Divaina - කෝවිඩ් 19යට නව ආයුර්වේද ඔසුවක් ප‍්‍රතිශක්තිකරණ ඇතිවී රෝගය සුවවෙන හැටි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

weda9 47ප‍්‍රශ්නය - කොරෝනා හෙවත් කොවිඞ් 19 රෝගයට සහනයක් දීම සඳහා ඔබ විසින් නිෂ්පාදනය කෙරුණු ඖෂධ දෙකක ප‍්‍රතිකාරය ගැන පසුගිය සතියේ අප සාකච්ඡා කළා. මේ ප‍්‍රතිකාරය ඖෂධීය චූර්ණයකින් සහ ඖෂධීය කැප්සියුලවලින් සමන්විතයි. ඖෂධීය චූර්ණය තේ හෝ කෝපි මෙන් උතුරන වතුරෙන් වත්කර දවසට දෙවරක් පානය කළ යුතු බවත් ඖෂධීය කැප්සියුල හතර බැගින් උදේට සහ සවසට පානය කළ යුතු බවත් ඔබ කිව්වා. මේ ප‍්‍රතිකාර කොතරම් කල් කළ යුතුද?

osu2වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - මේ උත්තරයට පසුබිම් කතාවක් තිබෙනවා. කොවිඞ් පැතිරීම පටන්ගත් වහාම චීනයේ වූහාන් ඇතුළු නගර කිහිපයක් වසා දැමුණු බව ඔබ දන්නවා. එවිට මේ නගරවල තිබූ විශ්වවිද්‍යාලවල සිටි ශ‍්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල අපහසුවකට පත්වුණා. ඔවුන්ගෙන් සමහරකුට කොරෝනා රෝගය වැළඳුණා. එහෙත් ඒ වනවිට කොරෝනාවට කිසිදු ඖෂධයක් සොයාගෙන තිබුණේ නැහැ. ඔබ දන්නා පරිදි කොවිඞ් 19 මගින් ශ්වසන පද්ධතියට ලොකු හානි සිද්ධවෙනවා. මේ හානි අවම කරගැනීමටවත් කිසිදු ප‍්‍රතිකාරයක් තිබුණේ නැහැ. මේ අතර වෙනත් රෝගයක් සඳහා මගෙන් බෙහෙත් ලබාගෙන සුව වූ මාතාවක් චීනයේ වූහාන් නගරයේ විශ්වවිද්‍යාලයක තනිවී කොරෝනාවෙන් පෙළෙමින් සිටි දියණියට යැවීම සඳහා මගෙන් බෙහෙතක් ඉල්ලූවා. මේ වනවිට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ නොකළට කොරෝනාවට බෙහෙතක් හදන ආකාරය ගැන අපි පර්යේෂණ කරමිනුයි හිටියේ. මෙහිදී සෙම රෝග මර්දනය කිරීම සඳහා සුදුසු ශාඛ ඖෂධ ගැනත් උණ රෝග සහ ආසාදන මර්දනය කළ හැකි ශාක ඖෂධ ගැනත් අපි විද්‍යාත්මක ඇස්තමේන්තුවක් කළා. සාමාන්‍යයෙන් ඇතැම් ශාක ඖෂධ තිබෙනවා, වියළිව තිබෙනකොට තියෙන ගුණයත් අමුවෙන් තිබෙනකොට තියෙන ගුණයත් එකිනෙක වෙනස්. උදාහරණයක් වශයෙන් වියළි ඉඟුරු සහ අමු ඉඟුරු සෙමට බලපාන්නේ දෙවිදියකට. ඒ අනුව කොරෝනාවට osu1ඖෂධයක් තැනීමේදී අමුද්‍රව්‍ය තෝරා ගැනීම ඉතා ප‍්‍රවේශමෙන් කළයුතුව තිබුණා. එයට හේතුව කොරෝනා කියන්නේ ඇතැම්විට මාරාන්තික විය හැකි තීරණාත්මක රෝගයක් වීමයි. මේ රෝගයට ඖෂධයක් තැනීමේදී සායනික අත්හදාබැලීම් කරන්නට අපට අවස්ථාවක් තිබුණේ නැහැ. අපට කිරීමට ඉතුරුවෙලා තිබුණේ මාර්ග දෙකක් ඔස්සේ ගමන් කිරීම විතරයි.

පළමුවැන්න තමයි මේ වෛරසය ඇඟට ඇතුළු නොවීම පිණිස ශරීරය තුළ ප‍්‍රතිශක්තිකරණය ඇති කිරීම. දෙවැන්න තමයි මේ රෝගය නිසා හටගත හැකි ද්විතීයික ආසාදන මර්දනය කිරීම. මොනවද මේ ද්විතීයික ආසාදන. කොරෝනාව වැළඳී රෝගියෙක් දුර්වල වුණහම විවිධ සංකූලතා හටගන්නවා. එම රෝගියාට දියවැඩියාව තිබෙනවා නම් එය නරක් වෙනවා. පපුවේ මහන්සිය තිබෙනවා නම් ඇදුම හැදෙනවා. ඇදුම තිබෙනවා නම් එය සංකීර්ණ වී නියුමෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය වෙනවා. ඒ අනුව කොරෝනාව එක පැත්තකින් ශරීරය වනසන අතර ද්විතීයික ආසාදන මගින් ශරීරය වෙනමම වැනසෙනවා. රෝගයට ප‍්‍රතිකාර කිරීමේදී සායනික අත්හදාබැලීම් කිරීමට කාලයක් නොතිබූ නිසා අපට සිද්ධවුණා අපේ පාරම්පරික දැනුම තුළ මෙවැනි රෝග මර්දනය කිරීමට යොදාගත් ක‍්‍රම අධ්‍යයනය කරන්නට. මේ අධ්‍යයනය තුළදී තමයි අපට හමුවෙන්නේ ශරීරයේ ප‍්‍රතිශක්තිකරණය වැඩිදියුණු කිරීමට වඩාත්ම සුදුසු ශාක ඖෂධ මොනවද කියන එක. එසේ හඳුනාගත් ඖෂධ අපේම ක‍්‍රමවලට සකස් කිරීමෙන් තමයි අප තේ හෝ කෝපි මෙන් වත්කර පානය කළ හැකි චූර්ණය හදන්නේ.

ඊළඟට ද්විතීයික ආසාදන සහ සෙසු සංකූලතා මර්දනය කළ හැකි ඖෂධ හඳුනාගෙන ඒවා කැප්සියුල වශයෙන් නිෂ්පාදනය කිරීමට අපට පුළුවන් වුණා. මෙසේ නිපදවන ලද ඖෂධය අප මුලින්ම දෙන්නේ චීනයේ සිටි කොරෝනා රෝගී දරුවාගේ මවටයි. අපි මාසයක් සඳහා ඖෂධ නිපදවා ඇය අතට පත්කළා. ඇය ඒ ඖෂධ කොහොමහරි චීනයට යැව්වා. මේ බෙහෙත් පාවිච්චි කරන හැටි දුරකථනය මගින් පැහැදිලි කර දීමෙන් පසු අදාළ ශිෂ්‍යාව එම බෙහෙත් පාවිච්චි කරන්නට පටන් ගන්නවා. පළමුවැනි සතිය තුළ ඇය විශාල ප‍්‍රගතියක් පෙන්වූ බව අපට පැහැදිලි වුණා. හතරවැනි සතිය වනවිට ඇය සම්පූර්ණයෙන්ම සුවපත් වූ බව අපට වාර්තා වුණා. ඊට පසු මේ ඖෂධය රාජ්‍ය අංශයේ සිය දෙනකුට නොමිලේ ලබාදීමට අපට හැකිවුණා. එම පිරිස ලබාගත් සහනයට අනුව මේ ඖෂධය මේ වනවිට අප විසින් සමාජගතකර තිබෙනවා. මේ ඖෂධයේ තිබෙන වැදගත්ම ලක්ෂණය තමයි කොරෝනාව හටගැනීම වළක්වන ප‍්‍රතිශක්තිකරණ වර්ධකයක් ලෙස ක‍්‍රියාකිරීම.

ප‍්‍රශ්නය - අද වනවිට රටවල් ගණනාවක්ම විකල්ප ප‍්‍රතිකාර හරහා කොරෝනාව සුව කිරීම පිළිබඳ අවධානය යොමුකර තිබෙනවා නේද?

වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - මේ කාරණයේදී වඩාත්ම ඉදිරියෙන් සිටින්නේ චීනය සහ ඉන්දියාවයි. ඉන්දියාව ශාකසාර ඖෂධ මගින් කොරෝනාව තුරන් කරන ආකාරය ගැන අප පසුගිය සතියේදී ඔබට පැහැදිලි කළා. චීනයත් ඔවුන්ගේ ස්වදේශික ශාකසාර ඖෂධ යොදාගෙන මේ රෝගය පාලනය කිරීමට පටන්ගෙන තිබෙනවා. අතීතයේදී චීනය බෝවන රෝග පාලනය කිරීමට ශාකසාර ඖෂධ විශාල වශයෙන් යොදාගත්තා. මෑත කාලයේදී සාර්ස් වෛරසය පැතිරෙන්නට පටන්ගත්විට චීන වෛද්‍යවරු ශාකසාර ප‍්‍රතිකාර මගින් එම රෝගය සාර්ථක ලෙස මර්දනය කළා. සාර්ස් කියන්නෙත් කොවිඞ් පන්තියේම රෝගයක්. චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පසුගියදා වැදගත් තීන්දුවක් ගත්තා. ඒ තමයි කොවිඞ් 19 ට ප‍්‍රතිකාර කිරීමේදී බටහිර බෙහෙත් සහ ශාකසාර බෙහෙත් එක්කොට ප‍්‍රතිකාර කිරීම. අපත් මෙවැනි ක‍්‍රමයකට යා යුතු බව මා විශ්වාස කරනවා. එවිට මේ වසංගතයෙන් අත් මිදෙන්නට අපට පුළුවන්.

* සංඛනාත වෙදගේවත්ත
 

විශේෂාංග

sikuru

සිනමා කලා

drama250

නවලිය

kuslani250

දියග

kemada250

මීවිත

sulo250

More Articles