Divaina - මැදපෙරදිග දුක් විඳින්නේ ගැහැණු විතරද?

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sd28 6

 

ඔබ සිතන්නේ මැදපෙරදිග සේවයට එන කාන්තාවන් පමණයි දුක් පීඩා විඳින්න වෙන්නේ කියලද? නෑ. පිරිමිත් දුක් විඳිනවා. හැබැයි වාසනාවට වගේ ඔවුන්ට තමන් සේවය කරන ගෙදරකදී ප‍්‍රශ්න ආවාම එළියේ වැඩකට යන්න පුළුවන්. ඒත් කාන්තාවන්ට එහෙම බෑ.
 
sd28 7 මේ කියන්න යන කතාව හරි අහම්බෙන් හමු වූ පුද්ගලයෙක් ගැන. ඔහු නමින් සමන්. ඉන්නේ හලාවත.
 
 ”මම මැඩම් එක්ක කාන්තාරේ චාරිකාවක් යන්න ඕන කරන බඩු වගයක් ගන්න ෂොප් එකට යද්දී, මැඩම් රසකැවිලි කඬේට ගියා කොෆි බොන්න රසකැවිලි ගන්න. මට මැඩම් කිව්වා බඩු ටිකත් අරං වාහනේට නගින්න කියලා. ඒත් මැඩම් ඒ වෙලාවේ වාහනේ ලොක් කරලා තිබ්බ නිසා මම වාහනේ නවතලා තිබ්බ තැන බංකුවේ වාඩිවෙලා හිටියා. එතනට තරුණයෙක් ආවා. සුන්දර සිනහවක් මුවේ රඳවාගෙන ඇවිත් ඔහු මා ළඟ නතර වුණා. හැබැයි ඒ වෙලාවේ මම පණ බයෙන් හිටියේ. මොකද මැඩම් දැක්කා නම් මම කපෝතී. ඔහු ළඟට ඇවිත් කතා කළා.
 
  ”නංගි ඔයාගේ නම ෆාතිමා නෂීරා නේද?” ඔහු එහෙම කියද්දී එකපාරටම මම අන්දුන් කුන්දුන් වුණා. නන්නාඳුනන පුද්ගලයෙක් මගේ නම කියද්දී හිතා ගන්න බැරි උනා.
 
 ”ඔව් මම ෆාතිමා නෂීරා තමයි ඒත් කොහොමද මගේ නම දන්නේ” මම විමසුවා.
 
 ”නෑ නෑ පෞද්ගලිකව මම ඔයාව දන්නේ නෑ. මම ඔයාගේ face book එක දැක්කා. Friend Request කළා ඒත් ඔයා ඇක්සෙප්ට් කළේ නෑ. ඔයා ලියන හැම එකක්ම වගේ මම කියෙව්වා. ඔයා පත්තරවලට ලියන ආර්ටිකල් එක එහෙම මරු මේ රටේ දුක් විඳින සහෝදරියන් ගැන ලියන එකනම් සුපිරි. ඒවා ලංකාවේ මිනිස්සු දැන ගන්න ඕනේ. පුළුවන් නම් මට උදව්වක් කරනවද?”
 
 ”පුළුවන් දෙයක් නම් කරන්නම් කියන්න අයියා.”
 
 ”දවසක මගේ කතාවත් ලියනවද? ඒක තවත් කෙනෙක්ට වැදගත් වෙයි.”
 
 ”ලියන්න නම් පුළුවන් ඒත් මේ වෙලාවේ කතාව අහන්න බෑනේ. මැඩම් අර කඬේ ඉන්නේ. දැන් එන්න වෙලාව. ඔයත් එක්ක කතා කර කර ඉන්නවා දැක්කොත් ප‍්‍රශ්න ගොඩයි. ඒකයි.”
 
 ”නංගිට පුළුවන් නම් මට ඔයාගේ වට්ස් ඇප් නම්බර් එක දෙන්න මම කෝල් කරන්නම්.”
 
 වෙන දෙයක් වුණාදෙන් කියලා මම නම්බර් එක දුන්නා. ඒ වේලාවේම මැඩම් ආව නිසා ඔහුගෙන් සමුගෙන ආවා.
 
 සුපුරුදු පරිදි ඕෆ් වෙලා රූම් එකට යද්දී වට්ස් ඇප් එකින් නන්නාඳුනන පුද්ගලයෙක් කතා කරන්න ගත්තා. පස්සේ තමා දන්නේ මේ අර අද හවස හමුවුණ තරුණයා බව.
 
 ”ෆාතිමා නංගී ඔයා ෆ‍්‍රී ද”
 
 ”ඔව් අයියා කියන්න”
 
 ”නංගි මම සමන්. ගම හලාවත. මට ඉන්නවානංගියෙක්. අම්මෙක්. මම කුවෙයිට් එන්න කලින් හොඳටම නන්නත්තාර උන එකෙක්. ගංජා ගැහුවා අරක්කු බිව්වා. කුඩුත් ගැහුවා. ඒ හැමදෙයක්ම කළේ මගේ කෙල්ල මට බූට් එක තිබ්බට පස්සේ. අවුරුදු 5ක් යාළුවෙලා හිටියා. කෙල්ලට ඕන කරන හැමදේම අරං දුන්නා. මං මගේ නංගිටත් අම්මටත් මල්ලිටත් වඩා මම එයාට සැලකුවා. ඇඳුම් පැලඳුම් කන බොන එකේ ඉඳන් හැමදේම කළේ මම. මම බිස්කට් ආයතනයක මාර්කටින් පැත්තේ හිටියේ. සාමාන්‍ය පඩියක් ගත්තත් සම්පූර්ණ වියදම කළේ කෙල්ලට. ඒත් ඒ ගෑණු ළමයා මගේ යාළුවෙක් එක්ක සෙට්වෙලා මාව මග අරින්න ගත්තා. ඒක මට දරා ගන්න බැරිඋනා. එයාව අමතක කරන්න බැරි තරමට මම ඒ ගෑනු ලමයට ළං උනා. හැබැයි කවදාවත් මම ඒ ගෑනු ළමයව නාස්ති කළේ නෑ. මොකද මටත් නංගියෙක් ඉන්න නිසා. ඒත් දැන් ඒ ගෑනු ළමයට වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි.
 
 ඒ ළමයා අමතක කරන්න මම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණා. ගංජා ගැහුවා. ඒත් එකකින්වත් මට ඒ ළමයව අමතක කරන්න බැරි වුණා. පස්සේ අරක්කු බොන්න ගත්තා. ඒත් මතකයන් පාරන්න ගත්තා. පස්සේ මම මත්කුඩු ගත්තා. එතනින් ජීවිතයම විනාශ උනා. යාළුවෝ වෙනුවට හිටියේ මාව බිලිගන්න හදපු සෙට් එකක්. අන්තිමේට ජොබ් එකත් නැති උනා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි උන නිසා මට ඒවා නැතිවම බැරිඋනා. නංගිට ගහලා එයාගේ කරේ තිබ්බ චේන් එක උගස් කරලා මත්ද්‍රව්‍ය ගත්තා. අම්මට බැණලා සල්ලි අර ගත්තා. එන්න එන්න මම විනාශ උනා. දවසක් අර ගෑනු ළමයා හම්බ උනා. එතකොට එයාට වෙන්න ඕන හැමදේම වෙලා ඉවරයි. ඒත් එයා මගේ ජීවිතයට එන්න ගත්තත් මම ආපහු එයා මගේ ජීවිතයට බාර ගත්තේ නෑ. අම්ම හැමදාම අඬන්න ගත්තා මං නිසා. පොඩි මල්ලි, නංගි මං ගාවට එන්නේ නෑ බය නිසා. අම්මා මාව කවුදෝ සර් කෙනෙක් ළඟට එක්ක ගියා. මම ගෙදර වැඩිමලා උනාට නංගි අඩුගාණේ හරියට ඉන්න තැනක් නෑ අපට. අම්මා ගෙදර ඔප්පුව තියලා මට සල්ලි අරං දුන්නා රට යන්න ලංකාවේ හිටියොත් මම වැනසෙන නිසා. පස්සේ මම කුවේට් ආවා. එන්න කලින් හිතුවේ ෆුල් ෆන් එකේ ඉන්න පුළුවන් රටක් මේක කියලා. ඒත් එහෙම නෑ. සල්ලි වියදම් කරන්න ලේසියි. හම්බ කරන්න අමාරුයි. ඒක මට තේරුණේ මෙහාට වැඩට ඇවිත්. මට හම්බුන ගෙදර විශාල ගෙයක්. වාහන 12ක් විතර තියෙනවා. දවස ගානේ ඒවා හෝදන්න ඕනේ. ඒ විතරක් නෙමේ. බාබාගේ ෆාම් එක සුද්ද කරන්න ඕනේ. මහ ගෑනි එක්ක එහාට මෙහාට යනකොට එපාවෙනවා. උදේ 5.30ට අවදිවෙලා මේ සීතලේම වාහන ටික හෝදනවා. වෙලාවට පඩිය හම්බවෙන්නේ නෑ නංගී මට. ඒත් මම මෙහාට ආවාම මම කරපු මෝඩකම් තේරෙන්න ගත්තා. ආදරයක් නිසා ජීවිතයක් විනාශ කර ගන්න ගියා. මෙහේ අද මම කට්ටකෑවත් ඒක ඉවසන් ඉන්නේ මගේ අම්මා නංගිට මල්ලි දුන්නු දුක නිසා උඩ ඉන්න දෙවියෝ මට දෙන දඬුවමක් කියලා හිතලා.
 
 මං මගේ අම්මාට කුණුහරුපෙන් බැන්නා මගේ අහිංසක නංගිට ගහලා එයාගේ වටිනා කියන දේවල් නැති කළා. අද අර ගෑනු ළමයා මාව දාලා ගියත් අදටත් මාව තනි නොකර ඉන්න එකම කට්ටිය මගේ පවුල විතරයි. මත්ද්‍රව්‍ය තමන්ගේ ජීවිතය විතරක් නෙමේ අනුන්ගේ ජීවිතයත් නැති කරනවා. ආදරය නිසා පිරිමි අපි වැළලෙන්න හදනවා. ඒත් ඇත්තටම කිව්වොත් ආදරය කියන්නේ මහා පුදුම දෙයක්. මේ කතාව තව කෙනෙක්ට බලන්න ලියන්න. ආදරය නිසා මෝඩ වැඩ කරන කොල්ලන්ට මේ කතාව පේන්න ලියන්න.
 
fathimanashera ”මම ලියන්නම්... ස්තුතියි කතාව කිව්වට. පසුව දවසක කතා කරමු. එහෙනම් මම තියන්නම්....”
 
 දුරකථනය විසන්ධි කළාට පස්සේ මම කල්පනා කළේ ලංකාවේ විතරක් නෙවෙයි මැදපෙරදිග ඇවිල්ලත් සමහර අය විදින දුක් කොච්චරද කියලයි.. ඒත් ඒ තරුණයාට දැන් දැනෙනවා ආදරයක් හොයා ගන්න පුළුවන්. ඒත් තමන්ගේම පවුලක්, තමන්ට ආදරය කරන පවුලක් හොයා ගන්න අමාරුයි කියලා. දරුවන් නිසා ජීවිත කාලය පුරාම තමන්ගේ දෙමව්පියන් දුක් විඳිනවා. මැදපෙරදිග එන්න හිතන කවුරුත් මේ ගැන හිතන්න ඕන...

 

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles