Divaina - එතුමා රට හදාවි... ඔය සේරටම දෙන්න මා ගාව සල්ලි තියෙනවා...! විස්සට අත ඉස්සුවේ හෘද සාක්ෂියට පළමු තැන දීලා...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ඩයනා ගමගේ
 dayana
 
 
* මේ රටේ ජනතාව මෝඩයොද
 
 සාකච්ඡා කළේ
 සිරිමන්ත රත්නසේකර
 
සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ඩයනා ගමගේ මහත්මිය විසිවන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡුන්දය භාවිතා කිරීම බොහෝ දෙනකුගේ කතාබහට ලක්වන සිදුවීමක් විය. පක්ෂයේ මතයට එරෙහිව යමින් ගනු ලැබූ එම තීරණය පිළිබඳව මෙන්ම තවත් කරුණු කාරණා කිහිපයක්ම දැන ගැනීම පිණිස දිවයින ඉරිදා සංග‍්‍රහය එම මහත්මියව සාකච්ඡාවක් සඳහා එක් කර ගත්තෙමු. පහතින් පෙළ ගැසෙන්නේ එම සාකච්ඡාවයි.
 
 ප‍්‍රශ්නය - පක්ෂයේ මතයට පිටින් යමින් ඔබ මේ වගේ තීන්දුවක් ගත්තේ ඇයි?
 
 පිළිතුර - මම මේ වගේ තීන්දුවක් ගත්තේ රටට නායකයකු අවශ්‍ය නිසයි. මේ ජනාධිපතිවරණයට රජය රුපියල් කෝටි දහසක් පමණ වියදම් කළා. ජනාධිපතිවරයෙක් පත් කරගන්න මේ වියදම් කරන්නේ රටේ ජනතාවගේ බදු මුදල්. මෙච්චර මුදලක් වියදම් කර අත පය බැඳ දැමූ ජනාධිපතිවරයෙක් පත් කර රටට වැඩක් නැහැ.
 
 ජනතාව සිස්ටම් චේන්ජ් ඕන කියනවා, මේක කරල දෙන්න, අරක කරලා දෙන්න කියනවා. රට හදලා දෙන්න කියනවා, රටේ ආරක්ෂාව සලසා දෙන්න කියනවා. නමුත් ඒ ජනාධිපතිවරයාට පොලිස්පති වරයෙක් මාරු කරන්න බැරිනම් ඇති වැඬේ මොකක්ද? රට කරන්න නම් ජනාධිපතිවරයාට බලයක් තියෙන්න ඕනෑ. පඹයෙක් ජනාධිපති කරන්න නම් රටේ ජනතාවගේ බදු මුදල් වියදම් කරන්න ඕනේ නෑ. එහෙනම් ජනාධිපතිවරණය අහෝසි කරලා දාන්න ඕනෑ.
 
 ප‍්‍රශ්නය - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රට හදාවි යැයි ඔබට විශ්වාසයක් තිබෙනවා ද?
 
 පිළිතුර - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රට හදා වී යැයි අවංක විශ්වාසයක් මට තිබෙනවා. ඒ නිසා තමයි මම එතුමාට මගේ ඡුන්දය භාවිතා කළේ. එතුමාට සියයට සීයක් මේ රට හදන්න දැක්මක් වැඩපිළිවෙළක් තිබෙනවා. ඔහුට මේ රටෙන් ගන්න දෙයක් නැහැ. එතුමා සරල ජීවිතයක් ගත කරන මනුස්සයෙක්.
 
 ප‍්‍රශ්නය - එතකොට සජිත් පේ‍්‍රමදාස මහත්තයාට රට හදන්න වැඩපිළිවෙළක් නැද්ද?
 
 පිළිතුර - ඒ හා සමානව සජිත් පේ‍්‍රමදාස මහතාටත් වැඩපිළිවෙළක් තිබෙනවා. ඔහුත් ජනතා හිතවාදී නායකයෙක්. ඔහුටත් මේ රට හදන්න පුළුවන්. නමුත් දැන් රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා. එහෙනම් එතුමාට රට හදන්න බලයක් දෙන්න ඕනෑ. අතපය හතර ගැටගහලා ගඟකට දාලා ඒ මනුස්සයට පීනන්න කියන්නේ කොහොමද? දැන් අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට කර තියෙන්නෙ එයයි.
 
 ප‍්‍රශ්නය - නමුත් ප‍්‍රශ්නය තියෙන්නේ තියෙන්නෙ එතැන නෙවෙයි . ඔබගේ පක්ෂය මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡුන්දය දෙන්න සාමූහික තීරණයක් ගෙන තිබියදී ඔබ ඉන් බැහැරව කටයුතු කිරීමයි.
 
 පිළිතුර - මෙහෙමයි. මම සේරටම කලින් බලන්න ඕන මගේ හෘද සාක්ෂියට එකඟව මම කටයුතු කරන්න ඕනද නැද්ද කියලයි. මම ජීවත් වෙන්න ඕනේ මගෙත් එක්ක. ඒ නිසා මම හෘදසාක්ෂියට පළමු තැන දුන්නා. ඊළඟට මං බලන්නේ මගේ රට ද පක්ෂය ද කියලයි. එතැනදි මට රට ගැන හිතන්න වුණා.
 
 අනිත් එක මේ අලූතෙන් ගෙනෙන බලයක් නෙමෙයි. අපේම පක්ෂයේ ජේ ආර් ජයවර්ධන මහතාගේ තමයි මේ බලය සැකසුවේ . එතුමා හයෙන් පහක බලයක් අරගෙන කිව්වේ මට මේකෙන් කරන්න බැරි ගැහැනියෙක් පිරිමියෙක් කරනත් පිරිමියෙක්
 ගැහැනියෙක් කරන්නත් බැරි එක විතරයි කියලා. නමුත් අද ඒ අවස්ථාවෙන් පොලිස් නිලධාරියෙක් වත් මාරු කරන්න බැරි තත්ත්වයකට ජනාධිපතිවරයා පත්වෙලා. ඒක ජනාධිපතිවරයෙකුට හරිද?
 
 ප‍්‍රශ්නය - නමුත් ඔබ ගේ පක්ෂය ඊට විරුද්ධයිනේ.
 
 පිළිතුර - අපේ පක්ෂයේ ඇයි මේකට විරුද්ධ ඔවුන් මේකට විරුද්ධ විපක්ෂයක් ලෙස ද. ඇත්තටම අපි රටක් විදිහට ඉදිරියට යන්න ඕනේ නැද්ද. හැමදාම ගහ මරා ගන්න එක විහිළුවක් නෙමෙයිද. මාළු කඬේක වගේ කෑ ගසමින් මේ රට ගෙනියන්න බැහැ. ඒ නිසා හිතට එකඟව මම එතුමාට මගේ සහාය ලබා දුන්නා. එතුමා මේ රට හදාවි. බලය තිබෙන නිසා ඉතිරි අවුරුදු හතර එතුමා කටයුතු කරන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉමු. හරි බලයත් දී එතුමා ඒ වැඬේ හරියට නොකරනවා නම් මේ රටේ ජනතාව මෝඩයෝ ද? ඔහු වැඬේ හරියට නොකරනවානම් ජනතාව ඔහු අනිවාර්යයෙන් ගෙදර යවාවි. එතනදි අලූතෙන් එන ජනාධිපතිවරයාටත් මේ රට කරගෙන යන්න මේ බලයම තියෙනවා නෙමෙයිද.
 
 ප‍්‍රශ්නය - ඒක හරි වෙන්න පුළුවන්. නමුත් ඔබතුමියට එරෙහිව නැගෙන චෝදනාව වන්නේ ඔබ ආණ්ඩුවේ මුදල්වලට යටවී මෙම තීරණය ගත් බවයි.
 
 පිළිතුර - ඔය සේරටම සල්ලි දෙන්න මා ගාව සල්ලි තියෙනවා. අපි එදා ඉඳන් සල්ලි තියෙන මිනිස්සු. ඔහොම චෝදනා කරන අය අපි ඉන්න විදිහ ඇවිල්ල බලන්න ඕන. මගේ මහත්තයා හොඳ ව්‍යාපාරිකයෙක්. අපට යාන වාහන ගෙවල් දොරවල් හොඳට තියෙනවා. නිදියන්නේ එක ඇඳක නම්, නිතරම ගමන් කරන්නේ එක වාහනයක නම්, ඉන්නෙ එක් ගෙදර නම් මේ ලෝකයේ තව වෙන මොනවද ඕන. ඔය සේරම මට තියෙනවා. ඒ නිසා කාගෙවත් සල්ලි මට ඕනේ නෑ. ඔහොම චෝදනා කරන අයට පුළුවන් නං මම කාගෙන් හරි සල්ලි ගත්තා කියලා ඔප්පු කරලා පෙන්නන්න කියලා අභියෝග කරනවා. මම මගේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන්නේ එතුමා දැක්මක් ඇති වැඩ කළ හැකි නායකයකු නිසයි.
 
 
 ප‍්‍රශ්නය - බලනකොට මන්ත‍්‍රීතුමිය ඔබ සජිත් පේ‍්‍රමදාස මහතාව ජනාධිපතිවරණයේදී දිනවන්න කටයුතු කර තියෙන්නේ ඔහුට වඩා වැඩි කැමැත්තක් ගෝඨාභය රාජපක්ෂ මහතාට තියාගෙන වගේ?
 
 පිළිතුර - නෑ..නෑ.. ගෝඨාභය රාජපක්ෂ මහතාටත් රට කරන්න පුළුවන් සජිත් පේ‍්‍රමදාස මහතාටත් රට කරන්න පුළුවන්. මම හැමදාම හිටියේ එක්සත් ජාතික පක්ෂය පැත්තේ. ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මට තියෙන්නේ පුද්ගලයකු ගැන පැහැදීමක්. අපි සජිත් මහත්තයව ජනාධිපතිවරණයට දැම්මෙ පරදින්න නෙමෙයි. නමුත් ඔහු පැරදුනා. ඔහුව පරාජය කර රටේ ජනාධිපති වුණේ වැඩ කරන්න බැරි මනුස්සයෙක් නෙමෙයි. එතුමා ට දැන් අසාධාරණයක් වෙන්න දෙන්න බැහැ. එතුමාට වැඩ කරන්න බලයක් තියෙන්න ඕනෑ. එතුමාට අසාධාරණයක් වෙනවා කියන්නේ රටටත් අසාධාරණයක් වෙනවා කියන එකයි. එතුමාගේ අත් දෙක බැඳලා රට හදන්න බැහැ. මේ අපි දෙන්නේ 78 අපිම ගෙනාපු බලය යි. එච්චරයි. මේ මිනිස්සු හැම දේම සෘණාත්මකව බලන්නේ ඇයි ද කියලා මට නම් තේරෙන්නෙ නෑ.
 
 ප‍්‍රශ්නය - සමගි ජන බලවේගයට ඡුන්දය දුන් ජනතාවට ඔබ ද්‍රෝහිකමක් කළේ යැයි සිතෙන්නේ නැද්ද?
 
 පිළිතුර - සමගි ජන බලවේගයට ඡුන්දය දුන් ජනතාව කියන්නේ අඟහරු ලෝකෙන් ආපු ජනතාවක් නෙමෙයි. ඔවුන් ඒකීය රජයක් තුළ ඒකීය රටක් තුළ ජීවත් වෙන පිරිසක්. වත්මන් ජනාධිපතිවරයා කරන සංවර්ධනයේ ප‍්‍රතිලාභ ඔවුනුත් ලබනවා. ඒ ප‍්‍රතිලාභ පොහොට්ටුවේ අයට පමණක් නෙවෙයි. මේ රට කවුරු හරි හදනවනං එහි ප‍්‍රතිලාභ මුළු රටම ලබනවා. මේ අපි සැමගේ ආණ්ඩුවක්. ඒ නිසා මම සමගි ජනබලවේගයට ඡුන්දය දුන් කාටවත් ද්‍රෝහිකමක් කර නැහැ.
 
 ප‍්‍රශ්නය - ඔබතුමියව ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කළ අය වැරදි තීරණයක් ගත්තේ යැයි දැන් හිතෙනවා ඇති නේද?
 
 පිළිතුර - එහෙම වැරදි තීරණයක් යැයි ඒගොල්ලන්ට තීරණය කරන්න බෑ. මේ පක්ෂයේ මහලේකම් ලෙස මම විශාල පරිත්‍යාගයක් කර තිබෙනවා. මමයි මහත්තයයි මේ පක්ෂය පරිත්‍යාග කළේ එක තඹ සතයක් නොගෙනයි. දින පනස් දෙකේදී මෛත‍්‍රී ගාවට ගිය සෙට් එකක් තමයි අන්තිමේදී පක්ෂයත් එක්ක වැඩ කළේ. ඒ අයව මම නම් වශයෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ අයට දෙන එකද හරි පක්ෂයකුත් දීලා මහා කැප කිරීමක් කරපු අපට දෙන එකද හරි. ඇත්තටම ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය අයිති මගේ මහත්තයට. මගේ මහත්තයා රනිල් වික‍්‍රමසිංහ මහත්තයත් එක්ක ඒ කාලේ ඉඳන් වැඩ කරපු කෙනෙක්. ඔහු පක්ෂය නිසා දවස් හාරසිය ගාණක් හිර බත් කාලත් තියනවා.
 
 පිළිතුර - ඇත්තටම ඔබතුමිය මෙම තීරණය ගැන අවංකව සතුටු වෙනවද?
 
 පිළිතුර - පැහැදිලිවම ඔව්. මොකද තව අවුරුදු පහකින් මුළු රටම සතුටු වෙන බව මම දන්නවා.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles