Divaina - වෙසක් උත්සවයට අගමැති නේරුට ආරාධනා කරන්න ගියේ මමයි, පක්‍ද්ක්‍දතිස්ස හාමුදුරුවොයි...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

 සාංචි විහාරය ස්ථාපනය කරලා ධාතු වැඩමවුවේ මහ බෝධි සමාගමෙන්...
 
 
ra1 1ලොවේ විශාලතම භාවනා මධ්‍යස්ථානය ස්ථාපනය කළේ උන්වහන්සේය. ඒ ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ සිට කිලෝමීටර් එකසිය තිහක් ඈතින් පිහිටි සැනමිඩෝ ජාතික වන උද්‍යානය තුළ පිහිටි වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයයි. එමෙන්ම ලෝකය පුරා ථෙරවාදී බුදු දහම ප‍්‍රචාරය කරන ස්වාමීන් වහන්සේ අතර උන්වහන්සේ පෙරමුණේ සිටිති. ධර්මධර, විනයධර මෙන්ම ශබ්ද ශාස්ත‍්‍රය ද මනා සේ ප‍්‍රගුණ කළ මහා ප‍්‍රාඥයෙකි. එමෙන්ම පෙර අපර දෙදිග භාෂාවන් පිළිබඳ ප‍්‍රවීණත්වයක් උසුලන පැනවතෙකි. ඒ උතුරු ඇමෙරිකාවේ ප‍්‍රධාන සංඝ නායක, අග්ග මහා පණ්ඩිත, ආචාර්ය හේනේපොළ ගුණරතන හාමුදුරුවෝය.
 
  දවසක් ආවාසය ඇතුළෙ නිදාගෙන ඉන්නකොට, ඔලූවට යට වෙලා තියෙන අතේ මොකෙක් හරි ගමන් කරන බවක් මට දැනුණා. අතේ යන්නෙ මොකාද කියලා දන්නෙ නැති නිසා කොට්ටෙ කළවරේ තිබුණු ටෝච් එක ගන්නත් බය හිතුණා. අත ගස්සන්නෙවත් නැතිව නිසොල්මනේම හිටියා. බඩ ගාන සතා අත දිගේ ඇවිත් පපුවට ඇදුණා. ඒ එක්කම මම ටෝච් එක අරගෙන දැල්වුවා. පපුව උඩ තඩි ගෝනුස්සෙක්. ලේ පාටට දිලිසෙනවා. උග‍්‍ර විෂ සහිත ගෝනුස්සෙක්. දෂ්ට කළොත් ජීවිතය පවා නැති වෙන්න ඉඩ තියෙනවා. ඒත් මම බය වුණේ නෑ. සීතල යන්න ඔලූවේ බඳින්න ගත්ත ලේන්සුව අරගෙන එක පාරටම ගෝනුස්සුගෙ ඇඟට දාල වහලා අල්ලගෙන එළියට විසි කළා...
 
 
ra1 3ඒ සන්දියේ සාංචිය මහ කැලෑව. පන්සල් වත්තටත් කොළ දිවියෝ, මුවෝ විවිධ සතුන් එනවා. ලොකු පිඹුරො එළුවෝ වෙළනවා මිනිස්සු දැකලා තියෙනවා. ඒත් ඒ සතුන්ගෙන් කිසිම මිනිස් සත්ත්වයකුට නම් අනතුරක් වෙලා කියලා ආරංචි වුණේ නෑ. ඒ වගේම සාංචිය පන්සල අවට සුන්දර නිස්කලංක පරිසරය. සාංචි කන්ද උඩ මිනිස් වාසයකට තිබුණේ අපේ පන්සල විතරයි. ? පහන් කළේ මමයි, ලොකු ස්වාමීන් වහන්සේයි, මුරකුටියේ පොලිස් නිලධාරිනුයි විතරයි. ලොකු හාමුදුරුවෝ ලංකාවට වඩින කාලයට මගේ තනියට පොඩි හාමුදුරුනමක් පන්සලට වඩිනවා. බණ භාවනා කරන්න සුදුසු පරිසරයක් වුණාට, ගිහි ජීවිතයට සාංචිය දුෂ්කරයි. ගමන අතිශය දුෂ්කරයි. සාංචියට හරි හැටි දුම්රිය නැවතුම්පළක් හැදුණෙ 1956 අවුරුද්දෙ. එවකට අගමැතිව සිටි නේරුතුමාගේ උපදෙස් පිට ‘1956 බුද්ධ ජයන්තියට’ ඉන්දියාවේ සියලූම බෞද්ධ සිද්ධස්ථාන අලූත්වැඩියා කළා. ඊට
 
 සමගාමීව තමයි සාංචියට දුම්රිය නැවතුම්පළක් ඉදිවුණේ. පොලිස් මුරපළක් ස්ථාපනය කළේ. ඒ පොලිස් මුරපළේ ප‍්‍රධාන රාජකාරිය වුණේ සාංචි විහාරස්ථානයට ආරක්‍ෂාව සැපයීම...
 
 සාංචිය ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක්. බෞද්ධ ශාසනයේ පුරාවෘතයක්. සාංචියට හැතැක්ම හයක් විතර දුරින් පිහිටි විදුෂා කියන ගමේ කාන්තාවක් අශෝක රජු විවාහ කර ගත්තා. ඒ කාන්තාවගේ නම විදුෂා දේවී. සංඝමිත්තා තෙරණියගේ සහ මහින්ද හාමුදුරුවන්ගේ මවත් විදුෂා දේවී. දියණියත්, පුතත් සසුන්ගත වුණාට පස්සෙ විදුෂා දේවියත් මහණ වෙලා වැඩ වාසය කරලා තියෙන්නෙ සාංචියේ. අවස්ථා දෙකකදී මිහිඳු හාමුදුරුවොයි, සංඝමිත්තා මෙහෙණින් වහන්සේයි ලංකාවට වඩින්නට පෙර සාංචියට පැමිණ මැණියන් බැහැදැක ඇති බවත් බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. විදුෂා දේවිය වැඩ වාසය කරපු ආරාමය අදටත් සාංචියේ තියෙනවා. ඒ වගේම අශෝක අධිරාජයා විසින් සාංචියේ චෛත්‍ය තුනක් ස්ථාපනය කරලා තියෙනවා. විශාල චෛත්‍යයක් සහ කුඩා චෛත්‍ය දෙකක්. විශාලම චෛත්‍යයේ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කරලා තිබුණා. සෙසු චෛත්‍ය දෙකේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේගේ ධාතූන් තැන්පත් කරලා තිබුණා. අදටත් ඉන්දියාවේ අංගසම්පූර්ණ විදිහට තියෙන විශාලම චෛත්‍ය සාංචි ස්ථූපය විතරයි. ඒ වගේම සාංචි ස්ථූපයේ තොරණ ලෝකය පුරාම ප‍්‍රසිද්ධයි. සාංචි සෑම තොරණකින්ම ප‍්‍රදර්ශනය කෙරෙන්නෙ බුද්ධ චරිතය...
 
 පසුකාලීනව සර් ජෝන් මාෂර්ල් සහ ඩොක්ටර් කනින් හැම් පුරාවිද්‍යා නිලධාරීන් විසින් ඉන්දියාවේ සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී සාංචි ස්ථූප හාරලා තිබුණා. ප‍්‍රධාන ස්ථූපය මැද තිබිලා ගල් පෙට්ටියක් සොයාගෙන, එම ගල් පෙට්ටිය ඇතුළේ තිබිලා තවත් ලීවලින් හදපු කරඬුවක් සොයාගෙන තිබුණා. ඒ ලී කරඬුවේ තමයි ධාතූන් වහන්සේ තැන්පත් කරලා තිබිලා තියෙන්නෙ. විශාල චෛත්‍යයෙන් සොයාගත් කරඬුවේ ‘භගවාන්’ කියලා අකුරු කොටලා තිබිලා. එම කරඬුවේ තියෙන්නෙ සර්වඥ ධාතූන් කියලා අවබෝධ කරගෙන, එම පුරාවිද්‍යා නිලධාරීන් ධාතූන් වහන්සේ සහිත කරඬුව එංගලන්තයට අරගෙන
 
 ගිහින් වික්ටෝරියා ඇල්බට් කෞතුකාගාරයේ තැන්පත් කරලා තිබුණා. පසුකාලීනව ලංකාවේ විදේශ අමාත්‍යවරයා විදිහට හිටපු සර් ඞී. බී. ජයතිලක එංගලන්තයේ වික්ටෝරියා ඇල්බට්
 
 කෞතුකාගාරය බලන්න ගිය අවස්ථාවක මේ සර්වඥ ධාතූන් වහන්සේලා දැකලා තියෙනවා. ඊට පස්සෙ විදේශ අමාත්‍ය ඞී. බී. ජයතිලක එවකට හිටපු එංගලන්ත රජු, එළිසබත්
 
 රැුජිනගේ පියා සමඟ කතා බහ කරලා සර්වඥ ධාතූන්වහන්සේ ඉල්ලා තිබුණා. ශ‍්‍රී ලංකා විදේශ ඇමැතිවරයාගේ ඉල්ලීම ඉෂ්ට කරපු එංගලන්ත රජු සර්වඥ ධාතූන්වහන්සේ ලංකාවට වඩම්මන්න අවසර දීලා. ඒ අනුව 1942 අවුරුද්දේ එම ධාතූන්වහන්සේ ලංකාවට වැඩම කෙරෙව්වා...
 
 එංගලන්තයෙන් ලංකාවට වැඩම වූ ධාතූන් වහන්සේ කොටස් හතරකට බෙදලා එක කොටසක් බුරුමයට පූජා කළා. තව කොටසක් සාංචියට වැඩමවන්න තීරණය කළා. තවත් කොටසක් විද්‍යාලංකාර පිරිවෙනේ තැන්පත් කළා. ඉතිරි කොටස මහා බෝධි සමාගමේ තැන්පත් කළා. විද්‍යාලංකාර පිරිවෙනේ ධාතූන්වහන්සේ තැන්පත් කරන්න හේතු වුණේ එතකොට එම පිරිවෙනේ දායක සභාවේ සභාපති විදිහට හිටියේ ඞී. බී. ජයතිලක. සාංචියට වැඩමවන ධාතූන් වහන්සේ තැන්පත් කරන්න තැනක් නොතිබුණු නිසා ප‍්‍රථමයෙන් සාංචි විහාරස්ථානය ස්ථාපනය කිරීමේ වැඩ ආරම්භ කළා. 1953 වර්ෂය වන විට සාංචි විහාරය ස්ථාපනයේ වැඩ අවසාන කරලා ධාතූ වැඩමවීම සිද්ධ කළා. සාංචි විහාරය ස්ථාපනය කරලා ධාතූ වැඩමවීම සිද්ධ කරලා අවුරුදු දෙකකින් පස්සෙ තමයි මම සාංචියට ගියේ. සාංචි විහාරය ස්ථාපනය කිරීමේ සිට අදටත් පාලනය කෙරෙන්නෙ මහා බෝධි සමාගමෙන්...
 
 සාංචියේ ධාතූන් වහන්සේ තැන්පත් කරලා තියෙන්නෙ විහාරයට ඇතුළු වන ස්ථානයේ බුදුපිළිමයට පහළ විශේෂ කුටි දෙකක. ඒ කුටිවල යතුරු සෙට් තුනක් තියෙනවා. එක සෙට් එකක් තියෙන්නේ ඉන්දියන් මහා බෝධි සමාගමේ ප‍්‍රධාන ශාඛාවේ ලේකම් භාරයේ. එතකොට ඉන්දියන් මහා බෝධි සමාගමේ ලේකම් විදිහට කටයුතු කළේ දේවප‍්‍රිය වලිසිංහ මහත්තයා. අනගාරික ධර්මපාලතුමාගේ බෑනා. සාංචි විහාරයේ නායක උන්වහන්සේ ළඟ තව යතුරු සෙට් එකක් තිබුණා. ඉතිරි යතුරු සෙට් එක තිබුණේ පළාත් ආණ්ඩුකාරවරයා ළඟ. වෙසක් උත්සවයට, විශේෂ අමුත්තෙක් පැමිණි විට ධාතූන් වහන්සේ ප‍්‍රදර්ශනය කරනවා. ඒත් මේ පාර්ශ්ව තුනම ඉදිරිපත් වෙන්න ඕන ධාතු මන්දිරය විවෘත කරන්න. පොලිස් මුරකාවල් මැද ධාතු මන්දිරය විවෘත කර, නැවත දොරගුළු වැටෙන තෙක් පොලිස් නිලධාරීන් රැුකවලේ ඉන්නවා. පොලිස් මුර සහිතව ධාතු පෙන්වන තවත් කිසිම ස්ථානයක් ඉන්දියාවේ නෑ. සාංචි චෛත්‍යවල තියෙන අලංකාර කැටයම් ලෝකයේ වෙන කිසිම රටකදී දකින්න ලැබෙන්නෙත් නෑ...
 
 සාංචි පූජා භූමියේ ශිලා ලේඛන තියෙනවා. ඩොක්ටර් කනින් හැම් විසින් සාංචියේ ශිලා ලේඛන ගැන කියවලා ‘සාංචි ගයිඞ්’ කියලා කෘති දෙකක් එළිදක්වලා තියෙනවා. අඟල් දෙකක් විතර ඝනකම, අඟල් අටක් විතර පළල, අඟල් දහඅටක් විතර දිග ලොකු පොත් දෙකක්. එක පොතක සම්පූර්ණ විස්තරය. අනෙක් පොතේ පින්තූර. මම සාංචියට ගිය දවස්වලම ‘සාංචි ගයිඞ්’ පොත් අරගෙන හොඳින් පරිශීලනය කළා. ඒ සන්දියේ ඕනෑම ශිලා ලේඛනයක් මටත් කියවන්න පුළුවන්. සාංචියේ තියෙන සියලූ ශිලා ලේඛන කියවලා පූජා භූමිය වඳින්න එන දෙස්, විදෙස් බැතිමතුන්ට ඒ ලේඛනවල තියෙන දේවල් මම අවබෝධ කර දුන්නා. සාංචි නැරඹීමට බෞද්ධ, අබෞද්ධ දෙපාර්ශ්වයම පැමිණෙනවා. අබෞද්ධයෝ වැඩියෙන් එන්නෙ සාංචියේ ඓතිහාසික වටිනාකම දැක බලාගැනීමට. බෞද්ධයෝ එන්නෙ වඳින්න...
 
 සාංචියට පැමිණෙන බැතිමතුන්ට මඟපෙන්වන්න සිටින ගයිඞ් නැති දවසට මම ඒ රාජකාරිය කළා. මොන රටේ බැතිමතුන් වුණත් විස්තර කළේ ඉංග‍්‍රිසීයෙන්. එක අවස්ථාවක නාරද හාමුදුරුවො ඇතුළු ගිහි, පැවිදි විශාල පිරිසක් සාංචිය වන්දනා කරගන්න ආවා. එදා ගයිඞ් හිටියේ නෑ. සංචාරක මඟපෙන්වන්නා වුණේ මමයි. විස්තර කරගෙන යනකොට එක ඉංග‍්‍රිසී වචනයක් මට වැරැුදිලා. නාරද හාමුදුරුවෝ එක හිතේ තියාගෙන ඉඳලා නඬේ පිරිස එහාට, මෙහාට වුණාට පස්සෙ මාව තනි කරලා වැරැුදුණු ඉංග‍්‍රීසි වචනය නිවරැුදිව උච්චාරණය කරන ආකාරය මට කියා දුන්නා...
 
 සාංචියට උෂ්ණ කාලයට රෑට හොඳට හුළං හමනවා. මහ වන මැදින් හමන පිරිසිදුම සුළං. ඒ හුළං පහස විඳගෙන මහ රෑට පැය ගණන් මම භාවනා කළා. හඳ පානේ ගල් තලාවක් මත භාවනා කරනකොට කොපමණ විසකුරු සතුන් හිටියත් කිසිම දවසක කූඹියෙක්වත් හොට තියලා නෑ. එවැනි සුන්දර පරිසරයක පිහිටි ඓතිහාසික බෞද්ධ විහාරයක භාරකාරත්වය භාරගෙන වැඩසිටීමට ලැබීම ගැන අදටත් මම සතුටු වෙනවා. සාංචි විහාරයේ ගත කරපු අවුරුදු දෙකහමාර ඇතුළත හින්දි භාෂාව ඉතාම හොඳින් පෝෂණය කර ගත්තා. ඒ වගේම 1956 අවුරුද්දෙ වෙසක් උත්සවය උත්කර්ෂවත් අයුරින් සාංචියේ පැවැත්වීමට අපට අවස්ථාව ලැබුණා. වෙසක් උත්සවයේ ප‍්‍රධාන අමුත්තා විදිහට අපි ආරධනා කළේ එවකට ඉන්දීය අගමැති නේරුතුමාට. වෙසක් උත්සවයට එතුමාට ආරාධනා කරන්න දිල්ලියට වැඩියෙ මමයි, හැඩිගල්ලේ පක්‍`ද්ක්‍`දාතිස්ස නායක හාමුදුරුවෝයි. අපි යනකොට නේරුතුමා හමුවීමට පැමිණි දෙස්, විදෙස් අමුත්තන් පිරිලා. අපි දෙනම මන්දිරයට වැඩම කරලා කියලා පණිවිඩිය ගිය හැටියේ නේරුතුමා අසුනෙන් නැඟිට ඉදිරියට ඇවිත් දෙඅත් එකතු කර නමස්කාර කර වැඳලා ඇතුළට එක්කරගෙන ගියා. අසුන්වලට සුදු ඇතිරිලි දාලා අපිට උපරිම ගරුත්වය ලබා දුන්නා...
 
 හැඩිගල්ලේ පක්‍`ද්ක්‍`දාතිස්ස හාමුදුරුවෝ සිංහලෙන් කරපු ආරාධනාව මම තමයි ඉංග‍්‍රීසියෙන් එතුමාට ප‍්‍රකාශ කළේ.
 
 ‘අපේ ස්වාමීන් වහන්සේ... සාංචියේ වෙසක් උත්සවයට එන්න මම බොහෝ කැමැතියි. ඒත් මේ දිනවල තියෙන කාර්යබහුලත්වයත් එක්ක මට පැමිණීමට ඉඩක් ලැබෙන එකක් නෑ. මම උත්සවයට එන බවට ප‍්‍රසිද්ධ කළොත් විශාල සෙනඟක් පැමිණෙයි කියලා හිතනවා නම් මගේ නම දැන්වීම්වලට දාන්න. ඒකෙ කිසිම ගැටලූවක් නෑ...’’ කියලා නේරුතුමා බොහෝම සුහදව බොහෝ වේලාවක් අපි සමඟ සාකච්ඡුා කළා...
 
 මතු සම්බන්ධයි...
 
 තරංග රත්නවීර

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles