Divaina - දියවැඩියා වර්ග දෙකයි මෙන්න රෝග ලක්‍ෂණ

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

n1 2ප‍්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමග සාකච්ඡුා කළේ දියවැඩියාව ගැනයි. මේ රෝගය හඳුනාගෙන තිබෙන්නේ ලෝක ජනගහනයෙන් වැඩිම පිරිසක් අතර පැතිර තිබෙන දෙවන රෝගය ලෙසයි. පළමුවන රෝග තත්ත්වය ලෙස ස්වාසනාබාධ හැඳින්විය හැකියි. (එම රෝග තත්ත්වය සහ එයට සුදුසු ප‍්‍රතිකාර ගැන ඉදිරියේදී සාකච්ඡුා කරන්නට අප අපේක්ෂා කරනවා.) අද අප ඔබෙන් විමසන්නේ දියවැඩියා රෝගයේ ලක්ෂණ ගැනයි.
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - දියවැඩියා රෝගයේ ලක්ෂණ ගණනාවක් තිබෙනවා. මේ සියලූම ලක්ෂණවලට පොදුවන වෙනත් රෝග කිහිපයකුත් තිබෙනවා. දියවැඩියා රෝගයේ කොටස් දෙකක් තිබෙන බව අප දන්නවා. පළමුවන දියවැඩියා වර්ගය සහ දෙවන දියවැඩියා වර්ගය ලෙසයි එය හැඳින්වෙන්නේ. මෙතැන් සිට අප සාකච්
ඡුා කරන්නේ පළමුවන වර්ගයේ දියවැඩියා රෝගයේ රෝග ලක්ෂණ  ගැනයි.
 
 1.නිතර මුත‍්‍ර පහ කිරීම.
 
 2.අධික පිපා
සය.
 
 3.ඔබ ප‍්‍රමාණවත් පරිදි ආහාර ගත්තත් නිතරම
 
 කුසගිනි ඇතිවීම.
 
 4.අධික මහන්සිය.
 
 5.පෙනීම දුර්ව
ල වීම සහ බොඳවීම.
 
 6.තුවාල සුව වීමට කල්ගත වීම.
 
 7.ඔබ කොපමණ ආහාර ගත්තත් ශරීරයේ බර අඩුවීම.
 
 ප‍්‍රශ්නය - පළමුවන වර්ගයේ දියවැඩියාවේ සහ දෙවන වර්ගයේ දියවැඩියාවේ රෝග ලක්ෂණ අතර වෙනස්කම් තිබෙනවාද?
 

n1 1  වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - ඇතැම් රෝග ලක්ෂණ සමානයි. එහෙත් පළවැන්නට අයත් නොවන රෝග ලක්ෂණයක් දෙවන වර්ගයේ තිබෙනවා. ඒ තමයි අත් පා වෙව්ලීම, අත් පා වේදනාදීම, අතේ ඇඟිලි සහ පාද හිරි වැටීම.
 
 ප‍්‍රශ්නය - මේ රෝග
ලක්ෂණ
 

  හටගන්නේ ක්ෂණිකව ද එහෙම නැත්නම් ක‍්‍රමානුකූලව ද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - පළමුවැනි වර්ගයේ දියවැඩියා රෝගීන්ට හටගන්නා රෝග ලක්ෂණ ක්ෂණිකයි. අද දක්වා එම රෝග ලක්ෂණ නොතිබුණත් හෙට ඒවා මතුවිය හැකියි. දෙවන වර්ගයට අයත් දියවැඩියාවේ රෝග ලක්ෂණ ක‍්‍රමානුකූලව මතුවෙනවා. සමහරවිට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළත් ශරීරය තුළ රෝගය තිබිය
හැකියි. පළවෙනි වර්ගයට අයත් ඇතැම් දියවැඩියා රෝගීන්ට වෛරස් ආසාදන නිතරම ඇතිවෙනවා. මෙයට හේතු වෙන්නේ රුධිරයේ සීනි සාන්ද්‍රණය බෙහෙවින් ඉහළ යෑමයි. මෙහිදී ශරීරයේ නිපදවෙන ඉන්සියුලින් ප‍්‍රමාණවත් නොවීම නිසා ශරීරයේ ෙසෙල තුළට පෝෂ්‍ය පදාර්ථ යැවීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙනවා. මෙහිදී ශරීරයට සිද්ධ වෙනවා ශක්තිය නිපදවීමේ මාර්ගයක් ලෙස මේදය පරිහරණය කරන්නට. මෙවිට ඞීකේඒ නමැති තත්ත්වයක් ඇතිවෙනවා. මෙහිදී සිදුවන්නේ රුධිරයෙහි සහ මුත‍්‍රාවල තිබෙන ණැඑදබැ නමැති සංඝටකය වැඩිවීමයි. එවිට ආශ්වාස ප‍්‍රශ්වාස කිරීමේදී පල් වූ පලතුරු සුවඳක් වහනය වීම, දීර්ඝ වශයෙන් හුස්ම ගැනීමට සිදුවීම, වමනය වැනි තත්ත්වයන් හටගන්නවා.
 
 ප‍්‍රශ්නය - ළදරුවකුට හෝ දරුවකුට පළවෙනි වර්ගයේ දියවැඩියාව ඇතිවිය හැකිද?
 
 වෛද්‍ය චාන්දනී වික‍්‍රමාරච්චි - කුඩා දරුවෙක් නිතර මුත‍්‍ර පහ කරනවා නම් විශාල ප‍්‍රමාණවලින් වතුර බොනවා නම් ශරීරයේ බර අඩු වෙනවා නම් නිතර මහන්සියට පත්වෙනවා නම් ඒවා පළවන වර්ගයේ දියවැඩියා රෝග ලක්ෂණ ලෙස හඳුනාගත හැකියි.
 
 (ලබන සතියේ තව කොටසක්)

weda9 47

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles