Divaina - ඒලියන්ලා මුණ ගැහෙන්න මේ පාරෙන් එන්න...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 alian
 
 මතීෂ සේනානායක
 
මෙම පිටසක්වල ජීවීන්ගේ මතවාද වඩාත්ම උණුසුම්ව කතා බහට ලක්වූ කාලය වූයේ 20 වන ශතවර්ෂය තුළයි. එහිදී 1947 සිට 1969 දක්වා, සීතල යුද්ධය පැවති කාල වකවාණුව තුළ අද්භූත විදුලි පහන්, පියාඹන පීරිසි. පිටසක්වල පැහැරගැනීම් ඇතුළු UFO දර්ශන 12,000 කට වඩා වැඩි ප‍්‍රමාණයක් අලලා නිමවුණු රහසිගත ගුවන් හමුදා කණ්ඩායමක් වන ප්‍රොජෙක්ට් බ්ලූ බුක් නම් වාර්තාවද කදිම නිදසුනකි. UFO යනු හ`දුනානොගත් ආකාශ වස්තූන් (Unidentified flying object) යන්නනයි. මෙවැනි ආකාශ වස්තූන්ගෙන් බහුතරයක්ම පිටසක්වල ජීවීන් පැමිණි යානා ලෙස මත පල වුවද එවාගේ සත්‍ය අසත්‍ය බව අදටත් නොවිස`දුණු අභිරහසකි. මෙම හ`දුනා නොගත් ආකාශ වස්තූන් පිළිබඳ කතා කිරීමේ දී අදටත් අභිරහසක් වුණු ලොව සිද්ධීන් කිහිපයක් වාර්තා වේ. ඒ අතුරින් 1947 වර්ෂයේ දී ඇමරිකාවේ රොස්වෙල් හි ගොවිපලකට අනතුරකට පත්වූ අභිරහස් යානයක කොටස් වැටී තිබීම දෙස් විදෙස් මාධ්‍යන්ගේ දැඩි අවධානය යොමු වූ අතර පසුව ඇමරිකානු හමුදාව ප‍්‍රකාශ කළේ කඩා වැටී ඇති වස්තුව හුදෙක් සාම්ප‍්‍රදායික කාලගුණ බැලූනයක් බවයි. 1990 දශකයේ දී එක්සත් ජනපද හමුදාව විසින් කඩා වැටුණු වස්තුවේ සත්‍ය ස්වභාවය හෙළි කරමින් වාර්තා දෙකක් ප‍්‍රකාශයට පත්වුවද එය න්‍යෂ්ටික පරීක්ෂණ නිරීක්ෂණ බැලූනයක් ලෙස වාර්තා විය. එසේ වුවද, රොස්වෙල් සිද්ධිය හ`දුන්වන්නේ ‘‘ලෝකයේ වඩාත්ම ප‍්‍රසිද්ධ, වඩාත් සවිස්තරාත්මකව විමර්ශනය කරන ලද සහ වඩාත් ගැඹුරින් නිෂ්ප‍්‍රභ කරන ලද UFO ප‍්‍රකාශය” ලෙසයි. රොස්වෙල් සිද්ධිය වූ වර්ෂයේම පෞද්ගලික ගුවන් නියමුවකු වූ කෙනත් ආර්නෝල්ඞ්ද මෙවැනිම හ`දුනා නොගත් පියාසර යානා දැක තිබූ අතර ඒ ඔහු විසින් ව්‍යාපාරික ගමනක් සඳහා යකිමා, වොෂ් වෙත යන අතරවාරයේ දීයි ආර්නෝල්ඞ් තම ගුවන් යානයෙන් එපිට දීප්තිමත් ආලෝකයක් පිළිබිඹු කරන අයුරු දුටුවේය. ඔහු පුදුමයට පත් කරමින් කියා සිටියේ විශාල වේගයකින් රේනියර් කන්ද දෙසට පියාසර කරනා යානා නවයක් තමා දුටු බවයි. ආර්නෝල්ඞ් විසින් මෙම වස්තූන් පිළිබඳ කළ විස්තරය අනුව UFO සඳහා ජනප‍්‍රියම වචනය ලෙස පියාඹන පීරිසිය සහ පියාසර තැටිය යන වචන ඇතිවීමටද හේතු විය. පිටසක්වල ජීවීන් ගැන සඳහන් කරන විට ඇමරිකාවේ ලාස් වේගාස් සිට වයඹ දෙසින් සැතපුම්  83 ක් බටහිර එක්සත් ජනපදයට යන විට නෙවාඩා හි දකුණු කොටසේ පිහිටා ඇති 51 වන ප‍්‍රදේශය නැතිනම් කා අතරත් ජනප‍්‍රිය Area (ඒරියා) 51 අමතක නොකරම බැරිය. පිටසක්වල ජීවය පිළිබඳ මත දරන අයට ඒරියා 51 කලාපය නම් එම මත වලම ගැබ්ව ජීවත් වීමට නව මත නිර්මාණය කිරීමට කදිම ස්ථානයකි. මෙවැනි දේකට මග පෑදී ඇත්තේ මෙම කලාපයේ ඇමරිකානු ගුවන් හමුදාවට අයත් තමන්ගේ පර්යේශන හා පුහුණු ක`දවුර ඇති නිසාවෙනුත් එම ක`දවුරට ලබා දී ඇති විශාල ආරක්ෂාවත් බාහිර සමාජයට මෙම ක`දවුර ඇති ප‍්‍රදේශය විවෘත නොවීමත් යන සිද්ධීන් සමගය. තවත් මෙවැනි සිද්ධීන් ලොව පුරා රටවලින් වාර්තා වූ අතර එම කරුණු කාරණා හරි හැටි තහවුරු කරගැනීමට නොහැකි වීම තුළින් මෙවා හුදු මතයන් ලෙස බැහැර කිරීමේ අවස්ථාවන් වැඩිය.
 
 මෙම සක්වල ජීවීන්ගේ පෘථිවි ආගමනය ගැන සඳහන් කරන විට ශ‍්‍රී ලංකාවේ වාර්තා වූ කරුණු කාරණා ගැන අවධානය යොමු නොකරම බැරිය. පොළොන්නරුවේ පිහිටා දානිගලට හ`දුනා නොගත් එළිපතිත වීම, ඇතුළු හ`දුනානොගත් ආකශවස්තු දර්ශනය වීම් තුළින් ද මෙම කන්දෙහි පිහිටීම ද කාරණා කොටගෙන මෙය පිටසක්වල කන්ද ”Allan Mountain” යන නාමයද පබැ`දී ඇත. තවත් මෙවැනි හ`දුනා නොගත් ආකාශ වස්තූ දර්ශනය වීම්, විවිධ සක්වලින් පැමිණෙන එළි පතිත වීම් වැනි සිද්ධීන් රටේ විවිධ කාලවලට විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වුවද තවමත් එවැනි සිද්ධීන් හරියාකාරව සනාථ කිරීමට ප‍්‍රමාණවත් තරම් කරුණු හමු වී නැත. ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය දෙස හැරී බලන විට සීගිරිය වැනි විශ්මිත නිර්මාණද, තවත පුරාවිද්‍යා ස්ථාන වටා ද පිටසක්වල ජීවියාගේ සම්බන්ධයක් ඇතැයි මත ඉදිරිපත් වී ඇති අතර එම ස්ථානවලින් ආකාශ යානා වැකි දෑ නිරූපිත චිත‍්‍ර ද හමු වී ඇතත් ඒවාගේද නිවැරදිභාවය පිළිබඳ අදටත් ඇත්තේ ගැටලූ සහගත බවකි.
 
 පිටසක්වල ජීවීන් පෘථිවිය පැමිණියානම් ඔවුන් පැමිණෙන්නේ අති විශාල තාක්‍ෂණයකුත් රැගෙනය. මක් නිසාද යත් ඔවුන් පෘථිවියට පැමිණෙනවා නම් පැමිණිය යුත්තේ සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිට පිහිටි ස්ථානයක සිටය. ඔවුනට එවැනි දුරක් ගෙවාගෙන පැමිණීමට නම් විශාල තාක්‍ෂණයක් අවශ්‍යය. තවද මෙම පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණීම සක්වලින් පැමිණෙන ආක‍්‍රමණයක් ලෙස ද පැමිණිය හැකි බව බොහෝ අය මත පළ කරයි. මෙවැනි ආකාරයක පිටසක්වල ආක‍්‍රමණ පිළිබඳ මතයන් ටේල් සහ බෝන් යන අය විසින් ඉදිරිපත් කොට ඇත. ඔවුන් දෙදෙනාම නාසා ආයතනයේ සේවය කළ අයවලූන් වීමද විශේෂත්වයකි.
 
 මෙම මත පිළිබඳ නිශ්චිත පැහැදිළි කිරීමක් අදටත් නොමැත, තාක්ෂණය මෙතරම් දියුණු අවධියකට පැමිණ තිබුනත් අපට වෙන ලොවක ජීවයක් පිළිබඳ හරියාකාර පැහැදිළි කිරීමක් හෝ සොයාගැනීමක් හ`දුනාගත නොහැකි නම් අප කොතරම් කල් බලා සිටිය යුතු ද? යන්න ප‍්‍රශ්නයක් අවසානයේ අප සියලූ දෙනාගෙම සිත්තුල මතු විය යුතුය. වැදගත්ම කාරණය නම්, ”අපි මේ විශ්වය තනිවී ඇත්ද?” යන ප‍්‍රශ්නයට පිළිතුරු දීමට අපට තව බොහෝ කල් බලා සිටීමට සිදුවීමයි. කෙසේ වෙතත්, පිටසක්වල ජීවය පිලිබඳව හෝ ඔවුන් පෘථිවිය සමග දැක්වූ සබදතා පිළිබඳව අප දකින හ`දුනානොගත් වස්තූන් සම්බන්ධව එකවර නිගමනයකට පැමිණීමට ද නොහැක ඒවා පිටසක්වල නොවේ යැයි ද බැහැර කළ නොහැකි කරුණකි. කළ යුත්තේ හැකි තරම් පර්යේෂණ කිරීම් තුළින් නිවැරදි තොරතුරු හ`දුනා ගැනීමයි. ගුසෙප් කොකෝනි සහ පිලිප් මොරිසන් ඔවුන්ගේ පිටසක්වල ජීවීන් සෙවීම පිළිබඳ 1960 දී පළවූ නේචර් ලිපියේ අවසානයේ දී පැවසූයේ, ”අපි සෙව්වොත් මිස අපි කිසි විටෙකත් නොදැන සිටින්නෙමු!” යන්නයි.
 
 
 (මූලාශ‍්‍ර : අන්තර්ජාලය ඇසුරෙන්)
  

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles