Divaina - සුද්දගේ නිරෝධායන පනත වෙනස් නොකර කොරෝනා මඩින දේශීය ක‍්‍රම

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

nim26 1පවතින තත්ත්වය යටතේ බටහිර රෝහල් පද්ධතියට වැඩිවන කොවිඞ් රෝගීන් සංඛ්‍යාව දරා ගැනීමේ අර්බුදයක් මතුවෙමින් පවතී. එසේම මානව සම්පත් ද යම් ආකාරයක අභියෝගයකට මුහුණ දී තිබේ. එහෙත් එම තත්ත්වයට විසඳුම් ලෙස දේශීය වෛද්‍ය ක්ෂේත‍්‍රයේ සම්පත් භාවිතා නොකිරීම ගැන සමාජයේ දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ. අද වන විට දිනෙන් දින වර්ධනය වන කොවිඞ් වසංගතයේ දෙවන රැුල්ලේ ව්‍යාප්තිය මැඬලීමට හා ආසාදිතයින් හට ප‍්‍රතිකාර කිරීමට දේශීය වෛද්‍ය ක‍්‍රම යොදා ගැනීමට නෛතික බාධාවක් ලෙස පෙන්වා දෙන 1897 අංක 3 දරන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත ඉතා ප‍්‍රවේශමෙන් විමසා බලන විට එම මතය පදනම් විරහිත බව පෙනේ. සෞඛ්‍ය බලධාරීන් විසින් ඉතා අභිමානයෙන් කතා කරන මෙම පනත දේව වාක්‍යයක් නොවේ. එහි කිසිදු සංශෝධනයක් නොකොට දේශීය වෛද්‍ය ක‍්‍රම මෙම කටයුත්තේ දී යොදා ගැනීමේ නෛතික ප‍්‍රතිපාදන ඒ මගින් සලසා ගැනීම අපහසු නොවේ. ඒ සඳහා අවශ්‍යතාව තිබේ නම් නම්‍යශීලී ප‍්‍රතිපත්තියක් හා වෘත්තීය සහයෝගීතා සංස්කෘතියක් ඔස්සේ මෙය කළ හැකිය.

මුල් යුගයේ දී කොළරාව, වසූරිය වැනි සංක‍්‍රාමික රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂයෙන් අවධානය යොමු කළ මෙම පනත සම්මත කළ කාලයේ දී පැවති තත්ත්වය අද වන විට බොහෝ සෙයින් වෙනස් වී තිබේ. එසේම දේශීය වෛද්‍ය ක‍්‍රම මහජන සෞඛ්‍ය ආරක්ෂණය සඳහා යොදා ගැනීමේ අවශ්‍යතාව හා වැදගත්කම ගැන ජාත්‍යන්තර අවධානය ද යොමු වී ඇති කාලයකි මේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් දේශීය වෛද්‍ය ක‍්‍රමවල සහාය හා දායකත්වය සෞඛ්‍ය සේවාවන් තුළ වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීමට ප‍්‍රතිපත්තිමය බැඳීමක් තිබේ. එසේම දේශීය වෛද්‍ය ක‍්‍රමවල සාර්ථකභාවය ගැන විද්‍යාත්මක සාක්ෂි පළවෙමින් ඇති වර්තමානයේ එය නොසලකා හැරීම ජනතාවට ලැබිය යුතු ප‍්‍රතිලාභ වළක්වා ලීමක් ද වේ. ඒ අනුව දැනට බලපවත්නා නිරෝධායන පනත අනුව දේශීය වෛද්‍ය ක‍්‍රමවල දායකත්වය ලබා ගත හැක්කේ කෙසේද යන්න සොයා බැලීම බලධාරීන්ගේ යුතුකමක් මෙන්ම වගකීමකි. නිරෝධායන පනතේ 2 වැනි වගන්තිය ප‍්‍රකාරව ශ‍්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත යම් රෝගයක් පැතිර යෑම වැළැක්වීම සඳහා කලින් කලට රෙගුලාසි පැනවීමේ බලය විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරී තිබේ. වර්තමානයේ මෙම පනතේ විෂය භාර වන්නේ සෞඛ්‍ය අමාත්‍යවරියට වේ. පනතේ 3 වැනි වගන්තිය කුමන කරුණු සම්බන්ධයෙන් රෙගුලාසි සකස් කළ හැකිදැයි පෙන්වා දී තිබේ.

මෙම රෙගුලාසි යටතේ ”දැනුම් දිය යුතු”  (notifiable)  රෝග යනුවෙන් 1969 රෙගුලාසිමාලාවේ ඇතුළත් කර තුබූ යම් රෝග ඛණ්ඩයක් නම් වශයෙන් ඉවත් කොට එහි සීමාව ස්වකීය රාජ්‍ය අභිමතයට යටත් කොට තිබේ. ශ‍්‍රී ලංකාව තුළ මෙම රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අධිකාරිත්වය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගතවේද ඒකකයට අයත් වේ. දැනට එහි වෙබ් අඩවිය තුළ පෙන්වන රෝග 28 කින් යුත් ලැයිස්තුව 2005.02.11 වැනි දින උපදේශක කමිටුවේ අනුමැතිය අනුව පළ කර තිබේ. සතිපතා වසංගතවේද වාර්තාව (WER) හා කාර්තු වසංගතවේද ප‍්‍රකාශනය (QEB)  නිකුත් කරන්නේ මේ ඒකකය හරහා වන අතර එය මෙම වෙබ් අඩවියෙන් බාගත කර ගැනීමට හැකිවේ. එය බෝවන රෝග පිළිබඳ යාවත්කාලීන සංඛ්‍යා ලේඛන සඳහා අපේ සියලූ ප‍්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන් කියවිය යුතු වාර්තාවකි. එසේම එබඳු රෝග සම්බන්ධයෙන් ආවේක්ෂණ කටයුතු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ උපදෙස් මාලාවන් ද මෙහි බාගත කරගැනීමට හැකිවේ. දැන් බලමු අර මුලින් කියූ සතිපතා වාර්තාව සැකසෙන ක‍්‍රියාවලිය. 1897 අංක 3 දරන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත අනුව සෑම වෛද්‍ය වෘත්තිකයකුම යම් බෝවන රෝගයක් සම්බන්ධයෙන් නිසි පරිදි නියම අධිකාරියට දැනුම් දීමට බැඳී සිටියි. එසේම වර්තමානයේ ක‍්‍රියාත්මක වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ව්‍යුහය හරහා මේ සඳහා විධිමත් වාර්තාකරණ ක‍්‍රමවේදයක් ස්ථාපනය කර තිබේ.

මෙම වාර්තාකිරීම සිදුවන්නේ නිරෝධායන පනතේ රෙගුලාසි අනුවයි. එහි ”පී” උපවගන්තිය අනුව වෛද්‍ය නිලධාරීන් මෙන්ම රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම කරන පුද්ගලයින් ද (persons professing to treat diseases) ද ඇතුළත් වේ. එසේම ”ආර්” උපවගන්තිය අනුව පනත යටතේ නිලධාරීන් පත් කිරීමේ අමාත්‍යවරයා හට බලය ද තිබේ. එම වගන්ති දෙකේ ප‍්‍රතිපාදන ආයුර්වේද පනතේ අරමුණු හා එකතු කොට කියවීමේදී ඉතාම පහසුවෙන් නිරෝධායන පනතේ විධිවිධාන මෙම හදිසි තත්ත්වයට ගැලපෙන ආකාරයෙන් භාවිතා කළ හැකිය.

1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 7 වැනි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අරමුණු වන්නේ,

අ. ආයුර්වේදය අනුව මහජනයාගේ සෞඛ්‍ය ප‍්‍රවර්ධනය  හා සංරක්ෂණය සඳහාත් රෝග ප‍්‍රතිකාර සඳහාත්  සේවා පවත්වාගෙන යෑම

ආ*. ආයුර්වේදය පිළිබඳ පර්යේෂණ හා අධ්‍යයන කටයුතු සඳහා ශිෂ්‍යත්ව හා වෙනත් පහසුකම් ආධාර සැපයීම

මගින් සේවයේ නියුක්ති හෝ එසේ අපේක්ෂිත පුද්ගලයින් දිරිගැන්වීම

ඇ*. රෝග පිළිබඳ ගවේෂණය හා මහජන සෞඛ්‍යය නගා  සිටුවීම සම්බන්ධයෙන් සංවර්ධන හෝ දිරිගැන්වීමේ  ක‍්‍රියාමාර්ග ගැනීම

වර්තමානයේ දී මේ අරමුණු ඉටු කරගැනීමේ ප‍්‍රතිපත්තිමය, පරිපාලනමය හා නෛතික පරිසරය මේ වන විට අවහිර කොට ඇත්තේ ඇයි දැයි තේරුම් ගැනීම අපහසු නොවේ. ඒ 1952 සෞඛ්‍ය සේවා පනත සහ 1928 වෛද්‍ය ආඥා පනත ඊට ඉහළින් සිටීමත් ඒවායේ අධිකාරිමය බලය බටහිර වෛද්‍යවරුන් යටතේ පැවතීමත් නිසාය. එහෙත් යම් හෙයකින් නිරෝධායන පනතේ විධිවිධාන අදට සරිලන පරිදි වෙනස් කොට රෙගුලාසි නිකුත් කළහොත් ඒ හරහා කොවිඞ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව වඩාත් ඵලදායි ලෙස යොදා ගැනීමට හැකි වනු ඇත. එසේම රජයේ බලධාරීන්ගේ ආකල්පමය වෙනසක් ඇති වන්නේ නම් මෙම අණපනත් වෙනස් නොකොට වුවත් දේශීය වෛද්‍ය ක‍්‍රමවල සහය සහ දායකත්වය ඉතා සාර්ථක ලෙස මේ වැඩපිළිවෙළට යොදා ගැනීම අපහසු නොවේ. ඊට අවශ්‍ය මානව සම්පත් සහ දැනුම ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්ෂේත‍්‍රය තුළ තිබේ. ඒ අනුව ආයුර්වේදය හරහා කොරෝනා මැඬලීමේ ජාතික වැඩපිළිවෙලට දායක විය හැක්කේ පළමුව භූමියේ තත්ත්වය තේරුම් ගැනීමෙන් පමණි. වෛරසයෙන් බලපෑම අපේ ජනගහනය තුළ ව්‍යාප්තව ඇති අයුරු පළමුව වටහා ගත යුතුය.

තහවුරු කළ Covid-19 රෝගීන් කළමනාකරණය කිරීමේ නීතිමය වගකීම දරන්නේ බටහිර වෛද්‍ය ක‍්‍රමය මගින් පාලනය වන සෞඛ්‍ය අංශ විසින් බවට පිළිගැනීමක්  තිබුණ ද සියලූ රෝගීන් එකසේ බරපතළ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි. එයින් 20% ක් පමණ බරපතළ රෝග ලක්ෂණ පෙන්වන අතර හදිසි ප‍්‍රතිකාර හෝ දැඩි සත්කාර ඒකකයේ සහය අවශ්‍ය වන්නේ ඉතා සුළු ප‍්‍රතිශතයකට පමණි. එම කණ්ඩායම රැක බලා ගැනීමේදී අවශ්‍ය පුහුණුව, පහසුකම් හා තාක්ෂණික අවශ්‍යතා ඔවුන් සතුව තිබේ. මෙහිදී ආසාදිතයින් ඒකලනය (isolation) කිරීමේ විධිමත් පහසුකම් එම රෝහල් සතුය. විශේෂයෙන්ම රෝගියකු අසාධ්‍ය වූ විට ජීවිතය බේරාගැනීමේ දැඩි සත්කාර ඒකක පවතින්නේ ඔවුන් සතුව පමණි. එහෙත් 80% ක් වන සාමාන්‍ය රෝග ලක්ෂණ සහිත හෝ රෝග ලක්ෂණ රහිත ආසාදිතයින් දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දීම අනිවාර්යෙන්ම කළ හැකිය. විශේෂයෙන් ම පළමු සැලැස්ම තුළ විශේෂ උපකාණ්ඩ තුනක් හඳුනා ගත හැකිය. මෘදු ලක්ෂණ පෙන්වන Covid-19 රෝගීන්, බරපතළ ලක්ෂණ පෙන්වන රෝගීන් හා සැකසහිත රෝගීන් වශයෙනි. ඒ උපකාණ්ඩ වෙනුවෙන් ප‍්‍රතිකාර පද්ධති තුනක් වෙනම සකස් කළ යුතුය. වසංගත රෝග අංශයේ අනුමැතිය හිමි වන ආකාරයේ විධිමත් හා නිවැරැුදි ආයුර්වේද ප‍්‍රතිකාර පද්ධතියක් ලබා දීමට සෞඛ්‍ය බලධාරීන්ගේ එකඟත්වය ලැබිය යුතුය.

එසේම ආසාදිත රෝගීන් ලෙස සැක කරන එහෙත් තහවුරු නොකළ පුද්ගලයින් හට ආයුර්වේද රෝග ප‍්‍රතිෂේධක ප‍්‍රතිකාර පද්ධතියක් හඳුන්වා දීමට බොහෝ දුරට හැකියාවක් තිබෙන බව පෙනේ. දැනටමත් ඔවුන් නොනිල වශයෙන් දේශීය ඖෂධ වර්ග භාවිතා කරන අතර ඒ පිළිබඳ විශ්වාසයක් ද ඇති නිසා මේ සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් කළ හොත් ඊට යම් සුබවාදී ප‍්‍රතිචාර ලැබීමට ඉඩ තිබේ. එහෙත් මේ වන විට ඊට අවශ්‍ය සැලසුමක් හා විධිමත් මූල ලේඛන (චරදඑදජදක* සකස් කොට තිබිය යුතුය. අවදානම් කලාපවල සිට පැමිණි නිරෝධායන මධ්‍යස්ථානවල සිටින කණ්ඩායම් සඳහා ද ඒ හා සමාන වැඩසටහනක් තුළ ආයුර්වේද ආරක්ෂණ පද්ධතියකින් ආවරණය කළ හැකිය. රෝගීන් හා ගැටෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා ආරක්ෂක හමුදා සාමජිකයින්, රෝගීන් හා ගැටුණු ආසාදනය වී ඇතැයි සැක සහිත පුද්ගලයින් ද යම් අවදානමක පසුවන හෙයින් ඔවුන්ගේ ප‍්‍රතිෂේධක හැකියාව ද වර්ධනය කළ යුතුය. මෙහිදී අවශ්‍ය කරනු ලබන නිමි ඖෂධ හා අනෙකුත් අමුද්‍රව්‍ය නිසි පරිදි සැපයීමේ ඇස්තමේන්තු ගත පුරෝකතනයක් ද අවශ්‍ය වේ.

ඊළඟට රෝගීන් සොයා ගත් හා ඔවුන් සංචාරය කළ ප‍්‍රදේශවල සිටින ජනතාව වෙනස් ආකාරයේ ආයුර්වේද ස්වස්ථාරක්ෂණ වැඩසටහනක් හඳුන්වා දීම අවශ්‍ය වේ. ඒ සම්බන්ධයෙන් විධිමත් හා සම්මත ක‍්‍රමවේදයක් අනුව සකස් කළ නිසි ප‍්‍රතිකර්ම පද්ධතියක් සකස් කළ යුතුය. එහෙත් මේ දක්වා වාර්තා වූ අවදානමක් නොමැති සාමාන්‍ය ජනතාව සඳහා වැනි කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රියාත්මක කළ යුතු වන්නේ පොදු දැනුවත් කිරීම් හා ජීවනරටා

හැඩගැස්වීමේ යම් පිළිවෙත් මාලාවක් පමණි. එසේ නම් රට වසා නොදමා ආර්ථිකය අඩපණ නොකොට මේ වසංගතය ජයගැනීමට දේශීය වෛද්‍ය ක‍්‍රමවල සහය ගැනීමට නිරෝධායන පනත වෙනස් කරන්නට අවැසි නොවේ. ආකල්ප හා ප‍්‍රතිපත්ති පමණක් වෙනස් කිරීම සෑහේ. අදටත් මේ රටේ ජනතාව කොවිඞ් වසංගතයට ඔරොත්තු දෙන්නේ සහ ආසාදිතයින් සංකූලතා නොමැතිව ඉක්මනින් සුව වන්නේ ද දේශීය වෛද්‍ය ක‍්‍රමවල පිහිට ජනතාව ඇත විඳින නිසා යැයි විශ්වාසයක් ජනතාව අතර තිබේ.

* වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා
 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles