Divaina - සැප සම්පත් උතුරා ගිය ජීවිතයක අදුර රජ වූයේ ඇයි?

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

weda2 3- විස්මිත මෝහනප‍්‍රතිකාර37 වැනි කොටස

ලොව උපන් සෑම යුවතියක්ම කෙදිනක හෝ තමා හැදී වැඩුණු නිවෙසට සමු දී යා යුතුමය. ඒ ඇයගේ විවාහයත් සමයි. සෑම යුවතියකගේම ජීවිතයේ තීරණාත්මක දිනය ඇයගේ විවාහ දිනයයි. ඇය ඉන්පසු මුළු ජීවිත කාලයක් පුරා තම සැමියා සමඟ ජීවිතය බෙදා හදා ගත යුතුය. ඇයගේ ජීවිතයේ සියලූ තීන්දු තීරණ ස`දහා සැමියාගේ එක`ගතාවය ලබාගත යුතුය. එබැවින් විවාහ වූ දා පටන් යුවතියකගේ මුළු ලෝකයම ඇගේ සැමියා වටා ඉදිවෙයි.

ඒ නැවුම් ජීවිතය යුවතියකගේ ප‍්‍රාර්ථනාවයි. එබැවින් විවාහය යුවතියකට සතුටකි. එහෙත් තමා හැ¥ වැඩූ

මවුපියන්ගෙන් ගෙන් වෙන්ව උපන් දා සිට තම මතක පිරුණු කැදැල්ලෙන් සමුගෙන යාම යුවතියකගේ හදවතට කොතරම් වේදනාවක් දැයි දන්නේ එසේ තම කැදැල්ලෙන් නික්ම පති කුළයට පියන`ගනා යුවතියක්ම පමණි. සැබැවින් ම එය ඒ තරමට ම සංවේ දී වූ අත්‍යන්ත දුකකි.

උදේශිකාගේ නෙතෙහි තැවරී තිබුණේ ද ඒ අසීමිත දුක නිසාම දෑසට මෝදු වූ කඳුලක තෙතමනයයි. ඇගේ මේ සැරසෙන්නේ පතිකුලයට නික්ම යාමටයි. හදවත රිදුම්දෙන වේදනාව මැ`දින් ඇගේ සිතෙහි සැනසිලිදායක සතුටක් ද නොතිබුණා නොවේ. ඒ ඇයගේ සිත් ගත් පෙම්වතාම ඇයට විවාහවීමට ලැබුණු බැවිනි. එබැවින් ඇයට අදින් පසු එළඹෙනා අනාගතයට පිළිබ`ද කිසිදු බියක් නොතිබුණි.

පාසල් ගුරුවරුන් දෙදෙනකුගේ දියණියක වූ උදේශිකා අක්කලා දෙදෙනකුගේත් අයියලා තිදෙනකුගේත් සුරතලය වි`දිමින් හැදී වැඩුණු වාසනාවන්ත නැගණියක් විය. ඇයගේ වැඩිමහල් සහෝදර සහෝදරියන් සියලූ දෙනාම මේවන විට පිළිගත් වෘත්තීන්වල නියැලෙමින් සොදුරු විවාහ ජීවිත ගතකරමින් සිය දරු මල්ලන් ද සමඟ සතුටින් ජීවත්වෙමින් වූහ. එබැවින් උදේශිකා ද යහපත් යුග දිවියක් ගතකිරීමට පෙරුම් පුරමින් සිටියාය.

උදේශිකාට හසිත

මුණගැසෙන්නේ මුහුණු පොතෙනි. පළමුව මිතුරන් ලෙස කතාබහ කළ මේ දෙදෙනා, කල් ගතවන විට කිසිදා හැබෑ ලෙස නොදුටුවා වුවද හදවතින් එකිනෙකා හො`දින් හදුනාගෙන සිටියහ. එබැවින් ඔවුන් මුහුණු පොතෙන් ම පෙම්වතුන් වන්නේ ලොවට රහසිනි. ඒ වන විට උසස් පෙළ විභාගය ලියමින් සිටී උදේශිකා, අතිශය සුන්දර යුවතියක් වූවාය. කොතරම් පිරිමි ළමුන් ඇයගේ ආදරය පතා පැමිණිය ද ඇය ඒ කිසිවකුත් මායිම් නොකළාය. එසේ වුව ද ඇයට පෙම් සබඳතාවයක් ඇති බවට හෝඩුවාවක් හෝ ඇගේ මිතුරියන්ට පවා නොවීය. ගුරු මාපිය යුවලකගේ දරුවකු වූ බැවින් ඇය ඉතා විනීතව හැදී වැඞී ඇති බව සිතූ බොහෝ දෙනා ඇයට ප‍්‍රශංසා කළහ. එහෙත් ඇය රහසේ තම ෆේස් බුක් පෙම්වතා සමඟ පෙම් සබඳතාවය ගෙනගියහ.

උසස් පෙළ විභාගයෙන් සාමාන්‍ය අයුරින් සමත් වූ ඇයගේ ඉගෙනීම ඉන් අවසන් වූ බැවින් ඇයට සුදුසු සහකරුවකු සොයා මවුපියන් කපු මහත්වරුන්ට පණිවිඩ යවනා විට ඇය තම ෆේස් බුක් පෙම්වතා පිළිබඳ මවුපියන්ට පැවසීය. මේ පිළිබඳව සොයා බැලූ උදේශිකාගේ මවුපියන්, එබª සබඳතාවයක් පවතින්නේ නම්, ඔහුට නිවෙසට පැමිණෙන ලෙස දන්වන්න යැයි අවවාද කළහ. ඒවන විටත් හසිත විදේශගතව සිටී බැවින් උදේශිකාගේ දැනුම් දීමෙන් පසු ඔහු ලංකාවට පැමිණියහ. උදේශිකාගේ මවු පියන්

මුණගැසීමෙන් පසු හසිත විවාහය කඩිනම් කරගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බවක් ද පෙනුණි.

උදේශිකාගේත් හසිතගේත් පවුල්වල වත් පොහොසත් කම් සහ කුල පරම්පරා ආදිය හොදින් පෑහුණු බැවින් දෙපාර්ශ්වයේ ම මවුපියන්ගේ එකඟතාවයෙන් ඔවුන් යුග දිවි ගමන් ඇරඹූහ. විවාහයෙන් පසු විදේශ ගතවීමට අකැමැති වූ හසිතලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කළහ. ව්‍යාපාර කටයුතු ද දිනෙන් දින දියුණු වූ බැවින් දෙදෙනා සතුටින් ජීවත් විය.

ලබන සතියේ තව කොටසක්

weda2 5

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles