Divaina - ජීවිතය රැකගන්න ගහක් උඩ දිවි ගෙවන පවුලක්... අවුරුදු හතක්ම ගහ උඩ..

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

n28 1 - මහ කැලෑවේ  ගොවිතැන් කරයි
 
 - අලි ප‍්‍රශ්නෙත්  තියෙනවා
 
 ලංකාවේ අලි මිනිස් ගැටුමට මැදි වූ ජනතාවක් සිටින දිස්ත‍්‍රික්ක අතරින් හම්බන්තොට දිස්ත‍්‍රික්කයට හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයකි. ඒ අතරිනුත් හම්බන්තොට හා සූරියවැව ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශ දෙක විශේෂය. මෙම ප‍්‍රදේශ දෙකෙහි ජීවත් වෙන්නේ දිවා ? දෙකෙහිම වන අලින්ගෙන් බැට කන අසරණ ගොවි පරපුරකි. අනාදිමත් කාලයක සිටම වන අලි මෙම ප‍්‍රදේශවල ජීවත් වුවද වර්තමානයේ තරම් වන අලි ගැටලූ මෙම ප‍්‍රදේශයට නොතිබුණු බවයි ගොවි ජනතාව පවසන්නේ.
 
 වැඩි වශයෙන් හේන් ගොවිතැන ප‍්‍රධාන ජීවනෝපාය කරගත් ජනතාවක් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ජීවත් වන අතර අද වන විට මෙම පාරම්පරික හේන් ගොවියාට අත්ව ඇත්තේ ඉතා ශෝචනීය තත්ත්වයකි. ඊට හේතුව නම් හම්බන්තොට පිහිටි බොහෝ වනාන්තර සහිත ඉඩම් විවිධ කොම්පැණිකරුවන්ට හා විවිධ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට බදු පදනම යටතේ වගා කිරීමට හා විවිධ ව්‍යාපෘතීන් ස`දහා ලබා දීමයි. මේ හේතුව නිසා මෙම ප‍්‍රදේශයේ ජීවත් වූ පාරම්පරික හේන් ගොවියාට මෙන්ම වන අලි ඇතුළු වන සතුන්ටද සිය නිජබිම් ඉතා අවාසනාවන්ත ලෙස අහිමිව ගොස් තිබේ. වනාන්තර මැද අක්කර සිය ගණන් විවිධ පුද්ගලයන් විසින් මහා පරිමාණ ලෙස හෙළි පෙහෙළි කර විදුලි වැටවල් යොදා සිදුකරන වගා කටයුතු හේතුවෙන් පරම්පරා තුන හතරක් තිස්සේ මෙම ප‍්‍රදේශවල හේන්
 
 ගොවිතැන් සිදුකරගෙන ගිය සාම්ප‍්‍රධායික ගොවියා වන අලින්ගේ බිල්ලක් බවට පත්ව තිබේ. මහාපරිමාණ වගාකරුවන්ගේ විවිධ ක‍්‍රියා කලාපයන් හේතුවෙන් සාම්ප‍්‍රධායික හේන් ගොවියාට ගොවිතැන් කිරීම තියා සිය ජීවිතය රැුකගැනීම වෙනුවෙන්ද මහත් සටනක් කිරීමට සිදුව තිබේ.
 
 පාඨක ඔබට අද ලියන්නට යන්නේද එවැනි පාරම්පරික ගොවි පවුලකට අත්ව ඇති අවාසනාවන්ත ඉරණමක් පිළිබදව වූ ශෝචනීය කතාවකි.
 
 යාන්තමින් අඳුර ගලාගෙන එන වෙලාවේ සූරියවැව සිට වල්සපුගල මාර්ගය ඔස්සේ කිලෝ මීටර් 12ක පමණ දුරක් ගිය අපට හමුවූයේ ගුරු පාරකි. එම ගුරු පාර දිගේ තවත් කිලෝ මීටර් තුනක් පමණ ගිය අපට කොස්වගාව ගම්මානය හමුවිය. අප එහි යනවිටත් හො`ද හැටි අ`දුර වැටී තිබුණි. අපේ කතානායකයාගේ නිවසට යෑමට නම් මහ කැලෑව මැදින් තවත් කිලෝ මීටරයක් පමණ දුරක් යායුතුව තිබුණි. එහෙත් එය ඒ තරම් ලෙහෙසි පහසු ගමනක් නම් නොවීය. ඒ අන් කිසිවක් නිසා නොව මෙතැන් සිට මෙම වනගත මාර්ගයේ වන අලින් බහුලව සිටීමයි. මේ නිසා මේ ගමන ස`දහා මග පෙන්වන්නට එම ගම්මානයේම පදිංචි ගයාන් මහතා ඇතුළු කිහිප දෙනකුම අපත් සමග පෙරමුණ ගෙන ගියේ අලි වෙඩි විදුලි පන්දම් වලින්ද සන්නද්ධවය. මෙම කිලෝ මීටරයකට ආසන්න වූ දුර යායුතු වූයේද පා ගමනිනි.
 
 රැහැයි හඩ හා කිරලූන්ගේ හ`ඩද පරදවමින් වන අලින්ගේ ශබ්ද ගම්මානය වටින්ම ඇහෙන්නට වීය. වන අලින්ගේ මෙම කෑ ගැසීම් හේතුවෙන් වරක් දෙවරක් නොව තුන් හතර වාරයක්ම ගමන අතහැර දමා නැවත යන්නට සිතුනද අපට ගමනට ම`ගපෙන්වන්නා අපව දිරිමත් කරමින් අපේ කතානායකයාගේ නිවසට රැගෙන ගියේය. අප එහි යන විටත් ඔවුන් ගහ උඩ වූ පැලට නැ`ග හමාරය. එහෙත් අප එහි ගිය පසු ඔවුන් දෙපළද ගහෙන් බිමට බැස්සේය.
 
 60 හැවිරිදි වියේ පසුවන එස්. කේ. සිරිපාලත්, 55 හැවිරිදි ජී. සෝමලතාත් වසර 07කට ආසන්න කාලයක් තිස්සේ සූරියවැව ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයට අයත් ඒකක 04 කොස්වගාව ගම්මානයේ පදිංචිව සිටියි. පාරම්පරික හේන් ගොවි පවුලක් වන මෙම දෙපළට දරුවන් තිදෙනකුද වෙයි. එදා පටන්ම හේන් ගොවිතැනින් ජීවිකාව සරිකරගත් මෙම දෙපළගේ දරුවන් අද වන විට විවාහ වී වෙනම ජීවත් වෙයි. සිරිපාලත් සෝමලතාත් මීට පෙර මදුනාගල ප‍්‍රදේශයේ ඉඩමක ගොවිතැන් කටයුතු කරගෙන පදිංචිව සිට ඇති අතර රිදියගම ජලාශය ඉදිකිරීමත් සමග ඔවුනට එම ඉඩම්වලින් පිටමන් වන්නට සිදුව ඇත්තේ සතයකවත් වන්දියක්ද නොමැතිවය. ඉන් පසු යන එනමක් නොමැති වූ සිරිපාල විවිධ තැන්වල ජීවත්ව සිට තිබේ. එහෙත් ඒ එක තැනකවත් සිය සුපුරුදු ජීවිකාව වූ හේන් ගොවිතැනට පහසුකම් නොවීම හේතුවෙන් මීට වසර 07කට පෙර සූරියවැව වල්සපුගල කොස්වගාව ගමට පදිංචියට පැමිණ තිබේ.
 
n28 2 මේ එතැන් පටන් ඔහුගේ ජීවන අත්දැකීම් පිළිබදව හා එදා පටන් මේ දක්වා වි`දින සිය කටුක දිවිය පිළිබ`දව අපත් සමග එස්. කේ. සිරිපාල මහතා අපත් සමග පැවසූ ආකාරයයි.
 
 අපේ තාත්තා මුත්තා ඉදලම කළේ හේන් ගොවිතැන. මට දරුවෝ 03ක් ඉන්නවා. ඔවුනුත් අද විවාහ වෙලා වෙන වෙනම ජීවත් වෙනවා. මම ඉස්සරවෙලාම ගොවිතැන් කරගෙන හිටිය භූමිය රිදියගම ජලාශයට දෙන්න වුණා. ඒ වෙනුවෙන් කියා අපිට සතයකවත් ලැබුණේ නෑ. මොකද අපි අනවසරයෙන් හිටිය නිසා. යන එනමක් නැති වුණු නිසා මම කොස්වගාවේ කැළේ සුද්ධ කරලා හේන් කරන්න පටන් ගත්තා. මම මේ පැත්තට එනකොට මේවා මහා රූස්ස කැලෑ. මම හිටිය මේ ඉසව්වේ වෙන කවුරුවත් පේනතෙක් මානයක හිටියේ නෑ. මමත් බිරි`දත් මෙහි පැලක් අටවගෙන හේන් ගොවිතැන් කරගෙන හිටියේ. ඒ කාලෙත් මේ පැත්තේ වන අලි ඇතුළු වන මෘර්ගයෝ හිටියා. හැබැයි නිතර නිතර නම් අපිට කරදර කළේ නෑ. නමුත් අපි බිම තිබුණු පැලට අමතරව ගහ අඩ පැලක් හදාගෙන තමයි හිටියේ. වෙනකොට අපි මේ ගහ උඩට න`ගිනවා. අද වෙනකොට නම් මේ පැතිවල ඉන්න බැරි තරමටම වන අලි කරදර ඇවිත් තියෙනවා. ඒකට ප‍්‍රධානම හේතුව තමයි වන අලින්ට ඉන්න තිබුණු මේ මහ කැලේ අද විශාල වශයෙන් එළිපෙහෙළි කර තිබීම. ව්‍යාපාරිකයන් වගේම විවිධ කම්පැණිකාරයොත් අද මේ පැතිවල ඉඩම් අයිතිකාරයෝ වෙලා. ඒ අය අක්කර පනහ සීය වගේ කොටු කරගෙන මහාපරිමාණ ලෙස වගා කරගෙන යනවා. ඔවුන් වන අලි එනවට විදුලි වැටවල් දමාගෙන මහාපරිමාණ ලෙස තමයි ඒවා කරගෙන යන්නේ. මේ හේතුව නිසා අලින්ට ඉන්න තැනක් කැලේ දැන් නෑ. ඒ අලි ටික දැන් දිනපතාම දවල් ? දෙකේ කොස්වගාව ගම්මානයට පනිනවා. ගොවිතැනක් කරගන්නම විදියක් නෑ. යන්තම් ගහ උඩ පැලට වෙලා ජීවිතේ රැකගන්න විතරයි දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ. මෙච්චර කලක් පාරම්පරිකව හේන් ගොවිතැන කරගෙන හිටිය අපිට දැන් මේවා දමලා යන්න සිද්ධවෙලා.
 
 මේ කොස්වගාව ගමේ දැනට පවුල් 40ක් විතර ජීවත් වෙනවා. තවම පවුල් 20කට විරත තමයි විදුලිය තියෙන්නේ. බොහෝ පවුල් වලට විදුලිය ගන්න තරම් වත්කමක් මේ මිනිස්සුන්ට නෑ. බොහෝ දෙනෙක් තවමත් කුප්පි ලාම්පු එළියෙන් ජීවත් වෙන්නේ. පාරම්පරික හේන් ගොවියාට අද කිසිවකුගෙන් පහසුකමක් ලැබෙන්නේ නෑ. හේනක් කරන්න කැලේ කැපුවොත්, කෝටුවක් කැපුවොත් වන සංරක්ෂණයෙන් ඇවිත් අල්ලගෙන ගිහින් නඩු දමනවා. අමාරුවෙන් හරි බෝගයක් හැදුවොත් ඒකත් එක රැුයට වන අලි ඇවිත් කාලා දමලා යනවා. මේ වෙනකම් කිසිදු බලධාරියෙක් අපේ මේ ගමට ඇවිත් අපේ මේ දුක බලලා නෑ. ඇයි ගස් උඩ මේ මිනිස්සු ඉන්නේ කියලා අහලා නෑ. වල්සපුගල ප‍්‍රධාන මාර්ගයේ සිට හැතැක්ම දෙකක් වගේ එනකොට තමයි මේ කොස්වගාව ගම්මානය හමුවෙන්නේ. දිනපතා වන අලින්ගෙන් බැට කන පිරිසක් ඉන්න මේ ගමට එන පාරට වීථි ලාම්පු ටිකක් දමලා දෙන්න කියලා අපි වගකිවයුත්තන්ගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලූවා. විදුලිය නැති නිවාසවලට විදුලිය ගන්න සහනදායී ක‍්‍රමයක් හදාදෙන්න කියලා අපි ඉල්ලූවා. නමුත් කිසිදු බලධාරියෙක් මේ වෙනකම් අපේ දුකට පිහිට වුණේ නෑ. අදටත් මේ වල්සපුගල කොස්වගාව ගම්මානය පවතින්නේ බලධාරීන්ගෙන් වෙන්ව හුදකලාව පවතින ගම්මානයක් ලෙසයි. දැන් නම් ඉතින් අපේ කාලය ඉවරයි. මට දැන් අවුරුදු 60ක් වෙනවා. ගෙවුණු වසර 07ක කාලයම අපි ජීවත් වුණේ මෙන්න මේ ගහ උඩ තියෙන පැලට වෙලයි. බිම හදාගෙන තියෙන පැල දැන් වාර තුනක්ම අලි බිමට පෙරලූවා. ඊට අමතරව අවස්ථා ගණනාවකදීම මේ පැළේ බිත්ති අලි පෙරළලා දැම්මා. ජීවිතය වන අලින්ගෙන් අනූනවයෙන් බේරුණු අවස්ථා ඕන තරම් තියෙනවා. ඉස්සර වගේ දැන් ඉනිමග දිගේ ගහ උඩ තියෙන පැලට න`ගින්න බහින්න බෑ. දැන් මගෙත් අතපය ටිකක් වාරු නෑ. දැන් මට තියෙන එකම හීනය තමයි ජීවිතේ අන්තිම කාලෙදීවත් මහ පොලොවේ ගේ කාමර කෑල්ලක් හදාගෙන ජීවත් වෙන එකයි. නමුත් ඒ හීනය හැබෑ කරගන්න තරම් වත්කමක් දැන් මට නෑ. හේනක් පිටියක් කළත් වැඩක් නෑ ඒවා වන අලි කාලා යනවා. ඉතින් ඉතුරුවෙන දෙයක් තමයි අපි අපේ ප‍්‍රයෝජනයට ගන්නේ යැයි දිග හුස්මක්ද පිටකරමින් සිරිපාල මහතා පැවසීය.
 
 අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක් තමයි මහත්තයෝ කියමින් සිරිපාල මහතා කවියකින්ම ඔහුගේ කතාව අවසන් කෙරුනේ මෙන්න මේ විදියටය.
 


 ”කන්දේ කකා ලන්දේ යන බෝ සත්තු
 අත මිණි බැද පය මිණි බැද ජයගත්තු
 රාජ සබෙන් හො`ද කරුණා ලැබ ගත්තු
 වල්සපුගල වැවට බැස්සයි ගෝමර ඇත්තු’’
 
 n28 3ගහ උඩ පැලට වී සිටියත් සිරිපාලට හා සෝමලතා දෙන්නාටම එකවර ඇහැපියා ගැනීමට අවස්ථාවක් නොමැතිය. සිරිපාල ටිකක් නිදා ගනිද්දී සෝමලතා අවදියෙන් සිටිය යුතුය. සෝමලාතා නිදා ගනිද්දී සිරිපාල අවදියෙන් සිටිය යුතුය. එසේ නොමැතිව දෙදෙනාම එකවර නිදාගත්තොත් බිම ඇති අතුපැල හා වගාවන් වන අලි එක පැයට සුණු විසුණු කර දමනු ඇත. මේ නිසා දවල් දවසේ කොතරම් මහ පොලොව සමග ඔට්ටුවී ආවත් රාත‍්‍රිය පහන් කළ යුත්තේ මේ විදියටය. රට වැසියාට එළවලූ ටික මිරිස් ටික තක්කාලි ටික සපයන්න වෙහෙස වන මේ ගොවියාගේ ජීවිතය නම් කිසිසේත්ම සුන්දර නොමැතිය. ඔවුන්ට සුව පහසු මෙට්ට හෝ ශීත කළ කාමරද නොමැතිය. හවස් වෙනකොටම මදුරුතලා ගස් දෙකතුනක් තලා දුම් ගසා උඩ පැළේ සිටින මදුරුවන් ටික එළවා දමන සිරිපාලත් සෝමලතාත් ඊට වී දිවි ගෙවන්නේ ජීවිතය වගේම පැල් කොටෙත් ගොවිතැනත් වන අලින්ගෙන් රැුකගත යුතු නිසාවෙනි.
 
 මෙතෙක් පැවති සෑම ආණ්ඩුවකින්ම ගොවි ජනතාව න`ගාසිටුවීමට පියවර ගන්නවා, ගොවි ගම්මාන දියුණු කරනවා යනුවෙන් විවිධ බලාපොරොත්තු හා පොරොන්දු දුන්නද වල්සපුගල කොස්වගාව ගම්මානයට නම් ඒ අරුණලූ උදාවී නොමැති බව එහි ගිය අපටද දැකිය හැකිවිය. වගකිවයුතු බලධාරීන්ගේ අවධානය කවදා හෝ මේ ගම්මානයට යොමුවන තෙක් සිරිපාලටත් සෝමලතාටත් ගෙවුණ වසර 07 තුළදී වගේම ඉදිරියටත් මේ ගහ උඩ ඇති පැලටම වී සිටීමට සිදුවන බව නම් පැහැදිළිය. පැය කිහිපයක් සිරිපාලත් සෝමලතාත් සමග ගත කළ අප එන්න පිටත් වන විට සිරිපාල වචන මුමුණමින් පැවසූ කවියෙන් එහි ගිය අපගේද නෙත`ගට ක`දුළක් එක් කළේ මේ තරම් දුක් වි`දින මිනිසුන් තවත් කොතරම් නම් ඇතිද යනුවෙන් සිතමිණි.
 
 ”දනවා පපුව සිහිවෙන විට අම්ම මගේ
 එනවා කඳුළු කැට නෙත් දෙක රතුවෙලා මගේ
 වෙනවා මෙහෙම කළ ලැබුවම සෙනසුරුගේ
 එනවා ගමට ගෙවුණම සෙනසුරු මාගේ’’
 
 සටහන හා සේයා රූ - මත්තල
 දිලීප් එන්. ජයසේකර

n28 4

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles