Divaina - උදාවන සතියේ ඔබේ දෛවය

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


  කෑගල්ලේ - සුනිල් කුමාර ගම්ලත්
 
 මේෂ
 
laggrahaya135ගෘහ ජීවිතය මිශ‍්‍රපලදායකයි. මිතුරු මිතුරියන් සම`ග සතුටින් කාලය ගත කිරීමට ඉඩ ලැබේ. ව්‍යාපාර හෝ රැකියාවලට තිබූ බාධා බොහෝ දුරට ඉවත් වේ. දරුවන් පිළිබඳව වෙනදාට වඩා හිත යොමුවේ. අධ්‍යාපන කටයුතුවලට තිබූ උනන්දුව වැඩිවේ. ලිපි ලේඛන පිළිබ`ද කටයුතුවලට සුබදායකයි. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. ආදායම් සතුටුදායකයි. සති අන්තය වන විට සෙම් රෝගවලින් ප‍්‍රවේශම් වන්න. දිනපතා ආගමික වතාවත් කර ටික වේලාවක් මෙත් වඩන්න.
 
 සුබපාට- රෝස සුබ අංකය - 03
 
 වෘෂභ
 
 ලග්නාධිපති බලවත්ව ගමන් කරන මේ සතියේ දී පසුගිය කාලයේ තිබූ බාධා ඉවත් කර ගැනීමට කරුණු යෙදේ. ගෘහ ජීවිතයේ දියුණුව ගැන වැඩියෙන් හිත යොමුවේ. දරුවන්ට සුබදායකයි. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේ. ආදායම් ද සතුටුදායකයි. එහෙත් වියදම් ඉහළ යන බවද පෙනේ. රැකියා ව්‍යාපාර අංශවල සතුටුදායක තත්ත්වයක් පවතී. බිරිඳ හෝ සැමියාගේ රැකියා ප‍්‍රශ්නයට විසඳුම් ලැබේ. උත්සාහය ධෛර්ය ඉහළ යයි. චන්ද පිරිත භාවිතා කිරීම සුබයි.
 
 සුබපාට- මිශ‍්‍ර ලා සුබ අංකය -06
 
 මිථුන
 
 උදාවන සතියේ ගෘහ ජීවිතය මිශ‍්‍රපලදායක තත්ත්වයක පවතින බව පෙනේ. දුරදිග කල්පනා කර බලා තීරණ ගැනීමට පෙළඹේ. උනන්දුව ඉහළ යයි. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් මෙන්ම දුර ගමනක්ද යෙදීමට ඉඩ තිබේ. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කරන විට දුරදිග බලා කටයුතු කරන්න. ශනි ඒරාෂ්ටක තත්ත්වයක් ද පවතින නිසා ශරීර සෞඛ්‍යය රැකගැනීමට සැලකිලිමත් වන්න. දිනපතා කරණීය මෙත්ත සූත‍්‍රය භාවිතා කරමින් ටික වේලාවක් මෙත් වඩන්න.
 
 සුබපාට - ලා කොළ සුබ අංකය -04
 
 කටක
 
 අනාගතය ගැන වෙනදාට වඩා හිත යොමුවේ. ගෘහ ජීවිතය සතුටුදායකයි. උසස් අයගේ උදව් උපකාර ලැබේ. දරුවන්ගේ දියුණුවට තරමක බාධා පවතී. ආදායම් සතුටුදායකයි. හිතමිතුරන් සමග සතුටින් කාලය ගත කරන්නට ඉඩ ලැබේ. ගෘහාශ‍්‍රීත කර්මාන්ත හෝ ව්‍යාපාරවලින් ලාබ ලැබේ. ශරීරයේ උෂ්ණාධික රෝග. ලේ ධාවනය පිළිබ`ද දෝෂ ඇතිවිය හැකි නිසා සෞඛ්‍ය රැකගැනීමට සැලකිලිමත් වන්න.
 
 සුබපාට - සුදු සුබ අංකය -02
 
 සිංහ
 
 සමාජ තත්ත්වයේ කැපී පෙනෙන බවක් පෙන්වයි. රැකියා ව්‍යාපාරවල ද දියුණුවට කරුණු යෙදේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස්වීම්වලට ද ඉඩ තිබේ. ව්‍යාපාර වලින් ලාබ ලැබේ. රැකියා අංශවල සතුටින් කාලය ගත වේ. අසල්වාසීන් සමග තිබූ සබඳතා අලූත් වේ. සහෝදරයකුගේ දියුණුවක් ගැනද අසන්නට ලැබේ. මංගල යෝජනා පිළිබ`ද කටයුතුවලට එතරම් සුබ නොවේ. ණය මුදලක් ගැනීමට තිබූ බලාපොරොත්තුවක් ඉටුවේ. දිනපතා මෝර පිරිත භාවිතා කරන්න.
 
 සුබපාට - දිලෙන සුදු සුබ අංකය -01
 
 කන්‍යා
 
 උදාවන සතිය සතුටුදායකයි. යටපත්ව තිබූ භාග්‍ය වාසනාව නැවත උදාවන කාලයකි. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට කරුණු යෙදේ. ආගම දහමට හිත යොමුවේ. දෙවි පිහිට ලැබේ.
 
 රැකියා ව්‍යාපාර අංශවල ද සතුටුදායක තත්ත්වයක් පවතී. සතිය මුලදී ආදායම්වලට තරමක බාධා ඇතත් පසුව එය වෙනස් වේ. අලූත් මිතුරු මිතුරියන් හ`දුනාගනී. ඉක්මන් කෝපය නිසා අමනාපකම් ඇතිවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න.
 
 සුබපාට - මිශ‍්‍ර ලා සුබ අංකය -06
 
 
 තුලා
 
 උදාවන සතියේ ගෘහ ජීවිතය මිශ‍්‍රපලදායක තත්ත්වයක් පෙන්වයි. තරමක් කාර්ය බහුල හා අවිවේකී සතියක් බව පෙනේ. ගෙදර වැඩිහිටියෙකුට අපලදායකයි. පිංකමකට හෝ සමාජ සේවාවකට සම්බන්ධවීමට ඉඩ තිබේ. අධ්‍යාපන කටයුතුවලට ඇති උනන්දුව වැඩි වේ. පෙම්වතුන්ට සුබදායකයි. හවුල් ව්‍යාපාරවලින් ලාබ ලැබේ. ව්‍යාපාරික අංශවලට සතුටුදායක බවක් පෙන්වයි. යටිබඬේ ඌෂ්ණාධික රෝග. රුධිර පීඩනය වැනි සෞඛ්‍ය ගැටලූවලින් ප‍්‍රවේශම් වන්න. දිනපතා ආගමික වතාවත් කර සූරිය පිරිත භාවිතා කරන්න.
 
 සුබපාට - ලා කොළ සුබ අංකය -04
 
 වෘශ්චික
 
 ගෘහජීවිතය ගැන වෙනදාට වඩා හිත යොමුවන බව පෙනේ. රැකියා හෝ ව්‍යාපාර අංශවල කටයුතු සාර්ථක කර ගැනීමට කරුණු යෙදේ. ආගම දහමට හෝ සමාජ සේවාවකට හිත යොමුවේ. දරුවකුට තරමක අපල බවක් පෙන්වයි. ව්‍යාපාරවලට මුදල් යෙදවීමේදී කල්පනාකාරී වෙන්න. රාහු දශා ගතකරන අයට හිතේ චංචලබව උදරාබාධ ආශ‍්‍රීත රෝග. හිසේ රෝග ඇතිවීමට ඉඩ ඇත. දිනපතා ආගමික වතාවත් කර චන්ද පිරිත භාවිතා කරන්න.
 
 සුබපාට - සුදු සුබ අංකය -02
 
 ධනු
 
 උදාවන සතියේ දරුවන්ගේ දියුණුව වෙනුවෙන් අමතර වෙහෙසක් දැරීමට සිදුවන බව පෙනේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ආයෝජනවලින් ලාබ ලැබේ. උත්සාහය ධෛර්යය ඉහළ යයි. උසස් අයගේ උදව් උපකාර ලැබේ. තරගකරුවන්ගෙන් ජය ලැබේ. අසල්වැසියන් සමග ඇති සබඳතා අලූත් වේ. අමනාපකම් දුරුවේ. ආදායම් සතුටුදායක නමුත් වියදම් ද ඉහළ යන බව පෙනේ. කේතු දශා ගතකරන අය පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න. කරණීය මෙත්ත සූත‍්‍රය භාවිතා කරන්න.
 
 සුබපාට - දිලෙන සුදු සුබ අංකය -01
 
 මකර
 
 උදාවන සතියේ ගෘහ ජීවිතය මිශ‍්‍රපලදායකයි. කරදර බාධා ජයගෙන ජීවිතය සාර්ථක කර ගැනීමට දිරිමත්ව කටයුතු කරන බව පෙනේ. එමෙන්ම එය සාර්ථක වේ. දරුවන්ට සුබයි. පසුගිය සතියේ පැවති ගැටලූවකට විසඳුම් ලැබේ. අසනීප සුව අතට හැරේ. ආයෝජනවලින් ලාබ ලැබේ. පවුලේ වියදම් ඉහළ යන බවද පෙනේ. සතුරන්ගෙන් හා තරගකරුවන්ගෙන් ජය ලැබේ. ධනලාබ ලැබේ. කතාව නිසා අමනාපකම් ඇති විය හැකි බැවින් දුර දිග බලා කතා කරන්න.
 
 සුබපාට - මිශ‍්‍ර ලා සුබ අංකය -07
 
 කුම්භ
 
 ලග්නාධිපති දොළහේ ගමන් කරන මේ දිනවල ගෘහ ජීවිතය මිශ‍්‍රපලදායක බව පෙන්වයි. එහෙත් පවුලේ අය සමග සතුටින් කාලය ගත කරන්නට ඉඩ ලැබේ. ආදායම්වලට බාධා මෙන්ම වියදම් ඉහළ යන කාලයක් බව පෙනේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. උනන්දුව උත්සාහය නොඅඩුව පවතින නිසා බොහෝ බාධා ජයගත හැකිවේ. ආගමික ජීවිතයක් ගත කරන්න. දිනපතා මෙත් වඩන්න.
 
 සුබපාට - මිශ‍්‍ර ලා සුබ අංකය -06
 
 මීන
 
 උදාවන සතිය බොහෝ දුරට සුබපලදායක බව පෙනේ. උත්සාහය ධෛර්ය ඉහළ යයි. උසස් අයගේ උදව් උපකාර ලැබේ. අසල්වැසියන් සමග සුහදතාව වර්ධනය වේ. අමනාපකම් දුරුවේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ගෘහ ජීවිතය ද සතුටුදායකයි. බිරි`ද හෝ සැමියාට සුබයි. අඹු සැමි සමගිය ඇතිවේ. සහෝදරයින් ගැන වැඩියෙන් හිත යොමුවේ. ශරීර සෞඛ්‍යය රැක ගැනීමට සැලකිලිමත් විම වැදගත් වේ.
 
 සුබපාට - කහ තැඹිලි සුබ අංකය -05 

විශේෂාංග

sikuru

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles