Divaina - ගුණරතන හාමුදුරුවෝ ජපානේ පාසල්වල දේශන පවත්වති... ඇමෙරිකාවට වඩින්න ගුණරතන හාමුදුරුවන්ට හදසි දැනුම් දීමක්...

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


  තරංග රත්නවීර
 dalai
 
 * ඇමෙරිකාවට වඩින්න ගුණරතන හාමුදුරුවන්ට හදසි දැනුම් දීමක්...
 * මැලේසියාවේ අවුරුදු දහයයි ගුණරතන හාමුදුරුවන්ගේ වීසා ඉවරයි...
 * දලයි ලාමාටත් වඩා ලෝකයේ බුදුදහම ප‍්‍රචලිත කළ සිංහල හාමුදුරුවෝ - 28
 

ලොව විශාලතම භාවනා මධ්‍යස්ථානය ස්ථාපනය කළේ උන්වහන්සේය. ඒ ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ සිට කිලෝමීටර් එකසිය තිහක් ඈතින් පිහිටි සැනමිඩෝ ජාතික වන උද්‍යානය තුළ පිහිටි වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයයි. එමෙන්ම ලෝකය පුරා ථෙරවාදී බුදු දහම ප‍්‍රචාරය කරන ස්වාමීන් වහන්සේ අතර උන්වහන්සේ පෙරමුණේ සිටිති. ධර්මධර, විනයධර මෙන්ම ශබ්ද ශාස්ත‍්‍රය ද මනා සේ ප‍්‍රගුණ කළ මහා ප‍්‍රාඥයෙකි. එමෙන්ම පෙර අපර දෙදිග භාෂාවන් පිළිබඳ ප‍්‍රවීණත්වයක් උසුලන පැනවතෙකි. ඒ උතුරු ඇමරිකාවේ ප‍්‍රාධාන සංඝ නායක, අග්ග මහා පණ්ඩිත, ආචාර්ය හේනේපොළ ගුණරතන හාමුදුරුවෝය...
 
 ටෝකියෝවලින් දුම්රියට නැඟලා හොක්කයි දෝවලට යනකොට මිනිහෙක් මට බීම එකක් බොන්න දුන්නා. පැය ගාණක දුම්රිය ගමනේදී ඇති වූ පිපාසයට මමත් ඒ බීම එක බිව්වා. බීම එක බීලා ටික වෙලාවක් යනකොට බඩයන්න ගත්ත. ඒක එළිවෙනකම් ගියා. ඇහැක් පියවන්න ලැබුණේ නෑ. පහුවදා උදේ තෙහෙට්ටුවට මාව විසිවෙනවා. ඒත් සිත ශක්තිමත් කරගෙන ගමන ගියා. බඬේ කැක්කුම අඩු වුණේම නෑ. වේදනාවෙන් ඇඹරෙනකොට එහා සීට් එකේ වාඩිගෙන ගිය ජපන් තරුණිය මට කතා කළා. ඒ ළමයට හරියට ඉංග‍්‍රිසී කතා කරන්න බෑ. මට ජපන් භාෂාව කතා කරන්න බෑ. ඒ නිසා මගේ වේදනාව ඒ ළමයටවත් නිවැරැදිව කියා ගන්න බැරිව ගියා. පුළුවන් විදිහට මම බඬේ ලෙඬේ ගැන කිව්වා. පැහැදිලි කරනකොට ඒ ළමයත් තේරුම් ගත්තා.
 
 ‘‘භන්තෙ... මගේ තාත්තා ඩොක්ටර් කෙනෙක්. අපි හකුදතේ ස්ටේෂන් එකෙන් බැහැලා තාත්තට කෝල් එකක් අරගෙන බෙහෙත් අරගෙන එන්න කියලා කියමු...’’ ඒ වචන ඇසෙනකොට මගේ හිතටත් ලොකු සැහැල්ලූවක් දැනුණා. ඒ යෝජනාවට මමත් කැමති වෙලා දෙන්නා එක්ක කතා බහ කරමින් හකුදතේ ස්ටේෂන් එකට ගියා. දුම්රියෙන් බැස්ස හැටියේ අර
 
 ගෑනු ළමයා තාත්තට කෝල් කරලා මගේ ලෙඬේ ගැන කියලා දෙන්න එක්කම ගිහින් නැවට නැග්ගා. හකුදතේ ස්ටේෂන් එකේ ඉඳලා ගමන නැවෙන්. ආමරිවලට ගිහින් එතැන ඉඳලා නැවත දුම්රියෙන් සප්පොරෝවලට ගිහින් තමයි හොක්කයි දෝ නගරයට යන්න ඕනෑ. නැවට නැග්ගට පස්සෙත් මම අර ගෑනු ළමයා ළඟින්ම අසුන් ගත්තා. මට කතා බහ කරන්න හිටියේ ඒ ළමයා විතරයි. වරායෙන් නැවත් පිටත් වුණා. අපි දෙන්නා එක්ක විවිධ දෑ ගැන කතා බහ කරමින් ගියා. අපිට මදක් ඈතින් සීට් එකේ වාඩිගෙන සිටි වැඩිහිටියෙක් මට කතා කළා. මම බෑ කිව්වා. නැවත, නැවත කතා කළා. ‘‘ගිහින් බලන්න... මොකක් හරි විශේෂ දෙයක් ඇති’’ කියලා අර ගෑනු ළමයත් කිව්වා. මම ඒ මනුස්සයා ළඟට ගියා. ඒ මනුස්සයා සාක්කුවට අත දාලා මහා සල්ලි ගොඩක් අරගෙන මගේ බෑග් එකකට දාලා යන්න කිව්වා. මම එපාම කිව්වා. ඒත් ඒ මනුස්සයා දීපු සල්ලි නැවත ගත්තෙ නෑ. පස්සෙ මම පිං දීලා ඇවිත් මගෙ සීට් එකෙන් වාඩි ගත්තා.
 
 ‘‘මම කිව්වේ මොකක් හරි විශේෂයක් ඇති කියලා...’’ අර ගෑනු ළමයත් ඒක දැකල හරිම සතුටු වුණා. නැවත අපි කතා බහ කරමින් යනකොට ආමරි වරායට නැව සේන්දු වුණා. අපි නැවෙන් බහිනකොට අර ගෑනු ළමයගේ පියා බෙහෙත් අරගෙන ඇවිත් හිටියා. බොහොම කරුණාවන්ත මනුස්සයෙක්. මගේ බඩ තද කරලා හොඳට පරීක්‍ෂා කර, බඬේ ලෙඬේ ගැන මගෙන් ප‍්‍රශ්න කරලා එයාගේ දෑතින්ම බෙහෙත් පෙති කිහිපයක් මට බොන්න දුන්නා. බෙහෙත් කවර කිහිපයක් මගේ අතට දීලා අසල වෙළෙඳසැලකින් තේ පෝච්චියක්, කෝප්පයක් අරගෙන මගේ අතට දීලා වැඳ නමස්කාර කර දුවත් කැටුව වෛද්‍යවරයා යන්න ගියා. ආමරිවල ඉඳලා සප්පොරෝවලට යන්න තිබුණේ කොච්චියෙන්. ස්ටේෂන් එකට ගිහින් කෝච්චියට නැඟලා වාඩි ගත්ත හැටියෙ වගේ නින්ද ගියා. ඇහැරෙනකොට බඬේ ලෙඬේ සනීපයි. එකම බෙහෙත් වේලයි බිව්වේ.
 
 සප්පොරෝ ස්ටේෂන් එකෙන් බහිනකොට හවස් වෙලා. අද ? ස්ටේෂන් එක කිට්ටුව තැනක නතර වෙලා උදේම පිටත් වුණා නම් අවට සිරි නරඹමින් හොක්කයි දෝ නගරය බලාගෙන එන්න පුළුවන් කියලා මට හිතුණා. ඒ මොහොතේම ස්ටේෂන් මාස්ටර් මුණගැහිලා මගේ අදහස දැනුම් දීලා රාත‍්‍රියට නවාතැන් ගන්න තැනක් සූදානම් කරලා දෙන්න කියලා කිව්වා. ස්ටේෂන් මාස්ටර් කිට්ටුවම තිබුණු ‘ජැපනිස් ඉන්’ එකකට කතා කරලා කාමරයක් ලෑස්ති කරලා දීලා මාව නවාතැන්පොළටත් ගෙනැත් ඇරලූවා. ඒ වේලාවේ මම ඔහුට කිව්වා ‘‘උදේට නගරය බලන්න යන්න ගයිඞ් කෙනෙක් එක්ක වාහනයක් සූදානම් කරලා දෙන්න’’ කියලා. කැමැත්ත ප‍්‍රකාශ කරලා ඔහු යන්න ගියා. උදේ නැඟිටලා බලනකොට අවට හිමෙන් වැහිලා. තේ ගෙනාපු ළමයා කිව්වා ඒ වෙනකොට අඩි අටක් විතර හිමවලින් පිරිලා කියලා. අව්ව වැටෙන්න ඉඩ හැරලා ස්ටේෂන් එකට යනකොට මගේ ගයිඞ් විදිහට යන්න සූදානම් වෙලා හිටියේ ස්ටේෂන් මාස්ටර්. කලින් දා රෑ මට කාමරයක් හොයා දීපූ නිලධාරියා.
 
 ස්ටේෂන් මාස්ටර් මාව පුංචි, පුංචි පාසල්වලට එක්කරගෙන ගිිහින් දේශන පවත්වන්න කියලා කිව්වා. මම ඉංග‍්‍රීසි භාෂාවෙන් කරන දේශනය එයා ජපන් භාෂාවට පරිවර්ථනය කළා. බෝනික්කො වගේ පුංචි දරුවෝ ඇස් උඩ තියාගෙන මගේ දේශනය අහගෙන හිටියා. හොක්කයිදෝවලට ගියේ එක දවසකට. අන්තිමේ දවස් දෙකක්ම හොක්කයි නගරයේ නතර වෙලා හිටියා. ඒ සියලූ වියදම් දැරුවේ ස්ටේෂන් මාස්ටර්. ඒ වගේම ආමරිවල ඉඳලා මම ගියේ සාමාන්‍ය පන්තියේ කෝච්චි පෙට්ටියක. අන්තිමේ මම ආවේ ඉහළ ක්ලාස් එකක කෝච්චි පෙට්ටියක. සප්පොරෝ ස්ටේෂන් මාස්ටර් මාත් එක්ක ආමරි ස්ටේෂන් එකට ඇවිත් මාව නැවටත් දාලයි ගියේ. ජපානෙත් මම ගිය හැම තැනකදීම මිනිස්සු හොඳට සැලකුවා. මගේ අතින් සතයක් වියදම් කරන්න දුන්නෙ නෑ.
 
 හිරෝෂිමාවේ පරමාණු බෝම්බ දාපු ස්ථානයට ගියා. ඒ බෝම්බයට ගොදුරුව දුක්විඳින මිනිස්සු මුණගැහුණා. ඒ බෝම්බයේ විෂ ශරීරගත වෙච්ච අම්මලාට උපදින දරුවොත් විකෘති තත්ත්වයට පත් වෙලා ඉන්නවා ඇස් දෙකෙන්ම මම දැක්කා. ඒ වෙනකොට මාසයකට ආසන්න කාලයක් ජපානයේ වැඩ සිටියා. ජපානයේ තව කාලයක් වුණත් මට වැඩ ඉන්න පුළුවන්කම තිබුණා. ඒත් මගේ ආශාව තිබුණේ තායිවානයේ සංචාරය කරලා ලංකාවට යන්න. ඒ කාලේ ලංකාවයි, තායිවානයයි අතර තානාපති සබඳතා තිබුණේ නෑ. පස්සේ මම ‘තායිවානයට යන්න අවස්ථාවක් හදා දෙන්න’ කියලා මාපලගම විපුලසාර හාමුදුරුවන්ට කිව්වා. උන්වහන්සේ හොංකොං රටේ වැඩසිටි ස්වාමීන්වහන්සේ නමකට කතා කරලා ඒ බව දැනුම් දුන්නා. හොංකොං හාමුදුරුවෝ තායිවානයේ නායක හාමුදුරුනමකට කතා කරලා වීසා ලබාගන්න ලියුමක් ගෙන්න ගත්තා. ඒ ලියුම ඇවිත් තිබුණේ ජපානේ, තායිවාන තානාපති කාර්යාලයට.
 
 මම ඒ ලියුම ඉදිරිපත් කරලා වීසා ලබාගෙන ජපානයේ ඉඳලා තායිවානයට ගියා. එතකොට තායිවානයේ වැඩ සිටිය නායක හාමුදුරුවෝ ඒ රට පුරාම සංචාරය කිරීමට අවශ්‍ය සියලූ පහසුකම් සම්පාදනය කරලා දුන්නා. මඟ පෙන්වන්නෙක් හැටියට තවත් ස්වාමීන් වහන්සේනමක් මාත් සමඟ සංචාරය කළා. තායිවානයේදීත් පුදුම විදිහට ගරු සැලකිලි ලැබුණා. තායිවාන ජනතාවත් භික්‍ෂුන් වහන්සේට පුදුමාකාර භක්තියක් තිබුණේ. හොංකොං රටේදීත් එහෙමයි. තරුණ භික්‍ෂුන් වහන්සේ කණ්ඩායම් ගැහිලා මාව මුළු රටේම එක්කර ගෙන ගියා. කෝටු දෙකෙන් කෑම කන්න ඉගෙනගත්තේ හොංකොං රටේදී. මේ කාලය වෙනකොට මට අවුරුදු හතළිහක් වුණාට පෙනුම තිබුණේ විසිපහක විතර. මගේ වයස අහලා ඇතැම් ස්වාමීන් වහන්සේ පුදුම වුණා. හොංකොංවලින් කෙළින්ම ලංකාවට ආවා. ඒ ඇවිත් ප‍්‍රථමයෙන් කළේ මඩිහේ පක්‍`ද්ක්‍`දාසීහ නායක හාමුදුරුවෝ මුණගැසීමට යෑම.
 
 මඩිහේ නායක හාමුදුරුවෝ මාව හොඳින් පිළිගෙන ආසියාව පුරා ගිය සංචාරයේ වගතුග විමසුවා. ඒ කතා බහ අතර උන්වහන්සේ මට කිව්වා වොෂින්ටන් විහාරස්ථානය ආරම්භ කරන්න තව ටික දවසක් ගත වෙනවා. මම ඔබවහන්සේ ගැන අපේ සමාගමට දැනුම් දීලා තියන්නම්. ඒ අය කැමති වුණොත් මම ඔබවහන්සේව දැනුවත් කරන්නම්...’ මඩිහේ නායක හාමුදුරුවන්ගේ කතාවෙන් වොෂින්ටන් යෑමේ බලාපොරොත්තුව තවත් වැඩි කරගෙන මාසයකට ආසන්න කාලයක් ලංකාවේ වැඩ ඉඳලා නැවත මැලේසියාවට වැඩම කළා.
 
 ඒ වෙනකොට මැලේසියාවේ ධර්මදූත සේවයට වැඩම කර අවුරුදු දහයකට ආසන්න වී තිබුණා. 1967 අවුරුද්දේ ආසියාව පුරා සංචාරය කර නැවත මැලේසියාවට පැමිණි අවස්ථාවේ මගේ පාස්පෝට් එකට වීසා ගහනකොට තානාපති කාර්යාලයෙන් කිව්වා ‘‘තව අවුරුද්දකට විතරයි වීසා තියෙන්නෙ. ඊට පස්සෙ මැලේසියාවෙන් පිට වෙන්න ඕන’’ කියලා. ඒ කියපු විදිහට මැලේසියාවේ ඉන්න පුළුවන් අවුරුදු දහයයි. ප‍්‍රථම වරට මම මැලේසියාවට වැඩම කළේ 1958 අවුරුද්දෙ.
 
 මැලේසියාවේ වීසා අවසාන වුණ හැටියේ කැනඩාවට යනවා කියලා හිතාගෙන මම වැඩ කටයුතු කරගෙන ගියා. කැනඩාවට යන්න බැරි වුණොත් මගේ අදහස තිබුණේ හොංකොංවලට වඩින්න. හොංකොංවල ඉංග‍්‍රීසි ගුරුවරුන්ට හොඳ තැනක් තිබුණා. ඒ රටවල් දෙකටම මම යන්න බලාපොරොත්තු වුණේ ඉංග‍්‍රිසී ගුරුවරයෙක් විදිහට. ඒ වෙනකොට කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයෙන් උසස් පෙළ විභාගයත් සමත් වෙලා හිටිය නිසා පහසුවෙන් ඉංග‍්‍රීසි ගුරුවරයෙක් විදිහට යන්න පුළුවන්කම තිබුණා. ඒ රටවල් දෙකටම යන්න බැරි වුණොත් කොරියාවට හෝ ඉන්දුනීසියාවට වැඩම කරන්න හිතාගෙන හිටියේ. ඒත් මට අවුරුදු දහය අවසාන වෙනකම් මැලේසියාවේ වැඩ හිඳින්න අවස්ථාව ලැබුණේ නෑ. මඩිහේ පක්‍`ද්ක්‍`දාසීහ හාමුදුරුවෝ ඇමෙරිකාවට යන්න බලාගෙන ලංකාවට වඩින්න කියලා දැනුම් දුන්නා.
 
 
 මතුසම්බන්ධයි... 

විශේෂාංග

sikuru

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles