Divaina - අස්ථි පිළිකාව හදුනාගනිමු

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

weda1 3 ප‍්‍රශ්නය - පසුගිය සතියේදී අප අස්ථි ක්ෂය වීම ගැන කතා කළා. අද අප කතා කරන්නේ අස්ථි පිළිකා ගැනයි. මොනවද මේ අස්ථි පිළිකා?
 
 වෛද්‍ය වසන්ත උදයජීව - ශරීරයේ තිබෙන ඕනෑම අස්ථියක පිළිකාවක් හටගත් හැකියි. එහෙත් මේවා වැඩිවශයෙන්ම හටගන්නේ දිග අස්ථිවලයි. එනම් අත්වල අස්ථි, පාවල අස්ථි සහ ඉල ඇට අස්ථි යනාදියෙහි පිළිකා හටගන්නවා. අස්ථි පිළිකා ඒ තරම් බහුල නැහැ. එහෙත් පිළිකා නොවන ව‍්‍රණ තත්ත්වයන් අස්ථිවල හටගන්නවා. අස්ථි පිළිකා සාමාන්‍ය පිළිකා පංතියට අයත් වන්නේ නැහැ. එසේම ශරීරයේ වෙන තැනක තියෙන පිළිකාවක් අස්ථිවලට පැතිරෙන්නේත් නැහැ. ඇතැම් අස්ථි පිළිකා දරුවන්ට වැළඳෙනවා. එහිදී සැත්කම් මගින් පිළිකාව තිබෙන අස්ථි කොටස කපා ඉවත් කර එම හිඩැසට සුදුසු යමක් බද්ධ කරනවා. ඊට අමතරව කීමෝ තෙරපි සහ විකිරණ ප‍්‍රතිකාරත් යොදා ගන්නවා. එසේම මේ රෝග සඳහා මුල් අවධියේම ප‍්‍රතිකාර කළ හැකි ක‍්‍රම ආයුර්වේදය දේශීය වෛද්‍ය ක‍්‍රමය ඇතුළු වෛද්‍ය ක‍්‍රමවල තිබෙනවා.
 
 ප‍්‍රශ්නය - අස්ථි පිළිකාවේ රෝග ලක්ෂණ මොනවාද?
 
 1. පිළිකාව හටගෙන ඇති අස්ථිය වේදනාදීම
 
 2. අස්ථි පිළිකාව පවතින ප‍්‍රදේශය ඉදිමී ඇතුළට එබීම.
 
 3. අස්ථි දුර්වල වී කැඩෙනසුළු බවක් ඇතිවීම.
 
 4. අධික මහන්සිය.
 
 5. හේතුවක් නැතිව බර අඩුවීම.
 
 අස්ථි පිළිකා
 
 රෝගියකුගේ අස්ථි වේදනාව පැය විසිහතර පුරාම පවතින්නේ නැහැ. එය යන එන වේදනාවක්. රාත‍්‍රී කාලයේදී මේ වේදනාව දරුණු වෙනවා. ෆාමසිවලින් ලබා ගන්නා වේදනානාශක බෙහෙත්වලින් එම වේදනාව නැති කරන්නට බැහැ. weda1 4
 
 ප‍්‍රශ්නය - අස්ථි පිළිකාවට හේතු මොනවාද?
 
 වෛද්‍ය වසන්ත උදයජීව - එයට බලපාන හේතූන් හරියටම පැහැදිලි නැහැ. එහෙත් ජාන උරුමයෙන් එන අස්ථි පිළිකා තිබෙනවා. එසේම විකිරණ හේතූන් මත අස්ථි පිළිකා හටගන්නා අවස්ථාත් තිබෙනවා.
 
 ප‍්‍රශ්නය - අස්ථි පිළිකා වර්ගීකරණය කළ හැකිද?
 
 වෛද්‍ය වසන්ත උදයජීව - අස්ථි පිළිකා වර්ගීකරණය වන්නේ පිළිකා ෙසෙලයේ ස්වරූපය අනුවයි. මේ අනුව අස්ථි පිළිකා වර්ග තුනක් තිබෙනවා.
 
 1. Osteo Sarcoma  - මෙය වඩාත් බහුල අස්ථි පිළිකා වර්ගයයි. මෙහිදී අස්ථිය මත හෝ අස්ථිය තුළ පිළිකා ෙසෙල හටගන්නවා. මේවා ළමයින් සහ වැඩිහිටියන් අතර ඇතිවෙනවා. විශේෂයෙන් පාදවල සහ අත්වල මේ පිළිකාව හටගන්නවා. විශේෂ අවස්ථාවලදී අස්ථිය මතුපිටත් මේ පිළිකා ඇතිවෙනවා.
 
 2. Chondro Sarcoma - මෙය දෙවන තැනට විශාල වශයෙන් තිබෙන අස්ථි පිළිකා වර්ගයයි. මෙහිදී කාටිලේජ තුළ පිළිකා ෙසෙල ඇතිවෙනවා. මැදිවියේ සහ වියපත් පුද්ගලයින්ගේ අත් පා අස්ථිවල මේ පිළිකාව හටගන්නවා.
 
 3. Ewing Sarcoma - මේ වර්ගයත් කුඩා දරුවන් සහ තරුණයන්ගේ අස්ථිවල හටගන්නවා.
 
 (ලබන සතියේ තව කොටසක්)

sdweda8

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles