2020 වසරේ යූ ටියුබ් නාලිකාව ඔස්සේ වැඩිම ආදායම උපයන්නා ලෙසින් වාර්තාගතව සිටින්නේ ‘‘රයන් කාජි ’’ නමැති දරුවෙක්. ඔහුගේ වයස අවුරුදු 9 යි. රයන් කාජිගේ සැබෑ නම ‘‘රයන් ගුවාන් ’’ වුණත් ඔහුගේ මව විසින් යූ ටියුබ් නාලිකාවට ගැළපෙන අන්දමින් ‘‘රයන් කාජි ’’ යනුවෙන් එය වෙනස් කර තිබේ. ඔහුගේ මව පාසලක ගුරුවරියක ලෙසින් සේවය කළ අතර රයන්ගේ නාලිකාවන්ට සහාය දැක්වීම පිණිස ඇය සේවයෙන්ද ඉවත් වූවාය.
ඔහු යූ ටියුබය සමග කටයුතු ආරම්භ කරන විට වයස අවුරුදු පහක්. කොටින්ම කිව්වොත් කටේ කිරි සුවඳවත් නොගිය වයසකදී. නමුත් 2020 වසර වෙන විට මිලියන 27 කට අධික ග්රාහකයන් සංඛ්‍යාවක්, දර්ශන මිලියන 2.1 ක් ඉක්මවීම සමග ඇමරිකානු ඩොලර් මිලියන 29.5 ක ආදායම් වාර්තාවක් ලබා ගැනීමට සමර්ථ වුණා.
2020 වසරේ යූ ටියුබ් ආදායම්ලාභීන්..
* ජිම් ඩොනල්ඞ්සන්- ඇමරිකානු ඩොලර් 24
* ජූඞ් පර්ෆෙක්ට් - ඇමරිකානු ඩොලර් 23
* රීට් ඇන්ඞ් ලින්ක්-ඇමරිකානු ඩොලර් 20
2012 වසරේ පටන්ම තමන්ගේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට සමත්ව ඇත.
* මාර්කිපෙලර් - ඇමරිකානු ඩොලර් 19.5
ඔහු යූ ටියුබය ඔස්සේ සන්නාමයන් සහිත සෙල්ලම් බඩු පිළිබඳව මුදා හැරීම සමග යූ ටියුබ් චැනල් 9 ක් පවත්වාගෙන යනවා. ඒ අතර ''Huges eggs surprise toys challenge'' වීඩියෝව ඉතා ජනප්‍රියත්වයට පත් වුණා. 2020 නොවැම්බර් වෙන විට බිලියන 2. 0 කට අධික පිරිසක් මෙය නරඹන ලද අතර ජනපි‍්‍රය වීඩියෝ 60 අතරත් මෙම වීඩියෝව එක්ව තිබේ.
මේ අතර රයන් කාජ් ගැනත් විවිධ චෝදනාවන් එල්ල වී තිබෙනවා. ඔහුගේ ඉලක්ක කණ්ඩායම ළදරු පාසල් දරුවන් නිසා යූ ටියුබ් ඔස්සේ මුදාහරින වීඩියෝ නැරඹීමෙන් ඔවුන් අනවශ්‍ය දේ පවා ඉල්ලා සිටින්නට ඉඩ ඇතැයි සඳහන් වේ. නමුත් තවත් අය කියන්නේ දරුවන් ඉල්ලූ සැණින් ඒවා මිලට ගැනීම දෙමව්පියන් යොමු නොවන අතර ඔවුන් ඒ ගැන දෙවරක් සිතන බවයි.
ඒ වගේම රයන් විසින් මුදා හරින සනීපාරක්ෂක නොවන ආහාරපාන නිසා කුඩා දරුවන් අහිතකර ආහාර පරිභෝජනයට යොමු වීමේ අවදානමක් ඇතැයි ඔහුට එරෙහිව නැගෙන තවත් චෝදනාවක්. කොහොම වුණත් රයන්ගේ ඉලක්ක කණ්ඩායම තනියම හැසිරීමට හැකියාවක් නොමැති වයස පරාසයක සිටින නිසා දරුවන්ට අවශ්‍ය දේ ලබා දීමට පෙරාතුව දෙවරක් සිතන්න අයිතිය දෙමව්පියන්ට තිබෙනවා.
* පුන්‍යා චාන්දනි ද සිල්වා
- Hits: 602