Divaina - ග්ලූකොමාවට සතියෙන් ගුණදෙන අපූරු වෙදකම

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

weda3 3ප‍්‍රශ්නය - කෙනකුට තිබෙන වටිනාම දෙය තමයි ඇස් දෙක. මෙය සුරක්‍ෂිත කර ගැනීම ඉතා වැදගත්. අප දන්නවා ග්ලූකෝමා රෝගය මගින් ඇස් දෙක විනාශ වෙනවා. මොකද්ද මේ ග්ලූකොමාව කියන්නේ?
 
 වෛi බන්දු ලන්දෙගෙදර - ග්ලූකොමාවේ භයානකම ස්වරූපය තමයි රෝගය යම් ප‍්‍රමාණයකට වර්ධනය වනතුරු ඒ ගැන දැන ගැනීමට බැරි වීම. කෙනෙකුගේ ඇස් පෙනීම ක‍්‍රමයෙන් අඩුවීගෙන යන විට ඒ බව හරි හැටි තේරුම් ගන්නට බැහැ. ග්ලූකොමාවේදී ප‍්‍රධාන වශයෙන් සිදුවන්නේ ඇසේ දෘශ්‍ය ස්නායුව :ධචඑසජ බැරඩැ) විනාශයට පත්වීමයි.
 
 මෙහි මූලික ලක්‍ෂණය තමයි දෘශ්‍ය ස්නායුව මතුපිට ප‍්‍රදේශවල ආලෝකය ගමන් නොකරන, එනම් තවදුරටත් දෘෂ්ටිය නැතිවන තැන් හට ගැනීම. මේවා ක‍්‍රමයෙන් වැඩිවෙනවා. ඒ එක්කම පැහැදිලි ලෙස නොපෙනී තමා ඉදිරිපිට තිබෙන රූප බොඳවන සෙයක් ඇතිවීම, ඇස් දෙක මහත් සේ වේදනා ගෙනදීම, හිසේ කැක්කුම, ඔක්කාරය සහ වමනය යන තත්ත්වයන් හටගන්නවා.
 
 ප‍්‍රශ්නය - මේ රෝගය හටගන්නේ ඇයි?
 
 වෛi බන්දු ලන්දෙගෙදර - මහලූ විය, අක්‍ෂිවල හට ගන්නා ව්‍යාධි තත්ත්වයට, දියවැඩියාව, දුම් පානය, මද්‍යසාර පානය කිරීම, සූර්ය රශ්මියේ අඩංගුව ඇති පාර ජම්බුල කිරණ ඇසට බහුල ලෙස යාම යන කාරණා නිසා මෙය හටගන්නවා.
 
 ප‍්‍රශ්නය - මෙය සුව කළ හැකිද?
 
 වෛi බන්දු ලන්දේගෙදර - නවීන විiාව මගින් නිර්වචනය කරන පරිදි මෙය මුලදී හඳුනා ගත්තොත් මිස සුව කරන්නට බැහැ. එහෙත් ග්ලූකොමාව සුවකළ හැකි පාරම්පරික රහස් බෙහෙතක් අප සතුව තිබෙනවා. මේ ඖෂධය නිපදවන්නේ ගස් වර්ග 12 කින් ලබාගන්නා කොටස් වලින්. ඒවා ගෙන එන්නේ සිංහරාජ වනාන්තරයෙන්. එය සම්පූර්ණයෙන්ම කෙම් ක‍්‍රමයක් මත පදනම් වූ ප‍්‍රතිකාරයක්. ඖෂධ පැළ ලබාගැනීම සඳහා සිංහරාජයට ඇතුළු වූ තැන සිට ඖෂධය නිපදවන තැන දක්වා වෛiවරයා කතා කරන්නෙ නැහැ. මේ ඖෂධ බඳින්නේ කකුලේ මහපට ඇඟිල්ලටයි. එසේ බෙහෙත් බඳින විටත් වෛiවරයා හෝ
 
 රෝගියා කතා කරන්නෙ නැහැ.
 
 මේ බෙහෙත බොහොම බලගතු බෙහෙතක්, කුමන ඇස් රෝගයකට ප‍්‍රතිකාර කළ ද සතියක් වැනි කාලයකදි අනිවාර්යෙන් ගුණ තිබිය යුතුයි. පළමු සතිය තුළ රෝගියාට කිසිදු ගුණයක් නැතිනම් අපි ප‍්‍රතිකාර කරන්නේ නෑ.
 
 බෙහෙත් කරන කාලය තුළ කංකුං, මුගුණුවැන්න, අළුකෙසෙල්, රතුඅල, ඌරුමස්, හරක් මස්, මෝර, මඩු මාළු සහ වැව් මාළු වැනි ආහාර නොගත යුතුයි. මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි ද තහනම්. තවද මළ ගෙවල්, කොටහළු ගෙවල්, වැදුම් ගෙවල කිළි අහුවෙන්න බෑ. එවැනි දේවල් වුවහොත් නැවත ප‍්‍රතිකාර ආරම්භ කළ යුතුයි. ගෙදර සාමාන්‍ය කිළිවලින් ප‍්‍රශ්නයක් නෑ. ඇසේ ප්‍රෙෂර් තිබෙන අය කොස් සහ කොස් ඇට එහෙම වැඩිය කෑවොත් ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙන්න බලනවා. පොළොස් නම් ගොඩක් ගුණයි’.
 
 ප‍්‍රශ්නය - ග්ලූකෝමාව සුවපත් කිරීම සහ කෙම් ක‍්‍රමය අතර සම්බන්ධය කුමක්ද?
 
 වෛi බන්දු ලන්දෙගෙදර - ග්ලූකෝමාව කියන්නේ දෘෂ්‍ය ස්නායුවට සම්බන්ධ රෝගයක්. කෙම් ක‍්‍රමයක් හරහා කරන ප‍්‍රතිකාරවලින් දෘෂය ස්නායුව උද්දීපනය වීම සිදුවෙනවා. එමගින් රෝගය සුවපත් කළ හැකියි.
 
 ග්ලූකෝමාවට අමතරව මේ කෙම් ප‍්‍රතිකාරය මගින් කැරටිකෝනස්, මයෝපියා, පොත් පත් කියවීමේදී දෑසින් ක`දුළු ගැලීම, අකුරු බොඳවී පෙනීම, ඇස් ආශ‍්‍රීත වේදනාවන් හට ගැනීම, ඇස්පිල්ලන් පහතට වැටීම, ඇසේ වපර ඇතිවීම, ඇස්වල සිදුරු, ඇස්වල කොරපොතු, දෘෂ්ටි විතානය ගැලවීම, ඇස්වල මස්දලූ හටගැනීම සහ හිසේ කැක්කුම වැනි ආබාධ 100% ක්ම සුව කළ හැකියි.
 
 ප‍්‍රතිකාර ගන්නා විට ගත යුතු ආහාර ලබන සතියට

wedabandu


 
 
 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles