Divaina - සමාගම්වල කොටස් මිලදී ගන්නේ මෙහෙමයි!

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

nimnaya28 2පෙර සතියේ දී සඳහන් කළ පරිදි භාණ්ඩ වෙළෙඳපොළ (Commodity Market) පිළිබඳව සාකච්ඡුා කිරීමේදී ප‍්‍රධාන වශයෙන්ම සලකා බැලිය යුතු වන්නේ භාණ්ඩ වෙළෙඳපොළක් යන්න කුමක්ද සහ කොටස් වෙළෙඳපොළක් සහ භාණ්ඩ වෙළෙඳපොළ කෙසේ අනුගතවේ ද යන්නයි.

භාණ්ඩ වෙළෙඳපොළ  - (The Commodity Market)

භාණ්ඩ වෙළෙඳපොළ යනු කිසියම් භාණ්ඩ වර්ගයක් හෝ එවැනි භාණ්ඩ වර්ග නිෂ්පාදනයට අවශ්‍ය සම්පත් හුවමාරු කාර්ය සිදුවන අවස්ථාවක් හෝ ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. මෙහිදී ඇතැම් විට භෞතිකමය ස්ථානයක් මත හෝ එසේ නොවන අවස්ථාවක් ද විය හැකිය. උදාහරණ ලෙස ලෝහ වර්ග (රත‍්‍රන් සහ යකඩ, බලශක්තීන් (බොරතෙල්, LNG), සත්ව නිෂ්පාදන සහ කෘෂිකාර්මික භාණ්ඩ හුවමාරුව දැක්විය හැකිය. ඇතැම් විට මෙවැනි භාණ්ඩ වර්ග දෘඩ භාණ්ඩ :(Hard Commodities) මෙන්ම මෘදු භාණ්ඩ (Soft Commodities)  වර්ග ලෙස ද වර්ගීකරණය කිරීම දැකිය හැකිය.

මෙවැනි භාණ්ඩ වෙළෙඳපොළක භාණ්ඩ හුවමාරුව සිදුවන ප‍්‍රධාන ආකාර

02 ක් දැකිය හැකිය.

1 භාණ්ඩ වෙළෙඳපොළ මත ඍජු ආයෝජනය (Direct Investment on Commodity Market)

2 අනාගත ගිවිසුමක් මත ආයෝජනයක් ලෙස භාණ්ඩ මිලදී ගැනීම (Purchasing Commodities as an Investment on a Future Contract)

මේ අනුව භාණ්ඩ මත ආයෝජන හෝ වේවා අනාගත ගිවිසුම් මත භාණ්ඩ වෙනුවෙන් කරනු ලබන ආයෝජන වේවා කිසියම් ආයෝජකයකු මෙම කුමන කරුණ යටතේ හෝ ආයෝජනය කිරීම තුළින් බලාපොරොත්තු වන්නේ කිසියම් වූ ප‍්‍රතිලාභයකි. එසේ නම් මේ ආකාරයෙන් භාණ්ඩ වෙළෙඳපොළ මත ආයෝජනය කරනු ලබන්නේ ඇයි ද යන්න සලකා බැලීම වැදගත් වේ.

භාණ්ඩ වෙළෙඳපොළ තුළ ආයෝජනය

භාණ්ඩ වෙළෙඳපොළ යනු අප ඉහත සඳහන් කළ ආකාරයේ බැඳුම්කර වෙළෙඳපොළ හෝ කොටස් වෙළෙඳපොළ වැනි සාම්ප‍්‍රදායික වත්කම් හුවමාරු වන වෙළෙඳපොළක් නොවේ. එනම් මෙහිදී සිදුවන්නේ එදිනෙදා ජීවන පැවැත්මට අත්‍යවශ්‍ය මූලික භාණ්ඩ මත ආයෝජන සිදු කිරීමයි.

nimnaya28 3මෙහිදී වැදගත් වන ප‍්‍රධාන සාධකය වන්නේ මෙවැනි භාණ්ඩ මත කරනු ලබන ආයෝජන කොතරම් දුරට අපේක්ෂිත ප‍්‍රතිඵල ගෙන එන්නේ ද යන්නයි. ඒ අනුව රටක උද්ධමන අනුපාතිකය ඉහළ මට්ටමේ පවතින අවස්ථාවලදී මෙවැනි භාණ්ඩ වෙළෙඳපොළ මත කරනු ලබන ආයෝජන බොහෝ විට වාසිදායක වීම දැකිය හැකිය. මෙලෙස ප‍්‍රතිලාභ භුක්ති විඳිය හැකි භාණ්ඩ වෙළෙඳපොළ තුළ සිදු කරනු ලබන ආයෝජන පහත සඳහන් ප‍්‍රධාන අංශ 04 ක් යටතේ සිදු කළ හැකිය.

භාණ්ඩ වෙළෙඳපොළ තුළ ආයෝජනය කළ හැකි ආකාරයන්

1. ඍජුවම භාණ්ඩ වෙළෙඳපොළ මත කරනු ලබන ආයෝජන (Direct Investment on Commodities)

නිදසුනක් ලෙස අර්තාපල්, තිරිඟු මිලදී  ගැනීම සඳහා කරනු ලබන ආයෝජන දැක්විය හැකි අතර මෙහිදී ආයෝජකයා විසින් ඍජුවම භාණ්ඩ මිලදී ගැනීම කරනු ලබයි.

2. වෙළෙඳපොළ ව්‍යුත්පන්නයන් හරහා කරනු ලබන ආයෝජන (Investing Via Market Derivatives

වෙළෙඳපොළ ව්‍යුත්පන්නයන් ලෙස මෙහිදී සලකා බලනුයේ භාණ්ඩ වෙළෙඳපොළේ ඉදිරි හෝ අනාගත හැසිරීම පිළිබඳවයි. ඒ අනුව භාණ්ඩ වෙළෙඳපොළේ මිල ගණන් හි සිදුවන ඉදිරි වෙළෙඳපොළ :(Forward Market),  අනාගත වෙළෙඳපොළ (Future Market) සහ වරණීය වෙළෙඳපොළ (Market Options දැක්විය හැකිය.

3. භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන ලැයිස්තුගත සමාගම්වල කොටස් මිලදී  ගැනීම 
(Buying Shares of Listed Companies that Produce Commodities)

භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන මෙන්ම කොටස් වෙළෙඳපොළ තුළ ලැයිස්තුගත කර ඇති සමාගම්වල කොටස් මිලදී ගැනීම මත කරනු ලබන ආයෝජන මේ යටතට අයත් වේ.

4. භාණ්ඩ වෙළෙඳපොළ මත ආයෝජනය කර ඇති ආයෝජන අරමුදල් සහිත ආයතනවල කොටස් මත කරනු ලබන ආයෝජන (Buying Shares of Investment Funds that Trade in
Commodities)

මේ යටතේ අදාළ අරමුදල් ආයෝජනය කර ඇත්තේ භාණ්ඩ වෙළෙඳපොළ මත වන අතර එම ආයෝජන සහිත අරමුදල් මත කරනු ලබන ආයෝජන මෙයට අයත් වේ.

මෙලෙස ප‍්‍රධාන ආකාර 04 කින් ආයෝජනය කළ හැකි භාණ්ඩ වෙළෙඳපොළ හා ඉහත දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡුා කළ කොටස් වෙළෙඳපොළ අතර පවතින වෙනස්කම් හඳුනාගැනීම තුළින් මේ පිළිබඳව අවධානයක් දක්වන සියලූ දෙනාගේ දැනුම නිරවුල් වන බව පැහැදිලිව පෙනේ.

කොටස් වෙළෙඳපොළ සහ භාණ්ඩ වෙළෙඳපොළ අතර වෙනස්කම් (Differences Between Stock Market and
Commodity Market)

මූලික වශයෙන් කොටස් වෙළෙඳපොළ සහ භාණ්ඩ වෙළෙඳපොළ තුළ පවතින වෙනස්කම් සාකච්ඡුා කිරීමේදී ප‍්‍රධාන කරුණු කිහිපයක් ඔස්සේ එම තත්ත්වය පැහැදිලි කළ හැකිය.

1. හිමිකම (Ownership)

කොටස් වෙළෙඳපොළ තුළදී ආයෝජකයකු විසින් ලැයිස්තුගත  සමාගම්වල කොටස් මත ආයෝජනය කිරීමේදී ඔහුට එම කොටස්වල පූර්ණ අයිතිය ලැබෙන අතර පසුව මිල ගණන්හි වෙනස්කම් මත හෝ අනෙකුත් ප‍්‍රතිලාභයන් මත එසේ මිලදී ගත් කොටස් ළඟ තබා

ගැනීම හෝ විකිණීම සිදු කළ හැකිය. එසේම මේ සඳහා නිශ්චිත කාලසීමාවක් හෝ කාලපරාසයක් දැකිය නොහැකිය. නමුත් භාණ්ඩ වෙළෙඳපොළ තුළදී බොහෝ විට සිදුවන්නේ අනාගත ගිවිසුම් මත හුවමාරු වීම් බැවින් භෞතිකව සිදුවන අයිතිය වෙනස්වීම වෙනුවට පුද්ගලයාගෙන් පුද්ගලයාට අනාගත ගිවිසුම් හුවමාරු වීමයි. එනම්, භාණ්ඩ වෙළෙඳපොළ අනාගත ගිවිසුම් කිසියම් කාලපරාසයකට යටත්ව සිදුවන අතර එහිදී ආයෝජකයා කැමති වුව ද එකඟ නොවූව ද ස්වකීය ආයෝජනයෙන් ඉවත් වීමට සිදු වේ.

2. අස්ථාවර බව :(volatility)

සාපේක්ෂව සැසඳීමේදී කොටස් වෙළෙඳපොළට වඩා භාණ්ඩ වෙළෙඳපොළ තුළ වැඩි අස්ථාවර බවක් දැකිය හැකි අතර ඊට ප‍්‍රධාන හේතුව වන්නේ භාණ්ඩ වෙළෙඳපොළ තුළ පවතින අඩු ද්‍රවශීලතාව (Low Liquidity)

මෙන්ම භාණ්ඩ සඳහා පවතින ඉල්ලූම සහ සැපයුම ඇතුළු බාහිර සමාජීය ආර්ථික කරුණුවල සිදුවන නිරන්තර වෙනස්වීමයි.

3. කාල පරාසය  (Time Horizon)

කොටස් වෙළෙඳපොළ ආයෝජන ඇතැම් විට කෙටි කාලීන හෝ තවත් විටක දිගුකාලීන විය හැකිය. එනම් අදාළ ආයෝජකයාගේ අවශ්‍යතාව අනුව ඔහුට කෙටි කාලීනව ස්වකීය කොටස් විකිණීම හෝ අවශ්‍ය නම් දිගුකාලීනව ළඟ තබා  ගැනීම කළ හැකිය. එය සම්පූර්ණයෙන්ම රඳා පවතිනුයේ ආයෝජකයාගේ අවශ්‍යතාව මතය.

මේ පිළිබඳ තවදුරටත් ඉදිරි සතියේදී සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වෙමි.

nimnaya28 1
 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles