Divaina - ෆෙස්බුක් ගිය වැඳිරිය.... ආදර්ශය : ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන වැඳිරියෝ දරු පවුල් අත්හැර ෆෙස්බුක් රිළවුන් සමඟ පැනයති...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

nim22 2බහු ජාතික සමාගමක ප‍්‍රධාන විධායක නිලධාරියෙකු සහ ඔහුගේ ලේකම්වරිය අතර අසම්මත පේ‍්‍රම සම්බන්ධතාවයක් පැවතුණා. ප‍්‍රධාන විධායක නිලධාරියා දෙදරු පියෙකු වූ අතර ලේකම්වරිය තිදරු මවක් !. මේ දෙදෙනා රිසිසේ පෙම් සුව විඳිනු වස් දවසක් එක්තරා මහා වනාන්තරයකට ලව් ටුවර් එකක් ගියා. මොවුන් දෙදෙනා වනාන්තරයක් මැද වූ ගල් තලාවක් මත වාඩිවී පෙම් බස් දොඩමින් නිදහසේ සැරිසරන ගිරවුන් මොනරුන් ආදී පක්ෂීන් ද සාවුන් මුවන් ගෝනුන් වැනි සතුන් ද නරඹමින් පෙරාගෙන පෙම් කරන අයුරු ගස් දෙබලකට වී බලවත් අප‍්‍රසන්නතාවයකින් බලා සිටි වඳුරෙකු මෙහෙම සිතන්නට වුණා.
 
 
‘‘ මුන් දෙන්නා මනුසත්තු. අපි කැලේ ඉන්න හින්දා වල්සත්තු. මං අහන්නේ අපි වල්සත්තු වුණේ කොහොමද? මොකක්ද අපි කරන වල්කම!. මුං නේ වල්සත්තු !!”
 
 තවදුරටත් මේ නිල් චිත‍්‍රපටය බලා සිටිය නොහැකි වූ වඳුරු තෙමේ ජුගුප්සාජනක සිතුවිලි ගොන්නක් හිතේ පුරවාගෙන වෙනත් ගසකට මාරු වී ඉවත බලා ගත්තා. වැඩි වෙලාවක් ගියේ නෑ, වන අභ්‍යන්තරයෙන් හෙණ හඬක් මෙන් වූ හස්තිරාජයෙකුගේ කුංචනාදයක් ඇසෙන්නට වුණා. ඒ සමගම ඝණව වැඞී තිබුණ පඳුරක් අතරින් වය්‍යාග‍්‍රයෙකුගේ බිහිසුණු ගෙරවුම් හඬක් ද ඇසුණා. පෙම් කෙලිමින් සිටි ජෝඩුව තමන්ගේ නිත්‍යානුකූල බිරින්දෑ හා සැමියා පැමිණ ඇති කළෙක මෙන් භ‍්‍රාන්තව වෙව්ලන්නට ගත්තා. කරමින් කියමින් සිටි දෑත් උන්හිටි තැනුත් අමතක වුණ ජෝඩුව ක්ෂණයකින් වනාන්තරයෙන් චුත වුණා. ගෙන ආ බඩුමුට්ටු කෑම බීම ද අමතකව අතුරුදහන් වූ ජෝඩුව සිටි තැනට මද වේලාවකින් සියල්ල බලා සිටි වඳුරා පැමිනුණා ! අමුතු අමුතු රස කෑම.... අමෘතේ වගේ රස බීම! දමා ගොස් තිබූ සියලූ රස කෑම වඳුරා දෙපාරට ඇරලා දැම්මා !
 
 ‘‘ෂෙහ් ! සුමානෙකට ඇති. මාර ඩයට් එකක් !”
 
 වඳුරා තිබුණ කෑම ඔක්කොම කාලා තවත් පහුරු ගාලා
 
 බැලූවා !
 
 ‘‘ අඬේ අප්පා... මොකක්ද මේ භාණ්ඬේ” කොහොම වුණත් කලින් දවසක දැලි පිහියක් අතට හම්බ වෙලා වැඩ අනාගත්තු එක මතකයේ තිබුණ හින්දා මේ භාණ්ඬේ අතට ගන්නත් වඳුරා මුලින් ටිකක් හොර වුණා.
 
 ‘‘ හෙහ්....හෙහ්....හේ ..... නියම ෆෝන් එකක්නේ.....‘‘කලබලයට හා බයට පත් වුණ ලව් සික් ඩබලට අමතක වී ගිය ෆෝන් එක වඳුරා බොහොම ආසාවෙන් අතට ගත්තා. එහෙන් මෙහෙන් ඔබලා ඇඟිලි ගහනකොට ආපි මෙන්න පින්තූර !
 
 යූ ටියුබ්.... ෆෙස්බුක්.....ඉමෝ.... ඉන්ටර්නෙට්..... අරව ද.... මෙව්ව ද.... නියම ගැජට් වැඩ කෑලිනේ....
 
 අප්..අප්.. අප්පා.... මේකෙ තියෙන ජාති.... රස කතා... විනෝද කතා..... මොනවද නැත්තේ! දැනුම, ප‍්‍රවෘත්ති විස්තර... කටකතා.... හැබැයි ! මේක අරන් රැහැට යන එකනම් ඬේන්ජර්.... බැරි වෙලාවත් පොඩි එකෙකුගේ අතට අහු වුණොත් එක දවසින් ඌ මහ එකෙක් බවට පත්වෙනවා! කෝකටත් පරිස්සමින් මේ ස්මාර්ට් භාණ්ඬේ පරිහරණය කරන්න වෙනවා !
 
p23 3 කොහොම හරි වඳුරා මේක එහෙන් මෙහෙන් ඇඟිල්ලෙන් අතුල්ල අතුල්ලා බලන එක වයිෆ් වන” මේරේ මන්කී ජමුණා ගේ” මීටරේට අහුවුණා.
 
 ‘‘මොකක් ද ඔය” ඇය ඇහුවා !
 
 ‘‘මේක රජ භාණ්ඩයක්”
 
 ‘‘ රජ භාණ්ඩයක් කිව්වේ”
 
 ‘‘ ස්මාර්ට් ෆෝන් එකක් ඕය !”
 
 ‘‘ අනේ දෙනවකෝ මෙයා බලන්ඩ !”
 
 වැඳිරිය නොහොත් මේරේ මන්කී ජමුණා ස්මාර්ට් ෆෝන් එක අතට අරන් එහෙට මෙහෙට ඇඟිල්ලෙන් තල්ලූ කළා.
 
 ‘‘ ඇත්ත නේන්නම් මේකේ නැත්තේ මොනවද?” ෂෙහ් ! ෆෙස්බුක් කියන එකේ මාර සීන්නේ තියෙන්නේ... වැඳිරියට හරිම ජොලි” වැඬේ ටිකක් දුරදිග යන පාටයි වගේ ! යමකට ගෑනියෙකුගේ හිත යනවා කියන්නේ.... වහ කෑවා වගේ තමා..... ලේසියෙන් ඒකෙන් ගලවා ගන්න හම්බ වෙන්නෙ නෑ.....
 
 දැන් ගෙදරින් එළියට යනවිට වඳුරා ෆෝන් එක වයිෆ්ටයි පොඩි එවුන්ටයි අහුවෙයි කියලා හංගලා යන්නේ ! කොහේ හැංගුවත් වඳුරා එළියට බැස්ස ගමන් වැඳිරිය කොහොමහරි ඒක හොයා ගන්නවා.‘‘ඊට පස්සේ ඉතින් ෆෙස්බුක් යනවා... යූ ටියුබ් බලනවා... චැට් කරනවා... ලයික්ස් දානවා... ෂෙයාර් කරනවා.... මැසේජ් කරනවා.... තරුණ වඳුරන් එක්ක මල් කඩනවා.... වැඩ ගොඩා .....යි ! දැන් මෙයාට ෆෙස්බුක් යාළුවෝ ගමකට ! කොහොම හරි වඳුරු පැටව් තුන් දෙනාත් අම්මටයි තාත්තටයි හොරෙන් ෆෝන් එක උස්සනවා ! උන් අම්මට එහා ගිය මූණු පොත් කාරයෝ !
 
 මේ විදියට මාසයක් විතර ගෙවිලා ගියා. වැඳිරිය නොහොත් මේරේ මන්කී ජමුණාට ෆෙස්බුක් සාද ! සතුටු සාමිචි ! අඩුම ගණනේ සුමානෙකට එකක්වත් තියෙනවා !
 
 මෙහෙම කාලය ගෙවෙද්දී උන්හිටි හැටියේම වඳුරාගේ ඇඹණිය වූ මේරේ මන්කී ජමුණා දරු පැටව් තුන් දෙනාත් ගෙදර දමා අතුරුදහන් වුණා. වඳුරා දන්න සෙල්ලම් දමා මේ අතුරුදහන් වූ බිරිය මුළු වනාන්තරය පූරාම හෙව්වා. ඒත් හමුවුනේ නෑ. අන්තිමේදී මොකක් හරි අකරතැබ්බයක් වෙන්නට ඇති යැයි හිත හදාගෙන වඳුරා තනියම දරු පැටව් තුන් දෙනා රැුක බලා ගත්තා.
 
 ටික දවසක් යනකොට ආරංචි වුණා මේරී මන්කී ජමුණා නොහොත් වැඳිරිය ෆෙස්බුක් එකෙන් යාළු කරගත් රිළා නාම්බෙක් සමඟ දීග කන බව!!
 
 ආදර්ශය : ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන වැඳිරියෝ දරු පවුල් අත්හැර ෆෙස්බුක් රිළවුන් සමඟ පැනයති...

 

sd29 56

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles