Divaina - අඳුනින් බලා දුකට පත්වූවන්ට සෙත සලසන අපූරු මිනිසෙක්

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

nakatha2

ගුප්ත විද්‍යාව හා බැඳුන ශාන්තිකර්ම රාශියකි. යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් බලි තොවිල් දෙහි කැපීම් ඇතුළු විවිධ ආරක්‍ෂා ක‍්‍රම ආරූඩයෙන් ශාස්ත‍්‍ර කීම අඳුන බලා නිමිති ප‍්‍රකාශ කිරීම ඇතුළු තවත් බොහෝ ගුප්ත බලවේග හරහා කෙනෙකුගේ දුක දුකට හේතු සොයාගැනීම මේ අතර වේ. පුරාණ ඍෂිවරුන් විසින් භාවිත කළ මෙම ශාන්තිකර්ම පරපුරෙන් පරපුරට උරුම වූ අතර අපේ මුතුන් මිත්තන් එකී ශාන්තිකර්ම හරහා මනුෂ්‍ය වර්ගයාගේ සියලූ දුක්ඛ දෝමනස්සයන් දුර කළ බවට පවතින සාක්‍ෂි අනන්ත අප‍්‍රමාණ වේ.
 
 එහෙත් කාලයාගේ ඇවෑමෙන් මෙකී ශාස්ත‍්‍රය ගැන කිසිදු දැනුමක් අවබෝධයක් නොමැතිව ඒවා ව්‍යාපාර බවට හරවාගත් සමහර වංචනික පුද්ගලයන්

හරසුන් දේ සමාජ ගතකර මුදල මූලික කරගනිමින් දුකට පත් අසරණ ජනයා මුලාකරන්නට වූයෙන් අද වනවිට ගුප්ත විද්‍යා ශාස්ත‍්‍රය අමූලික බොරුවක් ලෙස සමාජය විසින් පිළිගැනීමට පෙළඹීම අවාසනාවන්ත තත්ත්වයකි.
 
 එසේ වුව ද පෙර පින් බලමහිමය හේතුවෙන් පරම්පරාවේ උරුමයෙන් මෙකී ගුප්ත ශාස්ත‍්‍රය හරහා දුකට පත් අසරණ ජනී ජනයාගේ දුක් කරදර දූරින්භූත කිරීමේ හැකියාව සතු එමෙන්ම එසේ කිරීමේ උදාර පරමාර්ථය ඇතිව කටයුතු කරන පිරිස් ද ඉඳහිට අපට තවමත් හමුවේ.
 
 ගුප්ත විද්‍යා ශාස්ත‍්‍රය උපයෝගී කොට ගනිමින් තමන් ජීවත්වන සමාජයේම දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් සොයන අයෙකුට සතුටක් සහනයක් ලබාදීමේ සමාජ මෙහෙවරේ යෙදෙන්නට තමන්ට හැකිවෙතැයි සිහිනයකින් හෝ නොසිතූ නොපැතූ එවන් වූ ගුප්තවිද්‍යාවේදියකු පසුගිය දිනක ‘නැකත’ට හමුවිය.
 
 වසර තිහකට අධික කාලයක සිට අඳුනකින් බලා තමන් ඉදිරියට එන දුකට පත්වූවන්ගේ සිතෙහි ඇතිව තිබෙන දුක්ඛදායක කරුණු කාරණා අවබෝධකර ගනිමින් ඒවාට හේතු සහ ඉන් මිදීමට අවශ්‍ය පිළියම් මනාව වටහා දුන්න ද අදටත් ඔහු ඒ වෙනුවෙන් ප‍්‍රසිද්ධියක් ලැබීමට දක්වන්නේ දැඩි අකමැත්තකි.
 
 එහෙත් කටින් කට පැතිර යන්නා වූ ආරංචි ඔස්සේ තමන් වෙත පැමිණෙන ඕනෑම අයකුගේ ග‍්‍රහ අපල තත්ත්වයක් දුරුකිරීම, ප‍්‍රමාද වූ විවාහ කටයුතු ඉක්මන් කිරීම, පවුල් ආරවුල් විසඳීම, අණවින, හදි හූනියම්, කොඩිවිණ දෝෂ දුරලා නිවාස ආරක්‍ෂා කිරීම ආදී එදිනෙදා ජීවිතය තුළ කෙනෙකුට මුහුණපාන්නට සිදුවන පීඩාකාරී තත්ත්වයන්ට තමා තුළ ඇති ගුප්ත බලවේග මෙහෙයවීමේ ශක්තිය උපයෝගී කරගනිමින් නිසි ප‍්‍රතිකර්ම යෙදීමට ඔහු කිසිවිටෙක පසුබට වන්නේ නැත.
 
 මේ ඔහුගේ කතාවයි
 
 මම ඉපදුනේ රඹුක්කන සියඹලන්ගමුව කියන ගැමි පරිසරයේ. මගේ තාත්ත ගමේ දක්‍ෂ නැටුම් ශිල්පියෙක්. ඔහු කලායතනයක් පවත්වාගෙන ගියා. ගෙදර තිබුණු කලා පරිසරය නිසා බහතෝරන අවධියේ ඉඳල දකින්න ලැබුණෙ නැටුම් ගැයුම් තමයි. ඔය විදියට යන්තම් අවුරුදු 7 වෙනකොට මම කවියට කලාවට යොමුවුණා.
 
 හැබැයි මගේ ලොකු අයියා ජ්‍යොතිෂය සහජයෙන් පිහිටපු කෙනෙක්. ඔහු අදටත් ජ්‍යොතිෂවේදියෙක් විදියට තමයි කටයුතු කරන්නෙ. එදා ඉඳලම මම දෙවියන් කියල කොටසක් මේ ලෝකෙ ඉන්නව කියල විශ්වාස කළා. ඒත් කවදාවත් හිතුවෙ නෑ තවත් කෙනෙකුගෙ දුකට පිහිටවෙලා ඒ දුක නිවන්න තරම් හැකියාවක් මා තුළ පිහිටයි කියලා.
 
 ලබන සතියට....
 
 ගුප්ත විද්‍යාවේදී -  වික‍්‍රම සියඹලන්ගමුව
 හේවාදිවෙල - රඹුක්කන
 සටහන -  ධම්මික හේවාවසම්

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles