Divaina - මාරාන්තික පිළිකාව සුව කරන දේශීය ඔසු

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

weda8 2මිනිස් සිරුර ගොඩනැගී ඇත්තේ ෙසෙල රැසක එකතුවෙනි. මෙම ෙසෙලයේ මූලික කොටස වන න්‍යෂ්ටියේ ඞීඑන්ඒ අනුවේ භෂ්ම අනුපිළිවෙළ නිවැරැුදි ලෙස සකස් නොවී එහි අනුපිටපතක් සකස් වීම සිදු වුවහොත් එම ෙසෙලය විකෘති තත්ත්වයට පත්වීම සිදු වෙනවා. එම විකසන වූ ෙසෙලය පිළිකාවක් ලෙස හැඳින්විය හැකියි. මෙම විකසන වූ ෙසෙල සිරුර පුරාම ඇතිවිය හැකි අතර ඒ අනුව පිළිකා විවිධ ආකාරයෙන් සිරුර පුරාම ඇතිවිය හැකියි.
 
 වස විෂ ආහාර වර්ග ගැනීම තුළින් සිරුරේ ලේ ධාතුව දූෂණය වීම සිදුවන අතර එම විෂ ලේ නිසා විකෘති ෙසෙල වර්ධනය වීම සිදුවීමෙන් මෙම පිළිකා රෝගය ඇතිවීම සිදුවෙනවා.
 
 මාරාන්තික රෝගයක් වන මෙම පිළිකාව වැලඳුණු බොහෝ පිරිසක් දිනපතාම අප කරා පැමිණෙන අතර ඒ සියලූ දෙනාම සුවපත් කිරීම අපගේ ප‍්‍රතිකාර ක‍්‍රම තුළින් සිදුකරනවා.
 
 හෙළ වෙදකමට අනුව පිළිකා වර්ග 4848 ක් හඳුනාගෙන තිබෙනවා. මෙම රෝග අතුරෙන් බහුල ප‍්‍රමාණයක් නිට්ටාවටම සුව කිරීමට හැකියාව තිබෙන අතර ස්වල්ප ප‍්‍රමාණයක් සුව කිරීමට නොහැකි බවද කිව යුතුයි. එම පිළිකා කර්මගත රෝග ලෙස හැඳින්විය හැකියි.
 
 මෙම රෝගය සුව කිරීම සඳහා අප භාවිතා කරන ප‍්‍රධාන වෙදකම වන්නේ රස වෙදකමයි. මෙම රස වෙදකම අප පරම්පරාවෙන් පැවතෙන විශේෂ වෙදකම් ක‍්‍රමයක් නිසා අප ඒ තුළින් මෙය පිළිකා රෝගීන් විස්මිත ලෙස සුව කිරීම සිදු කරනවා.
 
 අප පළමුව කළ යුත්තේ මෙවැනි රෝග ඇතිවීම වළක්වා ගැනීමට පියවර ගැනීමයි. ඒ සඳහා කුළුබඩු වර්ග යෙදූ ආහාර දිනපතා ගැනීම කළ හැකියි.
 
 පිළිකා වැනි රෝග ඇතිවීම වළක්වා ගැනීමට සහ ඒවා ඉක්මනින් සුවපත් කර ගැනීමට දිනපතා ගත හැකි ආහාර වර්ගයක් ලෙස මඤ්ඤොක්කා ග‍්‍රෑම් 50 ක් පමණ ප‍්‍රමාණයක් ගෙන හොඳින් කොටා එය පිරිසිදු ජලය කෝප්පක රාති‍්‍රයට දමා තබන්න. එසේ තැබූ මඤ්ඤොක්කා පිටි සහිත ජලය උදෑසනට හිස්බඩ පානයට දිනපතා හුරුවීමෙන් පිළිකා ඇතුළු රෝග රැුසක් ඇතිවීම වළක්වා ගත හැකියි. එසේම මතුව ඇති පිළිකා ඇතුළු රෝග රැුසක් ඉක්මනින් සුවපත් කරගත හැකියි.
 
 සුදු ලූනු බිකක් සහ උළුහාල් ටිකක් වතුර කෝප්පයකට දමා රාති‍්‍ර කාලයේ තබා උදෑසනට හිස්බඩ පානය කිරීමත් පිළිකා රෝග පාලනයට ගුණදායකයි. ඉඟිනි ඇට පිටි ටිකක් රාති‍්‍රයට වතුර කෝප්පයක දමා තබා උදෑසනට හිස්බඩ පානය කිරීමත් පිළිකා ඇතිවීම පාලනයට ගුණදායකයි. එසේම උදෑසනට කොළ කැඳ වර්ගක් පානයට හුරුවීමත් ඉතා හොඳයි. ඇතැම් කොළ කැඳ වර්ග සිරුරේ මතුව ඇති පිළිකාව අනුව පානය කිරීම මගින් එම පිළිකා සුවපත් කරගත හැකි බව අපගේ හෙළ වෙදකමට අනුව හඳුනාගෙන තිබෙනවා.
 
 උදාහරණයක් ලෙස පෙනහැල්ල ආශි‍්‍රත පිළිකා ඇති අයට කුප්පමේනියා, යකිනාරං, ගොටුකොළ, මොණරකුඩුම්බිය, එළබටු දළු, මුකුණුවැන්න ආදිය මිශ‍්‍රකර සකස්කර ගත් කැඳ වර්ගයක් පානය ගුණදායකයි. අක්මාව, අග්න්‍යාසය, පිත්තාශය ආශි‍්‍රතව හටගෙන ඇති පිළිකා සුවය සඳහා මොණරකුඩුම්බිය කැඳ ඇඹරැුල්ලා පොතු කැඳ, හීන් බෝවිටියා කැඳ, යකිනාරං කැඳ ආදිය ඉතා ගුණදායකයි. මුත‍්‍රා පද්ධතිය ආශි‍්‍රත පිළිකා සඳහා බෙහෙත් සාරණ කැඳ, පොල්පලා කැඳ, නීරමුල්ලිය කැඳ පානය කළ හැකියි. බඩවැල් ආශි‍්‍රත පිළිකා ඇති අයට සුදුවෙල්ලන් ගිරිය කොළ කැඳ, කටුපිල කොළ කැඳ ආදිය පානය ගුණදායකයි. ගුද මාර්ගය ආශි‍්‍රතව පිළිකා ඇති අයට කොහිල අල සහ කොහිල දළු කැඳ පානය කළ හැකියි.
 
 ලබන සතියේ තව කොටසක්

weda8 1

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles