Divaina - රටම කතාකළ 'පොලිස් දුවගේ' රිය අනතුර... බීලා හිටියේ නැතිලු... වෙලා තියෙන්නේ අත්වැරදීමක්ලු!

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ගයාන් සමරසිංහssp
 
polislady1ඔහු නුගේගොඩ ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකි. ඔහු අවංක නිලධාරියෙකි. සේවා කාලය දශක තුනකට ආසන්නය. දන්නා තරමින් එදා මෙදාතුර ඔහුගේ නම ඉදිරියෙන් කළු පැල්ලමක් ගෑවී නොමැත. එහෙත් අවාසනාවක මහත නම් ඔහුගේ දරුවන් එසේ නොමැත. තම දරුවන් නිසා ඔහුගේ නම කැත වූ අවස්ථා කිහිපයක් සඳහන් වේ. ඉන් දෙකක් ඉතා බරපතළ තත්ත්වයේ ඒවා ය.
 
 දැනට වසර කිහිපයකට ඉහතදී ඔහුගේ පුතා, දුව තවත් මිතුරන් කිහිපදෙනකු සමග රාත‍්‍රි සමාජශාලාවකට ගොස් ඇති වෙනතුරු විනෝද වෙමින් පාන්දර ජාමයේ යළි නිවස බලා එමින් සිටියදී ගාලූ පාරේදී අනතුරක් සිදුකර පුද්ගලයකු මරා දැමුවේය. ඒ එම මොහොතේ මාර්ගයේ ගමන් කරමින් සිටි බොරැල්ල පොලිසියේ රථවාහන ස්ථානාධිපතිවරයා. එලෙස ස්ථානාධිපතිවරයාව යටකර දැමූ මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පුතා සහ මිතුරන් අනතුර සිදු කළ ස්ථානයෙන් පැන ගියේ තිරිසනුන් විලසින්ය.
 
 අධික බීමතින් සිටි ඔවුන් සිතුවේ කිසි දිනෙක මෙම අනතුර පිළිබඳ තොරතුරු එළි නොවන බවයි. එහෙත් එය එසේ නොවුණි. සීසීටීවී කැමරා ඔස්සේ අනතුර සිදුකළ පුද්ගලයන් සහ ඔවුන් පැදවූ වාහනය පිළිබඳ සියලූ තොරතුරු සොයා ගැනීමට හැකි විය. ඒ අනුව පසුදිනම එම අනතුර සිදු කළේ ඉහත සඳහන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පුත‍්‍රයා බව මුළු රටම දැනගත්හ. එම පුත‍්‍රයා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලතලයක් දරන තම පියාගේ නම කැත කළේ එලෙසින්ය.
 
 එලෙස ඔහුගේ නම අපකීර්තියට ලක් කර ගත වූයේ වසර දෙකකටත් අඩු කාලයකි. නැවත වරක් එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරයාගේ නම කැත කිරීමට ඔහුගේ දුව සමත් විය. ඒ පසුගිය 15 වැනි දා අලූයම තුනට පමණ සිදු කළ රිය අනතුරක් නිසාවෙනි. එම සිද්ධිය සැකවින් මෙසේය. එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරයාගේ දියණිය රොෂානි මධුෂානි රත්නායක යි. වයස අවුරුදු 19 කි. ඇය දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරයි. එලෙස අධ්‍යාපනය හදාරන අතර ඇය හිතමිතුරන් සමඟ විවිධ උත්සවවලට ද වලට ද සහභාගි වේ.
 
  දිනය පසුගිය පහළොස් වැනිදාය. ඇය මිතුරු මිතුරියන් කිහිප දෙනකු සමග රාත‍්‍රී සාදයකට සහභාගි වූ බව පැවසේ. අලූයම දෙක වනතුරු පමණ ඇය එම සාදයේ සිටි බව අනාවරණය වේ. අලූයම දෙකෙන් පසු ඇය එම ස්ථානයෙන් තම නිවස බලා යෑමට පිටත්වූවාය. ඒ සුඛෝපභෝගී ජීප් රථයකින්ය. එම ජීප් රථය ඇයට ලබා දුන්නේ මුස්ලිම් මිතුරකු විසින් ය. ඉක්මනින් නිවස වෙත යෑම සඳහා ඇය වේගයෙන් ජීප් රථය පැදෙව්වාය. එලෙස සුඛෝපභෝගී ජීප් රථය පැදෙවුවත් ඇයට වලංගු රියැදුරු බලපත‍්‍රයක් නොතිබුණි. එහෙත් ඇය එය එතරම් ගණන් ගත්බව ඇගේ පියා ඉහළ පොලිස් නිලධාරියෙකු වීම එයට හේතු විය හැකිය. එම උණ ඇඟට ගත් නිසාදෝ ඇය කිසිදු බියකින් තොරව එම ජීප් රථය පැදෙව්වාය.
 
 නෙළුම් පොකුණ පසු කරමින් ඇය ඉදිරියට ගියාය.
 
 එලෙස ඇයට යෑමට හැකි වූයේ නෙළුම් පොකුණ වටරවුම ආසන්නයට පමණි. එක්වරම ඇයට සුඛෝපභෝගී ජීප් රථය පාලනය කර ගැනීමට නොහැකි විය. ඇයගේ පාලනයෙන් මිදුණු ජීප් රථය එම ස්ථානයේ පිහිටි පෞද්ගලික මෝටර් රථ අලෙවි සලක් බිඳගෙන ඇතුළට ගොස් එහි තිබුණු වාහන කිහිපයක ද ගැටිණි. තත්පර ගණනක් ඇතුළත ඇතිවූ එම භයානක රිය අනතුරෙන් පෙර පිනකටදෝ කොහෙද ඇයට කිසිදු තුවාලයක් සිදු බරපතළ තුවාලයක් සිදු නොවුණි.
 
 කළ යුත්තේ කුමක්දැයි ඇයට එක්වරම සිතා ගැනීමට නොහැකි විය. ඇය සිටියේ ඉමහත් කම්පනයකින්ය. එලෙස විනාඩි ගණනක් ගත විය. යම් ප‍්‍රකෘති තත්ත්වයකට ඇය පැමිණියාය. ඉන්පසු ඇය තම පියාට දුරකථන ඇමතුමක් ලබා ගෙන සිදු වූ සියල්ල පැවසුවාය. එලෙස දුරකථන ඇමතුම ලබා දී ගතවූයේ සුළු මොහොතකි.පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණියහ. ඒ අතර කාලය තුළ ඇය තම මිතුරු මිතුරියන් කිහිප දෙනකුටද මෙම අනතුර පිළිබඳව දැනුම් දුන්නාය. ඒ වන විට ඔවුහු එම ස්ථානයට පැමිණ සිටිහ. එලෙස පැමිණි එක් තරුණියක් නිරෝධායන නීතිය කඩකරමින් මුව ආවරණයක් කර නොමැතිව එම ස්ථානයේ රැඳී සිටියාය. ඒ අතර තවත් තරුණයෙක් පොලිස් නිලධාරීන් ඉදිරියේම එම සුඛෝපභෝගී ජීප් රථයේ අංක තහඩු ගලවා ගත්තේය. එම වැරදි කිසිවකටවත් දඬුවම් දීමට හෝ අවවාද කිරීමට වත් එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් අපොහොසත් වූහ. ඒ අනතුර සිදු කළේ ඉහළ පොලිස් නිලධාරියෙකුගේ දියණියක නිසා වන්නට ඇත.
 
 තත්ත්වය එසේ තිබියදී රිය අනතුර සිදු කළ එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ දුව සහ ජීප් රථයේ හිමිකරුවෝ පොලිස් අත්අඩංගුවට පත් වූහ. එලෙස රැගෙන පැය කීපයක් ඇතුළත ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බව පවසමින් පොලිස් ඇප ලබා දුන්නහ.
 
 ඒ අනුව පසුගිය 18 වැනිදා ඔවුන්ව අපරික්ෂාකාරී ලෙස රිය පදවා කුරුඳුවත්ත ප‍්‍රදේශයේ පිහිටි මෝටර් රථ ප‍්‍රදර්ශනාගාරයකට බරපතළ හානි සිදු කිරීමේ චෝදනාව යටතේ කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපත් කළහ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ දුව වන රොෂානි මධුෂා රත්නායක නමැත්තිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණය වෙත පෙනී සිටි අතර එහිදී කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් කරුණු දක්වමින් පැවසුවේ සැකකාරියට රියැදුරු බලපත‍්‍රයක් නොමැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි. මෙහිදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 19 වන වියේ පසුවන තම සේවාදායිකාව පෞද්ගලික විශ්වවිද්‍යාලයක ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් හදාරන අතර ඇය රිය පැදවීම පිළිබඳව පුහුණුව ලබමින් සිටින බව කියා සිටියා.
 
 සිය මිතුරකුගේ මෝටර් රථයක් පදවාගෙන යෑමේදී තිරිංග වෙනුවට ඇක්සලේටරය ඇය විසින් පෑගීම හේතුවෙන් එම බරපතළ අනතුර සිදු වී තිබෙන බව පෙන්වාදුන් නීතිඥවරයා හානියට පත් පිරිස් සමඟ සාකච්ඡා කර සුදුසු වන්දි ප‍්‍රතිපූර්ණය කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නා. මෙහිදී අගතියට පත් මෝටර් රථ ප‍්‍රදර්ශන ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ සැකකාරිය සිදුකළ එම රිය අනතුර හේතුවෙන් තම ආයතනයට රුපියල් ලක්ෂ දෙසීයක පමණ පාඩුවක් සිදුව ඇති අතර ඒ සඳහා සුදුසු වන්දියක් තමන් අපේක්ෂා කරන බවයි. සැකකාරිය පැදවූ රථයේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ද, අධිකරණයට කරුණු දක්වමින් අනතුරින් තම මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බැවින් තමන්ට රුපියල් ලක්ෂ 350 ක පමණ පාඩුවක් සිදුව ඇති බව කියා සිටියේය. කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් හිරෝෂි කාහිංගල මහත්මිය සැකකාරිය රුපියල් ලක්ෂ දෙකක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ අතර පැමිණිල්ල නැවත මාර්තු මස දෙවැනිදා කැඳවීමට නියම කළා. අවසානයේ නැවත වරක් තම පියාගේ නාමයට කැළලක් එකතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ දියණිය කළ රිය අනතුරෙන් නිදහස වූයේ එලෙසින්ය. මෙම රිය අනතුර පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එම අනතුර සිදු කළ තරුණියට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට විවිධාකාරයේ උසුළු විසුළු සහ මඩ ගැසීම් සිදු කර තිබුණි. පහතින් දැක්වෙන්නේ ඉන් කිහිපයකි.
 
 ‘‘එකම රටක නීති ගොඩක් ...එස් එස් පීකෙනෙක් ගේ දුවක් කළ අනතුරක් ...ඒක නම් සාමාන්‍යයි කියමුකෝ ... මාස් පඩි ගන්න එස් එස් පී කෙනෙක් V8 එකක් ගොවිසෙත ඇදිල ගත්තා කියලා හිතමුකො ඒත් පොලිසිය ඉස්සරහ එකෙක් නම්බර් ගලවන් යනවා ...කෝ මාස්ක් ...ඇයි රාළහාමි පොත්තේ පාටට ඇඹරුණා ද...”
 
 ‘‘එස් එස් පී මැතිතුමනි...මේ දුවත් හැර අර පුතා හැර ඔබට තවත් දරුවන් සිටීද ...අවදානමක් ගන්න බෑ අපිත් පාරේ බැහැලා යන්න එපැයි ඒකයි ඇහුවේ ...”
 
 ‘‘ලයිසන් නැතිව, හුද කලා කරපු පොලිස් ඉහළ නිලධාරියාගේ දියණියට සාධාරණයක් ඉටු වේවිද ...මේ දැරිවියගේ අයියත් අසරණ පොලිස් නිලධාරියෙක් හපලා මරලා තියේ...”
  

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles