Divaina - ඩෙංගු උණට ප‍්‍රත්‍යක්‍ෂ කසායක්

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

weda2 2ඩෙංගු රෝගයෙහි ලක්‍ෂණ මොනවාගේද ?
 
 ඇත්තටම ඩෙංගු රෝගය බෝවෙන්නේ වෛරසයක් ම`ගින්. මාංශ පේශීවල සහ ඉන්ද්‍රියන් වල ඇතිවන ඉතා වේදනාකාරී තත්ත්වයන්, ක්‍ෂණිකව ඇතිවන ඉතා තදබල උණ, තදබල හිසේ කැක්කුම, මාංශ පේශිවල, හන්දිපත්වල රුදාව සහ සමෙහි ඇතිවන රතු පැහැති දීප්තිමත් කුඩා පැල්ලම් ඩෙංගු රෝගයෙහි ලක්‍ෂණ ලෙස ඇති විය හැකියි.
 
 වෛද්‍යතුමනි, සංකා විෂ කියන්නේ මොකක්ද?
 
 සංකා විෂ කියන්නේ කිසියම් පුද්ගලයෙකු ලෙඩ වූ විට මිනිසුන් විසින් ඇතිකරනු ලබන බියටයි. අද බොහෝ දෙනා දන්නවා ඩෙංගු මාරාන්තිකයි කියලා. එහිදී ඩෙංගු රෝගය වැළඳුණු පුද්ගලයෙකුට එකවරම ඔබට වැළඳී ඇත්තේ ඩෙංගු රෝගය යැයි පැවසීම තුළින් ඔහුගේ මනස තුළ ඇතිවන බිය, කම්පනය හා සාංකාව තුළින් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය පවා අහිමි වීමට පුළුවන්. නමුත් ඔහුගේ සිත සැනසෙන ආකාරයෙන් ඔබගේ රෝගය අපට සුවකළ හැකිය කියා රෝගියාට පවසා ආත්ම විශ්වාසය හා ධෛර්යය සිතට ලබාදීම තුළින් රෝගියා සුවපත් කළ හැකිය. අතීතයේ සිට මේ දක්වා සිදුකරන නූල් දැමීම්, දෙහි කැපීම් වැනි ශාන්තිකර්ම කළේ රෝගියාගේ සිත සුවපත් කිරීමටය.
 
 ඩෙංගු රක්තපාත තත්ත්වයකදී ප‍්‍රතිකාර කළ යුත්තේ කෙසේද?
 
 රක්තපාත තත්ත්වයට ආ රෝගියෙකුට ප‍්‍රතිකාර කිරීමට අපේ පරම්පරාවේ විශේෂ කසාය බෙහෙත්, ගුලි චූර්ණ වර්ග තියෙනවා.
 
 මෙම කසාය වලට අමතරව කැ`ද වර්ග ද පාවිච්චි කරනවා ගම්සූරිය කොළකැ`ද, කරපිංචා කොළ කැ`ද, හීනටි හාලේ කැ`ද බොන්නට සලස්වනවා. එවිට රෝගියාගේ ශරීරයෙන් විෂ කොටස් බැහැරවෙනවා. ඒ වගේම කසාය වර්ග තියෙනවා ශරීරයේ විෂ කොටස් බොහොම ඉක්මනින් ඉවත්කර ලේ ධාතුව පිරිසිදු කරන.
 
 බොහෝවිට මෙම විෂ කොටස් එකතු වන්නේ වකුගඩුවල. වැඩිපුර දියර ජාති ලබාදෙන්නේ එබැවිනි. අද කාලේ ඩෙංගු බහුලව හැදෙන්න හේතුව තමයි වතුර සහ කැ`ද ජාති බොන්නේ නැති කම නිසා ශරිරයේ ප‍්‍රතිශක්තිකරණයක් නෑ. ඉක්මනින් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා.
 
 ඉතින් ඩෙංගු රක්තපාත තත්ත්වයකදී මෙන්න මේ කසාය බොන්න පු`ථවන්නම් රෝගය ඉතාම ඉක්මනින් සුවකරගත හැකියි.
 
 අර`ථ, ගම්සූරිය පොතු, වැල් කහඹිලියා, නෙල්ලි, කරපිංචා පොතු, කරපිංචා කොළ, දිවුල් පොතු කල`දයි මංචාඩි 14 බැ`ගින් ගෙන පත අට එකට සි`දුවා සහි`ද ලූණු දමා උදේ සවස දෙවේලට වඩි 7ක් පමණ දෙන්න. මෙම කසාය බොන ගමන් අපේ විසින් සි`දින ලද මහ බලගතු විශේෂ තෙලක් තියෙනවා එයින් බිංදුවක් ද දිවට ගෙන උණුවතුර ස්වල්පයක් බොන්න. මේක ප‍්‍රත්‍යක්‍ෂම තෙලක් ආයේ ඩෙංගු හැදෙන්නෙම නෑ. ඩෙංගු රෝගියෙකුට දුන්නොත් අවශ්‍ය රුධිර පට්ටිකා ප‍්‍රමාණය ඉක්මනින් ම ඉහළට එනවා. මෙම තෙල් බින්දුවක් අපි සෑම කෙනෙකුටම නොමිලේ ලබාදෙනවා.
 
 ඩෙංගු රෝගයට පමණක්ද ප‍්‍රතිකාර කරන්නේ?
 
 නැහැ, මම සර්වාංග හා කැඩුම් බිඳුම් වලට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරයෙක්. මේ වන විට මම විශාල රෝගීන් පිරිසක් සුවපත් කර තිබෙනවා. මගේ බලාපොරොත්තුව නිරෝගී සමාජයක් බිහිකිරීමයි. මම සෑ¥ ඉසිවර තෙල වුවත් ඩෙංගු රෝගය උත්සන්නව පැවති කාලයේ පන්සල් වලට ගොස් නොමිලේ මිනිසුන්ට ලබාදුන්නා. එමඟින් ඩෙංගු
 
 රෝගීන් සුවපත් කරගැනීමට හැකියාව තිබූ අතර, අනික් අය ඩෙංගු රෝගයට ගොදුරු නොවී බේරා ගැනීමට හැකියාව ලැබුණා. දැන් වුවත් දුෂ්කර පළාත් වලින් ලැබෙන ඇමතුම් වලට පන්සල් මුල්කරගෙන මෙම තෙල බෙදා හැරීම තුළින් බොහෝ පිරිස රෝගයන්ගෙන් බේරා ගැනීමට මට හැකියාව ලැබී තිබෙනවා. අතීතයේත්, වර්තමානයේත් මදුරුවන් සිටියා. අනාගතයේත් ඉඳීවි. නමුත් මදුරුවන් විනාශ කිරීම තුළින් ඩෙංගු රෝගය නැතිකළ නොහැකියි. අප කළ යුත්තේ මිනිසුන්ගේ ප‍්‍රතිශක්තිකරණය වැඩි කිරීමයි. මා සෑම පොහෝ දිනකම
 
 රෝගීන් වෙනුවෙන් නොමිලයේ ප‍්‍රතිකාර ලබා දෙනවා. දැනුමින් හා ප‍්‍රතිශක්තියෙන් පිරිපුන් මිනිසුන් තුළින් නිරෝගිමත් සමාජයක් බිහිවේවා යි යන්න මාගේ පැතුමයි.
 
 ලබන සතියේ තව කොටසක්

wedaden1

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles