Divaina - විශ්ව ශක්ති ප‍්‍රතිකාරවල ඉහළින්ම සිටින රේකී

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

na8 2වසර විසි පහක් පමණ තිස්සේ ජ්‍යෝතිෂ්‍යවේදියකු ලෙසත් ආධ්‍යාත්ම විද්‍යා පර්යේෂකයකු ලෙසත් කටයුතු කරන බත්තරමුල්ලේ කේ.ඒ.යූ. සරත්චන්ද්‍ර මහතා ඕරාව ගැන පර්යේෂණවල නිරත වන කෙනෙකි. මේ පිළිබඳව ඔහු දරන මතවාද සහ ඔහුගේ පර්යේෂණවලදී ඔහු ලැබූ විචිත‍්‍ර අත්දැකීම් පිළිබඳව  මේ ලිපි පෙළ මගින් සාකච්ඡුා කරනු ලැබේ.
 
 රේකී යනු ජපන් වචනයකි. රේ යනු විශ්ව යන්න වන අතර කී යනු ශක්තිය යන්නයි, එබැවින් මෙහි තේරුම විශ්ව ශක්තිය යන්නයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ විශ්වශක්තිය භාවිතා කරමින් කරන ස්වාභාවික ප‍්‍රතිකාරයකි.
 
 1920 කාලයේ ජපානයේ ජීවත් වූ මිකායෝ උෂුයි නම් බෞද්ධයෙක් මෙහි නිර්මාතෘවරයා වේ. එතැන් සිට මෙය ගුරුකුලයක් ලෙස ලොව අඛණ්ඩව පවතී. උෂුයි ගෙන් පසුව හයාෂි ගුරුතුමා හා ටකාටා ගුරුතුමිය මේ රේකී ක‍්‍රමය ලොවපුරා පතුරන්නට ක‍්‍රියා කළ අය වූහ. දැනට ඇමරිකාව. කැනඩාව, මහාබි‍්‍රතාන්‍ය, ඔස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල් රාශියක රේකී ප‍්‍රතිකාර ක‍්‍රමවේදය ව්‍යාප්තව පවතී. මම ද ඒ ගුරුකුලයේ සාමාජිකයෙකි.
 
 රේකී ඉගෙනගත් පමණින් කෙනෙකුට කළ නොහැක. ඒ සඳහා ප‍්‍රතිපත්ති මාලාවක් මෙන්ම ආධ්‍යාත්මික ශක්තියක් ද ප‍්‍රගුණ කළ යුතුය. එසේම රේකී අභ්‍යාස මෙන්ම භාවනා ක‍්‍රම ද ඇත. රේකී මාස්ටර් යනු රේකී ප‍්‍රගුණ කළ අයකුට ලැබෙන නිල නාමයයි. මේ සඳහා රේකී හදාරා ප‍්‍රගුණ කර අදාල පරීක්ෂණයකට ද සහභාගි විය යුතුය. එය කරනු ලබන්නේ අදාළ රේකී පෙලපතට අයත් රේකී ග‍්‍රෑන්ඞ්මාස්ටර් කෙනෙක් විසිනි. එසේ සහතිකලත් අයෙකු රේකී මාස්ටර් ලෙස රේකී ප‍්‍රතිකාර කිරීමට සුදුස්සකු වෙයි. එබැවින් රේකී ප‍්‍රතිකාර ගැනීමට යෑමේදී අදාළ ක‍්‍රමවේදයට අනුව සහතිකලත් අයෙක් ද යන්න සොයාබැලිය යුතුය.
 
 කලින් සඳහන් කළ පරිදි රේකීවල මූලිකත්වය ලැබෙන්නෙ හස්තමුද්‍රාවලටයි. මෙහිදි රේකී සංකේත භාවිතා කෙරේ. එසේම ශරීරයේ ප‍්‍රධාන චක‍්‍ර ශක්තිය ලබාදීමට භාවිතා කෙරේ. ශරීරය ස්පර්ශ කරන හා ස්පර්ශ නොකරන ක‍්‍රම දෙකක් මෙහිදී භාවිතාවේ. එසේම රේකී දුරස්ථ ක‍්‍රමය ද ඉතාමත් සාර්ථක ක‍්‍රමයකි. තමා ළඟ නොසිටින ලොව ඕනෑම තැනක සිටින කෙනෙකුට වුවත් රේකී යැවිය හැක. එසේම රේකීවලින් සමූහ ප‍්‍රතිකාර කළ හැක. එක් එක් අයෙකුට ප‍්‍රතිකාර කරනවා වෙනුවට සාමූහිකව රැුස්වී සිටින පිරිසකට එකවර ප‍්‍රතිකාර කළ හැක. රේකීවල අනෙක් විශේෂත්වය නම් අතීත වර්තමාන අනාගත කාලත‍්‍රයටම පිළියම් යෙදිය හැකිවීමයි, උදාහරණයක් වශයෙන් අතීතයේ සිදු වූ අමිහිරි අත්දැකීමක් නිසා මානසික කම්පනයට පත්වූ අයෙකුට අදාළ කාලය දක්වා රැුගෙන ගොස් ප‍්‍රතිකාර කළ හැක. එසේම ඕනෑම කෙනෙකුට රේකී යැවීම ද කළ හැක. මෙය හොඳට හා නපුරට දෙකටම භාවිතා කළ හැක.
 
 අනෙක් විශ්වශක්ති ප‍්‍රතිකාර මෙන්ම රේකී යනු බටහිර ඇලපති, හෝමියෝපති හෝ පෙරදිග ආයුර්වේද මෙන් ප‍්‍රතිකාර සොයාගෙන පිළියම් කරන ආදේශක ක‍්‍රමයක් නොවේ. ්කඑැරබ්එසඩැ හෙවත් විකල්ප ප‍්‍රතිකාරයකි. එබැවින් රේකීවලදී ප‍්‍රධාන ක‍්‍රම අත්හැර රේකී කරන්න කියා කියන්නේ නැත. ඒ වෛද්‍ය උපදේශන කරන ගමන් ඒවාට අමතරව කළ යුතු විකල්ප ක‍්‍රමයකි. එබැවින් රේකී ප‍්‍රතිකාරය අනෙකුත් වෙදකම් ප‍්‍රතික්ෂේප නොකරයි. මෙතෙක් ලොව බිහි වූ සියලූම වෙදකම් සියලූම රෝගයන්ට ප‍්‍රතිකාර කළ හැකි ක‍්‍රමවේද නොවේ. එසේම රේකී ප‍්‍රතිකාර ද ලොව ඇති සියලූම රෝගවලට පිලියම් කළ නොහැක.
 
 නමුත් රේකීවල වෙනත් වෙදකම්වලට වඩා සුවිශේෂී දෙයක් ඇත, එනම් මින් භෞතිකව පමණක් පිලියම් නොයෙදෙන අතර කායික, මානසික, ආධ්‍යාත්මික හා චිත්තවේග යන සිවුවැදෑරුම් ක‍්‍රමවලටම ප‍්‍රතිකාර කෙරේ. ඒ නිසා මෙය තුළින් වෙනත් භෞතික ප‍්‍රතිකාරයන්ට වඩා සුවපත්වීමේ හැකියාව ඇත. සමහර රෝග කායිකව පෙන්නුම් කළත් ඒවායේ මානසික පැත්තක් ඇත. සමහර රෝග කායිකව ලක්ෂණ පෙන්නුම් කළත් ඒවායේ චිත්තවේද ස්වභාවයන් ඇත. අමනුෂ්‍ය රෝග වැනි ඒවාට ආත්ම සම්බන්ධයක් ඇත. ඒනිසා රේකිවල මේ සියලූම පැතිවලට බලපාන අයුරින් පිලියම් කෙරේ.
 
p28 5 ඉතිරි කොටස
 ලබන සතියේ...
 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles