Divaina - මගේ තාත්තාව ගොඩගන්න මං අදත් ගොඩාක් වියදම් කරනවා... විචිත‍්‍ර ධර්ම කථික බොරැල්ලේ කෝවිද හිමි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sd30 1බොරැල්ලේ කෝවිද හිමි කියූ සැණින් අප මතකයට එන්නේ මේ රටේ අංක එකේ විචිත‍්‍ර ධර්ම කථිකයෙකි. ‘මධුරභාණි’, ‘පුෂ්පභාණි’ මේ බණවර අද ‘බෞද්ධයා’ චැනලයේ දහස් ගණනින් අසන්නට තිබේ. ‘මධුරභාණී’ යනු කනට මී පැණි වගේය යන්නයි. ‘පුෂ්පභාණි’ යනු ඒවා මල් මෙන් සුගන්ධවත් බවයි. පිරිසිදු බුදු බණක් දෙසන බුද්ධ පුත‍්‍රයකු ‘නේලා’, ‘කණ්ණසුඛා’, හදයංගමා’ ‘බහුජන කන්ථා’, ‘බහුජන මනාපා’ යන ගුණාංගයන්ගෙන් පෝෂිතව බණ දෙසිය යුතු වග ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
 
 ‘නේලා’ යනු බුදුරදුන්ගේ දහම ඉතා සියුම්ව නම්‍යශීලීව දේශනා කිරීමයි. එහි ගොරහැඩි ඒකාධිකාරී ආඥාදායක ස්වරූපයක් නැත. ‘කණ්ණසුඛා’ යනු අසන්නාගේ කනට මේ බණ පද ඉතාම මිහිරි එමෙන්ම හිත සෞම්‍ය කරන්නක් විය යුතුය යන්නයි. ‘හදයංගමා’ යනු හදවතට පි‍්‍රය උපදවන සේ පමණක් දේශනා කළ යුතු බවයි. බහුජනකන්ථා’ යනු සිතට ගතට සතුට වඩන එසේම බොහෝ දෙනාගේ හිත සුව පිණිසම එමෙන්ම ඒ අයට සේවයක් පිණිසම බණ දේශනා කළ යුතු බවයි. ‘බහුජන මනාපා’ යනු බොහෝ දෙනාගේ මනාපය කැමැත්ත සලකාගෙන කාලීනව බණ කීමය.
 
 මෙහි එන තවත් එක් ලක්ෂණයක් බුදුරදුන් ප‍්‍රතික්ෂේප කැර දක්වා තිබේ. ඒ පෝරි යන්නයි. පෝරි කියන්නේ ඇනුම්පද, අනවශ්‍ය කතා, ඕපාදූප, කැත වචන බණ වලදී කතා නොකළ යුතුය යන්නය. පිරිසිදු බුදුදහමට අනුගතව මිස කැත වචන බොළඳ වචන කතා කිරීම අප
 
 හිමියන්ගේ ද සිරිත නොවේ. කෝවිද හිමියන් ගුවන්විදුලියට, රූපවාහිනියට මතු නොව රටේ විවිධ ධර්මාසනවලට ද නැතිවම බැරි වී ඇත්තේ ඒ නිසාය. ‘දිවයින අපේ තාත්තා’ සාමීචියට අද වැඩමවන බොරැුල්ලේ කෝවිද හිමියෝ කිසිම තැනක කිසිවකුටත් නොකී මේ ‘තාත්තාගේ කතාව’ අපට අව්‍යාජවම දේශනා කරති. ඒ කතාව කියවීමෙන්ම ඔබට උන්වහන්සේගේ අවංක බව, නිහතමානී බව, නොසඟවන සැබෑ ගුණය හොඳින් ප‍්‍රකට කරනු ඇත.
 
 * පොල් අතු ගෙයක්
 
 මගේ තාත්තගෙ නම මුත්තයියා පරමේෂ්වර. එතුමා මලයාලි ජාතිකයෙකි. දන්න කාලේ ඉඳන්ම දක්ෂ සූපවේදියෙක්. දෙමටගොඩ කොළඹ 09 රාකට්ටාවත්තේ අප පදිංචිංව සිටියේ. දැන් මේ රාකට්ටාවත්ත පැත්ත බොහොම වෙනස්. ඒ කාලෙ එක දිගට තිබුණු ගෙවල් පේළියක ලෑලිවලින් ගහපු පොල්අතු සෙවිලි කළ කුඩා ගෙයක් තාත්තට තිබුණෙ. අම්මත් මේ රාකට්ටාවත්තෙම පදිංචිව සිටි කෙනෙක්. එතුමියගෙ නම පෙරුමා. දෙන්නම එක වත්තෙ නිසා නිතර දකින්න ලැබුණා. දැන හඳුනාගෙන තියෙනවා. දෙදෙනා අතර පේ‍්‍රම සම්බන්ධයක් ඇතිවෙලා.
 
 ඒත් දෙපාර්ශ්වයේම කට්ටිය කැමැති නෑ. ඒ නිසා දෙන්න හොරෙන් පැනල ගිහිල්ල තැන් තැන්වල කුලියට ඉඳල තියෙන්නේ. ඒ කාලෙ පුදුමාකාර කට්ටක් කාල තියෙනවා. ඊට පස්සෙ දරුවන් හම්බවුණාම හිමින් සැරේ නැවත වත්තට ඇවිත්. පවුලෙ වැඩිමලා මම. මගේ ගිහි නම මුතුකුමාරණ. ඊළඟට මල්ලි ශෂිකුමාර. අද එයා මැදපෙරදිග ඉන්නෙ. ඊළඟට නංගි ශාන්ති. දැන් කසාද බැඳල දරුවන් 3 දෙනෙක් ඉන්නවා.
 
 * පස්දෙනා පස් තැනක
 
 රාකට්ටාවත්තෙ කුලී ගෙයක අපේ පුංචි පවුල හොඳින් හිටියෙ අවුරුදු 10 ක 11 ක විතර කාලයක්. නංගි ඉපදිලා අවුරුද්දකට විතර පස්සෙ අම්මා ‘ ඕමාන්’ රටට ගියා ගෘහ සේවිකාවක් වශයෙන්. තාත්තා සුපවේදියෙක් වශයෙන් මරදානේ රෑ කඩවල වැඩ කළ නිසා නංගිත් අපෙ පවුලෙ අනිත් දරුවනුත් තනි කරලා දාලා තාත්තට රස්සාවට යන්න බෑ. ඒ නිසා දරුවන් තුන් දෙනා තුන් තැනකට ගෙන ගියා. අම්මාත් තාත්තාත් තවත් තැන් දෙකක. පවුලෙ පස්දෙනාම පස් තැනකට විසුරුණා. නංගිව දුන්නා තාත්තගෙ නංගි ළඟට. මාව දුන්නා තාත්තගෙ මල්ලි ළඟට. මල්ලිව තාත්තගෙ අයියා ළඟට දුන්නා. තාත්තගෙ පවුලෙ දරුවන්ම 11 ක් හිටියා. අපේ සීය (තාත්තගෙ තාත්තා*, තාත්තයි ඊළඟ බාප්පයි ඉපදුණාට පස්සෙ මිය ගිහින්. ආචිච් දෙවැනි විවාහයක් කර ගත්තා. ඒ කේරළයෙන් ආපු පාලම්පිල්ලෙයි කියලා කෙනෙක් එක්ක. ඊළඟ දරුවෝ 9 දෙනාම ඒ පාලම්පිල්ලෙයිගේ.
 
 * චන්ඩි පාට්
 
 එතැනින් බප්පා යටතේ තාත්තා හැදුණු නිසා එයා හුඟක් දඩබ්බර විදියට හැදුණා. පාසල්වලින් කට්ටි පැනලා රවුම් ගහන චණ්ඩි පාට් එකෙන් ජීවත්වන කෙනෙක් වුණා. බොහොම උස මහත ආරෝහ පරිණාහ දේහයක් තිබුණු ඇෙඟ් පච්ච කොටලා තිබුණු කෙනෙක් අපේ තාත්තා. යටි රැුවුල කරකවලා, උඩු රැුවුලත් අමුතුම විදියට තියාගත්ත එතුමා කාටවත් බය ඇති කෙනෙක් නම් නොවෙයි. මුත්තයියා එනවා කිව්ව නම් කට්ටිය ‘නිල්’ වෙනවා. එතුමාගේ විනෝදාංශය තමයි මල් පැළ වැවීම හා සුරතල් මාළුන් හදන එක. තත්තා අම්මා විදේශගත වූ මුල් කාලෙත් අපව හොඳට බැලූවා. එයා දරුවන්ට ආදරෙයි.
 
 * නියපොත්ත පවා මදිනවා
 
 වත්තෙ පොදු නාන ළිඳක් තියෙනවා. තාත්තා අපි තුන්දෙනා පෝළිමට එක්ක යනවා මේ ළිඳ ළඟට. ළිඳ ළඟ හිටවලා වතුර ඇදලා එක් එක්කෙනා නාවනවා. කුණු අතුල්ලන්නෙ පුදුම විදියට. නියපොත්ත පවා හොඳට මදිනවා. හොඳට නාවල, පිරිසිදු කරල, අපට අන්දල, මෙතුමා අප රැුගෙන යන්නෙ ෆොටෝ සාප්පුවට. මාස තුනකට සැරයක් පින්තූර ගන්නවා. පිටරට ඉන්න අපේ අම්මට මේ පින්තූර යවන්නයි එතුමා එහෙම කරන්නෙ කියලා අපට දැනුණා. හැබැයි, එයාගෙ පින්තූර ගන්නෙ නෑ. පින්තූර ගත්තම ආයුෂ අඩු වෙනවා කියලා වැරැුදි මතයක් එයාට තිබුණා. අපේ පින්තූර ගත්තේ අම්මගෙ ඉල්ලීමට කියල හිතෙනවා.
 
 * වෙනිවැල්ගැට කෝප්පය
 
 හැම සෙනසුරාදාම තාත්තගෙ නියමයක් තියෙනවා. එතුමා උදේ පාන්දර වෙනිවැල්ගැට මුට්ටියක් තම්බල අරගෙන විශාල කෝප්ප තුනකට දාලා අපට කියනවා බොන්න කියලා. එයා කලින්ම එකක් බීල එන්නේ. වේවැලක් අතට අරගෙන අපට වෙනිවැල්ගැට බොන්න කියනවා. මේක තද තිත්තයි. අප බොන්න හොර නිසයි එතුමා වේවැල ගන්නෙ. කොහොම හරි බොන්න ඕනෑ. නැත්නම් වේවැල් පහර. මෙතුමා අපට ප‍්‍රතිශක්තිය ඇති කරන්න මේවා දුන්නද? මේවා ගැන දැනහිටිය ද අප දන්නෙත් නෑ. අපට වමනය එනවා. ටිකක් ඉඳලා බොන්න ඕනෑ. සීනි ටිකකුත් දෙනවා. නෙල්ලි පානයකුත් සාදලා දෙනවා. ඒක නම් පුදුම රසක්.
 
 * කොත්තු රොටි
 
 මේ පොල් අතු ගෙදර (වටේට ලෑලි ගහපු) මැද මේසය උඩ එතුමා උදේට ලිප හදලා කොත්තු රොටි හදනවා. එළවළු රොටි, පැණි ආප්ප හදනවා. ඒවා දරුවන්ට දෙනවා. ?ට කලින් ආවොත් බුරියානිත් හදල දෙනවා. තාත්තගෙ පරපුරම සුපවේදියෝ. කෑම රසට හදන්න පුළුවන්.
 
 මෙයා පන්සල් පල්ලි කෝවිල් මොනම තැනකටවත් යන්නෙ නෑ. ඒ අත් දෙක එකතු කරල කාටවත් වඳින්නෙ නෑ. එහෙත් ගෙදර දිග ලෑල්ලක් ගහල විෂ්ණු, කතරගම, සරස්වතී ආදී දේව රූප තියලා ඒ මැද්දෙ ඒවාට සමානවම බුදුන්ගේ රූපෙත්් තියලා පොල්තෙල් එහෙම දීලා පහනක් පත්තු කරපන් කියලා අපට නම් කියනවා.
 
 * පහන ගිනි අරන්
 
 එක දවසක් මෙහෙම පහන පත්තු කරල තිබියදී එතුමා වැඩට ගියා. රාති‍්‍රයේ පහන වැටිලා පොල්අතු ගේ ගිනි ගත්තා. අපි තුන්දෙනා බේරුණේ නූලෙන්. ගේ ගිනි ගත්ත නිසයි තාත්තා අපව තුන් පළකට දැම්මෙ. අම්මා රට
 
 ගියාම තාත්තට සල්ලි එවනවා. පාප මිත‍්‍රයොත් එකා දෙන්නා ආවා. ? වැඩ නිසා සමහර විට දහවල්  1 - 2 වෙනකම් තාත්තා තනියෙන්මනෙ ගෙදර. ඒ නිසා පාප මිත‍්‍රයෝ එක්ක නරක දේවලටත් ඇබ්බැහි වුණා. එයා අරක්කු බොනවා නම් කමක් නෑ. ඊටත් එහා මත්ද්‍රව්‍ය මෙයා පාවිච්චි කළා. අම්ම එවන සල්ලිවලින් මේක ජයටම කෙරුණා.
 
 මං මුලින්ම අකුරට ගියේ දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලයට. සාමාන්‍ය පෙළ දක්වා මං එහි අධ්‍යාපනය හැදෑරුවා. කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවොත් ගිහි කාලේ ඉගෙන ගත්තේ ඒ ඉස්කෝලෙ.
 
 * සැලකිල්ල වෙනස්
 
 ගේ ගිනි ගත්තට පස්සෙ ගේ නැවත හදාගන්නකම් තාත්තා නිදාගෙන තියෙන්නෙ කඬේ. මාව බාප්පලගෙ ගෙදරට දුන්නනෙ. ඒක හරිම දුෂ්කරයි. බාප්පටත් දුල දෙන්නෙක් හා එක පුතෙක් ඉන්නවා. මේ දරුවන්ට ලැබෙන සැලකිල්ලයි මට ලැබෙන සැලකිල්ලයි වෙනස්. අම්මා පිටරට ඉඳන් සල්ලි එව්වත් අවුරුද්දකට වුණත් ඒ අයට හො`ද කලිසම් මහන විට මට ලැබෙන්නෙ අඩු සැලකිල්ලක්. ගෙදර වැඩ කරන්නෙ මමයි. සතියකට සැරයක් පිටකොටුවට ගිහින් ලොකු බඩු මල්ලක් ගෙදරට ගෙනෙන්න ඕනෑ 152 බස් එකෙන්. බඩු ටික අරන් ගෙදරට එනකොට හෙම්බත්. උදේට නැඟිට්ටමත් ගොඩක් වැඩ කරලා මං පන්ති යන්නේ.
 
 * කී‍්‍රඩා කරලා නෑ!
 
 මං අර වැඩ ටික කරලා පයින්ම ඉස්කෝලෙට එනවා. ඒක නම් වැඩිදුරක් නෑ. මං ඉස්කෝලෙ කැපිල පෙනෙන දීප්තිමත් ශිෂ්‍යයෙක්. ගුරුවරුත් මට ආදරෙයි. ඇයි, පාසලේ බාහිර අභ්‍යන්තර ඕනෑම වැඩසටහනකට මාත් ඉන්නවනෙ. ශිෂ්‍ය නායක තනතුරකුත් තිබුණා. විදුහල්පතිතුමා ජයන්ත මොහොට්ටාල මහත්මයා. මගෙ ඉගෙනීමට තල්ලූවක් දුන්නා. එතුමා මගේ ප‍්‍රශ්නය දන්නවා. ඒ නිසා මා රැුකබලා ගන්නවා. තාත්තා නම් කවරදාවත් මා බලන්න ඉස්කෝලෙ ළඟට ආවෙ නෑ. ගුරුවරු 45 ක් හිටියා. එල්ලෙ, කි‍්‍රකට් මේ වගේ කී‍්‍රඩා තිබුණත් මං මොනම කී‍්‍රඩාවක්වත් කරලා නෑ. ඒකට මට වෙලාවකුත් නැ. ඒ ආම්පන්න ගන්න පුළුවන්කමකුත් නෑ.
 
 * අරක්කු ගෙනෙන්
 
 හිටි ගමන් බාප්පා එයාට අරක්කු ගේන්න කියනවා. ඒකත් කරලා දෙනවා. එයා හාවො හැදුවා. ඒ හාවන්ට කන්න දෙන්න (මං ඉස්කෝලෙ යන්න ඉස්සර වෙලා) කීර කොටුවක් තිබුණා ඒකට ගිහින් කීර ගේන්න ඕනෑ. ඊට පස්සෙ සමහර විට උදේට කඩෙත් යනවා. ඊට පස්සෙ පාසල් යන්නෙ. මේවා නොකෙරුණොත් ඉතින්, බැනිලි දඬුවම් අඩුවක් නෑ. තාත්ත එක්ක ඉන්නකොට එයා දවල් වෙනකම් නිදාගත්තත් නැඟිට්ටම කෑම ටික වෙලාවට දෙනවා. වැඩත් ඇත්තෙ නෑ. සවස 3 ට අපට
 
 තාත්තගෙන් ලැබෙන තේ එක මට තවම මතකයි. පුදුම රසයක්. ඇන්කර් නෙස්ටමෝල්ට් මෙවා කලවම් කරල හදන්නේ. ඊට පස්සෙ තාත්ත කියනව අම්මට ලියුමක් ලියන්න කියලා. මාත් ලියනවා. තාත්ත අකුරු දන්නෙ නෑ. අම්මා ඕමාන් රටේ දැන් අවුරුදු 30 කට වැඩියි. දැනටත් එහෙ. ඒ ගෙදර නෝනා වයසයි. එතුමිය මැරෙන තුරු අම්මට යන්න එපා කියල නවත්වාගෙන ඉන්නේ. අම්මගෙ වැඩ හොඳ නිසා ඒ ඉල්ලීම කරල අම්මව ආයිත් ගෙන්න ගත්තේ. ගේ ගිනිගන්න ඉස්සරින් අම්මා වතාවක් ලංකාවට ආවා.
 
 * ශත පහක්වත් නෑ
 
 ඇවිත් බලනකොට එවපු සල්ලි ශත පහක්වත් තාත්ත ඉතිරි කරලා නෑ. අම්ම කලකිරුණා. තාත්තත් යාළුවෝ එක්ක නරක මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වෙලා බව දැනගත්තා. ඒ අතරේ එහෙන් දෙවැනි වරට කැඳවා ගත්තේ. කලකිරීම් නිසා අම්මා ගියා.
 
 තාත්තා ටිකක් චණ්ඩි පාට් එකෙන් හිටපු කෙනෙක්. වත්තෙ දඩබ්බර ලොකු කොල්ලො අපේ මිදුලෙ බෝල ගහනවා, එල්ලෙ ගහනවා. අපිත් කුලියටනෙ ඉන්නේ. කතා කරන්නත් අමාරුයි. එක පාරක් බෝලය අපේ ගේ ඇතුළට ආවා. තාත්තා ඒක පිටුපස දොරෙන් ඈතට විසි කළා. කොල්ලෙක් ඇවිත් බෝලය ඉල්ලූවා. තාත්ත රවලා බැන්නා. මං කීවා බෝලය පිටුපස දොරෙන් එළියට ගියා කියලා. තාත්තා ඒක කීවා කියල මට ටොක්කක් ඇන්නා.
 
 * ආනමාලූ සංග‍්‍රහය
 
 දවසක් මං ආනමාලූ කෙසෙල් ගෙඩියක් ලෙලි ගහල කාල ලෙල්ලෙ තියෙන රැුල් කෙඳි වගේ දේත් කකා හිටියා. තාත්තා මේක දැක්කා. තාත්තගෙ යාළුවෙකුත් දැක්කා. තාත්තා මට රවාගෙන හිටියා යාළුවා යනකම්. තාත්තා ඊට පස්සෙ කඬේට ගිහින් ආනමාලූ ගෙඩි 25 ක් 30 ක් ගෙනාවා ලොකු ගෙඩි. පැදුරක් එලලා වාඩි කරවලා ඔක්කොම කාපන් කියලා අර ගෙඩි ටික පැදුරෙ තිබ්බා. වේවැල අතට ගත්තා. නොකෑවොත් දැන් නඩුවක්. මං අමාරුවෙන් ගෙඩි 8 ක් 10 ක් කෑවා. ඊළඟ ටික කවන්න දැ`ගලූවත් කන්න බෑ. ඊට පස්සේ ගුටි කෑවා.
 
 * තාත්තාගේ දානය
 
 තාත්තා අපූරු දානයක් වාර්ෂිකව දෙනවා. මේ දානය තාත්තාමයි උයන්නේ. මේකෙ මස් ජාති, එළවළු, පරිප්පු සේරම තියෙනවා. අරක්කු, සිගරට්, ගංජා පවා තියෙනවා. කාටත් කන්න දීලා ඉතිරි සියල්ලම පාර්සල් කරල බත් පාර්සල් 100 ක් බඳිනවා. අහල පහල අයටයි, පාරෙ ඉන්න සිඟන්නන්ටයි තමයි අන්තිමට බෙදන්නේ.
 
 ඉන්දියාවේ හිටපු ප‍්‍රකට දෙමළ නළුවා එම්. ජී. රාමචන්ද්‍රන්ගේ චිත‍්‍රපට අපේ තාත්ත නොවරදවාම බැලූවා. අපවත් ඉඳල හිටල එක්ක යනවා. දෙමටගොඩ සමන්තා සිනමාහලේ තමයි මේ චිත‍්‍රපට බලන්නේ. තවත් තිබුණා බොරැුල්ලේ ගෙයක්, වීඩියෝ මගින් මේ චිත‍්‍රපට පෙන්වනවා. එක්කෙනෙකුට රුපියල් 3 යි. මගෙ තාත්තට දැන් අවුරුදු 70 ක් විතර ඇති. එයා මත්ද්‍රව්‍ය නොගත්තොත් නසායෙන් සොටු ගලනවා. අතපය පණ නැතිව යනවා. ‘ඇඩික්ට්’ වෙලා ඉන්නේ. ඒත් දැන් එතුමා ඉන්නෙ නංගිලගෙ ගෙදර. මං තාත්තව බේරගන්න රුපියල් ලක්ෂ 50 ක් විතර වියදම් කළා.
 
 * හිසකුඩිච්චිත් දැම්මා
 
 ඉන්දියාවේ ගෙන ගිහින් හිසකුඩිච්චි පවා දාල බේරාගන්න බැලූවා. ඒත් එයාව බේරගන්න අමාරුයි. ඒත් දැන් කාමරයක දාගෙන නංගි රැුකබලා ගන්නවා. මාත් මසකට රුපියල් 30,000 ක් යවනවා තාත්තා වෙනුවෙන්. එයාට (විකල්පයට* සිගරට් ආදිය බොන්නත් එක්ක. තාත්ත අපට වරදක් කළ කෙනෙක් නොවේ. එයා එයාටම වරදක් කර ගන්නවා.
 
 මං බාප්පලගෙ ගෙදර ඉන්න බැරිව (වැඩ වැඩියි) පාසල් යද්දිම ඒ ගෙදරින් පැනල ගියා. මං පිටකොටුවට ඇවිත් කොළඹ ස්ටේෂමට ආවා. අනුරාධපුර යන කෝච්චියක් තිබෙන බව නිවේදනවලින් ඇසුණා. මං ටිකට් එකක් අරන් අනුරාධපුර කෝච්චියේ නැග්ගා. වඬේ විකුණන මුස්ලිම් මනුස්සයෙක් (කට්ට කළු පාට) මගෙන් එකපාරට ඇහුවා කොහෙද යන්නෙ කියලා. මට එකපාරටම කියාගන්න බැරි වුණා. ඒ මනුස්සයා මාව ඊළඟ ස්ටේෂමෙන් බස්සවා ගත්තා. ගල්ගමුව ඒ දුම්රියපළ. එයා තමන්ගෙ ගෙදර  මාව එක්කගෙන ගියා.
 
 * වඬේ කොල්ලො 20 ක්
 
 බලනකොට එයා ළඟ වඬේ විකුණන්න කොල්ලො 20 ක් විතර ඉන්නවා. හැබැයි, එයා මාව වඬේ විකුණන්න දැම්මෙ නෑ. මගේ ඇඳුම වෙනස් කළා. මං මුස්ලිම් තොප්පිය දැම්මා. සරම ඇන්දා. එයාගෙ දුව බැඳල හිටපු බෑනා තල, රටකජු වගේ දේවල් කෝච්චියෙ විකුණනවා. මේ අය සියලූ දෙනාට මා හඳුන්වා දීල මට භාරදුන්න වැඩක්. ඒ වඬේ විකුණා ගෙනෙන මුදල් භාරගෙන, ඒ අයට හිමි මුදල දීම. වඬේ එකක් රුපියලයි. 100 ක් විකුණුවාම රුපියල් සීයක් ලැබෙනවා. ඒකෙන් 40%ක් (සියයට හතළිහක්) වඬේ විකුණන්නාට දෙනවා. ඉතිරි මුදල අපට. මෙහෙම ඉන්නකොට මට ආයිත් ඉස්කෝලෙ මතක් වුණා. ඊළඟට අර මුදලාලි මාව එක්ක ගිහින් ගල්ගමුව ස්ටේෂම ඉස්සරහ මුස්ලිම් හෝටලයකට භාර දුන්නා එතැන කැෂියර් වැඬේට. ඒ අතර ගල්ගමුව පැත්තෙන් අනුරාධපුරයට යන වන්දනා නඩයක් මේ කඬේට ආවා.
 
 * 11 වැනි වසරට ඇතුළත්
 
 බලනකොට අපේ වත්තෙ කට්ටියක්. මේ අය ගිහින් බාප්පටයි පුංචි අම්මටයි කියල මං කඬේක ඉන්නවා කියලා. ඒ අය දුවගෙන ආවා. ඇවිත් මාව අරන් ගියා ආයිත් ඒ ගෙදරට. මං මුලින් කී විදුහල්පතිතුමා ජයන්ත මොහොට්ටාල මහතා හමුවුණාම එතුමා මාව 11 වසරට ඇතුළත් කළා.
 
 * ආයිත් විදුහලට
 
 මං බුද්ධාගම ගැන මෙලෝ සංසාරයක් ඒ කාලෙ දන්නෙ නෑ. මං පොත් කියවන්න ගත්තා. රේරුකාණේ නායක හාමුදුරුවන්ගේ පොත් මගේ හිත වෙනස් කළා. මං බුද්ධාගමේ ගැඹුරු හරය සොයන්න ගත්තා. තාත්තගෙ ජීවිතේ ගැනත් මට හොඳට අවබෝධ වුණේ ඒ ගැඹුරු හරයන් කියවන විටයි. නංගිට දාන්න මට අපේ අම්මා එවන රත්තරන් මාල, මුදු, කරාබු ආදියත් ඒ අය තමන්ගෙ දරුවන්ට දුන්නා. ඒ ගැන අම්මා විමසා එව්වාම කියල තියෙන්නෙ කන්න දුන්නට ඒ සල්ලි රත්තරන් බඩු හිලව් කියලයි.
 
 *  සස්ටජන් පවා ලැබෙනවා
 
 අපේ ඉස්කෝලෙ හිටියා ටීචර් කෙනෙක් ජයන්ති මාලා කියලා. එතුමියගේ තාත්තා මැරුණු වෙලාවෙ කටයුතු කරන්න කෙනෙක් නෑ. මං තමයි ඒ දෙමටගොඩ ගෙදර ඉඳන් ඒ සියල්ල කළේ. සත් දවසෙ, තුන්මාසෙ දානෙ පවා සංවිධානය කළේ මමයි. ඒ අම්මයි දුවයි විතරයි හිටියේ. මාව එහෙ නතර කරගත්තා ඒ කට්ටිය. මට ‘සස්ටජන්’ පවා ගෙනැත් දෙනව ඒ අම්මලා. මාව ඒ අයගෙ ගම වන උකුවෙලටත් එක්ක ගියා. මට එතකොට අවුරුදු 14 ක් විතර ඇති. ඒ ගමෙදි අංකුඹුරේ නාහිමියන් මගෙන් ඇහුවා පැවිදි වෙනවද කියලා. මාත් කැමැති වුණා. මාස 2 ක් හිටියෙ නෑ. මං සිවුරු හැරලා ගල්දූව ආරණ්‍ය සේනාසනයට ගියා. එතැන ඉඳන් පැවිදි ජීවිතේ පටන්ගන්න. නාඋයනේ අරියධම්ම හාමුදුරුවෝ, ගල්දූව සේනාසනාධිපති කඩවැද්දුවේ ජිනවංශ නායක හාමුදුරුවෝ මට උදව් කළා.
 
 * ගල්දූවේ පැවිද්ද
 
 1992 අපේ‍්‍රල් 01 දා මං ගල්දූවේ මහණ වුණා. මාස 3 ක් හිටියා. මං ආයිත් කොහේ හරි යන්න හිතුවා. කුඬේ සෙරෙප්පුවත් නැතිව මං පාරට බැස්සා. සල්ලිත් නෑ. ‘නෙස්ටොමෝල්ට්’ ටින් එකක් කඩයකට දීල සල්ලි ඉල්ලාගත්තා. ඒකත් පොඩි මුදලක්. කොළඹට බස් එකට සෑහෙනවා. කඩවැද්දුවේ ජිනවංශ හාමුදුරුවෝ මගෙ ගුරු හාමුදුරුවෝ. ඒ චරිතය සිල්වත්කමේ හිණිපෙත්තට ගිය චරිතයක්. ප‍්‍රශ්න විසඳන්න දක්ෂයි. බුදුන් වැඳලා අන්තිමේ අප නායක හිමියන් හමුවන්න යනවා. එදා ප‍්‍රශ්නයක්. පිටි හැන්දෙන් පොඩිනමලා සීනි අරන් තේ හදලා. නායක හාමුදුරුවෝ කීවෙ එක දෙයයි. මටත් පිටි හැන්දෙන්ම සීනි ටිකක් දාල ගිලන්පස එකක් ගෙනෙන්න කීවා. ප‍්‍රශ්නය ඉවරයි.
 
 * වියළි මිදි දෙමළිච්චන්ට
 
 මේස් කුට්ටමක් දාගෙන උන්වහන්සේගේ කුටියට එන දෙමළිච්චන්ට වියළි මිදි කන්න දෙන එක උන්වහන්සෙගෙ විනෝදාංශය. දෙමළිච්චො උන්වහන්සෙගෙ ඔළුව උඩත් වහනවා. මේ වගේ සුන්දර භික්ෂුන් දාලා මං යන්නෙ මොකද කියලා හිතුණත් යන කල්පනාව වැඩියි.
 
 * පයින්ම බම්බලපිටියට
 
 මම කොළඔ බස් එකකට නැග්ගා. කළුතර බෝධිය ළ`ග මේ බස් එක ටිකක් නැවත්තුවා. මාත් බැස්සා බෝධිය වඳින්න. වැඳලා එනකොට බස් එක ගිහින්. පිණ්ඩපාතෙ යන්න පාත‍්‍රයවත් නෑ. මං පයින්ම බම්බලපිටිය දක්වාම ආවා. බම්බලපිටියෙ මෙත්තාරාමයෙ නායක හාමුදුරුවන්ගෙ උදව්වෙන් වනාතමුල්ලෙ දන්නා පන්සලකට ආවා. ඊට පස්සෙ මාලිගාකන්ද පිරිවෙනට ඉගෙන ගන්න ගියා. එතකොට තමයි ගෙදර හා ගමේ ඇත්තො දැනගත්තෙ මං හාමුදුරුනමක් වෙලා ඉගෙන ගන්නවා කියලා. ඒ අය මඟදී දැකලා තියෙනවා.
 
 * 1956 බුද්ධ ජයන්තිය
 
 රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ අර වටිනා පොත් ටික ලියද්දි, කඩවැද්දුවේ හාමුදුරුවොයි, මාතර ඥානාරාම හාමුදුරුවොයි රට පුරා ආරණ්‍ය සේනාසන පටන් ගත්තේ. නිමලව තමයි ඒකෙ මුල් ආරණ්‍යය. ඊට පස්සෙ මං දෙමටගොඩ පන්සල, බෝධිරාජ ධර්මායතනයටත් සම්බන්ධ වුණා. එහිදී කොළොන්නාවේ ධම්මික නායක හාමුදුරුවන් මම අද ඉන්න මේ කොළොන්නාව රජමහ විහාරයට මෙහා පැත්තෙ පන්සල ලබා දුන්නෙ. 1993 සිට මා මෙහි වැඩ ඉන්නවා. අද වනතුරු මගෙ කිසිම නෑදයෙක් මගෙන් යමක් ඉල්ලලත් නෑ. මා බලන්න ඇවිල්ලත් නෑ.
 
 * පර ස්තී‍්‍ර සේවනය
 
 අපේ තාත්ත කවරදාවත් පර ස්ති‍්‍රයක් සේවනය කළ කෙනෙක් නොවේ. එයා හරි පුදුම කෙනෙක්. ඒ වටිනාකම නම් අප හොඳටම දන්නවා. ‘‘ඌ පොඩි කාලෙ ඌට මං තාත්තා - ඌ ලොකු කාලෙ ඌ මට තාත්තා’’ කියලා කියමනක් තියෙනවා. බාප්පගේ දරුවන් පසුව බාප්පාට කටයුතු කළ හැටි ඇසුවාම මට ඒ ටික හිතුණා. සිගරැුට්ටුව අතේ තියාගෙන එදා බාප්පා දරුවන් සුරතල් කළේ. කාමරේ සිගරැුට්ටුවක් බිව් වරදට තාත්තව එළියට එළවා දමා තිබෙනවා. මා ඒ ටික කීවෙ දරුවන්ගේ කි‍්‍රයාකාරකම් පෙන්වන්න මිසක් කාටවත් ගරහන්න නම් නොවේ.
 
 * අසාත මන්ත‍්‍රය
 
 අසාත මන්ත‍්‍රය ඉගෙන ගන්න ගිය ගෝලයාට බෝධිසත්වයන්ගෙ අන්ධ මව ආශක්ත වීම පිළිබඳ කතාවක් තියෙනවා. ඒ මවට උපස්ථාන කළේ බෝසත් ගුරුවරයාගේ ගෝලයායි. එසේ උපස්ථාන කරද්දී ඒ ගෝලයා නිකමට කියා තිබෙනවා ඔබේ අතපය මේ වයසට මේ තරම් පැහැපත් නම් එදා කොහොමට තිබෙන්න ඇත්ද කියලා. මේකෙන් අර මහලූ අන්ධ මව රාගයෙන් ඇවිස්සුණා. එතුමිය රාගයෙන් මුසපත්ව ගෝලයාට කතා කළා. මේ ගෝලයා සියල්ල ගුරුතුමාට කියනවා. අවසානයේ මේ පුද්ගලයාව තමා සන්තක කරගන්න බැරි වෙන්නෙ පුතා හින්දයි කියා තේරුම් ගන්නා මව තම පුතා මරන්න කෙටේරියක් අරන් පුතාගෙ ඇඳ ළඟට රාති‍්‍රයේ කළුවරේ එනවා. පුතාත් ගෝලයාත් මේ වනවිට හැංගිලා බලා ඉන්නේ. අනේ, අම්මේ මේ තරම් රාගය නපුරුදැයි පුතා ඇහුවම ඒ අම්මගෙ ළය පැලෙනවා කියන්නෙ හෘද අමාරුවක් හැදෙන්න ඇති. බෝධිසත්ත්වයකුගේ මවත් එලෙස වී නම් අපට කෙසේ විය හැකිද?
 
 * මිථ්‍යාදෘෂ්ටික
 
 ඊළඟට සැරියුත් මහ තෙරුන්ගේ අම්මා මිථ්‍යා දෘෂ්ටිකව අන්තිම මොහොත දක්වා සිටියේ. ළමාවියේ කර්ම සංකල්ප තේරීම් අනුව දෙමාපියන් ලැබෙනවා. දෙමාපියන්ගෙ කර්ම සංකල්ප තේරීම අනුව දරුවන් ලැබෙනවා. අම්බපාලි බුදුන් සමයේ සිටි ගණිකාවක්. පසුව මහ තෙරණියක්. පොඩි කොණ්ඩඤ්ඤ ඇගේ පුත‍්‍රයා. බුදුරජාණන් වහන්සේගේ වෛද්‍යවරයා වූ ජීවක බලූ කපුටන් රැුස්ව ඉරණම විසඳන්නට ගිය කුණු බක්කියේ සිටි (දාසියකගේ* දරුවෙක්.
 
 මගේ අනාගත සංසාරයේදී මේ අම්මයි - තාත්තයි හමුවුණා නම් ඒත් හොඳයි. තාත්තා එක්ක ගත කළ කාලේ එතුමා අප හොඳින් බලා ගත්තා. තමා දන්නා ශිල්පය අනුව කැමැති කැමැති කෑම කන්න හදා දුන්නා. නෑව්වා. ආරක්ෂා කළා.ඒත් නරක පාප මිත‍්‍ර ඇසුර නිසා මේ යෝධ මනුස්සයා නරක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණා. එයාව ගොඩ ගන්න මම කොතරම් දේ කළාද? දැනටත් එතුමා නංගිලගෙ ගෙදර රැුකවරණය ලබමින් ඉන්නවා. එයාට අවශ්‍ය දේ ගන්න මං තාමත් රුපියල් 30,000 ක් විතර නංගිට යවනවා.
 
 * උපාලි සමරසිංහ

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles