Divaina - ට්‍රැෆික් විරාමයේ යාචක සවාරිය.... සම්මාදම්, ආධාර පත්‍ර, පිරිමි / ගැහැණු ගණිකාවන් සහ කෝලම්කාරයෝ ඒ අතර....

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 yachaka


මිත‍්‍ර ශ‍්‍රී කරුණානායක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
පිං පත්තර අනාථාධාර සම්මාදම් බාර හාර බලි තොවිල් කිරි අම්මා දාන දේවදාන ආදී දේ ඉදිරියට දමමින් සිඟා කෑම අද ඉතා බහුලව සිදුවෙයි. යාචකයන් මුවාවෙන් ගොස් සොරකම් කිරීම, මංකොල්ල කෑම පික්පොකට් ගැසීම උදුරාගෙන දිවීම වැනි දේද සිදුවන අතර ඒවා ගැන ඉදිරියේදී කතා කරමු. මුහුණු පොත වැනි සමාජ මාධ්‍යජාලා, වයිබර්, වට්ස්ඇප්, ඉමෝ වැනි සමාජ මාධ්‍ය සමූහයන් විද්‍යුත් තැපෑල වැනි දියුණු තාක්‍ෂණික අන්තර්ජාල ක‍්‍රමෝපායන්ද උපයෝගී කරගෙන ජල්තර ක‍්‍රමයට හිඟාගන අයද සිටින අතර ඒවා ගැන අප අනන්තවත් මේ පිටුව තුළින් කතා කර ඇත.
 
 ඉ
yachaka2හත සඳහන් සියල්ලට අමතරව යම් කලක සිට එක්තරා පිරිසක් නගරයේ හෝ නගරයට තදාසන්න හතර මං හන්දිවල ඇති රතු, කොළ සහ වර්ණ සංඥා :signal color lights) ආශ‍්‍රයේ මදකට නවත්වන වාහනවලින් සිඟමන් යැදීමේ ක‍්‍රමයකට අනුගතව ඇත. beggars of Traffic lights හෙවත් ට‍්‍රැෆික් ලයිට් හිඟන්නෝ කියා කටවහරේ මොවුන් හඳුන්වන අතර අධික වාහන තදබදය තුළ දැඩි මානසික ආතතියකින් යුතුය රිය පදවන කාර්ය බහුල රියැදුරාට ඇත්තටම මෙම යාචකයා වාතයකි කරදරයකි. ආකාර කීපයකින් සහ ක‍්‍රමවේද කීපයකින් මෙවැනි අය වාහන වෙතට අවුත් සිඟමන් යදින අතර සමහරු කුඩා පරිමාණ ව්‍යාපාරික ගනුදෙනුද රියැදුරා සමග කිරීමට ආසාවක් දක්වයි.
 
 පසුගිය දිනක අපේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ සහකාර පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙවන් සංඥා ලාම්පු හතරමං හන්දිවල සිටින යාචකයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇති බවයි. එයට ප‍්‍රධාන හේතුව වශයෙන් ඔහු ප‍්‍රකාශ කළේ ඔවුන් නිසා සාමාන්‍ය මහජනතාවට රෝගකාරක වෛරස් සහ වෙනත් රෝගාබාධ පැතිර යා හැකිය යන්නයි. තව දුරටත් ඔහු පැවසුවේ මොවුන් බහුතරයක් දෙනා :95‍්‍ර ක්) විවිධ ව්‍යාපාරවල නියැළෙන අය බවට කරුණු සොයාගෙන ඇති අතර ඔවුන් නීතයානුකූල නොවන ජාවාරමකට ජාලගතව එසේ එකතු කරන මුදල් එක් පුද්ගලයකුට ලබා දෙන බවයි. සමාජයේ සිටින ව්‍යාජ යාචකයන් අතරින් සැබෑ යාචකයන් හඳුනාගන්නා මෙහෙයුමක් දියත් කර ඇති බවද පැවසූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා තව දුරටත් කියා සිටියේ මෙහිදී සොයා ගන්නා සැබෑ යාචකයන් සමාජ සේවා දෙපාර්තමේන්තුවට භාර දෙන බවයි.
 
 එමෙන්ම ව්‍යාජ යාචකයන් පිළිබඳ නීතිමය පියවර ගන්නා අතර එවැනි යාචකයන්ට මහමගදී මහමාර්ග නීති උල්ලංඝණය කරමින් මුදල් ලබා දෙන රියැදුරන්ට සහ යතුරුපැදි ධාවකයන්ටද විරුද්ධව මහමාර්ග නීති පණත යටතේ (under Article 59 of the National Thoroughfare Act) නීතිමය පියවර ගන්නා බවත් ඔහු පැවසීය.
 
 සංඥා ලාම්පු අවට සිඟමන් යදින යාචකයන් අල්ලා පුනරුත්ථාපනය සඳහා රිදියගමට භාර දෙන බවට හරියටම මෙයට වසරකට පෙර 2019 නොවැම්බරයේ, මාර්ගාරක්‍ෂාව සහ රථවාහන භාර නියෝජ්‍ය පොලිසපති ලලිත් පතිනායක මහතාද පවසා සිටි බව අපට මතකය.
 
 දන්නෝ දන්නා නොදන්නෝ නොදන්නා දකුණු පළාතේ අම්බලන්තොටට කිට්ටුව පිහිටා ඇති, සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පාලනය වන රිදියගම යාචක පුනරුත්ථාපන කඳවුර සුවිශේෂී ස්ථානයකි. මෑතකදී නොව මෙයට බොහෝ කලකට පෙර මා එහි ගොස් එහි නේවාසිකව රඳවා ඇති විථි යාචකයන්, වීථියේ සිට අත්අඩංගුවට ගත් අයාලේ ගිය තරුණයන්, ගණිකාවන්, පිරිමි ගණිකාවන් වැනි අය සමග මත් නිවාරණ සහ පුනරුත්ථාපන කටයුතු කර ඇති අතර එකළ නම් එහි තත්ත්වය එතරම් යහපත් නොවීය. ( නව පරිපාලනය යටතේ එහි වත්මන් තත්ත්වය හොඳ බවත් යහපත් වැඩපිළිවෙළක් ඇතිව කරගෙන යන බවත් සුබවාදීව සිතමි.)
 
 ”මෙහෙ ඉතින් ආවොත් ආවා තමා මහත්තයෝ.. යෑමක් නෑ.. ගියොත් ඉතින් තක්කාලි පෙට්ටියේ තමා’’.
 
 එකළ රැඳවියන් තක්කාලි පෙට්ටිය කියා හැඳින්වූයේ නේවාසිකයෙක් මියගිය විට ඔහුව හෝ ඇයව රෙදිකඩකින් හෝ පොලිතින්වලින් ඔතා බහලන කුඩා පකිස් පෙට්ටියටයි. එම ලෑලි පෙට්ටිය පුනරුත්ථාපන භූමියෙන් පිට කරන අතර අසල ඇති පාළු පොදු සුසාන භූමියක මිහිදන් හෝ ආදාහනය කරනු ලබයි. මේ නිසා වීථි යාචකයන් සහ වානිජමය ලිංගික ශ‍්‍රමිකාවන් පොලිසියට හසුවී රිදියගම යෑමට මාර බයය.
 
 විදුලි සංඥා ලාම්පු සවි කොට ඇති හතරමං හන්දිවල සිඟමන් යදින යාචකයන් අතර වෙළෙන්දෝද සුලබය. ඇත්තටම ඔවුන් වෙළෙඳ යාචකයන් නොහොත් යාචක වෙළෙන්දන්ය. යාචකයා ඍජුවම වාහනය තුළට අතපා මුදලක් බලාපොරොත්තු වෙයි. ඔහු හෝ ඇය වාහනයෙන් ලැබෙන දෙයක් පින්දී ලබා ගෙන ඉතාම ඉක්මණින් එතැනින් පිටව යන්නේ පිටුපස ඇති වෙනත් වාහනයකට අත පෑම සඳහාය. කොළ ලයිට් එක පත්තු වී වාහනය ඉදිරියට පෙර ඔහු එහි යා යුතුය. මොවුන් කිසිම අයෙක් වාහනයක් ළඟ නිකරුනේ ටැක් ගැහෙන්නේ නැත. රියැදුරාගේ මුහුණ හෝ ඉරියව් දකිද්දී ඔහුට ඇත්තේ දෙන මුහුණක්ද නොදෙන මුහුණක්ද නැත්නම් ගෙවන මුණක්ද මසුරු කාප්ප ඉච්චි මූණක්ද කියා විනිශ්චය කිරීමට මොවුන් හොඳින් දනී. වාහනයේ පෙනුම, එල්ලා ඇති කෝවිල් මල්මාල, කුරුස, මාල හෝ කොන්ත, ඉදිරියේ ඩෑෂ් බෝඞ් එක මත තබා ඇති බුදුන්ගේ, ජේසුගේ, ගනේෂ්ගේ (ඉෂ්ඨ රූප) පිළිම, අලවා ඇති ස්ටිකර් සහ වදන් තුළින්ද ඔවුන් රියැදුරාගේ මානසික තත්ත්වය මැනවින් හඳුනා ගන්නට අති දක්‍ෂය.
 
 ”තරුණ කපල් එකක් හරි හැට පැන්න ජෝඩුවක් හරි ඉන්න වාහනයකින් හොඳ ගෙවාපියක් ෂුවර් එකටම ලැබෙනවා බොස්..’’
 
 මට මෙසේ කීවේ කීවේ ධර්මේය. ඔහු වසර පහළොවක් තිස්සේ සිඟමන් යදින ට‍්‍රැෆික් ලයිට් යාචකයෙකි. කිරුලපන ජනාකීර්ණ වත්තක කාමරයක් කුළියට අරන් ජීවත් වන ධර්මේ හොඳට කාලා බීලා යන්තම් ඇඳලා සිටියා මිස යාචක දිවිය නිසා උපයා ඉතිරි කළ මුදලක් නම් නැත. එයට හේතු වශයෙන් ඔහු කියන්නේ මෙයයි.
 
 ”තනිකඩ මං ඉතින් කාට ඉතුරු කරන්නද බොසා.. ලීලටයි, මාලටයි, කමලටයි, චිත‍්‍රටයි මාරුවෙන් මාරුවට රෑට රෑට ඉන්න තැනක් අරන් දීල එංගලන්තෙ දුවන අස්පයන්ට කෑම ටික කන්න සල්ලි යැව්වහම මං සුද්දයි.’’
 
 එසේ ඔහු නොකියා කියන්නේ තමා අධික ලෙස ගනිකාවන් ඇසුරට සහ අස්ප රේස් සූදුවට තදින්ම ඇබ්බැහිව ඇති බවයි. බහුතරයක් තනිකඩ යාචකයෝ මෙසේ සල්ලාලකමට මත්පැනට දුම්පානයට සහ මත්කුඩුවලට ඇබ්බැහි වූ අයයි. කොටහේනේ හුසේන් අමුතුම තාලේ ට‍්‍රැෆික් ලයිට් යාචකයෙකි. විවිධ රංගනයන්වල යෙදෙමින් හිඟා කන්නට ඔහුට ඇත්තේ පුදුම හැකියාවකි. මුල් කාලවලදී ඔහු කකුලක් කොට අයෙක් ලෙස රඟමින් මරදානේ සිඟමන් යැද්දේය. පසුව බොරැල්ලට ආවේ ඇදුම රෝගියකු ලෙසිනි. ඔහු බම්බලපිටියට හෘද රෝගියෙකි. නුගේගොඩදී කරන්ට් එක වැදී ස්නායු වෙව්ලන අයෙකි. නාරාහේන්පිටදී ගොළුවෙකි. නමුත් ඔහු කියන පරිදි එය ඔහුට වාසියක් නොව බාධාවක් වී ඇත.
 
 ”මේම රඟල මං ගොඩක් පාරක් වාහන කාරයන්ට නෝන්ඩි වුණා බොසා. එකපාරක් බොරැල්ලෙදි කණ පුරා කෑවා. තව පාරක් නෝනා කෙනෙක් මගෙ මූණටම කිව්වා බොරු කරන්ඩ එපා ඕයි මගේ මහත්තයා පොලිසියෙ අල්ලල දෙනවා කියල. ඊට පස්සේ තමා මං ඩබල් ඇක්ටිං අත ඇරල ඇදුම රෝගෙ විතරක් රඟන්නෙ.’’
 
හුසේන් කියන අන්දමට ඇදුම රෝගීන්ට වාහනකරුවන් හෙවත් රියැදුරන් මාර බයක් දක්වයි. ඔවුන් මුඛ ආවරණයක් පැළඳගත් අයෙක් තම වාහනය අසලට එනවාටවත් කැමැති නැත. ඒ නිසා ඈත සිටම කීයක් හෝ දික්කර සැනෙන් වාහනය ඉදිරියට පදවයි. හුසේන් මුඛ ආවරණයක් පළඳින්නට ගත්තේ මේ කොවිඞ් 19 වෛරසය ලෝකයට එන්නට බොහෝ කලකට පෙරය. සර්ජිකල් මාස්ක් එකක් හෙවත් සායනික මුඛ ආවරණයක් ඔහුට වාසි දෙකක් ගෙන දෙයි. එකක් ඔහුගේ රෝගී තත්ත්වය සමාජයට පෙන්වා අනුකම්පාව දිනා ගැනීමයි. අනික දන්නා අඳුණන අයගෙන් වහංව සිට තම අනන්‍යතාවය රැකගෙන ජීවත් වීමයි.
 
 මාර්ෂල් රාම් යනු වීථි යාචකයන් දහ දෙනකුගේ අයිතිකාර (හිටපු) යාචකයෙකි. කකුළක් කොට වුවත් හොඳ හයේ හතරේ සිරුරකින් හෙබි හැත්තෑව පැන්න ඔහු දැන් හිඟා කන්නේ නැත. ඒ වෙනුවට වෙනත් අය දම්මවා ‘හිඟා කව්වවයි.’ රාම් උදේම තම අලූත්ම අලූත් ටොයෝටා කේ.ඞී.එච්. වෑන් එකෙන් නගරයට එන්නේ සිය සඟයන් පිරිසද එහි නග්ගවාගෙනයි. ඒ අතර මළකුණක් හැර මහල්ලෙක් ලෙඩෙක් හා සිවුරක් පොරවාගත් භික්‍ෂුවක් වැනි අයෙක් යන තුන් පෙර නිමිතිද සමග පෝලියෝ තරුණියක්, මන්ද මානසික ලෙස හැසිරෙන මත්ලෝලී තරුණයෙක් සහ තවත් විථි වෙළෙන්දන් මෙන් හැසිරෙන කිප දෙනෙක්ද වෙති. ඔවුන්ගේ අතට වියදම් සල්ලි වශයෙන් සුළු ගාණක් දී නියමිත තැන්වලින් බස්සවන අතර යළි අඳුර වැටුනු විට බෝඩිම බලා රැගෙන යෑමට ඔහු එන්නේ වෙනත් වාහනයකිනි. මට මාර්ෂල් රාම්ව හඳුන්වා දුන්නේ දැන් කටාර්වල වැඩ කරන මා කලින් සඳහන් කළ මගේ පාසල් මිතුරාය. ඔහුට අනුව මාර්ෂල් රාම් යනු මුදලට කෑදර ඒ වෙනුවෙන් ඕනෑම කුප්ප වැඩක් කරන සමාජයේ බොහෝ ඉහළ පහළ තැන් සමග සමීප සබඳතා ඇති උද්දච්ච උඩඟු නසරානියෙකි.
 
 නාවල රාණි ඇන්ටි හැත්තෑව පැන්න ස්වාධීන ට‍්‍රැෆික් ලයිට් යාචක කතකි. ඇයට බොස් කෙනෙක් හෝ අයිතිකාරයෙක් නැත. ඇගේ පුතා ඉතා තදින් මත් කුඩුවලට ඇබ්බැහි වී ඇති අතර ඇය උපයන සියලූම මුදල් පුතා තම මත් කුඩු සඳහා වියදම් කරයි. ඇත්ත වශයෙන්ම රාණි ඇන්ටි සිඟමන් යදින්නේ තම එකම පුතාට මුදල් සොයා දීමටයි. දවසට කොහේ හෝ සිට කීප වරක් හයිලෙවල් පාරට තම මව සොයා එන අර නරුම පුතා ඇගේ අතේ ඇති සියලූම මුදල් රැගෙන සැනෙකින් එතනින් පිටව යයි. කනගාටුවෙන් සහ අකමැත්තෙන් වුව මෙයද කිව යුතුය. රාණි ඇන්ටි තම වාහේ කමට (හොර සැමියාට) තියාගෙන ඉන්නේ අගේ පුතාගේම වයස ඔහුගේ මිතුරෙකි. ඌද නස්ත කුඞ්ඩෙකි.
 
 පාර අයිනේ සිඟාකන මුවාවෙන් වෙනත් දේ කරන්නෝද එමටය. යාචක වෙළෙන්දා එවැන්නෙකි. ඔහුගේ ක‍්‍රමය තමා සතුව විකිණීමට ඇති වෙළෙඳ භාණ්ඩයක් රියැදුරාට හෝ වාහනයේ ගමන් කරන තවත් අයකුට පෙන්නා ගාණක් කඩා ගැනීමයි. මෙසේ ඔවුන් සතුව අලෙවි කිරීමටත් පෙන්නා අනුකම්පාව තබාගෙන මුදලක් කඩා ගැනීමට තියා ගෙන සිටිනා හිඟන භාණ්ඩත් ඇත.
 
 ස්වීප් ටිකට්, හඳුන්කූරු පැකට්, කපුරු බෝල පැකට්, යතුරු රඳන හෙවත් කී ටෑග්ස්, ලයිසන් අයිඩෙන්ටි කාඞ් කවර කුඩා දිනපොත්, කැලැන්ඩර්, ළමා කතන්දර සහ අධ්‍යාපන පොත් වැනි දේ මෙවැනි වෙළෙඳ භාණ්ඩවෙයි.
 
 බහුතරයක් රියැදුරන් සහ වාහන තුළ ගමන් කරන්නන් තමා වෙත එන යාචක වෙළෙන්දාගෙන් බඩුවක් මුට්ටුවක් මිලදී ගන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ වෙළෙන්දාට කුඩා මුදල් නෝට්ටුවක් හෝ කාසි කීපයක් පිනට දීමයි. සමහර යාචක වෙළෙන්දන් ගාව ඇති කපුරු බෝල පැකට් කීපය හෝ හඳුන්කූරු පෙට්ටි ටික අවුරුදු ගණන් පැරණිය. ඒවායින් එකක් වත් කිසිදාක විකිණී නැත. ඔවුන් කරන්නේ තම දුක වේදනාව සමග වෙළෙඳ භාණ්ඩ පෙන්වා මුදලක් ඩැහැගැනීම මිස සාධාරණ වෙළෙඳාමක් නොවේ. නමුත් ළමා කතන්දර පොත් සහ ස්වීප් ටිකට් විකුණන ට‍්‍රැෆික් ලයිට් ආශ‍්‍රිත වෙළෙන්දෝ වාහන රියැදුරන්ට මනාව සාධාරණය ඉටු කරති. ඒ මුදලට සරිලන භාණ්ඩයක් ලබාදීමෙනි.
 
 දරුවන් වඩාගත් තරුණ මව්වරුන් මෙන්ම රෝගී හෝ අංගවිකල දරුවන් වඩාගත් අම්මලා තාත්තලාද වාහන ආසන්නයට විත් අතපාද්දී ඕනෑම ගල් සිතක් මෙලෙක් වෙයි. සමහරු ඇත්තටම අසරණ අය වන අතර තවත් අය හිඟන රජකුගේ හෝ ‘‘බොසෙකුගේ’’ අතකොළුවක්ය. හංසයා ඉතාම පහසුවෙන් කිරෙන් දිය වෙන් කර ගත්තද අපට එසේ ඇත්ත, නැත්ත, මොත්ත, කිත්ත යනු කුමක්දැයි පහසුවෙන් දැනගත නොහැක.
 
 පසුගිය කාලයේ දවසක දෙහිවල ගුවන් පාලම යට හිඟා කන්නට ආ පුද්ගලයෙක් තම රෝගී පුතා යැයි කියමින් දුර්වල ලාබාල දරුවකු කරපින්නාගෙන එහෙ මෙහෙ පනිමින් සිඟමන් යදිද්දී තවත් සිඟන්නියක් අපට කියා සිටියේ ඒ කුලියට ගත් දරුවෙක් බවත් ළමයා රෝගී දුර්වල බව පෙන්වීමට ඔහු ඒ ළමයාට මත් වෙන සැර කැස්ස බෙහෙත් සිරප් එකක් පොවාගෙන නිදි කරවාගෙන නගරයට රැගෙන එන බවත්ය. එම වසල තිරිසනාව අප සොයා ගිය මුත් ඔහුව අපට හමු නොවුනේ වුගේ වාසනාවටද අපේ වාසනාවට දැයි තාම නොතේරේ.
 
 රතු වර්ණ සංඥාව ඉදිරියේ හන්දියක වාහන නවත්වන අය ඉතා ප‍්‍රවේශම් විය යුතු තවත් කාරණයක් ඇත. ඒ වාහනයේ සීට් එක මත හෝ ඩිකියේ ඇති වටිනා දේ කාටත් නොදැනෙන්නට සොරකම් කරන යාචක වෙස් ගත් සොරුන්ද හන්දිවල ගැවසෙන බැවිනි. වාහන තුළ ඇති මුදල් පසුම්බි, කාන්තා අත් බෑග්, ජංගම දුරකථන, ඔරලෝසු, ලැප්ටොප් පරිඝණක හෝ ටැබ් වැනි දේ ඇතුලේ ඉන්න අයට නොදැනී ඉතාම සූක්‍ෂමව ලබා ගැනීමට මොවුහු ඉතා හපනුන් වෙති.
 
 සමහරු ඇස් පනාපිටම වාහනය තුළට අත දමා එහි ඇති වටිනා දේවල් උස්සාගෙන දුවන්නේ කිසි ගාණක් නැතිවය. වාහන තදබදය සහ කොල ලයිට් එක පත්තු වීම නිසා රියැදුරාට වාහනය නවතා බැස ඒමට නොහැකිකම උන්ට මහත් පහසුවකි. මෙසේ කරන්නේ බොහෝ විට උම්මත්තක යාචකයන් හෝ මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූවන්ය. බොරුව, වංචාව, සොරකම සහ මංකොල්ලයට අමතරව තවත් වෙනත් අවර දේ කරන යාචක රූපයට මුවා වූ තවත් අයද සිටිති. ඒ ගණිකාවන් සහ පිරිමි ගණිකාවන්ය. තොටලඟ රුවන් සහ රත්මලානේ සජී මෙවැනි පිරිමි ගණිකාවන් වෙති. ඔවුන් ළමා පොත් අලෙවි කරණ මුවාවෙන් තම අර්ධ යාචක රැකියාවට බහින්නේ මදක් සවස් වූ සන්ධ්‍යා කාලයේ හෝ කළුවර වැටුණු රාත‍්‍රි කාලයේය. රුවන් බොරැල්ලට බහින අතර සජියා එන්නේ වැල්ලවත්තටයි. සම ලිංගික සේවනයට ලොල් සමරිසි රියැදුරෙකුට ඉතාම පහසුවෙන් රුවන් හෝ සජී වැනි අයෙක්ව හඳුනාගත හැක. නතර කර ඇති වාහනයේ පිටුපස දොර ඇරගෙන එයට ඇතුල්වන මෙවැන්නෝ යම් මුදලක් අය කර රියැදුරාට ”අවශ්‍ය දේ’’ ලබාදෙන අතර ඒවා මොනවාදැයි අපි නොදනිමු. ජාතික පුවත් පතකින් ඒවා කියන්නට කැමතිද නැත.
 
 අම්පාරෙන් කොළඹට ආ නිලානි සහ මධුනි ඥාති සොයුරියන්ය. ඔවුන් දෙදෙනා කාමරයක් කුලියට ගෙන කොට්ටාවේ ජීවත් වන අතර රැකියාව වශයෙන් කරන්නේ ට‍්‍රැෆික් ලයිට් අසල ස්වීප් ටිකට් සහ කී ටෑග්ස් විකිණීමයි. නිලානි සවසට පමණක් කේ.ජී. උරණ අතර මධුනි වැඩකටයුතු අවසන් වී කාමරයට රැගෙන ගොස් දිනපතා බියර් කෑන් එකක් බොයි. ස්වීප් සහ කීටෑග් වෙළෙඳාමට අමතරව ඔවුන් දෙදෙනා වෙන වෙනම තම ඇඟ මස් රුහිරුද අලෙවි කරයි. ඒ හතරමං හන්දිවල හම්බවන සල්ලාල රියැදුරන්ට එම වාහන තුළදීමය.
 
 වැල්ලවත්ත සහ පානදුර අතර කලාපය තුළ ඇති ට‍්‍රැෆික් ලයිට් අසල තම වෙළෙඳාම කරගෙන යන රූමත් මධුනි ස්වීප් විකුණනු පිණිස තමා ඉදිරියේ නවතා ඇති වාහනයේ රියැදුරු අසුනට පහත්වන විට කිටි කිටියේ ඇඳි ටී ෂර්ට් කර අස්සෙන් එකට එක හිරවුණු ඇගේ පිරිපුන් රණ තිසරුන් දකින රියැදුරාට හැඟීම් පහළ නොවන්නේ ඔහු රහතන් වහන්සේ නමක්, විරාගයේ අරවින්ද වැනි අයෙක්, දැඩි බ‍්‍රහ්මචාරියෙක් හෝ අන්තවාදී පති භක්තිකයකු වී නම් පමණි. කීටෑග් එක පෙන්වන මුවාවෙන් අතට අත වදිද්දී හෝ ඇඟිල්ලක් මිරිකද්දී කණට ඇහෙන නෑහෙන ගාණට ”යමුද’’ හෝ ”මං පිටි පස්සෙන් නගින්නද’’ කියා මධුනි ඇහැක් නටවා අහද්දී මස් මාළු කන පෘතග්ජන රියැදුරාට මොනවා හිතෙනවා ඇද්ද ?
 
 ශ‍්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 1842 ජනවාරි පළමුවෙනිදා මුලින්ම ආරම්භ කරන ලද මේ වන විට කීප වතාවක් විවිධ සංශෝධනයන්ට ලක් වුණු වේග‍්‍රනට් ඕඩිනන්ස් හෙවත් අයාල ආඥා පනත (පාදඩ) (Vagrant Ordinanace) යටතේ ඉහතකී පුද්ගලයන්ට එනම් අයාලේ හෝ පදඩකමේ යන්නවුන්ට දඬුවම් කළ හැක. (වේග‍්‍රන්ට්ස් හෙවත් අයාලේ යන්නන් අයාලයා, නන්නත්තාරේ ඇවිදින්නා, පාදඩයා, අවලමා, ඉබාගාතේ යන්නා, ස්ථාර පදිංචියක් නැත්තා යනුවෙන්ද නිර්වචනය කරනු ලබයි.
 
 එමෙන්ම වීථි අසළ කලහකාරී ලෙස හැසිරෙන්නන් කැරළි ගසන්නන්, අක‍්‍රමවත් ලෙස කටයුතු කරන්නන්, මාර්ග නීති කඩන්නන්, ගණිකා වෘත්තියේ යෙදෙන්නියන්, මහ මග අසෝභන ලෙස හැසිරෙන්නියන්, පූජකවරුන්, බැතිමතුන් හැර මහ මගක වීථියක, පොදු ස්ථානයක, අධිවේගී මාර්ගයක හිඟමන් යදින්නන් සම්මාදම් හෝ දානය එකතු කරන්නන්, පොදු ස්ථානවල අවසරයකින් තොරව දැන්වීම් පල කරන්නන්, අකුරු හෝ පණිවුඩ ලියන්නන්, අත්අඩංගුවට ගෙන අධිකරණයක් හරහා දඬුවම් නියම කිරීමට මෙම පනතට හැකිය.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles