Divaina - ඔබටත් ග‍්‍රහයන්ගෙන් බාධාද.....? මෙන්න පිළියම්

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

nakatha27 3ධර්මානුරූපව උපත ලබන මිනිසා කර්මානුරූපව සැප - දුක් විඳියි. මිනිසාට නිරන්තරව මුහුණ පෑමට සිදුවන අටලෝ දහමේ සුබ පැත්ත සපල කාලය වන අතර අසුබ පැත්ත අපල කාලය වේ. අපල කාලය යනු දුක් කරදරවලින් පිරි අසහනකාරී අවස්ථාවකි. මෙම අපල කාල තමා විසින් පෙර ආත්මවලදී කරන ලද අකුසල කර්ම විපාක ලැබෙන කාලය වේ. එබැවින් අපල සඳහා කළ යුතු එකම ශාන්තිකර්මය වන්නේ පින් දහම් කරමින් සදාචාර සම්පන්නව ජීවත් වීමයි.

සියල්ලම පෙර කර්මයට පවරා දිය නොහැකි අතර වර්තමානයේ අප සිදු කරන ක‍්‍රියාද බොහෝ අපල, අනතුරු, රෝගාබාධ ආදිය සඳහා බලපායි. කර්ම විපාක වශයෙන් ඇතිවන ඇතැම් රෝග පීඩාද උපක‍්‍රමශීලීව වළක්වා ගත හැකි බව බුදු දහමේ දැක්වේ. මේ අනුව පැහැදිලි වන්නේද බුද්ධිමත්ව, සදාචාරවත්ව ක‍්‍රියා කිරීමෙන් බොහෝ අපල උපද්‍රව දුරුකර ගත හැකි බවයි. එසේ වුවත් දේව පූජා, බෝධි පූජා ආදී ශාන්තිකර්මද ප‍්‍රතික්‍ෂේප කර නැත.

‘‘දිවාච රත්තෝච හරන්ති යෙ බලිං තස්මාහි නෙ රක්ඛථ අප්පමත්තා’’ යනුවෙන් රතන සූත‍්‍රයේදී බුදුන් වහන්සේද වදාරා ඇත්තේ යම් මනුෂ්‍ය කෙනෙක් අමනුෂ්‍යයන්ට දිවා රාත‍්‍රී දෙකෙහි පූජා පවත්වන්නේ නම් (පින්පෙත් පමුණුවන්නේ) ඔවුන් අප‍්‍රමාදව ආරක්‍ෂා කළ යුතු බවයි.

වර්ෂ දහස් ගණනක් පැරැුණි අතිශයින් විiාත්මක පදනමක් මත පිහිටි ජ්‍යොතිෂ ශාස්ත‍්‍රය තුළ මිනිසාට මුහුණ පෑමට සිදුවන නොයෙක් අපල උපද්‍රව වලදී ඒවා කල් ඇතිව හඳුනාගෙන ඒවායින් වැළකීමට වත් පිළිවෙත් රැුසක් ද පෙන්වා දී ඇත.

රවිගේ අපල සඳහා

ඉරිදා දිනවලදී අන්ධ පුද්ගලයන්ට උක් හකුරු සහිත කිරිබතක් දන්දීම

රතු නෙළුම්, රත.ු කොඩි, උක් හකුරු සහිත කිරිබතක් උදේ කාලයේ බෝධියට පූජා කර මංගල සූත‍්‍රය ගායනා කිරීම.

සූර්ය මණ්ඩලය හෝ අඝෝර යන්ත‍්‍රය පැළඳීම, පද්මරාග මැණිකක් සහිත මුද්දක් පැළඳීම, ඊශ්වර දෙවියන්ට පූජාවක් තබා යාතිකා කර බාර වීම, ඉඹුල් ගසකට සාත්තු සප්පායම් කිරීම, සෙත් කවි කියවීම.

සඳුගේ අපල සඳහා

සවස් කාලයේදී පිච්ච මල් හෝ සුදු මල්, සුදු කොඩි, පළතුරු යුෂ මිශ‍්‍ර ගිලන්පස ආදිය සම`ග සඳුන් මිශ‍්‍ර තැඹිලි තෙල් පහන් 07 ක් දල්වා බෝධීන් වහන්සේ අභියස පූජාව තබා තුන් සූත‍්‍රය තුන්වරක් කියන්න.

දිළිඳු කාන්තාවන්ට පළතුරු සහිත ආහාර දෙන්න සමන් දෙවියන්ට හා පත්තිනි මෑණියන්ට පූජා තබා යාතිකා කර බාර වෙන්න. චන්ද්‍ර මණ්ඩල හෝ රතන යන්ත‍්‍රය පළඳින්න. මුතු පළඳින්න.

දිවුල් වෘක්‍ෂයට සාත්තු සප්පායම් කරන්න. සෙත් කවි කියවන්න.

කුජගේ අපල සඳහා

රතු මල් ඇතුළු පූජා ද්‍රව්‍ය බෝධීන් වහන්සේට පූජා කර කරණීයමෙත්ත සූත‍්‍රය හා ජිනපක්‍ද්ජරය ගායනා කිරීම, අංග විකල අයට රස කැවිලි සහිත ආහාර දීම, කතරගම දෙවියන්ට පූජාවක් තබා යාතිකා කර බාර වීම, කොරල් ගලක් ඇල්ලූ මුදුවක් පැළඳීම, කන්දකුමාර හෝ මණ්ඩල සිලම්බර යන්ත‍්‍රය පැළඳීම කොළොන් ගසකට සාත්තු සප්පායම් කිරීම සෙත් කවි කියවීම.

බුදගේ අපල සඳහා

සවස් කාලයේ අබතෙල් පහන් 07 ක් සුදු නෙළුම් මල් 07 ක් ඔසු පැන්, නිල් කොඩි බෝධීන් වහන්සේට පූජා කර සබ්බ පාපස්ස ගාථාව 21 වරක් ගායනා කරන්න.

ගුණවන්ත වැඩිහිටියන්ට බදාදා දිනකදී ඖෂධීය පාන වර්ග සහිත දානයක් දෙන්න. විෂ්ණු දෙවියන්ට පූජාවක් තබා යාතිකා කර බාර වෙන්න.

විෂ්ණු මණ්ඩල හෝ ශිව සිදම්බර යන්ත‍්‍රය පළඳින්න කොහොඹ ගසකට සාත්තු සප්පායම් කරන්න. පච්ච මැණිකක් ඇල්ලූ මුද්දක් පළඳින්න. සෙත් කවි කියවන්න.

ගුරුගේ අපල සඳහා

බ‍්‍රහස්පතින්දා දිනවල කිරිපි`ඩු පූජාව සහිතව බෝධි පූජාව තබා විෂ්ණු දෙවියන්ට පින්දීම භික්‍ෂූන් වහන්සේලාට දන් දීම සිවුරු පිරිකර, කහ කුඩ පූජා කිරීම.

එළි`ගිතෙල්, කොහොඹතෙල්, අබතෙල් මිශ‍්‍ර කළ තෙල් වලින් පහන් 21 ක් බ‍්‍ර‍්‍රහස්පතින්දා දිනවල දැල්වීම.

මණ්ඩල සිලම්බර හෝ නාරසිංහ යන්ත‍්‍රය පැළඳීම, පුෂ්පරාග මැණිකක් ඇල්ලූ මුද්දක් පැළඳීම විෂ්ණු දෙවියන්ට පූජාවක් තබා බාරවීම බෝ ගසට සාත්තු සප්පායම් වත් පිළිවෙත් කිරීම.

සිකුරුගේ අපල සඳහා

උදේ කාලයේ ගිතෙල් මිශ‍්‍ර කිරිබතක්, රසකැවිලි වර්ග, රතු අරලියමල්, සුදු මල් සම`ග බෝධීන් වහන්සේට පූජා කර තුන් සූත‍්‍රය තුන් වරක් ගායනා කිරීම, සිකුරාදා දිනක දිළිඳු ගර්භණී කාන්තාවන්ට රසකැවිලි සහිත ආහාර දීම. පත්තිනි මෑණියන්ට පූජාවක් තබා බාරවීම ඊශ්වර මණ්ඩල හෝ සිදම්බර යන්ත‍්‍රය පැළඳීම දියමන්ති ඇල්ලූ මුද්දක් පැළඳීම කරඳ ගසකට සාත්තු සප්පායම් කිරීම සෙත් කවි කියවීම.

ශනිගේ අපල සඳහා

සවස් කාලයේ නිල් මල්, නිල් කොඩි, නිල් මල්මාලා, නිල් තිර, ඔසුපැන්, දැහැත් ආදිය ගෙන අංග සම්පූර්ණ ලෙස බෝධි පූජාව තබා ජිනපක්‍ද්ජරය හා රතන සූත‍්‍රය සජ්ඣායනා කිරීම දිළිඳු, මහලූ, අංග විකල, ආබාධිත, අසරණ අයට හැකි හැමවිටම ආහාර පාන දෙන්න.

සෙනසුරාදා දිනවල උදේ හින්දු කෝවිලකට ගොස් විෂ්ණු දෙවියන්ට පහන් දල්වා විෂ්ණු පූජාවක් හා සෙනසුරු පූජාවක් තබන්න. සෙනසුරාදා දිනවල උදේ සෙනසුරු හෝරාවෙන් කපුටන්ට ගිතෙල් මිශ‍්‍ර කිරිබත් දෙන්න. නීල මණ්ඩලය, අඝෝරය හෝ ශනි මෘතුංජය යන්ත‍්‍රය පළඳින්න.

කාකනිලක් ඇල්ලූ මුද්දක් පළඳින්න, නුග ගසකට සාත්තු සප්පායම් කරන්න, තමන්ගේ දිවා හෝ රාත‍්‍රි ආහාරය නොගෙන එය මහලූ යාචකයකුට දන් දෙන්න. එදින සවස බෝධීන් වහන්සේ නමක් අභියසදී මල් පහන් පුදා මෛත‍්‍රී භාවනාව කර සියලූ දෙවියන්ට හා මියගිය ඥාතීන්ට පින් දී අපල දුරු වේවායි ප‍්‍රාර්ථනා කරන්න.

රාහුගේ අපල සඳහා

මන්ද බුද්ධික, උන්මාද අයට ආහාර පාන, ඖෂධ, රසකැවිලි ආදියෙන් සංග‍්‍රහ කිරීම, නිවසේ නිරිත දිසාවේ වැටකේ ගසක් සිටුවා එයට සාත්තු සප්පායම් ආවතේව කිරීම බෝමළුවේ නිතර සැරිසැරීම, අතුගෑම නාගර්ජුන යන්ත‍්‍රය පැළඳීම, ගෝමේද මැණිකක් ඇල්ලූ මුද්දක් පැළඳීම, ගම්බාර සිද්ධ සුනියම් දෙවියන්ට බාර වීම, පූජා තැබීම සෙත් කවි කියවීම.

කේතුගේ අපල සඳහා

සවස් කාලයේ තලතෙල් පහන් 07 ක් ඔසුපැන් නිල් මල් නිල් කොඩි, දැහැත් ආදිය බෝධීන් වහන්සේට පූජා කර රතන සූත‍්‍රය තුන් වරක් ගායනා කර දෙවියන්ට පින්දීම ඇවිදීමට නොහැකිව එක්තැන් වී සිටින රෝගීන්ට ඖෂධ හා ආහාර දීම, කතරගම දෙවියන්ට පූජාවක් තබා බාරවීම, නාග මාලාව, අඝෝරය හෝ මණ්ඩල සිලම්බර යන්ත‍්‍රය පැළඳීම, වෛරෝඩි මැණිකක් ඇල්ලූ මුද්දක් පැළඳීම පිරිත් කියවා මළගිය අයට පින් දීම ඉදුණු කෙසෙල් සම`ග රසකැවිලි දන්දීම.

* ජ්‍යොතිෂවේදී  කපිල ඉන්දික ගුණදාස

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles