්ශ්වයෙන් සම්බන්ධ වන්නේ, තමන් ඔත්තුකරුවකු බවට පත්වී හෝ මෙම මෙහෙයුම නවතා දමන බවට වන දැඩි අධිෂ්ඨානයෙනි.
 
 
p25 1 ‘මම කාමරයට පැන්න ගමන්, සීඅයිඞී එකේ නිලධාරීන් මාව බිම පෙරළා ගත්තා... ඒ මහා රාත‍්‍රියේ මේ වගේ දෙයක් වුණු ගමන් පොලිසියේ අය හොඳටම කලබල වුණා. ඒ එක්කම කේ.එස්. පෙරේරා මහත්තයාත් ඇතුළට ආවා. ඔහු පොලීසියේ කට්ටියට මාව හඳුන්වලා දුන්නා. ඉක්මනට මාව පොලිස්තිතුමා ගාවට එක්ගෙන ගියා. පොලිස්තිතුමා ඒ වෙලාවේ හිටියේ කොන්ෆරන්ස් එකක... රටේ කලබලකාරී තත්ත්වය පිළිබඳව පිරිසක් සමග සාකච්ඡුාවක් පවත්වමින් ඉන්න අතරේ තමයි, මාව එතැනට එක්කගෙන ගියේ.
 
 පොලිස්තිතුමා ඒ සාකච්ඡුාව නතර කරලා, මාව කාර් එකේ දාගෙන, අරලියගහ මන්දිරයට එක්ගෙන ගියා. කේ. එස්. පෙරේරා මහත්තයාත් අපිත් එක්ක ගියා. කේ.එස්. පෙරේරා මහත්තයා තමයි, සීඅයිඞී එකේ, ඒ.එස්.පී... අපි අරලියගහ මන්දිරයට යන කොට ටිරල් ගුණතිලක මහත්තයාත් එතැන හිටියා. ඒ කාලේ සීඅයිඞී එකේ අධ්‍යක්ෂක වෙලා හිටියේ ටිරල් ගුණතිලක මහත්තයා. අපි යනකොට මැතිනිය ඇවිත් හිටියේ නැහැ. අගමැතිතුමිය එනකං, එතැන හිටපු සියලූදෙනාට මම විස්තරේ කිව්වා. මම අරලිය ගහ මන්දිරයෙන්, ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට කෝල් එකක් අරගෙන, මේ සියලූ විස්තර කිව්වා. ‘ඔයා හරියට හරි... බය නැතුව ඔක්කොම විස්තර ටික කියන්න’... කියලා එතුමා මට කිව්වා. ජවිපෙ කට්ටිය විප්ලවය කරලා, ජේ.ආර්. වත් මරන්න හිටියේ... ඒ අය එහෙම කිය කිය ගියා. ඩඞ්ලි සේනානායකවත් මරනවා කිව්වා. කොටහේනේ ගෙදරදී ඒ බවත් කිව්වා. ඒ අතරේ මැතිනි, අරලියගහ මන්දිරයට ආවා. ඒ එක්කම අග‍්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මහත්තයාත් ආවා. ඒ දෙන්නාටත් මම විස්තරේ කිව්වා. ඔබතුමිය බේරගන්නයි, මට ඕනේ කළේ... ඒකටයි මම මගේ ජීවිතය පරදුවට තියලා, මේ වැඬේ කළේ... මට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කිව්වේ, රටේ නායිකාව කාටවත් මරන්න දෙන්න බැහැ... ඒකට ඉඩ දෙන්න එපා කියලයි... කියලා මම අගමැතිතුමියට කිව්වා.
 
p25 3 ‘බොහොම හොඳ පුතා...’ කියලා මැතිනිය මට ඒ වෙලාවේ ප‍්‍රශංසා කළා. විලියම් ගොපල්ලව මහත්තයා මාව අල්ලගෙන ඉම්බා... එතුමා මට කිව්වා ‘පුතා... ඔයා වගේ දරුවෝ තුන්දෙනෙක් ලංකාවට බිහිවුණොත් ඇති කියලා. ආරක්ෂක අමාත්‍ය ලක්ෂ්මන් ජයකොඩි ඇමැතිතුමාත් එතැන හිටියා. අපේ පළාතේ මන්ත‍්‍රී වෙලා හිටපු එස්.කේ.කේ. සූරියආරච්චි ගෙන්වන්න එපා කියලා, මම කිව්වා. මොකද එයාත් අර පැත්තට ටිකක් බරවෙලයි හිටියේ. අනුරුද්ධ රත්වත්තේ, ඩෙන්සිල් කොබ්බෑකඩුව, එහෙමත් එතැන හිටියා. එවලේම යුද හමුදාව බොරැුල්ලටත් රොස්මිඞ් ප්ලේස්වලටත් යවන්න ඒ අය කටයුතු කළා.
 
 ‘මොනවද අපෙන් ඕනේ...’ මැතිනිය, මගෙන් ඇහැව්වා...
 
 ‘මට කිසිම දෙයක් එපා... මේ ඔක්කොම මම කළේ රට බේරගන්නයි...’ කියලා මම එතුමියට කිව්වා.
 
 ‘එහෙනම් අපි, පොලිසිය මාර්ගයෙන් තෑග්ගක් දෙන්නම්‘ කියලා ඒ අය කිව්වා. රුපියල් ලක්ෂ දෙකක් විතර පාස්කරලා දෙන්න තමයි ඒ අය කතා වුණේ... මම ඒකත් එපා කිව්වා. ‘මේ කරපු වැඬේ මම සල්ලිවලට විකුණන්නේ නැහැ. අපේ රට විප්ලවවාදීන්ගෙන් බේරාගන්නයි, මට ඕන කරලා තිබ්බේ... ඒ දේ මම යූඇන්පී කාරයෙක් වශයෙන් කළා. ඔබතුමිය බේරා ගැනීමේ ගෞරවය මට තිබ්බාහම ඒ ඇති...’ කියලා මම මැතිනියට කිව්වා.
 
 ‘ඔයාට දැන් ලංකාවේ ඉන්න බැහැනේ... මම පිටරට රස්සාවක් දෙන්නද...?‘ කියලා මැතිනිය ඇහැව්වා. ‘මම බය නැහැ... මට මේ රටේ ඉන්න පුළුවන්... මට එහෙනම් හමුදාවක රස්සාවක් දෙන්න’ කියලා මම කිව්වා. ඔහොම විස්තර කතා කර කර ඉඳලා මැතිනිය යන්න ගියා. හමුදාපතිවරු කතා කරලා, මට අරලියගහ මන්දිරයේ කාමරයක් දුන්නා. ඒ කාමරයේ ඇඳක් තිබ්බා... මට කෑම බීම සියල්ල හොඳට ලැබුණා. ඒ කාමරයේ මම දවස් පහක් හිටියා. මම අරලියගහ මන්දිරයේ ඉන්න බවට පණිවිඩය ගෙදරටත් දීලා, අපේ ගෙදරටත් ආණ්ඩුව ආරක්ෂාය දීලා තිබ්බා. ‘අර පළාතේ ගහනවා... මේ පළාතේ ගහනවා..’ කියලා රට වටේම පොලිසි සහ හමුදා කඳවුරුවලින් අරලියගහ මන්දිරයට පණිවිඩ එනවා. මගේ කියමන අනුව බෝම්බ හොයන්න ගිය අය ‘ඒ තැන්වල බඩු නැහැ...’ කියලා පණිවිඩ එවලා තිබ්බා. ‘මාව එක්කගෙන යන්න...’ කියලා මම ඒ අයට කිව්වා. ඒ ගමන මාව රහස් පොලිසියේ අය, පොලිස් එස්.අයි. යුනිෆෝම් එකක් අන්දගෙන එක්ගෙන ගියා. අපි ගියේ ඇල්ෆාරෝමියෝ කාර් එකකින්. එහෙම එක්කගෙන ගියහම, මම බඩු තියෙන තැන් පෙන්නුවා... ඒ තැන්වලින් බඩු අහුවුණා. කොටහේන, වනාතමුල්ල, මරදාන, බොරැල්ල කියන තැන්වලින් බඩු අහුවුණා.’
 
 අගමැතිනිය අල්ලා ගැනීම සඳහා සැලසුම් කරන ලද කණ්ඩායමේ පියතිලක, සෝමවංශ ආදී ජවිපෙ නායකයන්ට සිදු වූයේ කුමක්ද යන්න, විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පතිවරයාගෙන් අපි විමසා සිටියෙමු.
 
 ‘ඒ අය, පැනලා ගිහිල්ලා හිටියේ... මේ අයට එදා රොස්මිඞ් මෙහෙයුම කරගන්න බැරි වුණා. බොරැල්ලේ හිටපු කට්ටිය අහුවුණා. අනිත් අය අහුවුණේ පස්සෙ....
 
 මම එන දවසේ මැතිනිය මට හම්බු වුණා... ‘ ඕනෑ වෙලාවක එන්න... ඕනෑ දෙයක් තියෙනවා නම් කියන්න... ඔයාව අපි පොලිසියට   බන්දගන්නම්’ කියලා එතුමිය මට කිව්වා. මම ඒකට කැමැත්ත පළ කළා.
 
 මම ගෙදර ඇවිල්ලා, ජේ. ආර්. ජයවර්ධන මහත්තයාටත් පණිවිඩයක් දුන්නා. මාව පොලිසියට බන්ද ගත්ත එකත් මම ජේ. ආර්. ට කිව්වා. පස්සෙ දවසක ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මටයි, අපේ ගෙදර කට්ටියටයි එතුමාගේ වෝර්ඞ් ප්ලේස් ගෙදරට එන්න කියලා මම කරපු සේවය අගයලා, අපිට තේ පැන් සංග‍්‍රහයක් පැවැත්වූවා. අපි කට්ටියත් එක්ක පොටෝත් ගත්තා. ‘මම ඔයාව අත්හරින්නේ නැහැ... ඔයාට කිසිම කරදරයක් වෙන්න දෙන්නෙත් නැහැ... ඔයාව පොලිසියට දාන වැඬේ මම කරලා දෙනවා’ කියලා එතුමා මට කිව්වා. ඊට ටික දවසකට පස්සෙ මාව උප පොලිස් පරීක්ෂකයෙක් විදිහට පොලීසියට බඳවා ගත්තා. මාව පොලීසියට බඳව ගන්නවාට, ආණ්ඩුවේ හිටපු මන්ත‍්‍රීවරු විරුද්ධ වුණා. ඒ කිසිම දෙයක් පොලිස්පති ස්ටැන්ලි සේනානායක ගණන් ගත්තේ නැහැ. ‘දරුවෝ... ඔයාව පොලිසියට
 
 ගන්න බැරි නම්, මගේ කොන්ද මොකටද...?’ කියලා ස්ටැන්ලි සේනානායක මහත්තයා මාව පොලිසියට බඳවා ගත්තා.
 
 ලයිටර්වලින් පුච්චලා මට දස වධ දුන්නා.... රොස්මිඞ් මෙහෙයුම ගැන සෝමවංශ කියපු කතාව
 
p25 5 71 අපේ‍්‍රල් 5 කැරැල්ලේදී සෝමවංශ අමරසිංහ වෙත නියම වී තිබුණේ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රොස්මිඞ් පෙදෙසින් පැහැරගෙන යෑමේ කණ්ඩායමේ දෙවැනි නායකත්වය සහ අගමැතිනිය පැහැරගෙන යන රිය පැදවීම යන කාරණාය. බොරැල්ලේ රිට්ස් සිනමා ශාලාව අසල වසර 1971 අපේ‍්‍රල් 04 වැනිදා රාත‍්‍රී 10.30 වන තෙක් රොස්මිඞ් ප‍්‍රහාරයට එක්වීමට සෝමවංශ, බෝම්බ බෑගයක් රැගෙන සිටියද අන් කිසිදු නායකයකු සහ සාමාජිකයකු එහි නොපැමිණීම හේතුවෙන් කුලී රථයක නැගුණු සෝමවංශ, කොටහේනේ නවාතැන්පළ වෙත පැමිණියේය. අගමැතිනි බණ්ඩාරනායක පැහැර ගැනීමේ ප‍්‍රහාරයට එෙඬ්රමුල්ලේ සරත් සහ රාජා, සෝමවංශ අමරසිංහ, නිමල් ඇතුළු කිහිප දෙනෙක් සම්බන්ධ වී සිටියහ. මේ සියලූදෙනා සහ අපේ‍්‍රල් 5 වැනිදා රාත‍්‍රියේදී සෝමවංශ අමරසිංහ ද අත්අඩංගුවට ගනු ලැබීය. එම පිරිස තදබල වධ හිංසාවන්ට එහිදී ලක්විය. 71 අපේ‍්‍රල් කැරැල්ලේ මහ නඩුව සමග තවත් පරීක්ෂණ නඩු 140ක් විභාග කළ අතර එහි දෙවැනි නඩුව වූ රොස්මිඞ් පෙදෙස නඩුවේ 3 වැනි විත්තිකරු වූයේ සෝමවංශය. ඔහු වැලිකඩ සිරගෙදර එච්. වාට්ටුවේ රඳවා තැබිණි. 2013 අපේ‍්‍රල් හත්වැනිදා දිවයින පුවත්පත විසින් ‘71 කැරැල්ලේ සෝමවංශ අමරසිංහගේ භූමිකාව පිළිබඳව සාකච්ඡුාවක් සිදු කළේය. එඩිසන් ගුණතිලක මහතා විසින් දිගහරින මතකයේ අනෙක් පැත්තේ එදා සෝමවංශ අමරසිංහ විසින් හෙළි කර තිබුණේ මෙසේය.
 
 ප‍්‍රශ්නය - හැත්තෑ එකේ නැඟිටීම නැත්නම් කැරැ ල්ලේ අරමුණ වූයේ කුමක්?
 
 පිළිතුර - එහි මුඛ්‍යාර්ථය මම ඉතාම කෙටියෙන් කියන්නම්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ සාධාරණත්වය ස්ථාපිත නොවූ ශ‍්‍රී ලංකාව තුළ එය තහවුරු කිරීමයි අරමුණ වුණේ. ඒ හැර වෙනත් කිසිදු පුද්ගලික අරමුණක් හෝ බලය පිළිබඳ අරමුණක් තිබුණේ නෑ.
 
 ප‍්‍රශ්නය - එදා පක්ෂ නායක රෝහණ විජේවීර විසින් ඔබටත් භාරදූර වගකීමක් පැවරුවා.
 
 පිළිතුර - ඔව්. භාරදුන්නා. ඒක අහපු එක හොඳයි. ඇත්තටම මම දැනන් හිටියේ නෑ මට කරන්න තිබූ කාර්යභාරය. එය ප‍්‍රශ්න කරන්න අපිට බැහැ. විප්ලවවාදියකුට එහෙම ප‍්‍රශ්නයක් නෑ. මේ දේ කළ යුතුයි කීවාම එය කළ හැකිය යන්න සහතික කිරීමට අපි බැඳී ඉන්නවා. පසුව තමයි දැනගත්තේ එවක අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අත්අඩංගුවට ගැනීමයි මට පැවරී තිබූ කාර්යය කියා. එය දැන ගත්තා නම් මම ඊට සහභාගි නොවන බව නොවේ මේ කියන්නේ. අරමුණ වෙනුවෙන් අපට කුමන වැඩ කොටසක් පැවරුවත් අපි එය ඉටුකරන්න බැඳී සිටිනවා.
 
 ප‍්‍රශ්නය - හැත්තෑ එක වකවානුවේදී එවක අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ හොඳක් ඔබ දැක්කෙ නැද්ද?
 
 පිළිතුර - අපෝ දැක්ක. ඒ නිසා තමයි ඉතිහාසය හරියට කතා කළ යුතුයි කියන්නේ. එතුමියව අත්අඩංගුවට ගැනීමට සිටි කණ්ඩායම් කෙනෙක් මම. බණ්ඩාරනායක මහතාගේ දේශපාලන දැනුම සහ එතුමියගේ දේශපාලන දැනුම වෙනස්. ගෘහණියක් එකපාරටම අගමැතිනිය වුණා. ඒ දේශපාලනය ඉගෙන ගෙන නොවේ. එතුමිය තමන් නොදන්න පැත්ත ගැන දැන හිටියා. එතුමිය ඉගෙනගත් දේ තුළ තිබුණා තමන් දන්නා තරම ගැන. එම නිසා එතුමිය උපදේශකයන් තබා ගත්තා. සමහර උපදේශකවරු රටට ආදරය කරන අය. ඒ උපදේශකයන් අමතක කළ සෑම අවස්ථාවකදීම ඇය පරාජයට පත්වුණා. හොඳ විදේශ ප‍්‍රතිපත්තියක් එතුමියට තිබුණා. එන්. කිව්. ඩයස් මහතා එතුමියට උපදෙස් දුන් එක් අයෙක්. ඒ වගේම රටට ආදරය කරන උපදේශකවරු හිටියා. සිරිමා ශාස්ත‍්‍රි ගිවිසුමට අදාළ සාකච්ඡුාවේදී අද වගේම ඉන්දියාව ආධිපත්‍යය පතුරුවන්න ගත්තා. මේ අය එක්ක සාකච්ඡුා කරලා වැඩක් නෑ කියලා එතුමිය සාකච්ඡුා මේසයෙන් නැගිට ගියා. ඒවා අපේ රටට ගෙන ආ ජයග‍්‍රහණ. ජ. වි. පෙ මර්දනය කළා. ඇත්ත. ඒ ගැන අපි එතුමියට දෝෂාරෝපණය කරන ගමන්ම කියනවා ජවිපෙ නැගිටීම හේතු කරගෙන තමයි ඉඩම් ප‍්‍රතිසංස්කරණ ගෙන ආවේ කියා. එතුමියගේ කෘෂිකර්ම ඇමැති ඒ බව කිව්වා. අපිට ත‍්‍රස්තවාදීන් කියා කියූ කටින්ම එතුමිය කිව්වා. ජ. වි. පෙ මේ ළමයි රටටම ආදරය කරන අය. ඔවුන් නිදහස් වී ආවාම පිළිගන්න කළ යුතු සැලකිලි කරන්න කියලා. ඒ වගේම ජ. වි. පෙ. සමග සාකච්ඡුා කර එ. ජා. ප දුර්දාන්ත පාලනය නැති කළ යුතුයි කියා එතුමිය යෝජනා කළා. ඒ එකඟවීම හොඳ පැත්තක්.

හැත්තෑ එකේ අපේ‍්‍රල් 05 මාව අත්අඩංගුවට අරගෙන දවස් දාහතරක් පොලිසියේ තියාගෙන පහර දුන්නා. ඇඳුම් ඉරා දමා දිය යුතු වධ තිස් දෙකක් දීලා ලයිටර්වලින් පුච්චලා මාව අරලියගහ මැඳුරට රැුගෙන ගියා. එදා ඇමැතිවරු ගණනාවක් සමග අගමැතිනිය සාකච්ඡුාවක්. ජ. වි. පෙ අය හිතන පතන ආකාරය තේරුම් ගැනීමට මේ සාකච්ඡුාව පැවැත් වූ බව පසුව මම තේරුම් ගත්තා. පහර දී වධ දුන් සැකකරුවකු ලේ පෙරාගෙන තමන් ඉදිරියට ගෙන්වා ගැනීම රටේ පාලකයෙක් නොකළ යුතු දෙයක්. ඒක වරදක්. ඉන් තම තත්ත්වය රැුකෙන්නේ නෑ. මෙය මම අපරාධ යුක්ති විනිශ්චය කොමිසමේ සාක්කි දෙමින් කියද්දී සම්භාවනීය පිරිසක් පිළිබඳ ඉතා නරක අදහස් ඇති වන නිසා එහි සභාපති එච්. එන්. ජී. ප‍්‍රනාන්දු මහතා මට එය කියන්න ඉඩ දුන්නේ නෑ. අගමැති ප‍්‍රමුඛ ඇමැතිවරු හමුදාපතිවරු, පොලිස්පති එතැන හිටියා. එදා අරලියගහ මැඳුරට මාව ගෙන්වූ අවස්ථාවේදී මට යමක් බොන්න ගෙනැවිත් තිබුණා.
 
 ඒ මට ගෙනා භාජනවලම තමයි අගමැති සහ ඇමැතිවරුන්ටත් ඒ පානය ගෙන ආවේ. ඒක හොඳ දෙයක්. හිරකාරයටත් එසේ සැලකීම. මම ලේ පෙරමින් ඉතා අපහසුවෙන් හිටියේ. ඒ වගේම අප‍්‍රසාදයෙන් හිටියේ. මම බිව්වේ නෑ. අගමැතිනි ඇහුවා ‘ ඕක බොන්නෙ නැත්තේ. ඔය තේ නොවේ. ඔයාලා විරුද්ධ තේවලටනේ ඕක කෝපි එකක්. බොන්න, බොන්න කියලා. කටට පයින් ගහලා කට හැම තැනම තුවාල වෙලා. මට කන්නත් බෑ. බොන්නත් බෑ. අනෙක මම ආවේ තේ පැන් සංග‍්‍රහයකට නොවේ කියා මම කිව්වා. ඉතිහාසය වෙනස්වෙන හැටි බලන්න. ඊළඟට දුර්දාන්ත ආණ්ඩුවක් පෙරළන්න සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට අප සමඟ එකට සාකච්ඡුා කරන්න සිද්ධ වුණා. එහෙම සාකච්ඡුා කරන්න එකඟවීමම ඇගේ වටිනා තීන්දුවක්. ඉතිං තවත් ඕනෑ තරම් කියන්න දේ තියෙනවා. දිග වැඩි වේවි. අනාගතයේ දවසක ලියමු. ඒ අපේ ලොකුකම කියන්න නොවේ. ඉතිහාසය නිවැරදි කළ යුතු නිසා. මම ඔක්කොම ඉදිරි දවසක කියන්නම්. යළිත් කිව යුතුයි මැතිනිය තමන්ගේ දේශපාලන දැනීමේ අඩුපාඩුව හොඳින් තේරුම් අරගෙන උපදෙස් ගත් කෙනෙක්. ඇයව අමාරුවේ දැමූ උපදේශකවරුත් හිටියා. ඒක ධනේෂ්වර ක‍්‍රමයේ ප‍්‍රතිඵලයක්.

p25 6 එස්. වී. ඒ. පියතිලක
 මහ නඩුවේ 1 වැනි විත්තිකාරයා වූ සමරරත්න විතානආරච්චිගේ පියතිලක, කඳාන, මහබාගේ, කෙරඟපොකුණ, වැලිවලසිංහ පාරේ පදිංචි වී සිටියේය.
 
 දෙමටගොඩ ශාන්ත අන්තෝනි පාසල,  දෙමටගොඩ ශාන්ත ජෝන් පාසල, ගාල්ල ඇතිලිගොඩ රජයේ පාසල, දෙමටගොඩ ගාමිණී විද්‍යාලයේ සහ කොළඹ නාලන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහුගේ පියා නැව් සඳහා බඩු බාහිර ආදිය සපයන්නෙකි. චීන පිළේ ප‍්‍රාදේශීය නායකයින්වූ පියතිලක සහ ලොකු අතුල, විජේවීර සමඟ එක්වූයේ 1965 අවසානයේදීය. ශිෂ්‍ය අංශය භාරව සිටි පියතිලක 1971 අපේ‍්‍රල් 5 කැරැුල්ලේ සටන් තීන්දුව ගැනීමට 1971 අපේ‍්‍රල් 2 වැනිදා  ගංගොඩවිල සංඝාරාමයේදී රැුස්වූ 9 දෙනාගේ නායකත්ව මණ්ඩලයේ මුලසුන දැරීය. යාපනය සිරගෙදරින් විජේවීර මුදා ගැනීම සඳහා එක්වන බව කියමින් අපේ‍්‍රල් 5 වැනිදා අලූයම 1.00 ට කොළඹින් විලච්චියේ අනෝමදස්ස හිමි සමඟ අනුරාධපුරයට ගිය, ඔහු පසුව පුලියන්කුලම කැලෑවට ගොස් හිස මුඩුකොට සිවුරක් දමා මහණ වෙස්ගෙන අනෝමදස්සි හිමි සමඟ පුලියන්කුලමේ වැලිමලූ විහාරයේ සැඟවිණි. කැරැුල්ල අසාර්ථක ප‍්‍රයත්නයක්වීම නිසා, කොළඹ ප‍්‍රදේශයේ කඩයක සැඟවී සිටියදී 1971 ජුලි මස අත්අඩංගුවට ගන්නා
ලදී. නිදහස ලැබීමෙන් පසු සිය ව්‍යාපාර කරගෙන ගිය පියතිලක දේශපාලනයෙන් සමුගත් අතර ‘හිමගිරි අරණ’ ටෙලිනාට්‍ය සහ පෙම් රජදහන’ නම් සිනමා පටය නිෂ්පාදනය කළේය. එම චිත‍්‍රපටියේ සාජන්වරයකුගේ චරිතයට ද ඔහු පණ පෙවීය. දරුවන් පස්දෙනකුගේ පියෙකුවූ ඔහු ඉඩම් ආරවුලක් මත ඇතිවූ ගැටුමක් හේතුවෙන් 1995 දී සාහසිකයකුගේ පිහිපහරකට ලක්ව අකල් මරණයකට ගොදුරු විය.
 
අතුල නිමලසිරි ජයසිංහ
 
 p25 4ලොකු අතුල යන අන්වර්ථ නාමයෙන් ජවිපෙ තුළ හඳුන්වන ලද විජේමුනි දේවගේ නිමලසිරි ජයසිංහ, අසාර්ථක වූ කැරැුල්ලට එරෙහිව පවරන ලද නඩුවේ 6 වැනි විත්තිකරු වී, පසුව රජයේ සාක්ෂිකරුවකු විය. කඩවත ගෝනහේනේ උපන් ඔහු පස්දෙනකුගෙන් යුත් පවුලක වැඩිමලා විය.
 
 පියා ලංගම රියැදුරු පුහුණු උපදේශකයෙකි. කිරිල්ලවල සහ ගම්පහ රාහුල විදුහල්වලින්ද, මරදානේ ස්ටැපඞ් විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලැබූ ලොකු අතුල 1965 දී පියතිලක විසින් ජවිපෙට බඳවාගෙන තිබුණි. ජවිපෙ දේශපාලන මණ්ඩලයේ විජේවීර ඇතුළු ඉහළම නායකයන්  4 දෙනාගෙන් එක් අයකු වූ මොහු ආයුධ අංශය භාරව සිටියේය. ලොකු අතුල අපේ‍්‍රල් 5 වැනිදා රාත‍්‍රි කෑගල්ල පොලිසියට පහරදීමට ගිය ද පැවති තත්ත්වය අනුව පසුව එය අවලංගු කොට අපේ‍්‍රල් 29 වැනිදා බලපත්තාවට එක්වී විල්පත්තුවට පසු බැස්සේය. කැරැුල්ලේ ක‍්‍රියාකාරිනියකවූ ධම්මිකා සමග ඔහු අවාහ විය. ඇය, කැරැුල්ලේ 12 වැනි විත්තිකරු වූ ටී. ඞී. සිල්වාගේ වැඩිමහල් දියණියයි.
 
 ශ‍්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරයකුව සිට 1994 පාර්ලිමේන්තුවට පත්වූ ලොකු අතුල, චන්ද්‍රිකා කුමාරතුංග රජයේ විදුලිබල නියෝජ්‍ය ඇමැතිවරයා වශයෙන් ද කටයුතු කළේය. පසුව ලෝහෝර් ආර්යා අරමුදලේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ අතර 2014 නොවැම්බර් 29 දා රාත‍්‍රී අරලියගහ මැඳුරේදී මිය ගියේය.

 


විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles