Divaina - වසංගතය අතරේ රටපුරා අමුතු රැගුම්... ශලිනි තාරකා නිවසේත් නිරෝධානයට... කොරොනා පෙම්වතා තම පෙම්වතියට දුන්න තෑග්ග...! කඩුවෙල නගරසභාවේ නිලධාරියෙකු අනියම් බිරියගේ නිවසේ නිරෝධායනයවෙලා.....

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ගයාන් සමරසිංහ
 
කොරෝනා දෙවැනි රැල්ල තවමත් පහව ගොස් නොමැත. එය රටපුරා දරුණුවටම හිස ඔසවමින් තිබේ. දිනෙන් දින වැඩිවන කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාව මෙහි අවදානම කොතරම් දැයි ජනතාවට පසක් කර දෙති. කොතරම් අවදානම් තත්ත්වයක තිබුණත් සමහර මිනිස්සු ඒය ගණන් නොගෙන තමන්ට රිසි සේ වැඩ කටයුතු සිදු කරති. එය ඉතාම අවදානම් තත්ත්වයකි. පහතින් පෙළ ගැසෙන්නේ කොවිඞ් - 19 නොහොත් කොරොනා වසංගත හමුවේ පසුගිය සතියේ ජනතාව හැසිරුණු ආකාරය සහ මෙරටින් වාර්තා වූ සිද්ධි කිහිපයකි.

ශලිනි තාරකා නිවසේත් නිරෝධානයට...

wasangathaබණ්ඩාරවෙල රූගත කිරීමකට ගොස් සිටියදී නිරෝධායනයට ලක්කළ ශලනි තාරකා ඇතුළු ටෙලිනාට්‍ය කණ්ඩායම දින 6කට පසු එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණහ. එලෙස ඔවුන්ව එම ස්ථානයෙන් පිට කර තිබුණේ තෝරාගැනීම් තුනක් ලබා දීමෙන් පසුවයි.

එම තොරාගැනීම් මෙසේය.

1. ඔවුන්ට බණ්ඩරවෙලට පැමිණි වාහනයෙන්ම නැවත තමන් පදිංචි නිවෙස් කරා යා හැක. එහෙත් වාහනය අතරමග කිසිදු තැනක නවතා සමාජය අතරට යා නොහැකිය. අනතුරුව ඔවුන් තම තමන්ගේ නිවෙස්වල දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු අතර, මේ වන විට ලබා ගෙන ඇති ඔවුන්ගේ PCR පරීක්ෂණ වර්තා ඒ ඒ අයවලූන් පදිංචි ප‍්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත යොමු කළ යුතුය.

2. දින 14ක කාලයක් බණ්ඩාරවෙල නිරෝධායනය කර ඇති ස්ථානයේම නිරෝධායනය වෙමින් රූගත කිරීමේ කාර්යය කරගත හැක.

3. දැනට නිරෝධායනය වෙමින් සිටින හෝටලයේම නැවතී සිටිමින් තමන් පැමිණි වාහනයේම රූගත කිරීම් සඳහා පිටත්ව ගොස් කිසිදු ආකාරයකින් සමාජය හා මිශ‍්‍ර නොවී රූගත කිරීම් සිදු කොට නැවතත් ඒ වාහනයෙන්ම හෝටලයට පැමිණ සිටිය යුතුය. (බයෝ සෙල් ක‍්‍රමවේදය) ඒ අනුව ශලනි තාරකා ඇතුළු පිරිස පළමු තෝරාගැනීම සිදු කර එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණහ.


ගැබිනි මව්වරුන්ටත් කොරෝනා ...

wasangatha2

මේ වනවිට ගැබිනි මව්වරුන් 85 කට අධික පිරිසකට කොවිඞ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වර්තා වේ. එයින් කොවිඞ් ආසාදිත ගැබිනි මව්වරුන් 28 දෙනෙකු නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කොවිඞ් පොසිටිව් ඒකකය තුළ ප‍්‍රතිකාර ලබමින් පසුවෙයි. මෙරට තියෙන එකම මාතෘ කොවිඞ් පොසිටිව් ඒකකය ලෙසද සැලකෙන්නේ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කර ඇති මෙම ඒකකයයි. මෙම වෛරසය ආසාදිත ගැබිනි මව්වරුන් 04 දෙනෙක් මේ වන විටත් මෙම රෝහලේදී දරුවන් ප‍්‍රසූත කර තිබිණි.

කොවිඞ් පෙන්නලා බස් ගාස්තුත් වැඩි කරලා...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍යාරක්ෂක උපදෙස්වලට අවනත වෙමින් ලංගම සහ පෞද්ගලික බස් ධාවනය කිරීම සඳහා මේ වන විට සැලසුම් සකස් කර ඇති බව ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා පැවසුවේය. එක් ආසනයකට එක් මගියකු පමණක් යන පදනම මත මගී ප‍්‍රවාහනයට කටයුතු යොදා ඇති බවත් ඒ අනුව, අය කරන බස් ගාස්තුව දැනට පවතින ගාස්තුවට වඩා සියයට 50කින් වැඩි කිරීමට සිදුවන බවත් හෙතෙම පැවසුවේය. කඩා වැටී ඇති බස් කර්මාන්තය නගා සිටුවීම සඳහා මෙසේ ගාස්තු වැඩි
කළ ද කොවිඞ් අවදානම බැහැර වී ඇතැයි රජය නිවේදනය කළ වහාම සාමාන්‍ය බස් ගාස්තු ක‍්‍රමය යළි ක‍්‍රියාවට නංවන බව හෙතෙම වැඩිදුරටත් පැවසුවේය. කොවිඞ් අවදානම වසර දෙකක් පමණ යන තුරු පවතිනු ඇති බවට සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙන අතර මෙම ගාස්තු වැඩි කිරීම ස්ථිර කරුණක් බවයි මගීන් පවසන්නේ.

ආණ්ඩුව දෙන 5000 තමන්ගෙ වගේ දෙන්න ගිය මන්ත‍්‍රීට විරෝධය...

බත්තරමුල්ල සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේදි රජමල්වත්ත සහ ධම්මෝදය මාවතේ පදිංචි තෝරාගත් පිරිසකට පමණක් රජයෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව ලබාදීමේ වැඩසටහනක් පසුගියදා පැවතුණි. එම රාජකාරි කටයුතු සඳහා ග‍්‍රාම නිලධාරීන් දෙදෙනෙක් සහ සමෘද්ධි නියාමකවරු දෙදෙනෙක් එක්ව සිටියහ. ඔහුන් එය ඉතා හොඳින් කරගෙන ගියේය. හදිසියේම එම ස්ථානයට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයකුද පැමිණියේය. වාහනෙන් බැසීමටත් පෙර ම රුපියල් 5000 දීමනාව තමන්ගේ අතින් බෙදීමට අවශ්‍ය බව ඔහු සඳහන් කළේය. එය ඇසීමත් සමඟ රැස්ව සිටි පිරිස විමසා සිටියේ ‘‘මේ මුදල් ඔයාගේද’’ යනුවෙනුයි. ඒ අතර තවත් පිරිසක් චෝදනා කර සිටියේ ජනාධිපතිවරයා දේශපාලන බේදයකින් තොරව වැඩ කරද්දී මෙවන් දේශපාලූවන් පැමිණ හත්පොළේ ගාගන්නා බවයි. පසුව රැස්ව සිටි පිරිස අසභ්‍ය වචනයෙන් එම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාට සංග‍්‍රහ කළ අතර ලැජ්ජාවට පත් වූ ඔහු ක්ෂණයකින් එම ස්ථානයෙන් පිට වී ගියේය.


කඩුවෙල නගර සභාවේ නිලධාරියෙකු අනියම් බිරියගේ නිවසේ ...

කඩුවෙල නගර සභාවේ සේවය කළ සේවකයෙකුට කොරෝනා වැළඳීමත් සමඟ ඔහු සමඟ සමීපව ඇසුරු කළ කඩුවෙල නගර සභාවේ අනෙකුත් නිලධාරීන්ට ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ විසින් පසුගිය සතියේ උපදෙස් ලබා දී තිබිණි. ඒ අනූව කඩුවෙල නගර සභාවේ නිලධාරියෙකු කැලණිය ප‍්‍රදේශයේ ඔහුගේ අනියම් බිරිඳගේ නිවසට ගොස් නිරෝධායනය වී ඇති බව වාර්තා විය. ඔහු කලක සිට එලෙස අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය තැනැත්තියද රජයේ ආයතනයක සේවය කරන තැනැත්තියෙකි. ඇයගේ දෙමව්පියන්ද නිධන්ගත රෝගවලින් පෙළෙන බව සඳහන් වේ.

කොරෝනා ගෙනාවයි කියා පවුල් හතරක් රණ්ඩු වෙලා...

wasangatha3යාපනයේ පේදුරුතුඩුව ප‍්‍රදේශයේ නිරෝධායනයට ලක්ව සිටි පවුලක් සමඟ ගුටි බැට හුවමාරුවක් ඇති කරගත් පවුල් 04ක සාමාජික සාමාජිකාවන් 08 දෙනෙකු දින 14ක කාලයක් සඳහා නිරෝධායනයට ලක් කිරීමට යාපනයේ සෞඛ්‍ය බලධාරීන් පසුගිය හත්වැනි දා කටයුතු කර තිබෙනවා. කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කිරීම නිසා පේදුරුතුඩුවේ එක් පවුලක් නිරෝධායනයට ලක් කොට සිටි අතර ඔවුන් යාපනයට කොරෝනා ගෙන එන ලද බවට චෝදනා කරමින් එම ප‍්‍රදේශයේ පවුල් දෙකක නිරෝධායනය වූ පිරිස සමඟ මෙලෙස ගුටි බැට හුවමාරු කරගෙන තිබේ. මේ සිද්ධිය සැලවීමෙන් පසු පොලීසිය අදාළ ස්ථානයට පැමිණ ඇති අතර සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත ඔවුන්ව පළමුව නිරෝධානයන කිරීමටත් දෙවනුව ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමටත් පියවර ගෙන තිබිණි.


රූපලාවන්‍ය ශිල්පිනියකටත් කොරොනා ...

wasangatha4තංගල්ල, මාවැල්ල ප‍්‍රදේශයේ පදිංචි කුඩාවැල්ල ප‍්‍රදේශයේ රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය 35 හැවිරිදි කාන්තාවකටද කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.

කුඩාවැල්ල ප‍්‍රදේශයේ කළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණයක් මඟින් මෙම රූපලාවන්‍ය ශිල්පිනියට කොරෝනා රෝගය ආසාදිත බවට හඳුනාගෙන තිබුණ අතර ඇය නිරෝධායනය වෙමින් නොසිටි තරුණියක් බවටද අනාවරණය වී තිබිණි.


කොරොනා පෙම්වතා තම පෙම්වතියට දුන්න තෑග්ග...

කොළඹ වරායේ සේවය කළ 22 හැවිරිදි තරුණයකු තමන් කොරෝනා ආසාධිතයකු බව දැන ගත්තද එය තම පෙම්වතියගේ නිවසට වසං කරමින් එහි රැඳී සිට ඇති බවත් වාර්තා වනවා. මෙසේ කොරෝනා ආසාධිතයකු බවට සනාථ වී ඇත්තේ ආණමඩුව මැරුන්ගොඩ මහ උස්වැව එච් ගම්මානයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. අදාළ තරුණයා කොළඹ වරායේ පුද්ගලික සමාගමක සේවය කර ඇති බවත් දින තුනකට පෙර මෙම තරුණයා කොළඹ දී ජෛව පටල සාම්පල් ලබා ගෙන තිබියදී මෙසේ නිවසට පැමිණේමින් සිටියදී කොරෝනා ආසාධිතයකු බව දැනගෙන තිබේ. ඒ සමඟ මෙම ආසාධිත තරුණයා අදාළ නිවසට පැමිණීමට පෙර ආණමඩුව සතොස ගොස් ඇති බවත් තවත් වෙළෙඳ සලකට ගොස් එළවළු මිලදී ගෙන ඇති බවද සඳහන් වේ. අදාළ ආසාදිත තරුණයා රැඳී සිටි නිවසේ කුඩා දරුවන් දෙදෙනෙකු හා ඔවුන්ගේ මව හා ආසාදිත තරුණයාගේ පෙම්වතියද නිරෝධායනයට යට යොමු කර තිබේ.


දුවටයි බෑනටයි කොරොනා නිසා අම්මා දිවි නසා ගෙන...

wasangatha5තම දියණියටත් ඇයගේ ස්වාමිපුරුෂයාටත් කොරෝනා ආසාදනය වී ඇතැයි බියට පත්වූ කාන්තාවක් ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස ගෙල වැලලාගෙන මරණයට පත්ව ඇත්තේ හැත්තෑ දෙහැවිරිදි ඒකල ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇයගේ සිරුර නිවසේ එල්ලෙමින් තිබියදී ජාඇල පොලිසිය විසින් සොයාගෙන තිබිණි.මෙලෙස මියගිය කාන්තාවගේ දියණියගේ ස්වාමිපුරුෂයා බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ රියැදුරකු ලෙස සේවය කරමින් සිටින අයකු වන අතර පළමුව ඔහුට කොරෝනා වෛරසය ආසාදිතවී තිබේ.


සරදියෙලූත් කොරෝනා නිසා දිවි නසාගෙන ...

කොරෝනා වෛරසය ආසාදනය වී තමන් මිය යාවි යැයි අධික බියකින් පෙළුණු ලංගම බස් රථ රියදුරකු පසුගිය 8 වැනිදා නිවස අසල ඇති රබර් වත්තකට ගොස් ගෙල වැලලාගෙන මියගොස් තිබිණි. මෙලෙස මියගොස් තිබුණේ කළුතර ලංගම ඩිපෝවේ සේවය කළ 56 හැවිරිදි සරදියෙල් නමැති පුද්ගලයෙකි. මොහු අගලවත්ත යටියන ප‍්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

මියගිය පසු ඔහුගේ පීසිආර් පරීක්ෂණයක් සිදුකළ අතර එහිදී අනාවරණය වූයේ ඔහු කොරෝනා රෝගියෙකු නොවන බවයි. මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැවසුවේ කොරෝනා රෝගයට ඇති බිය නිසා මොහු මෙලෙස සියදිවි නසා ගත් බවයි.


ටෙලිකොම් ලාංඡනය ගසාගෙන අරක්කු ඇදලා...

ටෙලිකොම් ලාංඡනය සහිත ස්ටිකර් තම වෑන් රථයේ අලවා මීගමුව ප‍්‍රදේශයේ වැඩිමිලට විකිණීමට අරක්කු, සහ බීර ප‍්‍රවාහනය කළ ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් කොච්චිකඬේ පොලිසිය විසින් තෝප්පුව මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගනු ලැබූහ. කෝවිඞ් ඇඳිරිනීතිය ගම්පහ දිස්ත‍්‍රික්කය පුරා ක‍්‍රියාත්මක වෙද්දී අදාළ වෑන් රථය ටෙලිකොම් ආයතනයේ රාජකාරි කටයුතු සඳහා ගමන් ගන්නා වෑන් රථයක් බව අඟවමින් කොච්චිකඬේ නගරයට ඇතුළු වීමට තැත් කර ඇත. කොච්චිකඬේ තෝප්පුව මාර්ග බාධකයේදී වෑන් රථය පොලිස් නිලධාරීන් විසින් නතර කර පරීක්ෂාවට ලක්කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ වෑන් රථයේ රියැදුරු බීමතින් පසුවන බවත්, ඔහුට වලංගු රියදුරු බලපත‍්‍රයක් නැති බවත්ය. වෑන් රථය ටෙලිකොම් සමාගමට අයත් නොවන බවත් එහි ටෙලිකොම් නමැති ලාංඡනය අලවා ඇත්තේ වංචනිකව බවත් අනාවරණය වී ඇති අතර වෑන් රථය තවදුරටත් පරීක්ෂා කිරීමේදී වාහනය තුළ සඟවා තිබූ රජයේ අනුමත අරක්කු බෝතල් 70ක්, ලෙමන් ජින් බෝතල් 12ක් සහ බීර කෑන් 103ක් අත්අඩංගුවට ගෙන ඇත.

 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles