Divaina - අනාවැකිකරුවා කියූ දේ තාත්තා හිටපු කාලේ සිදුවුණා නම්... මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල්

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

cab23 1ශී‍්‍ර ලංකාවේ ආර්ථික, මූල්‍ය කටයුතු හා අජිත් කබ්රාල් යන නාමය අතර මේ රටේ අවියෝජනීය සබඳතාවක් තිබේ. ඔහු ශී‍්‍ර ලංකා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා ය. කොටි ත‍්‍රස්තවාදයෙන් අතිශය පීඩාවට පත් 2006 - -2009 කාලය තුළත් ත‍්‍රස්වාදයෙන් විනාශව ගිය රට 2015 දක්වා යළි ගොඩනඟන විටත් මේ රටේ ආර්ථිකය පිළිබඳ සුක්කානම හරිහැටි කි‍්‍රයාත්මක කළේ එතුමා ය.
 
 ඔහු ශීත කාමරවල සිට අණ දෙන මහ බැංකු අධිපතිවරයකු නොවූ අතර මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ ද බලවත්ම මිතුරෙකි. සමාජයට හා මහජනතාව අතරට ගොස් ප‍්‍රශ්න හරිහැටි සොයා බැලීමද ඔහුගේ පුරුද්ද විය. 1976 දෙසැම්බරයේදී ඒ කියන්නේ ඔහුට වයස අවුරුදු 22 දී ශී‍්‍ර ලංකා ඉතිහාසයේ වරලත් ගණකාධිකාරිවරයකු ලෙස විශේෂ ත්‍යාග සම්මාන රැුසක්ද ලබමින් විශිෂ්ට ලෙස සමත් වූ ලාබාලතම වරලත් ගණකාධිකාරිවරයා අජිත් නිවාඞ් කබ්රාල්ය. එසේම අවුරුදු 38 දී ශී‍්‍ර ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ ලාබාලතම සභාපතිවරුන් අතර ද කෙනකු වූ හෙතෙම එමතු ද නොව අවුරුදු 39 වෙද්දීම දකුණු ආසියාවේ ගණකාධිකාරවරුන්ගේ සංගමයේ ලාබාලතම සභාපතිවරුන් අතරට ද එක්වූවෙකි.
 
 මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් ඔහුගේ ‘පියතුමා’ පිළිබඳ මතකය මෙසේ අවදි කරයි. ඒ මතකය සොඳුරුය: මූල්‍ය විශ්ලේෂණ මෙන් නොව හෘදයාංගමය.
 
  අපේ පරපුර
 
 මගේ තාත්තා කොරනේලියස් ජෝෂප් ලෙස්ලි කබ්රාල්. ගම කැලණිය. වෛද්‍යවරයෙක් ලෙසයි කටයුතු කළේ. අපේ අම්මා හෙදියක්. ටි‍්‍රක්සි ඈන් කබ්රාල්. කොළඹ මහ රෝහලේ 1948 කාලේ දෙන්න දැන හඳුනාගෙන පේ‍්‍රම සම්බන්ධයකින් පස්සෙ විවාහ වෙලා තියෙන්නේ. අම්මයි තාත්තයි හැදූ පවුලෙ දරුවන් පස්දෙනයි. අයියා ජෙරාඞ් කබ්රාල්, ඊළඟ අයියා රොහාන් කබ්රාල්, අක්කා නිර්මලී තම්බයියා, ඊළඟ අක්කා ශිරෝමි වික‍්‍රමසිංහ, මං තමයි පවුලේ බාලයා, බඩපිස්සා.
 
 තාත්තා මුලින් රාජ්‍ය සේවයේ කටයුතු කළත්, පසුව පෞද්ගලික ක්‍ෂෙත‍්‍රයෙත් වැඩ කළ වෛද්‍යවරයෙක්. තාත්තාගේ සහෝදර සහෝදරියන් වෛද්‍ය වෘත්තියේ ද, රාජ්‍ය සේවයේ ද, ගුරු වෘත්තියේ ද, වරලත් ගණකාධිකාරිවරුන් ද වෘත්තීය සමිති නායකයන් ද වුණා.
 
 ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම ස්නායු ශල්‍ය වෛද්‍ය ෂෙල්ටන් කබ්රාල් එක් සහෝදරයෙක්. ශී‍්‍ර ලංකාවේ තැපැල්පති විල්ෆ‍්‍රඞ් කබ්රාල් මගේ සීයා. ඔහුගේ මුත්තා කැලණි ප‍්‍රදේශයේ සිටි ලූවිස් කබ්රාල් රාළහාමි ප‍්‍රසිද්ධ වෙද මහත්තයෙක්.
 
 අපේ තාත්තා වන්දනා ගමන් යන්න රුසියා. එතුමා ඉන්දියාවේ තිරුපති වගේ දේවාලවලටත් අප වන්දනාවේ රැගෙන ගියා. තාත්තාට ජීවිතය හා ලෝකය පිළිබඳ පැහැදිලි දර්ශනයක් තිබුණා. වැඩක් පැවරුවොත් ඒ වැඬේ වඩාත් කාර්යක්‍ෂමව කලට වේලාවට කරන්නට බොහොම මහන්සි වන කෙනෙක්. තාත්තාගේ රස්සාව අනුව නාවලපිටිය, තංගල්ල, කළුතර, හොරණ මේ වගේ හැම තැනටම රාජ්‍ය සේවයේදී මාරුවෙලා යන්ඩ සිදුවුණා.
 
 * ජිප්සීස් සුනිල් සමඟ සටනේ
 
 මා උපන්නේ තාත්තා තංගල්ලේ ඉන්න කාලෙදි. අම්මාගේ ගම මොරටුව. ඒ නිසා අප පාසල් යන්නට අම්මලගෙ ගෙදර නැවතුණා. මා මුලින්ම අකුරට ගියේ මොරටුවේ ශාන්ත සෙබස්තියන් විදුහලට, ඊළඟට කොළඹ ශාන්ත පීතර විදුහලට. මුදල් හා ආර්ථික පැත්තට ජීවිතය ගලා ගියත් මං පාසලේත් හොඳ ගායකයෙක්. පාසලේ අධ්‍යාපන වාරිකාවල ප‍්‍රසංගවල ගායකයා මම. මට යම්කිසි අභියෝගයක් තිබුණා නම් ජිප්සිස් සුනිල් පෙරේරාගෙන්. ඒත් ප‍්‍රසංගවලදී සුනිල් පරදවා මම දිනුවා.
 
 (ජිප්සීස් සුනිල් තමාට පාසලේ තිබූ අභියෝගය කබ්රාල් බවත්, ඔහු හැමදාම තමා අභිබවා ජයගත් බවත් ‘සිළුමිණ’ ලිපියකින් මා සමඟම පවසා තිබේ.)
 
 තාත්තා ගෙදර හිටියත් ඒ වෙලාවෙදිත් වෛද්‍යවරයෙක් ලෙසටයි හැසිරුණේ. අම්මාත් හෙදිය නිසා වෛද්‍ය නලාවේ ඉඳන් අවශ්‍ය උපකරණ සියල්ලමත් ගෙදර කාමරයක තිබුණා. අපේ තාත්තා අනුන්ගේ දුකේදි හරියට කම්පා වෙනවා. කළ යුතු දේ නොපමාව කරනවා. ඒත් එතුමා කරුණාව පමණක් නොවෙයි ප‍්‍රඥාවත් ඇතුවයි ඒ උදව් කළේ.
 
 * පිරිමි ඇඟ ‘ඔපරේෂන්’
 
cab23 2 මට මතකයි හොරණදී සිදුවූ අපුරු දෙයක්. තාත්තා එනකොට හොරණ ෘගඵගධග ලොරියක යන ක්ලීනර් කෙනෙක් ලොරිය උඩ ඉඳන් වැටිලා ලොරියේ තිබූ කොක්කක ඒ මනුස්සයාගෙ පිරිමි ඇඟ පැටලිලා තුවාල වෙලා ලේ ගලද්දි තාත්තා හමුවට ගෙනාවා. රෝහලට ගෙන යන්නට පෙර ප‍්‍රතිකාර අවශ්‍ය තත්ත්වයක ලෙඩා හිටියෙ. තාත්තා අම්මාවත් එකතු කැරගෙන ලෙඩාව ගේ ඇතුළෙ තියාගෙන එයාගෙ පිරිමි ඇඟ මැහුවා. ඒකෙන් දරුවාගේ ජීවිතය බේරුණා. පසුවයි රෝහල් ගත කළේ. මට මතකයි ඒ දරුවාගේ තාත්තා අපේ තාත්තා හමුවට ඇවිත් කඳුළු සලනවා. එයා කොතරම් කම්පනය වෙලා හිටියාද කියනව නම් මල් පෝච්චියක් උස්සගෙන, බයවෙලා දරුවා මහනකොට බලා හිටියේ. කම්පනයට එයා තමන් කරන දේ ගැන සිහියෙන් හිටියේ නෑ.
 
 * සැලසුම් සහගත බව
 
 අපේ තාත්තා හරිම සැලසුම් සහගතව කටයුතු කරන කෙනෙක්. අද රාති‍්‍රියේ නින්දට යන්නට පෙර හෙට දවසේ කටයුතු සැලසුම් කරනවා. කවරදාවත් තාත්තා පාවිච්චි කරපු වාහනය පැට‍්‍රල් නැතුව නැවතිලා නෑ. අපේ තාත්තාටත් සෞන්දර්යයක් තිබුණා. එතුමා ගීත අහනවා. සී. ටී. ප‍්‍රනාන්දු එතුමා අගය කළ ගායකයෙක්. බටහිර පැත්තට නැඹුරු ගීත තමයි වැඩියෙන්ම ඇහුවේ.
 
 අපේ තාත්තාගේ පරම්පරාවෙ සිංහල වෙද මහත්මයෙක් හිටියත් අපේ තාත්තා ඇදහුවේ බටහිර වෛද්‍ය කර්මය. කොච්චර වෛද්‍යවරයා වුණත් එක වතාවක්, නවතින්නෙ නැති බඬේ අමාරුවක් එයාට හැදුණා. බටහිර බෙහෙත් කොතරම් කළත් හොඳ වුණේ නෑ. අන්තිමට අම්මාගේ බලවත් ඉල්ලීමට සිංහල බෙහෙත් බොන්න තාත්තා පොරොන්දු වුණා. අන්තිමට සිංහල බෙහෙත් කෂාය තාත්තා බැණ බැණ බොනවා. ඒත් අන්තිමට ලෙඬේ හොඳ වුණේ වෙද මහත්තයාගේ කෂායෙන්.
 
 * ප‍්‍රතිපත්තිමය දේශපාලනය
 
 අපේ තාත්තා දේශපාලනය කළේ නෑ. ඒවා අගය කළේ නෑ. අද මා ඉන්නා තැන දුටුවා නම් ඒ ගැන සතුටු වුණත් ප‍්‍රතිපත්තිමය දේශපාලනය තමයි එතුමා ඇදහුවේ. මාත් තාත්තාට ගරු කරන්න ප‍්‍රතිපත්තිමය දේශපාලනයේ යෙදෙනවා. එතුමා අගය කළ ජන නායකයා ඩඞ්ලි සේනානායක. අම්මාට නම් සිරිමාවෝ බණ්ඩාරනායකට වඩා කෙනෙක් නෑ. එතුමා හරිම අවිවේකී ජීවිතයක් ගත කළේ. ඒ වෛද්‍යකර්මය වෙනුවෙන්. ඒත් ඒක හරිම සතුටින් කළා. සැලසුම් සහගතව පිළිවෙළට කළා. එයාගෙ වැඩක අතන මෙතැන කොන් ඉතිරි වුණේ නෑ. ඉන්ද්‍රඛීලයක් වගේ හරි කෙළින් ප‍්‍රතිපත්ති. ඒවා මටත් ආවා යම් තරමක්.
 
 88 - 89 වකවානුවල මා වැඩ කළේ රේණුකා හෝටල් සමූහයේ කළමනාකාර අංශයේ. හැමදේම වහන්න. වැඩට යන්න එපා කියද්දිත් මං වැඩට ගියා. තාත්තාත් එහෙමයි.
 
 * ආගම ජාතියෙන් පිට
 
 තාත්තාගේ සහජීවනය හොඳයි. ආකල්ප හොඳයි. ජාතීන් අතර වෙනසක් නෑ. අපේ පවුලෙ දරුවො හැමෝම කසාද බැන්දෙ ජාතියෙන් පිට. ආගමෙන් පිට. තාත්තා කීවේ දෙන්නගෙ අවබෝධය හොඳ නම් ඒවා වැදගත් නෑ කියලයි.
 
 * පවුලේ නීතිය
 
 අපේ පවුලෙ දොස්තරවරු කීපදෙනෙක්ම ඉන්නවා. ඒත් පවුලෙ දරුවන්ගෙත් කාගේත් පවුලේ දොස්තර මගේ තාත්තා. තාත්තා නැති වුණේ 1994 දී. නත්තල් දවසට අපේ පවුලෙ ලොකු සිරිතක් තිබුණා. ඒ තමයි දහවල් කෑමට හැමෝම තිඹිරිගස්යායෙ ගෙදරට එන්න ඕනෑ. ඒක පවුලේ නීතිය. තාත්තා ඒ නීතිය අකුරටම රැුක්කා.
 
 අම්මයි - තාත්තයි අතර ආදරය බොහොම ගැඹුරුයි. ඒත් වෙලාවකට තාත්තා ඔරොප්පුවෙලා ගෙදරින් පිටවෙනවා. ගිහින් ටික වේලාවකින් නැවත එනවා. අපේ තාත්තාට ස්ථාවර තුනක් තිබුණා. එකක් පිළිවෙළට, හැකියාව උපරිම පාවිච්චි කරලා වෙලාවට වැඩ පටන් ගෙන අවසන් කිරීම. දෙක අවංකව අනලස්ව කටයුතු කිරීම. තෙවැන්න තම වැඩ දකින කෙනකු තුළ ආශ්වාදයක් ඇතිවන විදියට කටයුතු කිරීම. තාත්තා හැම තිස්සේම අපටත් කීවේ හොඳට වැඩ කරන්න ජීවිතේ සතුටින් ගෙවිය හැකියි යන්නයි.
 
 * කාරය හොරෙන් ගන්නවා
 
 මුල් කාලයේදී අපට තිබුණේ එක කාරයයි. 1 ශී‍්‍ර 2125 වොක්ස්වැගන් කාරයක්. තාත්තා දහවල් කෑමට ගෙදර ඇවිත් කාල ටිකක් නිදාගන්නවා. ඒ වෙලාවට අම්මාට කියලා අපි තාත්තාට හොරෙන් කාරය ගෙනයනවා. ගේට්ටුවෙන් එළියට යනකම් කාරය පණගන්වන්නෙ නෑ. අපි වෙලාව වෙන් කරගෙන (අයියයි - මායි) කාරය පැය දෙකක් දෙන්නා පදවලා ගෙනැත් හොරෙන් තියනවා. තාත්තා මේ ගැන දැනගත්තත් නොදන්නවා වගේ ඉන්නවා. ඒක තාත්තාගේ හැටි.
 
 * බදු ගෙවීම තිතට
 
 මා වරලත් ගණකාධිකාරිවරයෙක් හැටියට තාත්තාගේ අගය කරන විශේෂ ගුණය ඔහු අවංකවම රජයට බදු ගෙවූ කෙනෙක් වීමයි. බදු සඳහා වාර්තාව හරියටම ලියනවා. ‘නර්සින් හෝම්’ වල වැඩ කළ ගණන්, ශල්‍යකර්ම සඳහා ලැබුණු ගණන් හරියටම ලිව්වා. ඒ අවංකකම කවුරුත් දැන හිටියා. පිළිගැනීමක් තිබුණා. දවසක් අපේ සහෝදරයෙක් සූට්කේසයක් අරන් එයාර්පෝට් එකෙන් එන වෙලාවේ රේගු නිලධාරියෙක් නවත්වලා සූට්කේසය පරීක්‍ෂා කරන්න. එය විවෘත කරන්නැයි දන්වා තිබෙනවා. අයියාට තරු පෙනිලා. ඒ තමයි සූට්කේසයේ යතුර අමතකව දාලා ඇවිත් තමන් සතුව එය විවෘත කරන්නට යතුරක් නැතිවීම. අර නිලධාරියා පාස්පෝට් එක පරීක්‍ෂා කරලා කබ්රාල් කෙනෙක් කියලා දැනගත්තම, අහලා තියෙනවා, අර දොස්තර කබ්රාල් ඔයාගේ කවුද? කියලා. ‘තාත්තා’ කීවාම ඒ මනුස්සයා කියලා තියෙනවා ‘‘එහෙම කෙනෙක්ගෙ පුතෙක් වැරදි දෙයක් කරයි කියලා හිතන්න බෑ’’ ඔයා යන්න කියලා. එහෙමයි තාත්තාට තිබුණු යශෝරාවය. අපේ තාත්තට බොරු කරන්න බෑ. අප එහෙම කළෙත් නෑ.
 
 * තාත්තාගෙන් කාරයක්
 
 වයස අවුරුදු 22 දී ලාබාලම වරලත් ගණකාධිකාරිවරයා ලෙස මා සමත් වූ වේලාවේ තාත්තා හරියට සතුටු වුණා කියලා හිතෙනවා. එතුමා මට ඒ වේලාවේ කීවා. ‘‘පුතේ, දැන් ඔයාට කාරයක් අවශ්‍යයි. කාරයක් ගන්න මං සල්ලි දෙන්නම්’’ කියලා. මං තාත්තා වගේම ස්වාධීන ගමනක් හිතපු නිසා තාත්තාට කීවා’’ තාත්තා සල්ලි දෙන්න හැබැයි ඒ සල්ලි මං ආයිත් ටික ටික හරි ගෙවනව කියලා. රෙනෝල්ට් කාරයක් ගත්තා. රුපියල් 12,000 කට අවුරුද්දකින් ඒ සල්ලි මං තාත්තාට ගෙව්වා.
 
 * තාත්තා තවම ඉන්නවා
 
 1994 අවුරුදු ලබන කොට තාත්තාට අවුරුදු 74 යි. මම එතකොට රේණුකා හෝටල් කළමනාකාර ආයතනයේ වරලත් ගණකාධිකාරි. තාත්තා හදිසියේ අසනීප වුණා. ඩර්ඩන්ස් රෝහලේ දොස්තර තිස්ස ජයවර්ධන මහතා බැලූවෙ ඒ කාලය හරිම දුක සංවේදී හැඟීම් ඉපදුණු කාලයක්. මං තාත්තා ළඟ බොහෝ් වේලා රැුඳී හිටියා. ? දෙක පමණ වනවිට මට හිතුණා දැන් නම් තාත්තාට යන්න කාලය හරිය කියලා. ගෙදර ඇවිත් උදේ 7 ට පහන පත්තු කරන කොට මට දුරකථන ඇමතුමක් එනවා. තාත්තාට අමාරුයි, එන්න කියලා. ඒත් මං දන්නවා ඒ මොහොතේම තාත්තා නැතිවෙලා වග. ඒක මට දැනුණා. දැනුත් තාත්තා මා ළඟ විතරක් නොවේ අපේ පවුලේ ඉන්නවා. අපට කරදරයක් වනවිට ළඟට ඇවිත් අපට ආරක්‍ෂාව දෙනවා. ආශිර්වාද කරනවා. තාත්තාගේ කටයුතු සියල්ල කතෝලික ක‍්‍රමයටයි කළේ. එතුමා ජීවතුන් අතර සිටියදී ඉල්ලා සිටියා කතෝලික අය ආදාහන කටයුතු නොකළත් එතුමාගේ දේහය ආදාහනය කරන්න කියලා. අපි එලෙසම කළා.
 
 * උපාලි සමරසිංහ

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles