Divaina - හාස්කමක් නිසා මරණයෙන් බේරෙයි!.... දලයි ලාමා තුමාව සියසින් දැකගැනීමේ වාසනාව...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


- හරිජනයන්ට  හින්දි භාෂාවෙන් ධර්ම දේශනාවක්
 
lama500‘සාංචියේ වෙසක් උත්සවයට එන්න මම බොහෝම කැමතියි. ඒත් මේ දිනවල තියෙන කාර්යබහුලත්වයත් එක්ක මට පැමිණීමට ඉඩක් ලැබෙන එකක් නෑ. මම උත්සවයට එන බවට ප‍්‍රසිද්ධ කළොත් විශාල සෙනඟක් පැමිණෙයි කියලා හිතනවා නම් මගේ නම දැන්වීම්වලට පාවිච්චි කරන ඒකෙ කිසිම ගැටලූවක් නෑ...’’ එසේ කියමින් නේරූතුමා ලෙන්ගතුව බොහෝ වේලාවක් අපි සමඟ සාකච්ඡුා කළා. පුදුමාකාර ගෞරවයක් අපිට දැක්වුවේ. ඒ වගේම එතුමා හරිම නිහතමානී නායකයෙක්. ඒත් එතුමාට සාංචියේ වෙසක් උත්සවයට සහභාගි වෙන්න බැරි වුණා...”
 

 1956 අවුරුද්දෙ වෙසක් උත්සවය අති උත්කර්ෂවත් අයුරින් අපි සැමරුවා. එම උත්සවයට සමගාමීව සාංචි විහාරයේ ධාතු ප‍්‍රදර්ශනය කළා. විශාල සෙනඟක් ධාතු වන්දනා කිරීමට පැමිණියා. ඒ අතර ටිබෙට් ජාතික විශාල භික්‍ෂූන් වහන්සේලා කණ්ඩායමක් ධාතු වන්දනා කරන්න පැමිණියා. ඒ කණ්ඩායමේ හරිම ලස්සන, ප‍්‍රසන්න තරුණ භික්‍ෂූන්වහන්සේ නමක් හිටියා. බැලූ බැල්මට අවුරුදු දහඅටක්, දහනවයක් විතර ඇති. ඒ තරුණ භික්‍ෂූන් වහන්සේ වටා මහා සද්දන්ත මිනිස්සු විස්සක් විතර ආරක්‍ෂාවට හිටියා. සිවුර එහාට, මෙහාට වෙනකොට හදන්න වෙනම කෙනෙක් හිටියා. වඳින්න හදනකොට පත්කඬේ බිම එළන්න තවත් කෙනෙක් හිටියා. මහ සැලකිලි මැද ඒ තරුණ භික්‍ෂූන්වහන්සේ ධාතු වන්දනා කළා. ඒ භික්‍ෂූන්වහන්සේට ඉංග‍්‍රිසී කතා කරන්න බෑ. උන්වහන්සේ කියන දේ පරිවර්තනය කරන්න වෙනම කෙනෙක් හිටියා. ධාතු වන්දනා කරලා අහවර වෙලා ඒ තරුණ භික්‍ෂූන් වහන්සේ පරිවර්තකයාට මොනවද කියනවා අපිට ඇහුණා. පරිවර්තකයා ඉංග‍්‍රීසියෙන් ඒ කාරණාව අපිට පැහැදිලි කළා...
 
 අඩි පහළොවක් උස, තනි රත්තරං පහනක් සාංචියට පූජා කරනවා කියලා තමයි ඒ තරුණ භික්‍ෂූන් වහන්සේ කියලා තිබුණේ. ඒ කිව්වා වගේම තනි රත්තරං පහනක් ඒ මොහොතේම සාංචි විහාරයට පරිත්‍යාග කළා. ඒ කණ්ඩායම සාංචිය වඳින්න එනකොටම රත්තරං පහනත් අරගෙනම තමයි ඇවිත් තියෙන්නෙ. මහ පරිවාර සේනාවක් සමඟ එදා සාංචියේ ධාතු වන්දනා කිරීමට ඇවිත්, රත්තරං පහනක් පූජා කළේ ටිබෙට් ජාතික දලයිළාමාතුමා. අහලා තිබුණට එදා තමයි මම දලයිළාමාතුමාව සියැසින් දැක්කෙ. ඒ වෙනකොට ටිබෙට් රාජ්‍යයේ රජ්ජුරුවෝ දලයිළාමා. එරට අධ්‍යාත්මක නායකයත් දලයිළාමාතුමා. ඒ නිසා දලයිළාමාතුමාට විශාල බලයක් තිබුණා. ඊට අවුරුදු තුනකට පස්සෙ, 1959 අවුරුද්දෙ තමයි දලයිළාමා රටෙන් පිට වුණේ...”
 
 වෙසක් උත්සවය අවසාන වෙලා ටික දවසකට පස්සෙ නේපාල රජතුමා සාංචි විහාරයට පැමිණෙන බවට පණිවිඩයක් ලැබුණා. හැඩිගල්ලේ පක්‍ද්ක්‍දාතිස්ස හාමුදුරුවෝ මට කිව්වා ‘එතුමාව පිළිගන්න විහාර භූමිය සරසලා පොඩි උත්සවයක් කරමු’ කියලා. සැරසිලි කරන්න ඕනත් අපිම තමයි. සාංචි විහාර භූමියේ පොළවට අල්ලලා තිබුණේ කළු ගල් පතුරු. විහාර භූමිය වටා තාප්පය බැඳලා තියෙන්නෙත් කළු ගලෙන්. මිදුල වටේටත්, මැදත් අඩි පහක් විතර උස ගල් කණු තියෙනවා. ඒ ගල් කණු උඩ මල් පෝච්චි තියලා තිබුණා.

නේපාල රජතුමාව  පිළිගන්න ඒ ගල් කණු අතර බෞද්ධ කොඩි වැල් අදින්න තීරණය කරලා. මම කොඩි වැලක් අරගෙන එක කණුවකට නැඟලා බැඳලා, අනිත් කණුවට නැඟලා ඒ කොඩි වැල බඳින්න තදින් ඇද්දා. ලණුව කඩාගෙන ඇවිත් මාවත් කණුවෙන් වැටුණා. මිදුලටත් නෙමෙයි වැටුණේ අඩි දහයක් විතර පහල ගල් තලාවට. වැටුණු හැටියේ මට සිහිය නැති වුණා. සිහිය එනකොට මම හිටියේ සාංචි ඉස්පිරිතාලේ...
 
 සාංචි විහාරයේ ඉඳලා ඉස්පිරිතාලයටම මාව උස්සගෙන ඇවිත් තිබුණේ මුර කුටියේ හිටිය රාළහාමි කෙනෙක්. වැටුණු පාරට මගේ ඔළුව එහෙම තුවාල වෙලා තිබුණේ නෑ. එක අතක් වළලූකරෙන් කැඩිලා තිබුණා. රෝහල් වෛද්‍යවරයා යුහුසුළුව ක‍්‍රියාත්මක වෙලා කැඩුණු අතට ප්ලාස්ටර් දාලා නේවාසික ප‍්‍රතිකාර ගන්න වාට්ටුවකට යොමු කළා. ඔය අතරේ නේපාල රජතුමා සාංචි විහාරයට ඇවිත්, මම වැටිලා අනතුරට පත් වෙලා රෝහල් ගත කළා කියලා පක්‍ද්ක්‍දාතිස්ස හාමුදුරුවෝ කිව්වම එතුමා මාව බලන්න සාංචි ඉස්පිරිතාලයට ආවා. නේපාල රජතුමා මාව බලන්න ඇවිත් ගියාට පස්සෙ රෝහල්
 
 nim27 2සේවකයන්ගෙන් මට පුදුමාකාර විදිහට සැලකිලි ලැබෙන්න පටන් ගත්තා. රෝහලෙන් ඇවිත්, අතත් එල්ලගෙන ඉන්නකොට දවසක් ඩොක්ටර් ගුරුගේ, ඩොක්ටර් මලලසේකර ඇතුළු කිහිපදෙනෙක් සාංචියට පැමිණියා. ඒ වෙලාවේ මම වැටුණු තැන ඒ පිරිසට පෙන්නුවා...
 
 ‘අපේ හාමුදුරුවෝ පුදුම විදිහට බේරිලා තියෙන්නෙ... මේක නම් හාස්කමක්ම තමයි. නැති නම් හාමුදුරුවෝ අද ජීවතුන් අතරත් නෑ...’ එසේ කියමින් ඩොක්ටර් මලලසේකර මම වැටුණු තැන දැකලා පුදුම වුණා. ඒ වගේම මම හිටිය කාලයේදී විදේශීය රටවල නායකයන් මෙන්ම විශාල අමුත්තෝ පිරිසක් සාංචිය නැරඹීමට පැමිණියා. එකල බුරුම රටේ නායකයාව සිටි ඌනු සාංචිය වඳින්න පැමිණ අපිත් එක්ක බොහෝ වේලාවක් කතා බහා කරමින් සිටියා. අතිශය ශ‍්‍රද්ධාවන්ත රාජ්‍ය නායකයෙක්. ඒ වගේම ඉන්දියාවේ මැඩ‍්‍රාස්වල පදිංචි ශාස්ති‍්‍ර කියලා දෙමළ මහත්තයෙක් සාංචි විහාරයට නිතරම ආවා ගියා. උගත්, බුද්ධිමත් කරුණාවන්ත මහත්තයා. සාංචියේ තොරණ් පිළිබඳ එතුමාට පුළුල් දැනුමක් තිබුණා. වඳින්න එන මිනිසුන්ට සාංචි තොරණ් ගැන හරි අපූරුවට එතුමා තේරුම් කර දුන්නා. මමත් ශාස්ත‍්‍රි මහත්තයා එක්ක ඉඳගෙන සාංචි තොරණ් ගැන වැඩිදුරටත් ඉගෙනගත්තා...
 
 ඔහොම යනකොට සීතල කාලේ ?ක මම කාමරයේ නිදාගෙන ඉන්නකොට පක්‍ද්ක්‍දාතිස්ස හාමුදුරුවො ඇවිත් කාමරේ දොරට තට්ටු කරලා මට කතා කළා. මම දොර ඇරලා එළියට එනකොට සද්දන්ත මිනිස්සු හතරදෙනකුත් නායක හාමුදුරුවොත් එක්ක හිටියා...
 
 ‘පොඩි නම... මේ අම්බෙඞ්කාර්ගේ මිනිස්සු. අම්බෙඞ්කාර් ආදාහනය කළාට පස්සෙ, අළු තැන්පත් කරන්න උත්සවයක් සංවිධානය කරලා. මේ අයත් එක්ක ගිහින් ආගමික කටයුතු ටික කරලා දීලා එන්න...’ වෙලාව පාන්දර දෙකයි. එළියට බහින්න බැරි තරමට සීතලයි. නායක හාමුදුරුවො වැඩක් පැවරුවම බෑ කියන්නත් බෑ. මම ලෑස්ති වෙලා ඒ මිනිස්සු එක්ක ගියා. කොහේ මිනිස්සුද? කොහේ එක්ක යනවද? කියලා මම දැනගෙන හිටියේ නෑ. පැය අටක විතර කෝච්චි ගමනකින් පසු දුම්රිය නැවතුම්පොළකින් බැස්සා. විශාල හිස් ප‍්‍රදේශයක්. ඒ භූමියම මිනිස්සුන්ගෙන් පිරිලා. බැලූ බැල්මට මිනිස්සු ලක්‍ෂ පහකට වැඩියි. එච්චර සෙනඟක් පැමිණ සිටියේ අම්බෙඞ්කාර්ගේ අළු තැන්පත් කිරීමේ උත්සවයට. අමුත්තන්ට අසුන්ගැනීමට අලංකාර විශාල පිඨිකාවක් සකස් කරලා තිබුණා. භික්‍ෂූන් වහන්සේ නමක් විදිහට ඒ පිඨිකාවේ අසුන්ගෙන හිටියේ මම විතරයි. අනෙකුත් භික්‍ෂූන්වහන්සේලාට ආරාධනා කළාට අම්බෙඞ්කර් පහත්ම පහත් කුලයක මිනිහෙක් කියලා උත්සවයට පැමිණ සිටියේ නෑ. උත්සවය ආරම්භ කරමින්, මයික‍්‍රෆෝනය අතට අරගෙන පන්සිල් දුන්නා. මගේ ජීවිත කාලයටම එච්චර පිරිසකට පන්සිල් දීලා තිබුණේ නෑ. ඊට පස්සෙ අදටවත් එච්චර පිරිසකට පන්සිල් දෙන්න අවස්ථාවක් ලැබිලත් නෑ. එදා ඒ පිරිසට පන්සිල් දීලා මිනිත්තු හතළිස් පහක් විතර හින්දි භාෂාවෙන් ධර්ම දේශනයක් කළා. හ්ම් ශබ්දයක් නොකර ඒ පිරිස මගේ ධර්ම දේශනාවට සවන් දී සිටියා...
 
 අම්බෙඞ්කාර් කියන්නෙ ඉන්දියාවේ ජනප‍්‍රියතම පුද්ගලයෙක්. ඉන්දියාවේ මහා විපර්යාසයක් කරපු මහා උගතෙක්. ඒ වගේම ඉන්දියාවේ පහත්ම කුලය ශුද්ධ කුලයටත් පහත් ජන කොටසකින් පැවත එන කෙනෙක්. ඉන්දියාවේ ඔවුන්ව හැඳින්වූයේ ‘හරිජන’ කියලා. හරිජන කියන වචනයට අම්බෙඞ්කාර් දැඩි විරෝධයක් දැක්වූවා. ‘හරිජන කියන්නෙ දෙවියන්ගේ දරුවො. දෙවියන්ගෙ දරුවො කියන්නෙ අපි අවජාතක නිසා. පියෙක් නැති නිසා. අපි දෙවියන්ගෙ දරුවො නම් උඹලා කාගෙද? උඹලාත් දෙවියො පිළිගන්නවා නේද? එක්කො උඹලා අවජාතක. නැති නම් අපි අවජාතක...’ හරිජන වචනය ගැන අම්බෙඞ්කාර් දැඩිව විවේචනය කළේ එහෙමයි. ඉන්දියාවෙන් බිහි වෙච්ච අතිදක්‍ෂ කථිකයෙක්...
 
 අම්බෙඞ්කාර්ව පුංචි කාලේ හැඳින්වූයේ ‘බීම රාහු’ යනුවෙන්. බීම රාහුගේ පියා තමයි බරෝරා රජතුමාගේ මාළිගාවේ වැසිකිළිය සුද්ධ පවිත‍්‍ර කළේ. ඒ කාලේ මිනිස්සු වැසිකිළි කළේ බකට්වලට. මළ මුත‍්‍රවලින් පිරුණු වැසිකිළි බකට් උස්සගෙන ගිහින් වළට හලන්න ඕනෑ. බීම රාහුගේ පියා කළේ ඒ රස්සාව. බීම රාහුගේ පරපුරට ඒ රස්සාව හැර වෙනත් රස්සාවක් කරන්න ඉන්දියාවේ ඉඩක් තිබුණේ නෑ. ඒ කාලේ හරිජන මිනිස්සු පාරෙ යනකොට බෙල් එකක් නාද කරගෙන යන්න ඕනෑ. ඒ බෙල් නාදය ඇහෙනකොට හරිජන මිනිස්සුන්ගේ හෙවණ වැටෙයි කියලා උසස් කුලවල මිනිස්සු පාරට බහින්නෙ නෑ. හෙවණ වැටුණොත් කුලවත් මිනිස්සු අපිරිසිදු වෙනවා කියනවා. එදා ඉන්දියාවේ හරිජන මිනිස්සුන්ට තිබුණේ එහෙම තත්ත්වයක්...
 
 බීම රාහු හොඳ මොළයක් තියෙන දරුවෙක් කියලා පියාට දැනුණා. ඒත් පාසලකට ඇතුළත් කරන්න අවස්ථාවක් තිබුණේ නෑ. හරිජන ළමයින්ව කිසිම පාසලකින් භාර ගත්තෙ නෑ. බීම රාහුගේ පරපුරේ කිසිම කෙනෙක් පාසල් ගිහින් නෑ. අන්තිමේ බීම රාහුගේ පියා, බරෝරා මහ රජතුමාට කියලා අවසර අරගෙන ගම් ප‍්‍රදේශයේ පාසලක පන්ති කාමරයේ භාග බිත්තියෙන් මෙපිට ඉඳගෙන දරුවට ඉගෙනගන්න සැලැස්සුවා. රජතුමාගේ අවසරය ලැබුණු නිසා තමයි බීම රාහුට එහෙම හරි ඉගෙනගන්න ලැබුණේ. එහෙම නැතිව හරිජන ළමයින්ට පාසලකට ඇතුළුවීමටත් තහනම්...
 
 පන්ති කාමරයේ උගන්වන විෂය කරුණු බීම රාහු හොඳට අහගෙන ඉඳලා ධාරණය කරගත්තා. දවසක් ගුරුවරයා ළමයින්ට අංක ගණිත පාඩමක් කියා දීලා එක ගාණක් කළුලෑල්ලේ හදලා පෙන්නුවා. පහුවදා පන්තියට ආපු ඒ ගුරුවරයා කැමති ළමයෙක් ඇවිත් ඊයේ කියා දීපු ගාන කළුලෑල්ලෙ හදන්න කියලා කිව්වා. පන්තියේ කිසිම ළමයෙක් ඉදිරිපත් වුණේ නෑ. පන්තියේ ළමයින්ට නින්දා කරන්න ඕනෙ නිසා ඒ ගුරුවරයා බීම රාහුට කතා කරලා කිව්වා ගාණ හදන්න කියලා. බීම රාහු ඇවිත් ගුරුවරයා කියා දීපු විදිහටම ගාණ හැදුවා...
 
 මතු සම්බන්ධයි...
 
 තරංග රත්නවීර

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles