Divaina - අවදානම අඩු ආයෝජන මොනවාද?

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

nim25 3පසුගිය ලිපියේ සාකච්ඡුා කළ පරිදි කොටස් වෙළෙඳපොළ සහ භාණ්ඩ වෙළෙඳපොළ අතර පවතින ප‍්‍රධාන වෙනස්කම් පිළිබඳ විධිමත් සහ මනා අවබෝධයක් ලබා ගැනීම මූල්‍ය වෙළෙඳපොළ ආයෝජකයින්ට අත්‍යවශ්‍ය සාධකයක් බව අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුය. මන්දයත් මෙහි සඳහන් කරන වෙනස්කම් ඇතැම් විට ප‍්‍රමාණාත්මක වශයෙන් කුඩා වූවත්, විශාල වූවත් එහි සමස්ත බලපෑම එනම්, අවදානම සහ ප‍්‍රතිලාභ කෙරෙහි ආයෝජනයේ දී තීරණාත්මක වන බැවිනි. එබැවින් මේසා වැදගත්කමකින් යුක්ත මෙම වෙළෙඳපොළ දෙවර්ගයේ වෙනස්කම් පිළිබඳව මනා වැටහීමක් සහ පරිචයක් ලබා ගැනීම තුළින් මූල්‍ය වෙළඳපොළ ආයෝජකයින්ට ස්වකීය ආයෝජන වඩාත් මැනවින් හසුරුවා ගැනීම කළ හැකිය.
 
 කොටස් වෙළෙඳපොළ සහ භාණ්ඩ වෙළඳපොළ අතර වෙනස්කම් (Differences Between Stock Market and Commodity Market)
 
 4. අවදානම සහ ප‍්‍රතිලාභ (Risk & Return)
 
 මූල්‍ය වෙළෙඳපොළ ආයෝජකයකු ස්වකීය ආයෝජන කටයුතු මෙහෙයවීමේ දී එම ආයෝජන කුමන වෙළෙඳපොළ තුළ සිදු කළ යුතුද යන්න බලපාන තවත් ප‍්‍රධාන සාධකයක් හෙවත් වෙනස්කමක් ලෙස අවදානම සහ ප‍්‍රතිලාභ දැක්විය හැකිය.
 
 මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ කොටස් වෙළෙඳපොළ තුළ සිදු කරනු ලබන ආයෝජන භාණ්ඩ වෙළෙඳපොළ තුළ සිදු කරන ආයෝජනවලට වඩා සාපේක්ෂ වශයෙන් අවදානම් මට්ටම අඩු බවය. මන්දයත් කොටස් වෙළෙඳපොළ තුළ සිදු වන්නා වූ උච්ඡුාවචනයන් මෙන්ම වෙනස්වීම් භාණ්ඩ වෙළෙඳපොළට සාපේක්ෂව සලකා බැලූ කල ඉතා පහළ මට්ටමක පවතින අතර මෙම තත්ත්වය නිසාම මූල්‍ය වෙළෙඳපොළට පිවිසෙන ආධුනික ආයෝජකයින් සඳහා මූලික ආයෝජන මාර්ගය ලෙස කොටස් වෙළෙඳපොළ පෙන්වා දිය හැකිය. එසේම කොටස් වෙළෙඳපොළ ආයෝජන භාණ්ඩ වෙළෙඳපොළ ආයෝජනවලට වඩා සාපේක්ෂ අඩු අවදානම හේතු කොට ගෙන එහි ප‍්‍රතිලාභ ද සාපේක්ෂව පහල මට්ටමක පවතින බව අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුය.
 
 එසේම භාණ්ඩ වෙළෙඳපොළ ගත් කල සාපේක්ෂ වශයෙන් ඉතාමත් ඉහළ අවදානමක් පෙන්නුම් කළ ද එහි ප‍්‍රතිලාභ ද සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ වන්නේ භාණ්ඩ වෙළෙඳපොළ තුළ ආයෝජන මේසා ඉහළ මට්ටමක අවදානමකින් යුක්ත වන්නේ භාණ්ඩ වෙළෙඳපොළ ආයෝජකයා ආයෝජනය කරනු ලබන්නේ පූර්ණ වශයෙන්ම අනාගත වරණයක් (Future Option) අපේක්ෂාවෙන් මත වීමය. මෙම තත්ත්වය තවදුරටත් නිදසුනක් ආශ‍්‍රයෙන් පැහැදිලි කරන්නේ නම් අපට කෘෂිකාර්මික භාණ්ඩ වෙළෙඳපොළ හඳුන්වා දිය හැකිය. එහිදී තිරිඟු නමැති භාණ්ඩය සඳහා ආයෝජකයකු අනාගත අපේක්ෂාව මත ආයෝජන සඳහා යොමු වන්නේ නම් ඔහුට එහිදී මුහුණ පෑමට සිදු වෙන අවදානම පැති කීපයක් ඔස්සේ පැහැදිලි කළ හැකිය. එනම් ඇතැම්විට අදාළ භාණ්ඩය කල්පිරී වෙළෙඳපොළට පැමිණෙන විට මිලෙහි සිදු වන විශාල උච්චාවචනයක් එමෙන්ම නියමිත කාල පරාසය තුළ අලෙවි කර ගැනීමට සිදු නොවීමත් ආදී වශයෙන් විවිධ පැතිකඩ ඔස්සේ මෙම අවදානම් තත්ත්වය දැකිය හැකිය. එබැවින් භාණ්ඩ වෙළෙඳපොළ ආයෝජන නිසඟ වශයෙන් ඉහළ අවදානමකින් යුක්ත ආයෝජන ලෙස සැලකිය හැකිය.
 
nim25 1 5. ද්‍රවශීලතාවය (Liquidity)
 
 ලැයිස්තුගත සමාගම්වල නිකුත් කරන ලද කොටස් මත නිරායාසයෙන්ම ඉහළ ද්‍රවශීලතාවයක් දැකිය හැකිය. මන්දයත් එසේ මූලික නිකුතුව මඟින් වෙළෙඳපොළට පැමිණෙන කොටස් පසුව ද්විතීයික වෙළෙඳපොළ තුළ දිනපතා ගනුදෙනු වන බැවිනි. නමුත් සාපේක්ෂව බලන කල භාණ්ඩ වෙළෙඳපොළ තුළ මෙවැනි ද්‍රවශීලතා තත්ත්වයක් දැකිය නොහැකි අතර ඇතැම්විට යම් මට්ටමක සාධනීය තත්ත්වයක් තිබුණ ද මූල්‍ය වෙළෙඳපොළ අනෙකුත් උපකරණ හෝ ප‍්‍රාග්ධන වෙළෙඳපොළ අනෙකුත් උපකරණ මෙන් ඉහළ ද්‍රවශීලතා තත්ත්වයක් භාණ්ඩ වෙළෙඳපොළ තුළ දැකිය නොහැකිය.
 
 6. කල් ඉකුත්වීම (Expiry)
 
 කොටස් හිමිකම් මත කරනු ලබන ආයෝජන සඳහා කාලය යන්න වැදගත් වනුයේ රඳවා තබා ගැනීමේ පිරිවැය (Holding Cost) යන සාධකය වේ. එනම් ආයෝජකයකුට ස්වකීය ආයෝජන කොටස් හිමිකම් මත කෙටිකාලීන හෝ දිගුකාලීන වශයෙන් ප‍්‍රතිලාභ ලබා ගනු වස් ඕනෑම කාල පරිච්ෙඡ්දයක් සඳහා ස්වකීය ආයෝජන පවත්වා ගත හැකිය. නමුත් භාණ්ඩ වෙළෙඳපොළ මත සිදු කරන ආයෝජන සඳහා කල් ඉකුත්වීම යන්න ප‍්‍රධාන තීරක සාධකයක් ලෙස පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම කෘෂිකාර්මික භාණ්ඩ මෙන්ම ඇතැම් රසායනික භාණ්ඩ සඳහා මෙම කල් ඉකුත් වීම යන්න මූලික අවදානම් සහගත සාධකයක් ලෙස දැක්විය හැකිය. එසේම නිසඟ වශයෙන්ම බොහෝ භාණ්ඩ වෙළෙඳපොළ ගිවිසුම් ඉතාමත් කෙටි කාලයක් සඳහා (දින 30 ක්* බොහෝවිට දැකිය හැකි අතර ඇතැම්විට දින කීපයක් සඳහා ද මෙවැනි භාණ්ඩ ගිව්සුම් මත ආයෝජන සඳහා පෙළඹීම දැකිය හැකිය.
 
 7. හිමිකාරත්වය සහ ලාභාංශ
 
 කොටස් හිමිකම් මත ආයෝජනය කිරීමේ දී ආයෝජකයාට ස්වකීය කොටස් හිමිකමේ ප‍්‍රමාණය මත එම ලැයිස්තුගත සමාගමේ හිමිකාරත්වය හෙවත් අයිතියක් ලැබෙනු දක්නට හැකිය. එහි විශේෂ වරප‍්‍රසායක් ලෙස ඔහුට ස්වකීය හිමිකාරත්වය දරණ ආයතනයේ ඡුන්ද විමසීම් වලට පවා අවස්ථාව සැලසෙන අතර එවැනි සමාගම්වල වාර්ෂික මහ සභා රැුස්වීමට පවා සහභාගී වීමට අවස්ථාව සැලසේ. එමෙන්ම ස්වකීය හිමිකාරත්වය මත එම ලැයිස්තුගත සමාගම් උපයන ලාභයෙන් කොටසක් ලාභාංශ ලෙස ලැබීමට තරම් එම හිමිකාරත්වය සමත්වනු බව පෙනී යයි.
 
 එසේ වුවද භාණ්ඩ වෙළෙඳපොළ මත කරනු ලබන ආයෝජන සඳහා කිසිදු ආකාරයේ හිමිකාරත්වයක් දක්නට නොලැබෙන අතර එහිදී අනාගත වරණය පමණක් හිමිවනු දැකිය හැකිය. එසේ හෙයින් ලාභාංශ හෝ එවැනි අයිතිය මත ලැබෙන දීමනා ආදියට ද කිසිදු හිමිකාරත්වයක් භාණ්ඩ වෙළෙඳපොළ ආයෝජකයින්ට ලැබෙනු දක්නට නොලැබේ.
 
 8. නියාමනයන් (Regulations)
 
 කොටස් හිමිකම් සහිත ද්විතීයික වෙළෙඳපොළ හෙවත් කොටස් වෙළෙඳපොළ කටයුතු කිසියම් ආකාරයක නියාමනය කිරීමක් දැකිය හැකි අතර ලෝකයේ විවිධ රටවල්වල මෙම කටයුතු සඳහා අවම වශයෙන් නිශ්චිත වූත් එක් ආයතනයක් හෝ තිබීම දැකිය හැකිය. නිදසුන් ලෙස ශ‍්‍රී ලංකාවේ මෙම කටයුත්ත සඳහා ශ‍්‍රී ලංකා සුරැුකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පෙන්වා දිය හැකිය. එසේම භාණ්ඩ වෙළෙඳපොළ තුළ ද මෙවැනිම වූ ආකාරයේ නියාමනය කිරීම් දැකිය හැකි අතර විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ කොටස් වෙළෙඳපොළ නියාමනය හෝ අනෙකුත් මූල්‍ය ආයෝජන නියාමනයන්ට වඩා ඉතාමත් දැඩි නියාමනය කිරීමක් භාණ්ඩ වෙළෙඳපොළ තුළ දැකිය හැකි වීමයි. මන්දයත් භාණ්ඩ වෙළෙඳපොළ යනු ලෝකයේ කුමන රටක වුවද පැවැත්ම සඳහා වඩාත් සංවේදී වූ වෙළෙඳපොළක් වන බැවිනි.
 
 9. විචලනය (Volatility)
 
 කොටස් හිමිකම් වෙළෙඳපොළ, මූල්‍ය වෙළෙඳපොළ සහ භාණ්ඩ වෙළෙඳපොළට සාපේක්ෂව සලකා බැලීමේ දී අවම උච්ඡුාවචනයන් සහිත වෙළෙඳපොළක් වන අතර මූල්‍ය වෙළෙඳපොළටත් වඩා දැඩි උච්ඡුාවචනයක් දැකිය හැකි වන්නේ භාණ්ඩ වෙළෙඳපොළ තුළය. මෙවැනි උච්ඡුාවචනයක් භාණ්ඩ වෙළෙඳපොළ තුළ පැවතීම ඇතැම්විට ඉහළ ප‍්‍රතිලාභ ලැබීමට ද අවස්ථාවක් වනු දැකිය හැකිය.
 
 ඉහත සඳහන් කළ විවිධ වෙනස්කම්වලින් සමන්විත ද්විතීයික කොටස් වෙළෙඳපොළ සහ භාණ්ඩ වෙළෙඳපොළ යන දෙයාකාරයේ අවස්ථාවන් තුළින් කුමන වෙළෙඳපොළ තුළ කුමන ආකාරයේ ප‍්‍රමාණයක් මුදල් ආයෝජනය කරන්නේ ද යන්න ආයෝජකයා ගත යුතු තීරණයක් වන අතර එවැනි ආයෝජන කළඹක් ගොඩනැගීම සඳහා ස්වකීය දැනුම මෙන්ම විවිධාකාරයේ අවසරලත් උපදේශකවරුන්ගේ සහය ද ලබා ගත හැකිය. කෙසේ වුවද අවසානයේ අවදානම සහ ප‍්‍රතිලාභ යන දෙවර්ගයම අපේක්ෂා කළ යුත්තේ ආයෝජකයා වන බැවින් මනා අවධානයකින් සහ අධ්‍යයනයකින් යුතුව වෙළෙඳපොළ ආයෝජනය සඳහා යොමු වීම ඉතාමත් කාලෝචිත මෙන්ම නුවණක්කාරී ක‍්‍රියාවකි.

nim25 2

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles