Divaina - දුරස්ථභාවයට කොකා පෙන්නා ලොකු හෝටල්වල සෙට්වෙන රැල්ලක්... ගුවන් සේවකයන් පිරිසක් පාටි දැමූ හැටි!

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


  party


 ගයාන් සමරසිංහ
 
ශ‍්‍රී ලංකාව පුරා විවිධ මට්ටමේ නිරෝධායන මධ්‍යස්ථාන තිබේ. මුදල් යහමින් ඇති අයට තරු පහේ හෝටල් ද?, මධ්‍යස්ථ මට්ටමේ මුදල් ඇති අයට ඒ මට්ටමට සරිලන හෝටල් ද, අතේ සතේ නැති එදා වේල දුක් මහන්සියෙන් හම්බකර ගන්නා අයට අඩු පහසුකම් යටතේ රජයෙන් පවත්වාගෙන යන නිරෝධාන මධ්‍යස්ථාන ද තිබේ. ඒ අනුව තම තමන්ගේ තරාතිරම අනුව නිරෝධායන වීම සඳහා මෙම මධ්‍යස්ථානවලට යා හැකි වේ.
 
 රජයෙන් පත්වාගෙන යන සාමාන්‍ය මට්ටමේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පිරිස් බහුතරයක් තමන්ගේ පාඩුවේ නිරෝධානය වෙමින් සිටිති. ඒ අතර ඔවුන්ගේ පාළුව කාන්සිය මකා ගැනීම සඳහා සිංදුවක් කීම, විහිළු තහළු කිරීම, රසවත් කතාවක් කීම ආදීය ද සිදුකරති. ඒ කිසිවකුටත් කරදරයක් නොවන අයුරින් සහ නිරෝධායන නීතිය කඩ නොකරමින්ය.
 
 පසුගිය දිනවල සමාජ වෙබ් අඩවි ජාලා ඔස්සේ ද එවැනි සිදුවීම් කිහිපයක් අපට දැක ගැනීමට හැකි වූහ. එහිදී පැහැදිලිව පෙනෙනුයේ ඔහුන් එය සිදු කළේ හුදෙක්ම තමන්ගේ විනෝදය පිණිසම පමණි. නිරෝධානය වීම සඳහා සහභාගි වූ සාමාන්‍ය පැළැන්තියේ ජනතාව එසේ සිදු කරද්දී තරු පහේ හෝටල්වල සිටි සුපිරි පැලැන්තියේ පිරිස් නිරෝධානය වූයේ සුපිරිම විදිහටයි. එම කතාව සැකෙවින් මෙසේය. මෙරටට විදේශයන්හි සිට පැමිණෙන සහ මෙරට ජීවත්වන සුපිරි පැලැන්තියේ පිරිස් නිරෝධානය වන්නේ තරු පහේ හෝටල්වල ඇති නිරෝධායන මධ්‍යස්ථාන තුළයි. ඒ ඔවුනට උපරිම සැප පහසුව අවශ්‍ය නිසාය. ඔවුන් එලෙස නිරෝධායනය වීමේ කිසිදු වරදක් නොමැත. එහෙත් එලෙස නිරෝධානය වෙන බොහෝ පිරිස් නිරෝධායන නීති උල්ලංඝනය කරන බවට පැමිණිලි ලැබී තිබේ. එයට උදාහරණ බොහොමයක් අප සතුව තිබේ.
 
 යුක්රේනය සහ ශ‍්‍රී ලංකා ගුවන් සේවයට අයත් ගුවන් සේවක සේවිකාවෝ පිරිසක් පසුගියදා නිරෝධානයට ලක් කළහ. ඒ කටුනායක ගුවන්තොටුපළ ආසන්නයේ පිහිටි තරු පංතියේ හෝටල් තුළයි. එලෙස සිටි ගුවන් සේවක සේවිකාවන් අතරින් බහුතරයක් සිටියේ නිරෝධානයට ලක් වූවන් ලෙසින් නම් නොවේ. ඔවුන් සිතුවේ තමන් දින දාහතරක විනෝද චාරිකාවකට සහභාගි වී ඇති බවයි. එලෙස සිතූ ඔවුහු නිරෝධානය වෙමින් සිටි දෙවැනි දවසේ මෙලෙස කතාබස් කළහ.
 
 ”මචං මේක නං හරිම පිස්සුවක්. කිසිම ආතල් එකක් නෑ.”
 
 ”පොඩි අඩියක් ගහලා සිංදුවක් කියන්න තියෙනව නම් කොච්චර හොඳද?”
 
 ”ඒකනෙ බං. කොරෝනා ඇවිල්ල අපේ ආතල් නැත්තටම නැති කළා.”
 
 ”මොකද කරන්නේ ඉතිරි දවස් ටිකත් මෙහෙම ඉන්න වෙයිද.”
 
 ”මට නම් පිස්සු හැදෙයි මෙහෙම හිටියොත්.”
 
 ”උඹට විතරක් නෙමෙයි අපිටත් පිස්සු හැදෙයි බං.”
 
 ”විස්කි ටිකක් ගහලා ඩාන්ස් එකක් දාන්න තියෙනවා නං කොච්චර හොඳයිද.?”
 
 ”ඉතින් මේ වගේ තැන්වල ඒව කරන්න බෑනේ.”
 
 ”කවුද බන් බෑ කියන්නෙ. අපි කන්නෙ බොන්නෙ අපේ සල්ලිවලින් නේ.”
 
 ”ඒක ඇත්ත ඒ උනාට කොරොන්ටයින් නීතියක් තියෙනවනේ.”
 
 ”අනේ බම්බු ගහගන්න කියපන් බං කොරෝන්ටයින් නීතියට.”
 
 ”ඒක තමයි මමත් කියන්නේ. ඕන මඟුලක් කියලා හවස සෙට් වෙමු.”
 
 ”කෝ අපේ කෙල්ලො ටික මොකද කියන්නේ.”
 
 ”අපිටත් එපාවෙලා තියෙන්නේ. කිසිම සතුටක් නැහැ මේක ඇතුලේ.”
 
 ”ඒකනෙ කියන්නෙ.”
 
 ”ඔයාලා මොකද්ද කරන්න හදන්නේ.”
 
 ”අපි හවසට සෙට් වෙලා විස්කි බොන්න හදන්නේ.”
 
 ”එහෙමද අපි සෙට් එකත් එනවා. ඕන මඟුලක් වෙන්න කියලා.”
 
 ”එන්න එන්න අපි හොඳ ෆන් එකක් ගමු.”
 
 ”ඒක නොවෙයි. යුක්රේන් එයාර් ලයින් එකේ කට්ටියකුත් ඉන්නවා. එයාලටත් එන්න කියන්නද?.”
 
 ”අනිවාර්යෙන්ම එන්න කියන්න.”
 
 ”අපි ටිකක් හවස් වෙලා හෙමිහිට සෙට් වෙමු.”
 
 ”ඔව් ඒක තමයි මමත් කියන්නේ. ඔය සෞඛ්‍ය පරීක්ෂකවරු එන්නේ නැහැ අපිව බලන්න ?ට.”
 
 ”ඒ ගැන හිතන්න එපා. ආවොත් මම බලා ගන්නම් සේරම. කවුරු හිටිය නැතත් අපි අපේ ෆන් එක ගමු.”
 
 එලෙස කතා කරගත් ගුවන් සේවක සේවිකාවෝ එදින හවස මත්පැන් සාදයක් පැවැත්වීමට තීරණය කළහ. ඒ ඔවුන් නිරෝධානය වීමට නැවතී සිටි තරු පන්තියේ හෝටලය ඇතුළේය. එයට ඔවුන් පමණක් නොව යුක්රේන ගුවන් සමාගමේ සේවක සේවිකාවෝ පිරිසක් ද සම්බන්ධ කර ගැනීමට ද කටයුතු කළහ. එදින සවස අටට පමණ නිරෝධානය වෙමින් සිටි ගුවන් සේවක සේවිකාවෝ එක්රැස් වූහ. ඒ නිරෝධායන නීති රීති සත පහකටවත් ගණන් නොගනිමින්ය. ඉස්තරම් වර්ගයේ විස්කි බ‍්‍රැන්ඩි ඔවුන් සතුව තිබිණි. කටගැස්ම සඳහා අවශ්‍ය දෑ එම තරු පන්තියේ හෝටලයෙන් ඔවුහු ඇණවුම් කළහ. යුක්රේන ගුවන් සේවයේ සේවක සේවිකාවන් ද සම්බන්ධ කරගනිමින් රාත‍්‍රී 8.30 ට පමණ ඔවුහු මත්පැන් සාදය පටන් ගත්තහ. එලෙස පැය ගණනක් විවිධ දෑ කතාබහ කරමින් ඔවුහු මත්පැන් පානය කළහ. ඵමත්පැන් බෝතල් කිහිපයක් හිස් විණි. ඒ අතර එක් අයෙක් ”මෙහෙම විස්කි විතරක් බීල මදි සිංදුවක් කියලා පොඩි ඩාන්ස් එකක් දාමු. කට්ටිය මොකද කියන්නේ” යැයි පැවසුවේය. කිසිවෙක් එයට විරුද්ධ වූයේ නැත.
 
 එතැන් සිට ඔවුහු මත්පැන්, දුම්වැටි පානයට අමතරව ගීත කියමින් විනෝද වූහ.
 
 පාන්දර දෙක තුන වන තුරු ඔවුහු එලෙස මත්පැන් පානය කරමින් විනෝද වූහ. කිසිවකුත් ඔවුන්ගේ එම සුපිරි සාදයට විරුද්ධ නොවූහ. කිසිවෙකුගේ විරුද්ධත්වයක් නොමැති නිසා දිනපතාම පාහේ ඔවුහු සවසට මත්පැන් පානය කළහ. නිරෝධානයට ලක් වූ යුක්රේන සහ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ සේවක සේවිකාවෝ තරු පන්තියේ හෝටල්වල කිසිදු බාධාවකින් තොරව නිරෝධායන නීති උල්ලංඝනය කරමින් එලෙස සුපිරි සාද පැවැත් වූහ. එම ගුවන් සේවක සේවිකාවන් සිතුවේ පැවැත්වූ එම සාද පිළිබඳව කිසිවකුත් නොදන්නා බවයි. එහෙත් එය එසේ නොවුණි. ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිට මේ පිළිබඳව කන වැටුණි. වහාම ඔහු ඒ පිළිබඳව සොයා බැලූවේය. එලෙස සොයා බලන විට දැනගන්නට ලැබුණේ එම ගුවන් සේවක සේවිකාවන් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මත්පැන් සාද පවත්වා ඇති බවයි.
 
 හොර රහසේ සුපිරි හෝටල්වල පැවැත්වූ එම සාද සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු අදාළ නිලධාරීන්ට පැවසුවේය. ඒ අනුව එම නිලධාරීහු හොර රහසේ සාද පැවැත්වූ එම ගුවන් සේවක සේවිකාවන් පිළිබඳව පරීක්ෂණ අරඹා තිබේ. ඒ අනුව ඉදිරියේ දී ඔහුනට නිරෝධායන නීතිය අනුව දඬුවම් විඳීමට සිදුවේ. කොරෝනා නමැති මාරාන්තික රෝගය අස්සේ රටේ ජනතාව භීතියකට සහ කරදරයකට පත්වී ඇති අවස්ථාවේ ගුවන් සේවක සේවිකාවන් එලෙස සුපිරි සාද දමද්දී තවත් සුපිරි හෝටල්වල නැවතී නිරෝධානය වෙමින් සිටින ඉහළ පැලැන්තියේ පිරිස් මෙවැනිම දෑ සිදුකරන බවට දැනගන්නට ලැබේ. එම පිරිස් ද නිරෝධායනය නීති උල්ලංඝනය කරමින් සාද පවත්වන බවටත් සමහර පිරිස් එකතුවී මුදල්වලට සුදු කෙලින බවටද අනාවරණය වී තිබේ. එයට අමතරව ඔවුන් ගැන සොයා බැලීමට පැමිණ නිලධාරීන්ට ඉහළ පැලැන්තියේ කියාගන්නා සමහර පිරිස් ඉංග‍්‍රීසියෙන් බැනවදින බවටද අනාවරණය වේ.
 
 වගකිවයුතු නිලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ රටේ සැමටම ක‍්‍රියාත්මක වන එකම නීතිය සුපිරි තරු පන්තියේ හෝටල්වල නිරෝධානය වෙමින් පිස්සු කෙලින අයට ද තරාතිරම නොබලා ක‍්‍රියාත්මක කළ යුතු බවයි. එලෙස නොවුණහොත් ඔහුන් කෙලින පිස්සු නිසා වන්දි ගෙවීමට සිදු වන්නේ රටේ ජීවත් වන අහිංසක ජනතාවටයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles